IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“සෞඛ්‍ය නීති කඩකරන්නන්ට දැඩිව ක්‍රියා කරන්නැයි පොලිස්පතිට උපදෙස්’’

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක  කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට  අද (17) උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ කොවිඩ්  මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.

මේ අතර  ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය  අඩාල නොවන ආකාරයට  අවශ්‍ය සේවාවන් පෙර පරිදි පවත්වාගෙන යෑමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සියලු ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තබන්නැයිද දැනුම් දුන්නේය.

සිසුන් 200ට අඩු  ග්‍රාමීය පාසල් කඩිනමින් හා ආරම්භ කිරීමටද  මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල සහ  ස්වයං රැකියාවන්හි නියැලෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය මාර්ග කරගෙන යෑමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබාදීමේ වගකීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බව පැවසූ  ජනාධිපතිවරයා වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සියලු දෙනාට කොවිඩ්  මර්දන එන්නත ලබාදී  අවසන් කරන ලෙසටද  උපදෙස් දුන්නේය.

දරුවන්ට එන්නත් රෝහල්වලදී පමණක් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

මේ අතර ග්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද  මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට ආමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල බන්දුල ගුණවර්ධන ඩලස් අලහප්පෙරුම , ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ,,රෝහිත අබේගුණවර්ධන රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ



අදහස් (15)

“සෞඛ්‍ය නීති කඩකරන්නන්ට දැඩිව ක්‍රියා කරන්නැයි පොලිස්පතිට උපදෙස්’’

යෝගා Friday, 17 September 2021 06:01 PM

දැන් නීති කඩන්න ඕනෑ නෑ සර්. බාර් ඇරලනෙ.

:       11       31

දාස Friday, 17 September 2021 06:59 PM

මෙන්න මිනිහාගේ දැඩි නීති සාමාන්‍ය මිනිස්සුන්ට, හලෝ ඔහෙගේ ඇස්වල දෝෂයක් තියෙනවාද? එහෙමත් නැත්නම් කන් ඇහෙනවා අඩුයිද? අර යෝධයා හිරගෙවල් වලට ගැහැණුත් එක්ක පැනලා නටන නාඩගම් පේන්නේ නැද්ද? ලැජ්ජා නැද්ද? කාටත් එක නීතියක් කියලා නේද බලේට ආවේ...?

:       27       122

සඳුන් Friday, 17 September 2021 08:48 PM

ඇනස්ලි, බර්ටි, සැමුවෙල් කට්ටියව මතක් වෙලා කඳුළුත් පැන්නා...

:       9       24

pakeer Friday, 17 September 2021 09:09 PM

මේ මනුස්සයා ඉන්නේ ලංකාවේද? කොයි රටේ සෞඛ්‍ය නීති කඩන අයටද මෙයා මේ කියවන්නේ..? මන්ද බුද්ධික දේවල්නේ කියවන්නේ..?

:       12       40

surain Friday, 17 September 2021 09:40 PM

එයා 21 වැනිදා රට යනවනේ... රටවහලා යතුර මහපාරේ තියලා වෙන්නැති යන්නේ...

:       8       31

chandra Friday, 17 September 2021 11:54 PM

නිරෝධායන ඇදිරි නීතිය උල්ලංගනය කරන හා අවසර පත අවභාවිතා කරන අයවළුන් ගැන පැමිණිලි කල විට නිසි අපක්ෂපාති විමර්ශනයක් සිදුකලේ නැහැ.

:       0       8

sg Saturday, 18 September 2021 12:01 AM

ගරු ජනාධිපතිතුමනි, නීතිය හා සාමය සමානව පවත්වා ගැනීම අවශ්‍යයි. ම්ලේච්ඡ ක්‍රියාවන් සිදු කළ එම දේශපාලනඥයාට එරෙහිව වහාම පියවර ගැනීම වඩා හොඳ යැයි මම සිතමි. පාලන ක්‍රියාවලිය ගැන සාමාන්‍ය ජනතාව එවැනි දේශපාලනඥයින් ගැන බලාපොරොත්තු තබා ගත නොහැක. අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි.

:       0       6

neil Saturday, 18 September 2021 12:04 AM

අනේ මන්දා ඉතින් මේවා...

:       0       3

Sriland Saturday, 18 September 2021 02:09 AM

බංගලාදේශ් පාසල් විවෘත කරලා, අපි හැමදාම ඕනෑම කුණුගොඩක් වවාගෙන කන ජාතියක් කියලා ලෝකෙටම පෙන්නුවා.

:       1       3

බද්රානි Saturday, 18 September 2021 02:53 AM

ඇත්තම තමයි, මෙතුමා මිනීමරුවන් හා ජාවාරම් කරුවන් වෙනුවෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කල ආකාරය අපි හොඳටම දැක්කනේ? බලාගෙන, ඔය නිරෝධායන නීති කැඩුවොත් එහෙම ආයේ එල්ලුම් ගහට යවලා තමයි මෙතුමා පස්ස බලන්නේ. කට්ටිය දන්නවනේ දැන්, එක රටේ එකම නීතියක් තමයි තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් පරිස්සමෙන්??

:       0       23

Demuni Uduwara Saturday, 18 September 2021 03:01 AM

පොඩි මිනිස්සුන්ට නම් සද්ද දායි...

:       0       24

Royfedricks Saturday, 18 September 2021 05:24 AM

ඔව්, ඔව් අන්න එහෙම තමයි කර්නන්න ඕනේ. එක රටක් එක නීතියක්. විල්සන් කරුව හිරේ දාන්න. මුව වැසුම් නැතුව මාධ්‍ය රැසවීම් අමතන උදයන්ගව සුරතල් කරන්න.

:       0       0

chandima Saturday, 18 September 2021 06:21 AM

ලංකාව නම් පුදුම රටක්. නීතියක් දැම්මම ඒක බුරුලට ක්‍රියාත්මක කරන විදියකුත් තියෙනවා. තදින් ක්‍රියාත්මක කරන විදියකුත් තියෙනවා.

:       0       0

Sunil Saturday, 18 September 2021 07:17 AM

නීතිය ක්‍රියාත්මක වන අයුරු බලන්න ඕනෙනෙම් පාරක් අයිනට වී සිටින්න

:       0       1

rocky Saturday, 18 September 2021 08:34 AM

පිළියන්දල ප්‍රදේශයේ කොරෝනා ‘‘සංවර්ධනය‘‘ කරපු ගාමිණී ලොකුගේ මහත්තයට දඬුවමක් නැහැ නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියම ජාජබට
2024 නොවැම්බර් මස 15 789 0


සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ 2ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 101 0

කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න


මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1241 0

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්‍


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 256 0


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 507 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 374 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 248 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 570 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1682 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site