(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩ ව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡාමය වැඩසටහන් අතරතුරදී ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලූම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුනට බලපාන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින් වැඩ වර්ජන, උද්ඝෝෂණ වලින් තොරව සේවය මුලික කර ගනිමින් ක්‍රියා කළහැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි බව කීය.
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෞඛ්‍ය දර්ශක හොඳ වී ඇත්තේ වෘත්තිකයන්ගේ කැපවීමෙන්
lakmal Thursday, 23 January 2025 03:30 PM
සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන් සිදුවන වැරැදි වලින් මියගිය ඇත්තන්ටත් බොරු හේතු දාලා හොරට වාර්තා හදන එකත් එක හේතුවක්. වෙන රටවල නම් ඒවාට නීතිමය පියවර ගන්නවා. අපේ උන්දැලා හොර වාර්ත හදනවා නැත්තම් රට පනිනවා.
Lalla Thursday, 23 January 2025 03:46 PM
කරුණාකර ජයවර්ධනපුර රෝහලත් පරීක්‍ෂා කර බලන්න. හරියට සාමාන්‍ය රජයේ රෝහල්වල තත්ත්වය සමානයි. නියමිත වෙලාවට සායන පටන්ගන්නේ නෑ. තැන්තැන්වල සේවක සාකච්ඡා. හිතවතුන්ට කලින් අවස්ථාව දීම. අනික සමහර ස්ථාන ජරාවාස වෙලා...
de silva Thursday, 23 January 2025 04:56 PM
රජයේ රෝහලකට ගියාම පෙනෙනවා දර්ශකේ කොහොමද කියලා...
NimalFriday, 24 January 2025 05:56 AM
පිටරටකට එහෙම ගියා නම් බලා ගන්න තිබ්බ ඒවගේ ගණන්... X-ray එකක්, සමහර රටවල, ලංකාවේ මුදලින් 40,000ක්. අපේ අයට, නොමිලේ දෙන්නා සේවයේ, කිසිම අගයක් නෑ... මිනිසුන් 1000ක් විතර OPD එකකට ආවහම, පොඩ්ඩක් හිතලා බලන්න ලේසියිද කියලා... අපේ කට්ටියට බස් එකක් ආවත්, පොර කනවා නගින්න...
Duminda UdayakumaraFriday, 24 January 2025 09:26 AM
කවද්ද අන්තිමට ගියේ