IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සෞඛ්‍ය වියදම් තව අඩු කරයි

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15න් කපාහැර තිබේ.

රාජ්‍ය වියදම් කලමනාකරණය සහ පාලනය කිරීම යටතේ අතිකාල සහ අමතර දීමානා සියයට 15කින් කපා හරින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 

මීට අමතරව රෝහල් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්යාල ඉදිරිදා දිනවල වසා තබන ලෙසත් ආරක්ෂක, පිරිසිදු කිරීම් සඳහන වියදම සියයට 10කින් අඩුකරන ලෙසත් එම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. 

තවද සෞඛ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මසකට ලබා දෙන නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින 5කට සීමා කළ යුතු බව ද එහි සඳහන් වේ. 

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අනවශ්‍ය විදුහිල පහන් නිමාදමන ලෙසත් ජලය, ඉන්ධන, දුරකතන, ලිපිද්‍රව්‍ය භාවිතය අවම කරන ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.

වැඩසටහන්, සම්මනත්‍රණ වැඩමුළු, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකිය යුතු බව ද අත්‍යශවශ්‍ය නම් ඊට සෞඛ්‍ය ලේකම්ගේ පූර්ව අනුමැතිය ලබගත යුතු බව ද එහි සඳහන් වේ.



අදහස් (22)

සෞඛ්‍ය වියදම් තව අඩු කරයි

විපරමා Wednesday, 22 February 2023 04:15 PM

හරි නම් මුලින්ම කරන්න තියෙන්නේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ සියලුම දීමනා, වරප්‍රසාද අඩුකරන එක...

:       10       76

Prase Wednesday, 22 February 2023 04:26 PM

හොඳ වැඩක්... ඇයි ඕක විදුලි බල මණ්ඩලයට කරන්නේ නැත්තේ..? ඒකෙත් ඉන්නවා ලොකු පඩිකාරයෝ...!

:       24       76

KasunWednesday, 22 February 2023 05:46 PM

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පඩි ගන්නේ වැඩ කරලා මහත්තයෝ. අතිකාල කපලා එයාලා වැඩට ආවේ නැතිනම් වැඩ කරන්නේ ඔයාද?

:       33       96

Prase Thursday, 23 February 2023 05:31 AM

හා හා ... ඒක ජනතාව හොඳට දන්නවා. අහිංසක මිනිස්සුන්ට දාන පාර්ට්, ඕවා සේරම සෙමි ගවර්න්මන්ට් කරන්න අපි ජනතාව පෙළගැස්විය යුතුමයි. දුප්පත් මනුස්සයාට ඔයවගේ ඔපරේෂන් එකක් කරගන්න බෑ. ඒක කරගන්නේ ඕකෙ වැඩකරන නිලධාරින්ගේ නඩයෝ විතරයි. කවුරු හරි අඳුරන්නේ නැතිනම් මිනිහාට මැරෙන්න වෙන්නේ...!

:       3       1

Prase Thursday, 23 February 2023 05:33 AM

රටේ ඕනෑතරම් ජොබ් නැති මිනිස්සු ඉන්නවා. මම අභියෝග කරනවා පුළුවන් නම් අස්වෙලා පෙන්නන්න..., අපිට වැඩකරලා පෙන්නන්න පුළුවන්.

:       2       0

NirmalThursday, 23 February 2023 06:16 AM

නිකමට හිතලා බලන්න... සෑම වෛද්‍යවරයෙක්ගේම පුද්ගලික මධ්‍යස්ථානයක්ම අඩුම උදේ 8 වෙනකන් සහ සවස 4 සිට 9 වෙනකන් තියෙනව‍ා නම් සහ සේවා මුරයකට නම් වැඩ කරන්නේ, කොහොමද මාසෙට පැය 120ක් අතිකාල ගන්නේ? දන්ත වෛද්‍යවරු සති අන්තෙත් නිවාඩු. සවස 2න් පස්සේ රෝහලේත් නෑ. ඒ වුණාට පැය 120 ක් රුපියල් ලක්ෂයක් හොර අතිකාල ගන්නවා. මෙච්චර රෝගීන්ට බෙහෙත් නෑ, කෑම වේලට බිත්තරක්වත් නෑ. හැබැයි එක සෞඛ්‍ය සේවකයෙක්වත් (බහුතරයක් වෛද්‍යවරු) හොරට අතිකාල ගන්න එක නවත්තලා නෑ...

:       0       6

Nimal Wednesday, 22 February 2023 04:41 PM

ඔච්චර වියදම් අඩුකරන්න ඕනෑ නම් රෝහල් ටික වහලා දැම්මා නම් ඉවරයිනේ...!

:       31       82

සඳුන් Wednesday, 22 February 2023 06:08 PM

අතිකාල දීමනා කපන්නේ නම් එපමණ කාලයක් අතිකාල රාජකාරිවලින් බැහැර වී සිටිමු...

:       10       45

Aravinda Monarawila Wednesday, 22 February 2023 06:19 PM

පිටරටවල මළගෙවල්වල රස්තියාදු ගහන්න..., නිදහස් උත්සව පම්පෝරි ගහන්න..., ජනරජ පෙරහැරවල් පවත්වන්න බුරුතු පිටින් ඇමැතියන් පත්කර ගන්න සල්ලි එකතු කර ගන්න එපෑයැ...

:       11       68

Upul Wednesday, 22 February 2023 06:51 PM

තව ජනරජ පෙරහැරක් කරන්න සල්ලි ඉතුරු කරනවා.

:       8       62

ප්‍රියන්ත Wednesday, 22 February 2023 07:06 PM

ඡන්දේ තියන්න සල්ලි නෑ කියලා පෙන්වන්න කරන කාලකන්නි දේශපාලන ගේම් මේවා...!

:       57       53

රංජිත් Wednesday, 22 February 2023 08:28 PM

හරි එහෙනම් අපි අමතර රාජකාරි නෑ. රනිල්ට ඇවිත් රෝහල් බාරගන්න කියන්න.

:       0       0

Rangana Wednesday, 22 February 2023 08:32 PM

ඔක්කොම වියදම් කපලා දාලා මාසයක් ගානේ ජනරජ පෙරහැරවල් තිබ්බා නම් හරි.. එතකොට ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා.

:       0       0

Lal Wednesday, 22 February 2023 08:45 PM

හොඳ වැඩක්...!

:       0       0

Praba Wednesday, 22 February 2023 09:40 PM

ලෙඩ්ඩුන්ට කාගේ සරණක්ද? ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. දොස්තරලා නෑ. ඉතුරු වුණු දොස්තරලා හෙදියන් ටිකත් රට දාලා යන තැනට වැඩ කරනවා. පහුගිය ඡන්දෙන් තමන්ව පරාජය කරපු හින්දාද මිනිස්සුන්ගෙන් මෙච්චර පලි ගන්නේ...?

:       0       1

Prabha Wednesday, 22 February 2023 10:13 PM

දොස්තරලා, හෙදියෝ, කාර්මික නිලධාරීන් වගේ පුහුණු සේවකයෝ රට හැර යාමට පාරද මේ කපන්නේ?

:       0       2

Perera Wednesday, 22 February 2023 10:54 PM

පාරට බැහැලා මරාගෙන මැරිලා හරි හොර, තක්කඩි දේශපාලු පාලකයින්ව එළවන්න කාලෙ ඇවිල්ලා...

:       0       1

ranjith Thursday, 23 February 2023 05:43 AM

ලෝකයට ණයවෙලා රට බංකොළොත් කරලා තවත් ණය සොච්චමක් ගන්න IMF කියන ඔක්කොම කරනවා. මේ විදිහට මේ රටට නායකයෝ මොකටද? IMF එකට මේ රට බාරදුන්නානම් ඉවරයිනේ...

:       0       0

Nirmal Thursday, 23 February 2023 06:15 AM

බොහෝම හොඳ තීරණයක්. සුළු සේවකයින් කෙසේවෙතත් බහුතරයක් තරුණ වෛද්‍යවරු ලක්ෂ ගණන් අතිකාල ගන්නේ තනිකරම හොරට. නිකමට හිතලා බලන්න සෑම වෛද්‍යවරයෙක්ගේම පුද්ගලික මධ්‍යස්ථානයක්ම අඩුම උදේ 8 වෙනකන් සහ සවස 4 සිට 9 වෙනකන් තියෙනව‍ා නම් සහ සේවා මුරයකට නම් වැඩ කරන්නේ, කොහොමද මාසෙට පැය120ක් අතිකාල ගන්නේ? දන්ත වෛද්‍යවරු සති අන්තෙත් නිවාඩු. සවස 2න් පස්සේ රෝහලේත් නෑ. ඒ වුණාට පැය 120ක් රුපියල් ලක්ෂයක් හොර අතිකාල ගන්නවා. මෙච්චර රෝගීන්ට බෙහෙත් නෑ, කෑම වේලට බිත්තරක්වත් නෑ. හැබැයි එක සෞඛ්‍ය සේවකයෙක්වත් (බහුතරයක් වෛද්‍යවරු) හොරට අතිකාල ගන්න එක නවත්තලා නෑ. 225ටම බැනල‍ා වැඩක් නෑ මිත්‍රයා. ඔක්කොම එකම බෝට්‍ටුවේ හොරු තමයි. එකම වෙනස මිනිස්සු මෙයාලගේ හොරකම් ගැන දන්නේ නැහැ...

:       0       4

naleen Thursday, 23 February 2023 06:44 AM

සෞඛ්‍ය, අධ්‍යාපන වියදම් කපලා තව පෙරහැර දෙක තුනක් තිබ්බා නම් හරියටම හරි....!

:       0       0

Gamage Thursday, 23 February 2023 08:13 AM

ආරක්ෂක, පිරිසිදු කිරීම් වැඩවලට හමුදාව දාන්න බැරිද?

:       0       0

සුන්දර ලින්ගම් Thursday, 23 February 2023 09:01 AM

සුන්දර ශ්‍රි ලන්කා

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 238 0

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1057 0

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 1695 0

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 2286 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 2325 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 953 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 612 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 315 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site