IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සිකුරාදා යාච්ඥාවට 50 ක් පමණයි

(නිමල කොඩිතුවක්කු සහ මොහොමඩ් ආසික්)
 
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් දේවස්ථානවල සිදුකරනු ලබන සිකුරාදා යාඥාව ඇතුළු සියලුම යාච්ඥාවන් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 50දෙනෙකුට සීමා කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. බී. එම්. අෂ්රෆ් මහතා ලංකාදීපයට පැවසීය.
 
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වකුෆ් සභාව ගත් තීරණය මත මේ සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් දේවස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් අෂ්රෆ් මහතා සඳහන් කළේය.
 
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදි ඇති උපදෙස් මත වකුෆ් සභාව මෙම තිරණය ගත් බවත් දේවස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී විය හැකි පුද්ගල ධාරිතාවයෙන් 50%ක ප්‍රමාණයක් සහභාගී කර ගත යුතු බවත් අෂ්රෆ් මහතා පැවසීය.
 
දේවස්ථානවල පැවැත්වෙන වතාවත්වලට සහභාගී වන පිරිස් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසට දැනුම් දී ඇතැයිද ඔහු කියා සිටියේය.
 
දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන්හි මුස්ලිම් දේවස්ථාන වසා දැමීමට උපදෙස් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

සිකුරාදා යාච්ඥාවට 50 ක් පමණයි

saman Thursday, 08 October 2020 11:20 AM

ඉතින් සතියක් 2ක් නතරම කරලා දාන්නකෝ...

:       118       14

siri Thursday, 08 October 2020 02:17 PM

ඕනම ජාතියේ යාඥාවකින් කෙරෙන්නේ සිත සැහැල්ලු කරන එක පමණයි. යාඥාකරලා ලෙඩේ බෝවෙන එක නවත්වන්න බැහැ. ප්‍රවේසම් වෙන එක සේරටම වඩා වැදගත්..

:       2       9

බද්රානි Thursday, 08 October 2020 03:04 PM

කවුද දැන් ඔතන ලෙඩ සුවවෙන්න යාඥා කරනවා කියලා තියෙන්නේ? ලෙඩ තිබුණත් නැතත් හැම සිකුරාදාටම ඒ මිනිස්සු පල්ලි යනවා. කතෝලික හෝ ක්‍රිස්තියානි අය හැම ඉරිදාම පල්ලි යනවා. බෞද්ධයින් අඩුතරමේ මාසෙකට එක වතාවක් වත් ගමේ පන්සලට යනවද? හැබැයි නිවාඩුවක් ලැබුණාම කතරගම වන්දනාවේ නම් යනවා කද මලු බැඳගෙන. ගමේ පන්සල ගරා වැටිලා. තීන්ත ටිකක් ගාන්න සම්මාදමක් එකතු කරගන්න බැහැ දායකයින්ගෙන්... ප්‍රසිද්ධ තැන්වලට ගිහින් සම්මාදම් දානවා බස්නායක නිලමේලාට වැජඹෙන්න. විකුණාගෙන කන්න පුලුවන් නම්, ආගම දහම විතරක් නෙවෙයි, පන්සලත් විකුණගෙන කයි... තව එනවා මෙතන මහලොකු කයිවාරුත් ගහන්න.. ඒ මිනිස්සුන්ව ආදර්ශයට අරගෙනවත් හැදෙන්න බලන්න. මෙතන මෝඩකම් ප්‍රදර්ශනය නොකර...

:       6       17

FedricFriday, 09 October 2020 02:23 AM

කතෝලික හෝ ක්‍රිස්තියානි අය හැම ඉරිදම පල්ලි යනවලු.

:       0       8

gayanFriday, 09 October 2020 04:50 AM

ෂුවර්ද? ඔයානං කාලෙකින් පන්සලක් පැත්තේ පස් පාගලා නෑ.. මට පේන විදියට...

:       1       0

BamunuarachchiFriday, 09 October 2020 02:11 PM

හාමුදුරුවොත් තට්ටුවක් දාලා කිව්වලු දැන් පන්සල පැත්තේ එන්නෙත් නැහැ කියලා.

:       0       0

විජේ Thursday, 08 October 2020 03:12 PM

මේ පාර තමයි දෙයියොත් නැතිවෙන්නේ...

:       7       5

Pathum Friday, 09 October 2020 06:21 AM

බද්‍රානි, පණ්ඩිත කතා නොකර රොටියක් පුච්චගෙන කන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 236 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 568 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1066 2

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 561 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 4100 5

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 1354 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 20491 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18833 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1817 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site