වත්තල, මාබෝල, කළු ඇළ වම් ඉවුරු රක්‍ෂිතයේ ශරීර සුවතා මංතීරුව කඩා විනාශ කර දැමූ අය ලවාම මසක් ඇතුළත පිළිසකර කරවන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.
මෙම මංතීරුව කඩා ඉවත්කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කිසිවෙකුටත් අවසර දී නැති බවත් එය අමාත්‍යාංශයට හෝ ඊට අනුබද්ධ ආයතනයක අවසරය මත සිදු කළ කටයුත්තක් නොවන බවත් කී සභාපතිවරයා මංතීරුව විනාශ කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බවද සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ පවත්වාගෙන යන බව කී සභාපති වරදකරුවන් හඳුනාගත් වහාම ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
වත්තල, මාබෝල, කළු ඇළ වම් ඉවුරු රක්‍ෂිතය මහජන ගමනා ගමන කටයුතු සඳහා යොදාගැනීමට අවසර ඉල්ලා සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා යොමු කර තිබූ ලිපියකට අනුව ඊට අදාළ ඉඩම් හිමියන්ගේ එකඟත්වය මත ඒ සඳහා කටයුතු කිරීමට අවසර දී ඇතත් එම කොටස ඇළ රක්‍ෂිතයට අයත් බැවින් එහි වැඩිදියුණු කිරීම් නොකරන ලෙස ද දැනුම් දී ඇති බව සභාපති සඳහන් කළේය.
ශරීර සුවතා මංතීරුව කඩා ඉවත්කිරීම නීති විරෝධී අයුරින් සිදුකළ බව එය කාටත් හොර රහසේ මහ ? සිදුකිරීමෙන්ම පැහැදිලි වන බව ද අසේල ඉද්දවෙල මහතා කීවේය.
සභාපති මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සක්මන් මළුව කැඩු අයට නඩු
මහින්ද Wednesday, 30 March 2016 12:57 PM
එතකොට හරින් මහත්තය කියන විදියට ඕව ගමනාගමනයට බාදාවක් නේද? මහින්ද මහත්තය කොමිස් ගහපු නිසා කලා කියල ජෝන් මහත්තය කිව්වේ...අතින් වියදම් කරගෙන නම් ඕව හදන්න එපා මහත්තයෝ.....(කෞ)
සුසන්ත Wednesday, 30 March 2016 01:15 PM
ඇමතිලා දෙන්නෙක් මාධ්‍යයට පැහැදිලිවම කිවුව නේද මේක කැඩුවේ අලුත් නිවාස යෝජනා ක්‍රමයකට පාරක් හදන්න කියල, ඒවගේම එ්ක කඩන්න අවසර දීල තියන බව? ඒ අැමැතිලම කිවුව නේද ඔය ඇවිදින මංතීරුව නීති විරෝධී කියල? දැන් පේනවා නේද යහපාලන අැමැතිලගේ යහපාලනයේ තරම සහ කලින් කරපු සංවර්ධනය ගැන තියන ඉරිසියාවේ තරම? (බ)
පෝල් Wednesday, 30 March 2016 02:54 PM
ඕක කලේ වෙන කවුද කියල කවුරුත් දන්නවා (අ)
අනුර Wednesday, 30 March 2016 03:58 PM
බ්ලු රිජ නැව ඇතුලට ගන්න තමා මංතීරුව කැඩුවේ නැව ගියාම නැවත හදනවා ඕක තමා තත්වේ (බ)
මුණසිංහ Wednesday, 30 March 2016 10:54 AM
චණ්ඩිකම් යළි මතුවෙලා. වහාම අත්අඩංගුවට ගතයුතුයි. (නි)
උදය Wednesday, 30 March 2016 10:55 AM
එ්ක තමා වෙන්න ඕනෑ. කඩපු අයටම කියලා හදවන්න. යහපාලනේ කියලා කාටවත් පිස්සු නටන්න දෙන්න නරකයි (නි)
කරූ Thursday, 31 March 2016 04:59 AM
ඔයා කතා කරයි .කිසිම දෙයක් වෙන්නෙ නෑ. හැදුවොත් අපේ සල්ලි වලින් තමයි. (ර)
ඇසළ Thursday, 31 March 2016 05:19 AM
කඩපු අයට නඩු දාන්න. මේ කපේදී වෙන්නේ නැති දේවල්. ඕව හොදයි කොන්ඩේ බැදපු චීනෙක් හොයල කිවුව නම්. දැන් තියෙන්නේ යහපාලනේ. (බ)
ඉසුරු Wednesday, 30 March 2016 12:13 PM
නියමයි. මහජන මුදලින් නොව ඔහුගේ මුදලින්ම පිළිසකර කරවිය යුතුය. (නි)