මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකි මට්ටමට පත්ව ඇති සිකා වෛරසය මදුරුවකුගෙන් පැතිර යන්නේ යැයි විශ්වාස කළ ද එය ලිංගික එක්වීමෙන් ද පැතිර යන බව ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසයි.
ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ සිකා වෛරසය ශරීරගත වූ රෝගියකු ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වීමත් සමගිනි.
මේ කාන්තාව වෛරසය පැතිර ඇති කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇගේ සැමියා වෙනිසියුලාවේ සංචාරයක නිරතවූ බව ඇමෙරිකා රෝග පාලන ආයතන තහවුරු කරගෙන ඇත.
මදුරුවකුගෙන් පැතිර යන බව සොයාගත් මේ වෛරසය ගැබිණි මවකගේ සිරුරට ඇතුළු වුවහොත් ඇය බිහිකරන දරුවාගේ මොළය අඩුවෙන් වර්ධනය වීමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. එවැනි දරුවකුගේ හිස්කබල ද සාපේක්ෂව කුඩා වෙයි.
මේ වන විට රෝගය අමෙරිකාව තුළ ද පැතිර යමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සිකා වෛරසය හේතුවෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ඕස්ට්‍රේලියාවෙන් ද සිකා වෛරසය ආසාදනය වූ දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් කැරිබියන් දූපත්හි සංචාරයක නිරතව පැමිණි අය බව හෙළි වී ඇත.
මේ වෛරසය මුලින්ම පැතිර ගිය බ්‍රසීලය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට තවත් රටවල් 20ට රෝගය පැතිරගොස් ඇති බවයි.
ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසන පරිදි මේ වෛරසය ලිංගික සංසර්ගයෙන් ද පැතිර යන්නේ නම් එය තවත් වේගයෙන් පැතිරයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘සිකා‘‘ එන්නේ මදුරුවන්ගෙන් පමණක් නොවේ
චින්තක ප්‍රසාද් Wednesday, 03 February 2016 09:25 AM
අපේ රටේ ඔය ලෙඩ හැදුණ දෙසිය ගාණක් ඉන්නවා පාර්ලිමේන්තුවේ (බ)
ඉමේෂ් Wednesday, 03 February 2016 04:22 AM
අපිනම් බය නැහැ. අපේ රටේ මදුරුවෝ කියල නාමයක් නැහැ. මදුරුවා කියන්නේ මොන වගේ සතෙක් ද? (ර)
නුවන් විජේවර්ධන Wednesday, 03 February 2016 04:56 AM
මේ රටේ මදුරුවන් නැති කරන්න දෙන්නෙ නැත්තේ මදුරු දඟර සමාගම්. මදුරුවො නැති වුනොත් එයාලගෙ අලෙවිය පහළ බසිනවා. මීට කලින් ගෙන්වපු මදුරු කීටයින් වනසන බැක්ටීරියාව භාවිතා නොකරන්නේ ඇයි? මෙහෙ අය පරීක්ෂණ පැවැත්වුයේ එම බැක්ටීරියාව සාර්ථකව භාවිතා කිරීම පිළීබදව නොවෙයි...ඒක අපේ රටට ගැළපෙන්නෙ නැහැ කියල ඔප්පු කරන්නයි. (බ)
විජිත් Wednesday, 03 February 2016 03:12 PM
.මේ වෛරසය ලිංගිකව සම්ප්රෙෂනයවන බව 2009 දී සොයාගත්තා. ඒ බ්‍රයන් ෆෝයි කියන විද්‍යාඥයා නිසා.මදුරුවන් දෂ්ටකිරිමන් රෝගය ශරීර ගතවුන ඔහුගෙන් " අනාරක්ෂිත ලිංගික එක්වීම " නිසා ඔහුගේ බිරිඳට වැළඳුනා. මදුරුවෙකුගෙන් පැතිරෙන වයිරසයක් ලිංගිකව තවත් මිනිස් සිරුරකට සම්ප්‍රේෂණය කළ පළමුවැන්නා ලෙස බ්‍රයන් ෆෝයි ඉතිහාසයට එක්වුණා. (බ)
මාගලි ෆොන්සේකා Wednesday, 03 February 2016 06:16 AM
ඩෙංගු වලින් පෝලිමට මැරෙනවා.තාම අපේ ආණ්ඩුවට තාම බැරි උනා එක ඉවරකරගන්න .රටේ ජනතාවට බනිනවා දඩ ගහනවා නගර සභාවෙන් දන්නේ එච්චරයි. (ර)
යසස් Wednesday, 03 February 2016 07:30 AM
රෝගය පැතිරෙන රටවල් වලින් මෙහි පැමිණෙන පුද්ගලයන් පිලිබඳ විමසිලිමත් විය යුතුයි. අපේ රටේ ඩෙංගු තවමත් තියෙන නිසා තවත් කරදරයක් මිනිස්සුන්ට ලැබිය යුතු නැහැ.(ම)
කපිල Thursday, 04 February 2016 03:26 PM
අපේ රටේ අයනම් මොන සීකා ආවත් බය නෑ කියන්නේ.(හේ)
ජනක Wednesday, 03 February 2016 02:58 AM
අපේ රටට මේ මදුරුවෙක් ආවොත් කොහොම හිටීද? අපි කිසිම විදියකින් සුදානමක් නැහැ. මදුරුවෝ හැමතැනම. (නි)
ලලිත් Wednesday, 03 February 2016 03:15 AM
යන විදියට නම් මහපොළොවේ මිනිස් පරපුර යලිත් වානරයාගෙන් පටන්ගනිවී වගේ. (ම)