IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සාක්කි තිබේ නම් ඇමැති චම්පිකත් ගන්න

රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර දෙදෙනකුට තුවාල සිදුකළ බව කියන සිද්ධියට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ බවට සාක්කිවලින් අනාවරණය වන්නේ නම් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද (9) වැලිකඩ පොලිසියට නියෝග කළේය.

අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසත් සිද්ධි වූ ස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවල ඇතුළත් දර්ශන ලබාගන්නා ලෙසටත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

රණවක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අධිකරණය පොලිසියට නියෝග කළේය.

සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්කිකරුවෝ දෙදෙනෙක් අද දිවුරුම් පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කළහ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ අනතුර කළ බවත් වහාම ඔහු අත්අඩංගුවට ගැනිමට නියෝග නිකුත් කරන ලෙසත් ඔවුහු ඉල්ලූහ.

නිතීඥ නුවන් ජයවර්ධන මහතා මෙසේ කීවේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කි දෙකක් තිබෙනවා. ඒ සාක්කි දෙකේ නම් වැරදි ලෙසයි පොලීසිය ලියාගෙන තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප‍්‍රකාශ දෙකක් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරනවා. එක් සාක්කිකරුවකු හඳුනාගෙන තිබෙනවා. මේ රියැදුරු අසුනේ හිටියේ පාඨලී ඇමතිතුමා කියලා. අනෙක් සාක්කිකාරයා පුවත්පත්වලින් දැකලා තමයි පසුව අඳුනාගෙන තියෙන්නේ. වාහනය ලියාපදිංචි අයිතිකරු වූ අමාත්‍යවරයාගෙන් බොරැල්ල පොලීසිය විසින් මේ වන තෙක්ම ප‍්‍රකාශ ලබාගෙන නෑ. ඒ අනුව තමයි මේ විමර්ශන සී.අයි.ඩීයට හරි පොලිස්පතිවරයාට හරි භාරදෙන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටින්නේ. ඒ වගේම ඇමැතිවරයාගේ දුරකතන වාර්තාවක් ලබා ගෙන මේ පිළිබඳව සොයා බලන ලෙසත් පොලීසියට නියෝග කරන ලෙසට ඉල්ලිමක් කරනවා. මෙම සිද්ධියෙන් අගතියට පත් එක් තැනැත්තකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

පොලිස් පරීක්ෂක නිල් කියන මහත්තයා මේ විමර්ශනවලට බාධා එල්ල කර තිබෙනවා. එ් වගේම අමාත්‍යවරයාගේ ලේකම්වරුන් දෙදෙනකු අගතියට පත් ප‍්‍රාර්ශ්වය සිංගප්පූරවට ගෙනයාමටත් මුදල් දීමටත් කතා කර තියෙනවා. ඔවුන්ගේ දුරකතන වාර්තා ලබාගැනීම සදහා කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.  ඒ වගේම සාක්කිකරුවන්ට දැඩි බලපෑමක් එල්ලවෙලා තියෙනවා. මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන ඉතාමත් මන්දගාමී ලෙසින් කෙරිගෙනයි යන්නේ. මෙම විමර්ශන පොලීසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරි පොලිස්පති , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු මගින් සිදුකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

‘මෙම අනතුර වෙලා තියෙන්නේ මාර්ගයේ තුන්වැනි මංතීරුවේ, ජීප් රථයේ වම්පස රෝදය ළඟ කැඩී තියෙනවා. මෙම ජීප් රථය බොරැල්ල පොලීසියට ගෙනැවිත් මේ ගැන වාර්තා කර තියෙනවා. පසුව ජීප් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන තියෙනවා.

 

මහේස්ත‍්‍රාත්වරයා - මේ වාහනය කාට අයිති ද?

 

පොලීසිය  - විදුලිබල මණ්ඩලයට අයිතියි.

 

මහේස්ත‍්‍රාත්වරයා - සී සී ටී වී දර්ශන ගත්තාද?

 

පොලීසිය - මාර්ගයේ තියෙන සී සී ටී වී කැමරා දර්ශන දින පහක් පමණයි තියෙන්නේ. ඊට පස්සේ ඒවා මැකි යනවා.

මහේස්ත‍්‍රාත්වරයා - පෞද්ගලික ආයතනවල සවිකර තියෙන කැමරා දර්ශන ගන්න. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ විමර්ශන භාරදෙන්න කියලා ඉල්ලපු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරනවා. මේ විමර්ශනවලින් සෑහීමකට පත්විය නොහැකි නම් පමණක් අධිකරණ නියෝගය මගින් ඒ වෙනුවෙන් කටයුතු කළ හැකියි.

වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා ලෙසත් මේ වාහනයට සම්බන්ධ ධාවන සටහන් පොත පොලීසිය භාරයට ගන්නා ලෙසත් වැලිකඩ පොලීසියට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා අමාත්‍යාංශයේ ධාවන කළමණාකරුගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙසද නියෝග කළේය. එසේම, මෙම නඩුවේ සාක්කිකරුවන්ට බලපෑම් කරන බවට පැමිණිල්ලක් ලද හොත් අධිකරණ නියෝගයකින් තොරව එම තැනැත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසද පොලීසියට නියම කළේය.

ඉකුත් 30 වැනිදා පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවකු වූ ඉමදුව උණගස්විල වලවේ මහදුරගේ දිලූම් තඤසිත කුමාර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

නඩුව ලබන 30 වැනිදා යළි කැදවීමට නියමිතය.



අදහස් (0)

සාක්කි තිබේ නම් ඇමැති චම්පිකත් ගන්න

ධනුෂ්ක Wednesday, 09 March 2016 11:38 AM

දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න, පාරේ චම්පික නැත්නම් ඉක්මනින්ම මාරුවෙන්න.(කෞ)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 11:47 AM

මෙන්න කියල ගනී බලාගෙන ඉන්න අපේ පොලිසියේ මහත්තුරු හරිම බයයි (බ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 March 2016 01:14 PM

චම්පික රණවකගේ රියදුරුගේත් විස්තරාත්මක දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම නුවණට හුරුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 March 2016 01:16 PM

අනුර, කන්න හිතුනහම කබරයා තලගොයා කරගන්න එපා. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 09 March 2016 09:45 AM

ඇති යාන්තන්... (නි)

:       0       0

කෞශාල් Wednesday, 09 March 2016 09:37 AM

විනිසුරුතුමා හොඳ දෙයක් කියලා තියනවා. සීසීටීවී දර්ශන ගන්න ඕනෑ අනතුර සුදුවූ අහළ පහළින් වගේම චම්පික සිටි ගෙදරිනුත්. මොකද අද පොලීසිය කියලා තියනවා සීසීටීවී දර්ශන බලනවා රාජගිරිය අවට කියලා. චම්පික හිටියේ තමන්ගේ ගෙදර කියලා සමහරු කිවුවානේ. (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 09:42 AM

ඔන්න පුලුවන් නම් කරන්න පොලීසියට අභියෝගයක්? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 10:01 AM

ඩුප්ලිකේට් චම්පික කෙනෙක් ගෙදර හිටියද දන්නේ නැහැනේ..එහෙම වුනොත් ඔක්කොම ගොඩ........(බ)

:       0       0

අනුර Wednesday, 09 March 2016 10:24 AM

දැන් මෙහෙමයි ඉස්සර කොහොමද ?දැ න් ඇමතිටත් කාටත් එක නිතිය (හේ)

:       0       0

චන්දා Wednesday, 09 March 2016 11:15 AM

මිනිහා කොහොමත් ඩුප්ලිකේට් තමයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2524 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1735 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5090 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3414 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3764 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site