IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සෞඛ්‍ය නීති දැඩි වෙයි: එක ගෙදරකින් එළියට යා හැක්කේ එක්කෙනාටයි

(සුජිත් හේවාජුලිගේ,ඩයනා උදයනංනී සහ ළහිරු හර්ෂණ)

කොරෝනා පාලනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) නිකුත් කෙරුණු අතර එම මාර්ගෝපදේශ වලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක් නිවෙසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයකුට පමණක් බව සඳහන් වෙයි.

එසේ පිටවිය හැක්කේද අත්‍යවශ්‍ය රාජකාරි සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර වැඩමුළු ,සන්නාම එළිදැක්වීම්, හමු හා සම්මන්ත්‍රණ යනාදිය තහනම් කර ඇත.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරේ.

මෙම මාර්ගෝපදේශ සංග්‍රහය අනුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්බාහන මධ්‍යස්ථාන කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දැමිය යුතුවේ.

කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ කටයුතු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීති රීතිවලට අනුකූලවය.

සුපිරි වෙළෙඳසල් සඳහා පුද්ගල ධාරිතාවයෙන් සියයට 25 කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීරණ අද (18) සිට විවෘත කිරීම තහනම්ය.

සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද විනෝද සැණකෙළි ආදිය පැවැත්වීමටද අවසර හිමි වන්නේ නැත.

පෙර පාසල් පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් නිර්දේශ කර ඇත.

එසේම ආගමික ස්ථානවල ජනතාව ඒකරාශි වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමි නොවුණු ඇත



අදහස් (22)

සෞඛ්‍ය නීති දැඩි වෙයි: එක ගෙදරකින් එළියට යා හැක්කේ එක්කෙනාටයි

ජයන්ත මිලානො Wednesday, 18 August 2021 06:00 PM

ජනතාවම නගර, කඩසාප්පු වසාගෙන රජය තුට්ටුවකට මායිම් නොකර ඉදිරියටම යන නිසා..., මෙම ක්‍රියාව නරක අතට පෙරලෙයි කියලා බයටම ගත් තීන්දුවක්...!!!

:       1       50

සිරිබිරිස් Wednesday, 18 August 2021 06:02 PM

ඇති යාන්තම්... අරයාට දැන් හරි මොළය පෑදුණ එක ලොකු දෙයක්...

:       1       28

මහසෙන් Wednesday, 18 August 2021 06:06 PM

මෙහෙම කියන එක සදාචාරාත්මක නොවෙන්න පුලුවන්... කියන්න තියෙන්නේ ඔය ගැසට් රෝල් කරලා ගහගන්න කියලා. ඔය ප්‍රෝඩාව තව කොපමණ කල් කරයි ද කියලා බලමුකෝ...

:       1       50

Ravi Wednesday, 18 August 2021 06:10 PM

මේවා විහිලු. රැකියාවට යන අයට කොහොමත් යන්න වෙනවා. සංකීර්ණ වල ධාරිතාවයෙන් 25%ක් වුණාට රැකියා ස්ථානවලට එහෙම සීමාවක් දාලා නෑ. රැකියා ස්ථානවලින් බෝවෙන්නේ නෑ කියලයි මේ ගොල්ලන් හිතන්නේ...

:       1       48

සමන් Wednesday, 18 August 2021 06:19 PM

නිකන් ලෝකෙට පේන්නේ බොරුව විතරයි. කිසිම ප්‍රායෝගික පැත්තක් නෑ...

:       2       53

susantha Wednesday, 18 August 2021 07:08 PM

ලංකාව, මහ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, නොවන නිසා සියලු සෞඛ්‍ය උපදෙස් ලංකාවේ ජනතාවට කියවීමට සිංහලෙන් ප්‍රසිද්ධ කරන්න.

:       2       43

pakeer Wednesday, 18 August 2021 07:10 PM

ගෙවල් වලින් එළියට යන්නේ ... එක්කෙනා හෝ දෙන්නා රස්සාවට තමයි. එක්කෙනෙක් කියනවා තෙල් පිරිමහන්නලු. අනික කියනවා නිකරුණේ යන්න එපාලු එළියට... මේ අයට මේ කියාගන්න දෙයක් නැතිව... මුන් මරු කියවනවා...

:       1       48

Kodi Wednesday, 18 August 2021 07:44 PM

ගෙදරින් යන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. බෙහෙත් ගන්නයි, අත්‍යාවශ්‍ය සේවා සඳහායි. එතකොට රෙදි සාප්පු ඇරලා තියෙන්නේ කාට භාණ්ඩ අලෙවි කරන්නද?

:       1       34

AnaWednesday, 18 August 2021 09:55 PM

ඇයි බන් බේත් ගේන්න යන ගමන් රෙදි කඩේටත් යන්න කියලා කියන්නේ.

:       0       0

Nuwa Wednesday, 18 August 2021 07:56 PM

අපි තමයි හොඳටම කරන්නේ.. ඇයි අවුල්ද...?

:       1       43

sampath Wednesday, 18 August 2021 09:29 PM

කෙසේ වෙතත් මේ වෙලාවේ ඉතා හොඳ තීරණයක්.

:       0       0

sachith Wednesday, 18 August 2021 10:55 PM

ඇනස්ලි, බර්ටි කරපු දේ තමයි මෙයාලා දැන් කරන්නේ... රටේ කරුමේ කියන්නේ මෙයාලගේ විහිළු වලට දවසට මිනිස්සු සිය ගාණක් ආපහු නොඑන ගමන් යන එකයි.

:       0       0

Rata Perata Thursday, 19 August 2021 03:28 AM

මේ වගේ මෝඩ රැලක්. කොහොමත් එක්කෙනෙක් එළියට ගියාම ඇති ගෙදර ඔක්කොටම බෝ කරන්න.

:       0       0

තරිඳු Thursday, 19 August 2021 05:49 AM

මේ වගේ ඒවට තමා කියන්නේ, අතීසාරයට අමුඩ ගහනවා කියලා. මොනවා හරි දෙයක් කරා කියන්න කරනවා. කිසිම ඵලදායිතාවයක් නැ...

:       0       0

Praba Thursday, 19 August 2021 06:16 AM

සර් එතකොට පොලීසියෙ මහත්තැන් කෙනෙක් අපේ ගේ ඉස්සරහ ඉන්දනවද අපේ ගෙදරින් එක්කෙනෙකුට වඩා එළියට ගියොත් අත්අඩංගුවට ගන්න?

:       0       0

Sadis Thursday, 19 August 2021 07:05 AM

ගෙදරකින් යන ගනණ බලන්න සෑර්ට බුද්ධි අංශ දාන්න වෙයි ගෙවල් ගානේ.

:       0       0

Ruwan Thursday, 19 August 2021 08:52 AM

මේ තරම් තත්වයක් තිබිලත් දැන්ද මතක් වුනේ? එතකොට අර පාදෙනියගේ රජුන් රැවටූ කුමන්ත්‍රණ කතාව! දැන් දත්ත හරිද? එදාටත් වඩා බොරු නේද්‍?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 August 2021 09:05 AM

මිනිසුනේ .. අපගේ බදූ මුදල් ඇතුළු බොහෝ දේ මේ රටේ සිටින දේශපාලනඥයන් ගිලදමා සුර සැප විඳින අයුරු ඔබ අප සැමට ඇස් දෙක හොඳින් තබාගෙන බලන්න හැකිනම්, පෙනේවි .මේ රජගෙදර ඇත්තන් පක්ෂ පාට කුමක් උවත්, බලන්න ප්‍රතිපත්ති වෙනස්කොට ඒ ඒ පැතිවලට පනිමින්, මුසා දෙසමින් රට හා අප රවටන්නට නීති වෙහෙසෙන අපූරුව. දේශපාලකයා රැවටිලි කාරයෙකි. හොරෙකි. තක්කඩියෙකි. රටේ අහිංසක නුඹ හා අපට එක නීතියකි. ඒ අයගේ අයට තවත් නීතියකි. මේවා හොඳින් දැන අපි අපගේ ජීවිත රැක ගනිමු. මාස්ක් දමමු. උගත් වෛද්‍ය අංශ වල උපදෙස් අනුව ක්‍රියා කරමු. ඉදිරියේදී මිය යන පිරිසට අප හසු නොවන්නට නම්,හැකි තරම් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු.

:       0       0

mi haraka Thursday, 19 August 2021 09:27 AM

එකෙක් ගෙදරින් ගිහින් ඇවිත් මුළු පවුලටම රෝගය ගෙනෙන බව නොදන්නේද ? ලෝක් ඩවුන් කියන එක දේශපාලන විරුද්ධ වාදීන්ගේ වචනයක් ලෙස සිතන අඳ බාලයින් එය පිටු දකිනවා. මැරෙනවා පෙනෙන්නේ නැතිද ?

:       0       3

siri Thursday, 19 August 2021 02:40 PM

එතකොට පෙරහැරේ නටන්නයි චුඩා මානික්‍යය වැඳගන්නයි රොත්ත පිටින් ගියාට වැරද්දක් නැද්ද ?

:       1       3

fairoos Thursday, 19 August 2021 03:12 PM

රනිල් එක්ක කොෆී බිව්වාට පස්සේ මොලේ ටිකක් පෑදිලා වගේ

:       0       0

U.V.W.Prasad Friday, 20 August 2021 07:47 AM

නිවසක දෙතුන දෙනෙක් රැකියාව කරනවනම්. යන කෙනා රෝගයත් අරන් ගෙදර එනවනම්. පාලනයක් නොමැති තැනට ව්‍යාප්ත උනාම මේ වැඩ විහිලුවක් නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 103 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 303 2

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 300 2

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 439 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 25 445 1

ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 762 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site