IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'ස්කූබි'ට හඬ දුන්න අතුල

2016-05-19-ENT-31

මේ දවස්වල සිරස නාලිකාවේ විකාශය වන "මේ ආදරයයි" නාට්‍යයේ මිහිර්ට සහ හිරු TV හි ජෝදා අක්බර්හි අක්බර් චරිතයට හඬ කවන ඒ වගේම දෙරණ නාලිකාවේ විකාශය වන දේදුන්නයි ආදරේ ටෙලි නාට්‍යයේ හද්‍රජිගේ චරිතයෙන් ඔබේ ආලින්දයට එන අතුල ජයසිංහ සමඟයි හදසර මේ කතා බහ.

 

2016-05-19-ENT-35කොහොමද අතුල වැඩකටයුතු?

ඉතාම කාර්ය බහුලයි. හැබැයි සතුටින් සියලු කටයුතු කරගෙන යනවා.

 

කොහොමද ඔබ කලාවට යොමු වුණේ?

මගේ ගම අනුරාධපුර තඹුත්තේගම. එතකොට මම 1999 අග භාගයේදී තමයි ජාතික තරුණ සේවා සභාවට ආවේ නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමාව හදාරන්න. ඊට පස්සේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝ තාක්ෂණය හැදෑරුවා. මම කොළඹ ආවේ නාට්‍යකාරයෙක් වෙන්න. ඒ වෙනකොට මට තේරුණා නාට්‍ය හා රංග කලාව සිනමාව රූපවාහිනිය සහ ගුවන් විදුලිය මේ විද්‍යුත් මාධ්‍ය හැමදෙයක්ම එකට බැඳිලා තියෙන්නෙ කියලා. 2002 දී මට සිරස ආයතනයට සම්බන්ධ වෙන්න ලැබුණා. නමුත් මම ඉගෙනීම් කටයුතු කළා දිගටම.

 

ඔබ සිරසට සබ්න්ධ වුණේ?

මම 2002දී වැඩසටහන් සහය අධ්‍යක්ෂවරයකු විදියට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා හඬකැවීම් අංශයට සම්බන්ධ වෙන්න. 2004දී සිරස ආයතනයෙන් ස්කූබී ඩූ කාටුනය කරන්න හඬ පරීක්ෂාවක් යවනවා අමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් කියන ආයතනයට. එතකොට එතනදී තමා මගේ කටහඬත් ගාමින් ප්‍රියවිරාජ්, තමාලි නානායාකාර, සිතාරා පවිත්‍රානි කියන ශිල්පීන්ගේ හඬ අනුමත කරලා තිබුණේ. ඉතිං ඒ හරහා තමයි ස්කූබි ඩූ වලට සම්බන්ධ වුණේ. ෂැගී කියන චරිතයට මම සම්බන්ධ වුණේ එහෙම. ඊට කලින් මම පොඩි පොඩි චරිත කිහිපයක් කළා. ප්‍රධාන චරිතයක් මට ලැබෙන්නේ ෂැගී චරිතය ඔස්සේ. ඒ ආපු ගමන්මග තමා මේ තවම යන්නෙ.

 

හඬකැවීම්වලින් ඔබට ලද අමතක නොවන දෙයක්?

අමතක නොවන අත්දැකීම තමා අමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් ආයතනය ෂැගී කියන චරිතයට මගේ හඬ සුදුසුයි කියලා තෝරා ගැනීම. ඊට පස්සේ ටොම් ඇන්ඩ් ජෙරි කාටුනයටත් හඬ පරීක්ෂණයක් කළා. එතනදි මාව සුදුසුයි කියලා ඔවුන් කිව්වා. ඒක තමා මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම.

 

වැඩියෙන්ම ජනප්‍රිය වූ චරිතය?

ස්කූබි ඩූ ෂැගී ගේ චරිතය මේ වනවිට මේ ආදරයයි හි මිහිර් චරිතයත්, හිරු නාලිකාවේ ජෝදා අක්බර්හි අක්බර් ගේ චරිතයත් ජනප්‍රියයි.

 

හඬකැවූ චරිත අතරින් වඩාත්ම කැමති චරිතය?

චරිත දෙකක් තියෙනවා. එකක් සිකුබී ඩූහි ෂැගි චරිතය අනිත් එක ජෝදා අක්බර්හි අක්බර්ගෙ චරිතය.

 

ඇයි ඒ?

ෂැගි කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොකු කුඩා සැවොම ආදරය කළ චරිතයක්. ඒ නිසා ප්‍රතිචාර ඉතාම ඉහළයි. අක්බර් කියන චරිතය ඉන්දියාවේ අධිරාජ්‍යවරයෙක්. විවිධ අවස්ථාවන්වල විවිධ හැඟිම්වල ගනුදෙනු කරන චරිතයක්. ඒකත් ලොකු අභියෝගයක් මට ඉතිං. මම මේ චරිත දෙකටම කැමතියි.

 

හඬකැවීම් ශිල්පය හැදැරීම පිළිබඳ නවකයින්ට මොකක්ද කියන්නේ?

හඬකැවීමත් විෂයක්. තමන්ට හොඳ කටහඬක් තිබුණටම මදි මේක ඇතුළත තියෙන ශිල්පක්‍රම ඉගෙන ගන්න ඕන. මට කියන්න තියෙන්නෙ හඬකැවීම් ශිල්පයට එන්න ඉන්න නවකයින්ට හැදෑරීමක් කරලා එන්න කියලා

 

අපි රංගනය ගැනත් කතා කරමු.

මම කොළඹ ආවේ නළුවෙක් වෙන්න නාට්‍යකරයෙක් වෙන්න. ඒ කාලේ මම ජයලත් මනෝරත්න මහතාගේ කනේරු මල් ඩග්ලස් සිරිවර්ධන මහතාගේ සිහල වංශලා නාට්‍යයෙන් ආලෝක සම්පත්ගේ තනියෙන් විශිෂ්ටයි කියනා නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය හොඳම නළුවා විදියට යෞවන සහ රාජ්‍ය සම්මානයට පවා මම නිර්දේශ වුණා.

ඊට පස්සෙ මම සාරංග මෙන්ඩින් මහතා නිර්මාණය කරපු ගිනි අවි සහ ගිනි කෙලි නාට්‍යයේ තුම්මුල්ලේ පද්මේගෙ මල්ලිගෙ චරිතය, සමනලුන් පියාඹයි කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය වන රණසිංහ කියන චරිතය මම කළා. ඉන් අනතුරුව තමයි දැනට දෙරණ නාලිකාවේ විකාශය වන දේදුන්නයි ආදරේ භදුජි චරිතය මට ලැබුණේ.

 

කොහොමද රඟපෑමට ලැබෙන ප්‍රතිචාර

දැනට මට ලැබිලා තියෙන්නේ හොඳ ප්‍රතිචාර. යහපත් ප්‍රතිචාර තමා දිනෙන් දින මට ලැබෙන්නේ.

 

ඉදිරියට එන්න තවත් නිර්මාණ තියෙනවද?

කරපු නිර්මාණ නැහැ. වීරා කියලා ළමුන් වෙනුවෙන් නාට්‍යයක වැඩකටයුතු ජුනි මාසෙ මුල පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා. සාරංග මෙන්ඩිස්ගෙ නාට්‍ය නිර්මාණයක් විරා කියන්නේත්. ඔහු උත්සහ කරනවා ළමා ලෝකයට අහිමි වෙලා යන වීරයෙක් නිර්මාණය කරන්න. මම එහි කරන්නෙ පාරම්පරික ඇත්ගොව්වෙකුගේ චරිතයක්.

 

පොදුවේ දැන් තියෙන කලාව ගැන අදහසක් කිව්වොත්?

මගේ අදහස මැක්සිම් ගෝර්කි අම්මා ලිව්වෙත්, චින්ගිස් අයිත්මාතිව් ගුරු ගීතය ලිව්වෙත් විවිධ කලා ශිල්පින් නවකතාකරුවන් කෙටිකතාකරුවන් සිනමාවේදීන් මේ සියලු දෙනා ඒ කාලෙ යම් කලා කෘතියක් නිර්මාණය කළේ මිනිසුන්ගේ ජනවිඥානයට. මුදලට නිර්මාණ කරද්දී සම්මානවලට නිර්මාණ කරද්දී ඒ තුළ තිබිය යුතු Art මිස් වෙනවා. ඒක දරුණු ඛේදවාචකයක් විදියට මම දකින්නේ. ඒ නිසා නැවත මේ ගැන හිතන්න කියන අදහස මා තුළ තියෙනවා සහ මම යෝජනා කරනවා.

 

පෞද්ගලික තොරතුරු කතා කළොත්?

මම විවාහකයි. මගේ බිරිද අප්සරා ප්‍රියර්ශනි. ඇය වෘත්තියෙන් සංගීත ගුරුවරියක්. මට දූලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 5යි. මානසි ජයසිංහ. පොඩි දුවට අවුරුදු 2යි. ෂෙන්‍යා ජයසිංහ.

 

අනූෂා රණසිංහ

 

2016-05-19-ENT-32

2016-05-19-ENT-33

2016-05-19-ENT-34



අදහස් (0)

'ස්කූබි'ට හඬ දුන්න අතුල

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 244 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 8 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 482 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 209 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 389 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 792 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site