IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සෞඛ්‍ය දියුණු කරන්න අලුත් වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම සදහා වෘත්තිකයාගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය වෘත්තිකයින් වෘත්තීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව වැඩසටහන් සංවිධානය කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

පුහුණු අවස්ථා ලබා දීම තුළින් වෘත්තීය නිපුණත්වය සහ දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙන අතර එය කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බෙහෙවින් ඉවහල් බවත් එමෙන්ම ඉහළ ප්‍රමිතියකින් යුතුව දැනටමත් ජනතාවට සපයන සේවාවන් හි ප්‍රමිතිය තවදුරටත් ඉහළ නැංවීමට ද මෙවැනි පුහුණු වැඩසටහන් අතිශය වැදගත් වන බවත් අමාත්‍යවරයා කීය.

වෛද්‍යවරුන් සදහා පවත්වනු ලබන පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුම, කුසලතාවයන්, සංවර්ධනය සහ නිපුණත්වයන් දියුණු කර මෙරට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන වලින් ප්‍රතිකාර සහ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට සහ ජනතාවට විශිෂ්ට, ගුණාත්මක සේවාවක් නිරතුරුව ලබා දීම අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ පුහුණු ඒකකය මගින් සංවිධානය කරයි.



අදහස් (1)

සෞඛ්‍ය දියුණු කරන්න අලුත් වැඩක් අරඹයි

Niranga Friday, 21 February 2025 01:41 PM

රෝහලේ හොරාට වැඩ කරලා. පෞද්ගලික රෝහල්වල සල්ලි ගරන උන්ට සාප වේවා.

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site