(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් ජාලය මෙන්ම සෞඛ්‍ය සේවාවේ නිරත නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දක්වමින් ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසීය.
පසුගිය සති කිහිපයක සිට මෙලෙස අඛණ්ඩව අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවත්, එය නිවැරදි ව තීන්දු තීරණ ගැනීමට මෙන් ම ක්‍රියාකිරීමට ද මහත් බාධාවක් බවත් පැවසු ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා රජයේ සෞඛ්‍ය සේවාවන් බිද වැට්ටවීම හෝ කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් මත මෙලෙස කටයුතු කරන්නේ ද යන සැකය මතුවී ඇති බැවින් මෙම කරුණූ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද වැඩිදුරටත් පැවසීය.
බෙලිඅත්ත - දික්වැල්ල මාර්ගයේ කුඩාහීල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ බස්රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 14 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත ප
පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෞඛ්‍යයට බොරු චෝදනා කළැයි ’’ඖෂධ ලොක්කා’’ පොලිසි යයි
Baala Baappa Thursday, 16 January 2025 02:57 PM
දැන් බාල බෙහෙත් ගේන්නේ නැද්ද මාමේ?
ජිල්බු Thursday, 16 January 2025 04:32 PM
බැන්නද ඔයාට? හා .. හා අඬන්නැතුව ඉන්න, හොඳ ළමයා වගේ...!
karolis Thursday, 16 January 2025 05:47 PM
බොරු කියලා ජනතා ඡන්ද මංකොල්ල කාපු එකට පොලිසි යන්න කෙනෙක් නැතෙයි?