තරිඳු ජයවර්ධන
යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයට දින නියම කර ඇතත් සැකකරුවකු මුදා හැරීමට ආධාර අනුබල දීමට සම්බන්ධ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ගැන නීතිපති උපදෙස් තවමත් නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ගම්වාසීන් විසින් අල්ලා ගස් බඳිනු ලැබූ එක් සැකකරුවකු අත්අඩංගුවට නොගෙන මුදා හැරීමට මෙන්ම සැකකරුට රැකවරනය දීම සම්බන්ධයෙන් ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් රහස් පොලිසිය නීතිපති උපදෙස් පතා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් ගම්වැසියන් විසින් ගස් බඳිනු ලැබූ සැකකරු සැඟවී සිටිය දී නීති ප්‍රවීණයකු සමඟ ඔහු සොයා සිවිල් පොලිස් නිලධාරීන් දෙදෙනකු යවන ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා තවත් උසස් පොලිස් නිලධාරියකුට උපදෙස් දී ඇතැයි අනාවරණය වී තිබේ. ඒ අනුව එම උසස් පොලිස් නිලධාරියා නීති විශාරදයකු සමඟ උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු යවා ඇති බවත්, සැකකරු පොලිසියට ගෙන ආ පසු ඔහුට ගම්වාසීන් පහර දී ඇති බවට පැමිණිල්ලක් සටහන් කර රෝහල් ගත කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවත් රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ උපදෙස් අනුව සැකකරු මුදා හරිනු ලැබ ඇති බවත්, නීති විශාරදයාගේ වාහනයක සැකකරු කොළඹ පැමිණ සැඟවී සිටිය දී පොලිසිය අත්අඩංගුවට පත්වූ බවත්, සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් යාපනය උසාවියට ගල් ගැසූ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
සැකකරු මුදා ගැනීම සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වූ බවට ද රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ගොනුව නීතිපති දොපර්තමේන්තුවට යවා තිබුණද තවමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක් ලැබී නැත. සිසුවිය ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන්ට එරෙහි නඩුව මේ මස 28 වැනි දා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ යාපනයේදී විභාගයට ගැනීමට නියමිතය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැකකරු මුදා හළ පොලිස් ලොක්කා නිදැල්ලේ
athula Wednesday, 14 June 2017 04:47 PM
මේවා සහගහන අපරද මෙතරම් කුරිරු අපරාදයකට උදව් කරන්නේ මෙයා මෙලොව එලිය දුටුවේ මවකගෙන් නොවේද ? මේ වගේ මුර්ගයන් නිසා තමයි රටක විනාශය අාරම්බ වෙන්නේ මෙයාව ප්‍රසිද්දියේ මරාදමන්න ඕන කෙනෙක් මෙයාල පොලිස් දෙපර්තුමෙන්තුවටත් මහා කැළලක්