IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන අතුරුදන්වීම ගැන විමර්ශන ඇරැඹේ

(තරිඳු ජයවර්ධන)
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන 575ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය කළ දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
 
අමාත්‍යංශයේ ලේකම්වරිය ටීආර්එච්/ජීඊඑන්/16 දරණ ලිපියකින් මේ බව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීති, විනය හා කල්ක්‍රියා දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී  ඇතැයි පොලිසිය කියයි.
 
මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේද යන්න ගැන සොයා බලා අගෝස්තු 10 වැනිදාට පෙර වාර්තාවක් සපයන ලෙස අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීති, විනය හා කල්ක්‍රියා දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු විශේෂිත පොලිස් ඒකකවලටත්, සියලුම කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ටත් දැනුම් දී තිබේ.
 
එම දැනුම් දීම සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට ද යොමු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ද විශේෂ විමිර්ශනයක් සිදු කර විගණන වාර්තාවක්  2019 අප්‍රේල් මාසයේ නිකුත් කර තිබිණි.
 
 වාහන 1794ක් අස්ථාන ගතවී තිබීමත්, අමාතයංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණද අමාත්‍යංශ ලේඛනයේ ඇතුලත් නොවූ වාහන 202න් වාහන 171ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර තිබිණි. 
 
 ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනියුක්ත කර තිබූ වාහන සංඛ්‍යාව 18ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුවද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාහන දෙකක් අනියුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි.
 
නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යාව තුනක් වුවද සෙඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් අනියුක්ත කර තිබුණු බව ද එහි සදහන් වෙයි.
 
 අමාත්‍ය කාර්යාලයට අනියුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනි දා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේ දී කිසිදු අවස්ථාවක අමාත්‍යංශයට පැමිණ නොතිබූ බවත්,  අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන් කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314ක දී අමාත්‍යංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර ඇති බවත්, ඒ සඳහා අවස්ථා 102කදී කිලෝමීටර 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය කර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.
 
විෂය භාර අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාල කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබාදීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්මේන්තුව පැවැත්ව හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සුදුසු බව ද නිර්දේශ කර තිබිණි.
 
මේ සම්බන්ධයෙන් ලංකාදීපය මුල් වරට කරන ලද අනාවරණය පහත දිගුවෙන්.

https://tinyurl.com/y2ulh577



අදහස් (5)

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන අතුරුදන්වීම ගැන විමර්ශන ඇරැඹේ

Mahee Tuesday, 06 August 2019 08:50 PM

මම නම් කියන්නේ ඕකෙ ඉන්න සේවකයෝමයි ඔය වාහන පන්නන්න ඇත්තේ. හවස ගෙදර යනකොට එක එක ඉනේ ගහගෙන යනවා ඇති. ගේට්ටුවේ ඉන්න හාදයින්ටත් එකක් දෙකක් දෙනවා ඇති අල්ලනවට. රාජිත ඇමතිතුමා දන්නවා නම් හම්බවෙයි කට්ටියට හොඳට.

:       9       18

සාගරී Wednesday, 07 August 2019 02:14 AM

හැබැයි පිළිකා රෝහලට උපකරණ ගේන්න මිනිස්සුන්ගෙන් සල්ලි හොයනවා. මෙහෙම අස්ථාන ගත වෙන්නේ මේක පුදුම රටක්නේ.

:       0       3

සඳුන් Wednesday, 07 August 2019 02:22 AM

දේශපාලඥයින් පිනවන්න චක්‍රලේඛ වලට,ආයතන සංග්‍රහයට හා මුදල් රෙගුලාසි වලට පිටින් තනතුරු රැක ගැනීමට අත්සන් ගහන රාජ්‍ය නිලධාරීන්ට මේවා හොඳ පාඩම්.

:       0       8

Chanak los angeles Wednesday, 07 August 2019 05:02 AM

ඇයි අර දුමින්ද දිසානායක කියලා තිබෙන්නේ දේශපාලනයෙන් තොරව රටක් ගෙනියන්න බැහැ කියා. අයියෝ ලංකා

:       0       4

සිරිමල් Wednesday, 07 August 2019 10:34 AM

වාහන අංක හා වර්ගය සහිත විස්තරයක් පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න. සොයා දෙන අයටත් ත්‍යාගයක් දෙනවා කියන්න. සාර්ථක ප්‍රථිපලයක් ලැබේවි. සඟවා ගෙන සිටි අයගෙන් අදාල මුදල් අයකර ගන්න. අමාත්‍යාංශයේ වාහන භාරකරුවන්ද මෙයට වගකිව යුතු බවක් පේනවා. සමහර විටක ලියාපදිංචි අංක යටතේ කැලෑබද හෝ වෙනත් ව්‍යාපාරවලට යොදාගෙන තියෙන්නත් පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 160 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 382 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 512 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 131 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 388 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 289 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site