(මනෝප්රිය ගුණසේකර සහ ගයාන් සුරිආරච්චි)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය අද (01) රාත්‍රී අත්අඩංගුවට ගත්තේය.
රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව අද උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි සමන් රත්නායක මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
මුහම්මදු සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට
ravin Friday, 01 March 2024 09:07 PM
ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීමෙන් පමණක් නිදහස ලබාගත හැකිවේවි...!
samSunday, 03 March 2024 05:21 AM
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගි ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කණඩායම් 3ක් සිටි. 1. දේශපාලන අධිකාරිය 2. ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමට කටයුතු කළ කණ්ඩායම 3. ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමට පෙර ලංකාවට ගෙන්වීමෙන් මෙම පසු මෙම එන්නත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් හෝ ප්‍රමිතිගත ප්‍රතිදේහ එන්නත් බවට පරීක්ෂාකළ කල කණඩායම්ද මෙයට වගකිව යුතුවේ... සහ ලංකාවට ගෙන්වනු ලබන සියලු බෙහෙත්වර්ග හෝ එන්නත් ප්‍රමිතියකින් තොරව වගකීමකින් හෝ වගවීමකින් නොමැතිව රටේ පුරවැසියන් වෙත ලබාදීමට අනුමැතියකින් තොරව සිදුවේද..?
Bandula Friday, 01 March 2024 09:11 PM
ගොඩක් හොඳයි.
Nimal Friday, 01 March 2024 09:15 PM
ඇමැතිතුමා එක්කම ඉන්න පුළුවනි.
නිහාල් Friday, 01 March 2024 09:24 PM
පාස්කු බෝම්බ ප්රහාරයටත් මෙහෙම තමයි. එක එක්කෙනා අත්අඩංගුවට ගත්තේ. අන්තිමට වෙච්චි දෙයක් නෑ. ඒ හැඩයමයි මේකෙත් තියෙන්නේ...!
SAM Friday, 01 March 2024 10:23 PM
දේශපාලන මැදිහත්වීම් `නොමැතිව අධිකරණය සහ පොලිසියට ඔවුන්ගේ රාජකාරිය ස්වාධීන කිරීමට අවස්ථාව සලසා දීම වැදගත්...!
සයිමන් Saturday, 02 March 2024 06:08 AM
ඔය නම් තියෙන තවත් කෙනෙක් රජයේ සේවයේ හිටියා. ඔය වගේම අනුන්ට කොහොම වෙතත් තමන්ගේ අයට හොරකමෙන් හරි ලාභ ප්‍රයෝජන අරගන්න කටයුතු කළා මම හිතන්නේ නමේ වරදක් කියලා තමයි..
nanda Saturday, 02 March 2024 07:19 AM
වෛද්‍යවරුන්ටත් නිගාවක්... කෙටික්‍රම මගින් ඉහළ තනතුරුවලට ගිහින් වෛද්‍යවරුන්ගේ ගෞරවය නැති කරනවා.
ranjith Saturday, 02 March 2024 07:22 AM
පොහොට්ටු ආණ්ඩුවක් තිබුණා නම් මේ ඔක්කොම නිකන්ම ගොඩ. දැන් රටේ නිතියක් තියෙන බව පේනවා.
පසන් Saturday, 02 March 2024 11:30 AM
මොහුට වඩා වංචාකාරී ලෙස මුදල් ගසාකෑවේ ඔය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයින් වශයෙන් පසුගිය අවුරුදු දහයක් තුළ හිටපු දොස්තරවරුන්... නමුත් ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක්වත් දාපු නැති නිසා තවමත් නිදැල්ලේ ඉන්නවා. වෛද්‍යවරු වෙලත් මොවුන් අහිංසක ලෙඩ්ඩු බිල්ලට තියලා තමන්ගේ මල්ල තර කරගැනීම ඉතා අවාසනාවක්...!
Lalla Saturday, 02 March 2024 03:04 PM
ඉදිරියට මාලිමා ආණ්ඩුව ඔවුන්ට දඬුවම් දෙයි.. අඩුම තරමේ අරාබි ක්‍රම වත් ගෙනෙයි...
BillaSaturday, 02 March 2024 03:31 PM
දැනට නම් අතීතයට බලපාන නීති නැහැ කියලා හිතෙනවා... එහෙම නීතියක් හැදුවොත් 1970 දක්වා අතීතයට යන්න වෙනවා. එහෙම ගියොත් වෙනත් කිසිම වැඩක් කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්.. අන්තිමේ කරන කොට එහෙමට වුණත් සහෝලා මට වෙනු සමා කරන කොට මෙහෙමමයි... එය වළක්වන්න බැහැමයි අපේ හැටි එහෙම්ම තමයි කියලා...!
prem Sunday, 03 March 2024 04:26 AM
පාපොච්ඡාරණය කරන්න සූදානම් වෙන්නේ අත්අඩංගුවට පත්වූ නිසා නේද? මීට කළින් තමන් මේ සිද්ධිය ගැන දන්න කරුණු කියන්න තිබ්බානේ... තොරතුරු සඟවා තබාගැනීමත් වරදක් නේද?