IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සෞඛ්‍ය ලේකම් ධූරයට ලොකු තරඟයක්

(අජන්ත කුමාර අගලකඩ)

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා දැඩි තරගයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ අතිරේක ලේකම්වරියක වන ලක්ෂ්මි සෝමතුන්ග මහත්මිය අතර මෙම තරගය නිර්මාණය වී ඇති බවද පැවසේ.

මේ අතර ,සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත මහතා ද තවත් වසරක කාලයක් එම ධුරයේ රැඳී සිටීමට උත්සාහ දරමින් සිටින බව දැනගන්නට ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය සදහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ගේ නම් ද සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා වෛද්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කරන ලැබ ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (3)

සෞඛ්‍ය ලේකම් ධූරයට ලොකු තරඟයක්

Krishan Monday, 16 October 2023 05:26 AM

සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරයා ලෙස සුදුස්සා වෛද්‍ය අනිල් ජාසිංහ ඔහුගේ සේවා කාලය තුල නිසියාකාරව රාජකාරිය ඉටුකල කෙනෙක් නිසා ඔහුව පත්කිරිමයි රජය ගතයුතු හොදම තින්දුව වන්නේ

:       0       4

Perera Monday, 16 October 2023 05:41 AM

සේවා පලපුරුදු කාලය, අඩ්යාපනික සහ වෘර්තිය සුදුසුකම් අනුව පත් කලයුත්තේ කාවද කියන එක තීරනය කරන්න අමාරුද????

:       0       2

සම්පත් Monday, 16 October 2023 01:37 PM

මෙහි නම් කියැවෙන හතර දෙනාම සැබෑ දක්ෂයින්, ඔවුන් අතරින් කවුරු පත්වුණත් සෞඛ්‍යයට හොඳයි. නමුත් පිටින් වෙනත් පැරෂුට් කරුවෙක් ගොඩ බසින්නත් ඉඩ තියෙනවා.

:       4       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 259 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 283 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1258 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 3516 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1409 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1432 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39854 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25879 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site