කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ දී 2015 දෙසැම්බර් 20 වැනි දා පැවති ලෝ ප‍්‍රකට පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස්ගේ ප‍්‍රසංගයේ ටිකට් පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ ‘සෙක්ස් ඇන්ඩ් ලව්’ ප‍්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් ආයතනයේ වත්කම් අන්සතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීම ලබන අගෝස්තු 12 වැනි දා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළේය.
ප‍්‍රසංගය නැරඹීමට ප්‍රභූ (වී.අයි.පී) ටිකට්පත‍්‍ර ලබාගෙන ගිය තමන්ට ගිවිසගත් වරප‍්‍රසාද ලබා නොදීමෙන් සිදුවූ මානසික අසහනකාරී තත්ත්වය සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ කැඳවිණි.
වගඋත්තරකාර සමාගම අධිකරණය හමුවේ සිය වත්කම් හෙළිකිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අධිකරණයෙන් කල් ඉල්ලා සිටිති. මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මෙම සමාගමේ අධ්‍යක්ෂකවරු වෙති.
ප‍්‍රසංගය නැරඹීමට තමා සහ බිරිඳ රුපියල් 35000ක් ගෙවා වී.අයි.පී ටිකට් පත‍්‍ර ලබා ගත්තද එහිදී සිදුවූ යම් යම් අශෝබන සිදුවීම් නිසා තමන් මානසික හා ශාරීරික අසහනයට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෙක්ස් ඇන්ඩ් ලව් ප්‍රසංග වන්දි නඩුව කල් යයි
ජයතු Friday, 29 July 2016 08:05 PM
මුලු රටම අාදරය කරන මහේල සංගා මුදලට කෑදරව මෙිවැනි අශික්තිත සංදර්ශන පවත්වා පින්බිම කැත කල ඔබ දෙපල ජනතාව පිලිකුල් කරයි.(ම)