IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය නව පරිවර්තනයකට

(අංජුල මහික වීරරත්න)

විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ස්කොට්ලන්ත වැවිලිකරුවකු වන ජෝසප් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සදාකාලික සිහිවටනයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්පති පී. සත්කුමාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

 



අදහස් (8)

සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය නව පරිවර්තනයකට

Lalla Saturday, 09 September 2023 09:52 PM

විදේශිකයන්ට සෞඛ්‍ය සේවා සපයන්න කලින් සනීපාරක්ෂක සේවා සපයන්න ක්‍රමය ක්‍රියාත්මක කිරීම වැදගත්.. කිසිම නගරයක හදිසියකට පාවිච්චි කරන්න පුළුවන් වැසිකිළියක් නෑ. ඕනෑම නගරයක බලන්න. අපේ මිනිස්සු හදන ඒවා පවත්වාගෙන යාම නොදන්නාකම ලොකුම අර්බුදය...

:       0       0

විජිත් Saturday, 09 September 2023 10:04 PM

හපුයියාගේ කතාව නම් හැමදාම හැමතැනම "දෝලාවෙන්" හැබැයි ගමන හැමදාමත් පයින්...!!! මේ රටේ සෞඛ්‍ය අංශය අඩියටම වැටිලා... රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නැහැ.., දොස්තරලා නැහැ... නමුත් මේ හපුයියාගේ කතාව "මෙඩිකල් ටුවරිසම්" ගැනයි. විදේශික රෝගීන්ව මේ රටට ගෙනැල්ලා ඒ ගොල්ලන්ට ප්‍රතිකාර කරන්න. ලෙඩ බලන්න විශේෂඥ දොස්තරලා ඉන්නවද? ඔවුන්ට දෙන්න බෙහෙත්? අපරික්ෂාවෙන් ලෙඩා මළොත්? ඒවාට අවශ්‍ය වන්දි ගෙවන්න සල්ලි තියෙනවද? රුපියල් නොවෙයි ඩොලර්, යුරෝ?

:       0       0

Rata Perata Saturday, 09 September 2023 10:45 PM

මේ මිනිහගේ කයිවාරු අහලා එපාවෙලා...

:       0       0

Akila Saturday, 09 September 2023 11:27 PM

එහෙම කරන්න නම් ලෙඩක් බෙහෙතක් ගන්න රෝහලක යන්න බයවෙන තරමට ලංකාවේ සෞඛ්‍ය සේවය බිංදුවටම දාපු ඔහෙලා රාජපක්ෂලා වගේ අයව මුලින්ම ඔය ඔලු පුටුවලින් එලවලා ඉන්න ඕනේ...

:       0       0

සල්ලි Sunday, 10 September 2023 09:44 AM

අඩේ ඊට කලින් මේ රට යන දොස්තර ලා නතර කර ගන්න බලාන්. ලෙඩක් හැදෙන්නම ඕන ඕකේ අමාරුව තේරෙන්න. මහ එවුන් නම් ඉවසන් ඉදී ඒත් පොඩි උන් ලෙඩ උනාම දොස්තරලා නැති උනාම මොකද කරන්නේ.

:       0       0

ජනක ඉන්ද්‍රජිත් Sunday, 10 September 2023 09:48 AM

Medical Tourism නව මාතෘකාවක්. මේකෙදි වෙන්නේ විදේශිකයින් තම ලෙඩ රෝග සදහා මේ ලෝකේ තිබෙන ඉහලම ප්‍රථිකාර හා සත්කාර ලබා ගැන්මට ලංකාවට පැමිණීමෙන් ලංකාවේ දුප්පත්කම තුරන් කර ගැන්මට ඩොලර් උපයා දීමයි. මෙසේ ඉහල පෙලේ අංග සම්පූර්ණ වෛද්‍ය ප්‍රථිකාර විදේශිකයින් ට ලබා දෙන්නේ දියුණු රටවලට සාපෙක්ෂව දැනට මිහිපිට අපායන් සේ අටවා ගෙන පවත්වා ගෙන යන ලාංකික රජයේ ලොකු කුඩා රෝහල් වලමද නැතිනම් ඔය කියන , දැක්ක ෆේෂර් වගේ තැන් වලදිද? ඔය සිහින මවන උදවිය හොදින් මතක තබා ගත යුතු කරැණු කීපයක් වේ. සෞඛ්‍ය මානව සම්පත් , සෞඛ්‍ය මානව ගුණ දර්ම අවංක සෞඛ්‍ය සේවය ඉතා ම පහල මට්ටමේ ඇති රටක් ලෙස ලංකාව මෙහි ඇතුලාන්තය තුල හදුනාගත හැක. ඉවක් බවක් නැතිව අටවා ගනිමින් කරගෙන යන ලාංකික රෝහල් පද්ධති අන්තර් ජාතික ප්‍රමිතීන් කිසිදාක අනුගමනය කර නැත. මේ නිසා ලාංකික රෝහල් තුල අභ්‍යන්ගතරය ගව ගාල් , බස් නැවතුම් දුම්රියපොල වල් වැනිය. මෙවැන් ඉන්ඩස්ට්‍රියක් විදේශ විනමයක් සොයා ගැන්මට යොදවා ගැන්මට යෑම තවත් පරම්පරා දහයකට පමණ කල් දමා ගැන්ම අත්දැකීමයි.

:       0       0

Peduru Sunday, 10 September 2023 11:29 AM

අප රටේ පැවතුන ක්‍රමය වූයේ මෙරට MD විභාගය සමත් වූ පසු විශේෂක්ඤ දොස්තර කෙනෙකු ලෙස පිලි ගැනීමට පිලිගත් විදේශ රටක අවම වශයෙන් පුහුණුව ලැබීය යුතූ වීමය. නමුත් GMO එක දේශපාලනීකරණය වීමෙන් පසු එම ක්‍රමය අහෝසිකර ගන්නා ලදී. ඉන්පසුව විදේශ පුහුණුව නොලත් විශේෂක්ඤ දොස්තරලා බිහිවිය. ඔවුන්ගේ දැණුම ලීවේ ඉන්න ගෙම්බන් වැනිය. ඔවුන් ඉගන ගන්නේ අන්තර්ජාලය මගින් හා අසරන ලෙඩ්ඩු කපා කොටාය. එනිසා පලමුව කල යුත්තේ පැරණි ක්‍රමය අනුගමනය කර හෑකි තරම් දොස්තරලාට විදේශීය රටවල රාජකීය ආරෝග්‍ය ශාලාවල පුහුණුව ලබාදීමය.

:       0       0

Bamunuarachchi Sunday, 10 September 2023 07:38 PM

මේ හාදයා අනුරට දෙවෙනි නැහැ විහිළු සැපයීමෙන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 395 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 867 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 128 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 591 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6825 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2256 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site