IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සංගක්කාර අයි.සී.සී. වාර්ෂික සම්මාන 4 ක් ආසන්නයට එයි

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) සම්මාන ස`දහා අවසන්  නිර්දේශිත නම් අතරේ සම්මාන හතරක් සදහා ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඇතුළත්ව සිටියි. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් සම්මානයකට බැගින් ඇතුළත්ව සිටිති. සංගක්කාර වසරේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයාට හිමිවන ‘මහජන සම්මානයට’, වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා, වසරේ එක්දින ක‍්‍රීඩකයා සහ වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයා යන සම්මානවල අවසන් ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. අජන්ත මෙන්ඩිස් සහ තිලකරත්න ඩිල්ෂාන් වසරේ විස්සයි-20 ක‍්‍රීඩක සම්මානය සඳහා ද,  දිනේෂ් චන්දිමාල් වසරේ නැගී එන ක‍්‍රීඩක සම්මානයට ද, ලසිත් මාලිංග වසරේ එක්දින ක‍්‍රීඩක සම්මානයට ද නිර්දේශ වී සිටිති. මෙවර අයි. සී. සී. ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රිය විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව සැප්තැම්බර් මස 15 වැනිදා කොළඹදී පැවැත්වේ.



අදහස් (0)

සංගක්කාර අයි.සී.සී. වාර්ෂික සම්මාන 4 ක් ආසන්නයට එයි

සිසිර කුමාර Thursday, 30 August 2012 04:06 PM

වරුණ කොහෙද අජන්ත කියලා ක්‍රීඩකයෙක් හිටියද? දන්නෙ නැති නිසයි ඇහුවෙ..!!(නු)

:       0       0

සිසිර කුමාර Thursday, 30 August 2012 04:07 PM

ජයවේවා අපේ කොල්ලන්ට..!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 31 August 2012 01:31 PM

සංගා, ඔබ අපට පමණක් නොව ක්‍රිකට් ලොවටම ආඩම්බරයකි. (නි)

:       0       0

රන්මල් Thursday, 30 August 2012 04:31 PM

අජන්ත කියලා ක්‍රීඩකයෙක් හිටියා.. නමුත් නායකයෙක් හිටිය නැහැ.. (නු)

:       0       0

නීල් Thursday, 30 August 2012 05:20 PM

කපුගෙදර කොහේද? (නි)

:       0       0

සුරංජිත් Thursday, 30 August 2012 05:40 PM

අපේ සියලු දෙනාටම ජය වේවා.!(නු)

:       0       0

දිනේෂ් Thursday, 30 August 2012 05:55 PM

ඔබ ලාංකීය ක්‍රිකට් වල නියම වීරයෙකි. (නි)

:       0       0

තුෂාර Friday, 31 August 2012 07:12 AM

සංගා, ඔබ රටටත්, ජාතියටත් ආඩම්බරයක්. තවත් දිගු කලක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබේවා! (නි)

:       0       0

අමාලි Thursday, 30 August 2012 06:22 PM

සංගා ඇතුලු සියල්ලන්ටම ජය වේවා! (නි)

:       0       0

ශානිකා Thursday, 30 August 2012 06:32 PM

කපු ගෙදර. (නි)

:       0       0

සනත් Thursday, 30 August 2012 06:33 PM

කපුගෙදර කොහෙද? (නි)

:       0       0

අශාන් Thursday, 30 August 2012 02:07 PM

සංගා, ඔබ අපිට ආඩම්බරයක්. සුභ පැතුම්! (නි)

:       0       0

සමන් Friday, 31 August 2012 08:51 PM

සම්මාන හතරම සංගාට ලැබෙන්න ඕනේ (අ)

:       0       0

වරුණ Thursday, 30 August 2012 02:43 PM

ජයවේවා සංගක්කාර!! අජන්තට පස්සේ බිහිවූ ආත්මාර්ථයෙන් යුතු නායකයා ඔබයි..!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Thursday, 30 August 2012 02:50 PM

බලමු අපේ කී දෙනෙකුට වාසනාව ඇතිද කියලා..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1515 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 170 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 117 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 66 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 53 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site