IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සෞඛ්‍ය මානව සම්පත් කළමනාකරණය අවුලක්

සුදුසුකම් හා දක්ෂ වෘත්තිකයන් තෝරා ගැනීම සඳහා මානව සම්පත් ප්‍රතිපත්තියක් ඇති කරන්නැයි බොරැල්ල ළමා රෝහලේ හිටපු අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි හේවගේ සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනා කරයි.  

හිටි ගමන් කිසිම ගරු සරුවක් නැතිව  ඔහු දෙසතියකට පෙර රෝහලේ මුල් පුටුවෙන් පහළට දැමීමෙන් අනවශ්‍ය කලබලයක් ඇති විය.

තමන්ගේ අධ්‍යාපනය හා පුහුණුව  වෙනුවෙන් වසර හතක් පුරා රජය අති විශාල මුදලක් වැය කැර ඇතැයි කියන දොස්තර හේවගේ සුදුසුකම්ලත් විශේෂඥ වෛද්‍ය වරුන් ශ්‍රේණිගත වෛද්‍ය පරිපාලකයින්ගෙන් උපරිම සේවය ලබා ගත යුතු යැයි කියයි.

එවැනි   අයට පහළ ශ්‍රේණියක සිට යළි ‘මුල සිට තංගලු‘ යාමේ ක්‍රමය නුසුදු බව ඔහු පවසයි.

මෙවැනි අකරතැබ්බයකට මුල  සුදුසු මානව සම්පත් කළමණාකරණ ක්‍රමයක් නොතිබීම බවත්  උපදේශක පරිපාලන ශ්‍රේණිවල වෛද්‍යවරුන් රජයෙන් දුන් පාඨමාලා හදාරා ඇති බවත් එවැනි අය යළිත් සුදුසුකම් සපුරාලිය යුතු බව වසර කිහිපයකට පසු දන්වා ඇති බවත් ඔහු පවසයි.

එතෙර අධ්‍යාපනයෙන් පසුව තමා ශ්‍රී ලංකාවට පැමිණි පසු 2010 දී රාජ්‍යසේවා කොමිසම ද උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය තමාට පත්වීමක් දුන් නමුත් එහි තනතුරක් සඳහන් කැර නැතැයි ඔහු කියයි.

එහෙත් සේවයේ අවශ්‍යතාව අනුව හිටපු සෞඛ්‍ය ලේකම් , තමා ට ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය පැවරූ බවත් දොස්තර රාජමන්ත්‍රී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු අධ්‍යක්ෂ තනතුරේ වැඩ කිරීමට තමා පත් කළ බවත් දොස්තර හේවගේ පවසයි.

‘විශේෂඥ ශ්‍රේණිය ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියක් සේ සැළකේ.එහෙත්  දැන් අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් උභතෝකොටියකට මුහුණ දී සිටියි.විශේෂඥ ශ්‍රේණි වෛද්‍යවවරුනට වෛද්‍ය විද්‍යාවේ වෙනත් විශේෂ අංශ වලට යෑම තහනම් කැර ඇත.විශේෂඥ පරිපාලන පාඨමාලාව හැදෑරූ වෛද්‍යවරයෙක් මේ අස්ථිර පිළිවෙත නිසා රට හැර ගියේය.මානව සම්පත් රටට අහිමි නොකළ යුතුය.

දෙස් විදෙස් පුහුණුව ලැබු වෛද්‍යවරුන් යළි මුල සිට සුදුසුකම් සපුරාගත යුතු යැයි කීම තේරුමක් නැති කතාවකි.‘

රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දොස්තර නලින් ද සිල්වා පැවසුයේ මෙවැනි අවස්ථාවලදී  දඩබ්බර නොවී දක්ෂ හා සුදුසු ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇති බවයි.

පරිපාලන සේවය ක්‍රමානුකූල කළ යුතු බවත්  හොඳ පරිපාලකයින්ගේ සේවය හැම රෝහලකටම ලැබෙන පරිදි මාරුවීම් ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඔහු පවසයි.

එහෙත් එසේ කළ යුත්තේ රෝහලටත් ලෙඩුනටත් --  මේ ප්‍රශ්නයේදී නම්  දරුවනටත් ,සේවකයනටත් -- හානියක් නොවන පරිදි යැයිද ඔහු කියයි.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසනුයේ නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් 2012 දී ළමා රෝහලට අධ්‍යක්ෂවරයකු පත් කළ බවයි.

එහෙත් එසේ පත්වීම ලැබු වෛද්‍යරයා ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයකු වු නිසා ඔහු එම තනතුරෙන් මුදා හැරීමට නොහැකි වි යැයි අමාත්‍යංශය කියයි.

‘ඒ අතරතුර  අධ්‍යක්ෂ තනතුරේ වැඩ කිරීමට  කෙනකු පත් කිරිමේ බලය සෞඛ්‍ය ලේකම්ට ඇත.එම තනතුරු දෙකටම රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ද ලැබිය යුතුය.

එහෙත් ළමා රෝහලේ සිද්ධිය ඕනෑවට වඩා පිම්බීමට ඇතැමුන් ක්‍රියා කර ඇත.‘

 



අදහස් (0)

සෞඛ්‍ය මානව සම්පත් කළමනාකරණය අවුලක්

රජින්ද Tuesday, 18 February 2014 01:20 AM

මේ කතාව ඇත්තෙන්ම සෑම වෘතියකටම අදාලයි. නිසි මානව සම්පත් කළමනාකරණයකින් තොරව ලංකාවේ සිදුවන බුද්ධි ගලනය නැවැත්විය යුතුය. ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු ඉදිකිරීම් ක්ෂේත්‍රය, ප්‍රවාහන, ආදී මෙකි නොකී සියලු ක්ෂේස්ත්‍ර වල මානව සම්පත් කළමනාකරණය නොකර ගුණාත්මකභාවය ගැන තක්සේරු කල නොහැක.(නදී)

:       0       0

සේන Tuesday, 18 February 2014 10:41 AM

දැන් රට හැමතැනම අවුල්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5109 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 812 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1303 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1679 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3521 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 236 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16151 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site