(යොහාන් භාසුර)
උත්සව සමයේදී ‘කොවිඩ්’ රෝග පැතිරීමට තුඩු දෙන ලෙස ජනතාව හැසිරුණොත් සහ පැතිරීමට ඉඩ ඇති යැයි අවධානමක් තිබේ නම් මාර්ගෝපදේශ දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (26) පැවසීය.
වර්තමාන ‘කොවිඩ්’ මාර්ගෝපදේශණ මාලාව මීට පෙර පැවැති එකට වඩා ලිහිල් එකක් බව කී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා උත්සව සමයේ පොදුවේ කුඩා දරුවාගෙන් සිට සෑම පුද්ගලයෙක්ම සාමාජික සහ අධ්‍යාත්මික වශයෙන් උත්සව සමයත් සමඟ බැඳුණු අවශ්‍යතා ඉටුකරගැනීමේ අවස්ථාව ලබාදී එසේ මාර්ගෝපදේශණ ලිහිල් කර පවත්වාගෙන යන බව ද සඳහන් කළේය.
රටේ බහුතර ජනතාව මාර්ගෝපදේශණ පිළිබඳව සළකිලිමත්ව කටයුතු කළ ද යම් ප්‍රමාණයක් සෞඛ්‍ය නීති පිළිනොපැදීම බරපතල තත්වයක් බවත් සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවදානයෙන් සිට බරපතල වීමට ඉඩ නොතබන බවත් කීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ‘කොවිඩ්’ පිළිබඳව අද (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා එසේ පැවසීය.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍යයෙන් රතු එළියක්