IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ)
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස  ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට  ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇත්තේ 1998 වර්ෂයේ සිට 2023  වර්ෂය දක්වා කාලයේදී බව එම වාර්තාව සඳහන් කරයි

මේ අතර කොළඹ රීජ්වේ  ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද  අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.

ලිට්ල් හාට් ව්‍යාපෘතිය  යටතේ  කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද  2023  වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද අපේක්ෂා රෝහල සඳහාවූ  පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහක් පැවති  බවත්  2022 හා 2023 වර්ෂයන්හිදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවත්  විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.



අදහස් (1)

සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ

නිසල් Thursday, 06 February 2025 07:06 AM

ඔය පරිත්‍යාග වශයෙන්‌ ලැබෙන ආධාර මුදල්‌ සෘජුව ලැබෙන්නෙ රෝහලට. රෝහල්‌ වල අධ්‍යකෂ නනතුර සහ පරිපාලනය හොබවන්නෙ වෛද්‍යවරු. බහුතර දොස්තරල කැමති නෑ රජයේ රෝහල්‌ වල බෙහෙන්‌ තියෙනවට සහ දියුණුවෙනවට. එහෙම උනොත්‌ එයාලගෙ පුද්ගලික රෝහල්‌ වල කරන සැත්කමි බෙහෙත්‌ විකිනීමි ආදිය බහුතරයක්‌ අඩු වෙනව. ඒ නිසා ඕවගෙන්‌ ප්‍රයෝජනයක්‌ ගන්නෙ නැතුව අත ඇරල දානව. දේශපලකයො විතරක් නෙවෙයි මෙවැනි නිලධාරීනුත් වග කියන්න ඕනි. ඒ වගේම තව දෙයක් තම රෝහල් වල ගෙනියන වෛද්‍ය ඒකාධිකාරිය. රෝහලක අධ්‍යක්ෂ තන්තුරු ලැබීමට තිබෙන සුදුසුකම තමයි මූලික උපාධියක් තිබීම. ඒක තමා බහුතර වෛද්‍යවරු සහ GMOA ඒක හෙදියන්ට සහ සම සෞඛ්‍ය පිරිස් වලට දැනට ලබා දෙන ඩිප්ලොමාව උපාධියක් දක්වා ඉහල දමනවාට විරුද්ධ. එහෙම උනොත් ජ්‍යේෂ්ඨත්වය අනූව හෙද සහ සමසෞඛ්‍ය පිරිස් වලට උනත් රෝහල් අධ්‍යක්ෂ තනතුරු වලට එන්න පුලුවන්. එහෙම උනොත් මෙයාල මෙහෙම ගෙනියන දෙබිඩි පිලිවෙත් නැති වෙනව.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වැඩ වර්ජන නැතුව සෞඛ්‍ය සේවය හදමු
2025 පෙබරවාරි මස 06 305 2

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජ


දුම්රිය හයක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් 10 දා සිට ඉවතට
2025 පෙබරවාරි මස 06 482 0

ලබන මාර්තු 10 දා සිට කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව හා කොටුව _ තලෙයිමන්නාරම, තලෙයිමන්නාරම කොටුව අතර ධාවනය කෙරෙන දුම්රියවල තුන් වන පන්තියේ ආසන වෙන්කිරී


වී මිල නියම කිරීමෙන් ගොවියා තවත් අසරණ වෙලා
2025 පෙබරවාරි මස 06 959 4

රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපු


පොලිසියට ’’චන්ඩි පාට්’’ දැමූ කතුන් තිදෙනා අත් අඩංගුවට
2025 පෙබරවාරි මස 06 922 0

අලවතුගොඩ ,රතුකොහොදීගල දීගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට යාමේදී සැකකර


ආනයනික ලුණු අද සිට වෙළෙඳ පොළේ
2025 පෙබරවාරි මස 06 235 0

ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු අද (6) සිට වෙළෙඳ පොළේ අළෙවි කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම සදහන් කරයි.


විශේෂඥ වෙදැදුරන්ට අයවැයෙන් සහනයක්
2025 පෙබරවාරි මස 06 1817 0

සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ දෙදහසක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6)


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 94 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 789 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 749 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site