අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයේ සිටි හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර දෙවැනි ස්ථානයට වැටී තිබේ. ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක් මේ වන විට පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි. දකුණු අප‍්‍රිකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 259 ක් රැුස්කරමින් සිවුවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. දෙවැනි තරගයට පෙර ප‍්‍රසාද ලකුණු 857 ක් ලබා සිටි ක්ලාක් මේ වන විට ප‍්‍රසාද ලකුණු 890 ක් හිමිකරගෙන සිටියි. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ද ප‍්‍රසාද ලකුණු 880 ක් ලබා පළමු ස්ථානයේ සිටි සංගක්කාර මේ වන විට දෙවැනි ස්ථානයට තල්ලූ වී තිබේ. සංගක්කාර සහ ක්ලාක් අතර මේ වන විට ප‍්‍රසාද ලකුණු 10 ක පරතයක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංගක්කාර දෙවැනි තැනට වැටෙයි
තත්සරණි Saturday, 01 December 2012 06:15 PM
සංගා, ඔයා ආයෙත් 1ට එනවාමයි. (නි)
තුෂාර Thursday, 29 November 2012 08:20 PM
නියමයි සංගා සැලෙන්න එපා (දී)
තාරුකා Thursday, 29 November 2012 08:23 PM
අපි ඔබට ආදරෙයි සංගා (දී)
තත්සරණී Friday, 30 November 2012 10:31 AM
කමක් නෑ සංගා ඔයා අපේ හිත්වල අංක 1 තමයි (ස)
චන්ද්‍රසිරි Wednesday, 28 November 2012 12:07 AM
සංගක්කාරට ඉක්මනට පළමු තැන ආයෙ ලැබෙයි..!(නු)
යොහාන් Wednesday, 28 November 2012 07:34 AM
අයියෝ සල්ලි
නුවන් Wednesday, 28 November 2012 08:34 PM
අයියෝ! අර පිටි ජාතිය බීලාවත් හරිගියේ නැද්ද? (නි)
කමල් Wednesday, 28 November 2012 02:21 PM
සංගා , පළමුවෙන් හිටියත් දෙවනුව හිටියත් අපි ඔබ සමගයි (ස)
අමිල කටුනායක Wednesday, 28 November 2012 08:04 AM
කිරි බිව්වට හරියන්නේ නෑ , වැඩ පෙන්වන්න ඕනි. 1 වෙනි තැන රැකගන්න අමාරුයි (ස)
අජිත් Wednesday, 28 November 2012 08:05 AM
සංගා ,ඔයා කොහොමත් ලංකාවේ 1ට නේ ඉන්නේ , අපිට ඒ ඇති (ස)
වරුණ Wednesday, 28 November 2012 07:59 AM
හැමදාම 1 වෙනි තැන ඉන්න බෑ වගේම හැමදාම ලකුණු 100 ගහන්නත් බෑ (ස)
සුනිල් Wednesday, 28 November 2012 08:50 AM
ගණන් ගන්න එපා සංගා. ජීවිතය ඔහොම තමයි. (නි)
ජයමහ Wednesday, 28 November 2012 08:53 AM
සංගක්කාර ප්‍රථම ස්ථානයේ සිටීම රටට ගෞරවයක් තමයි. ඒ වුනාට පෞද්ගලික ජයග්‍රහණ පමණක් තමයි මේ ක්‍රීඩකයෝ යටතේ රටට ලැබිලා තියෙන්නේ... සංගක්කාර නැවතත් ප්‍රථම ස්ථානයට එයි... මට නම් හිතෙන්නෙ ඒ පෞද්ගලික ජයක් නිසා තියෙන උනන්දුව නිසා කියලයි... මීට වඩා හොදයි අර පැරදුනු ලෝක කුසලාන 4න් 1ක් වත් දිනුවනම්...!(ස)
මානවී Thursday, 29 November 2012 12:30 AM
සල්ලි වලට කිරි බිව්වට 1 වෙන්නේ නෑ (ස)
මානවී Thursday, 29 November 2012 12:30 AM
එහෙම තමයි. ලේසියෙන් එක ගන්න බැහැ. (නි)
ප්‍රසන්න Wednesday, 28 November 2012 03:42 PM
සංගා නිහතමානී කොල්ලෙක් විදියට ලෝකේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ හැමදාම පළවෙනි ස්ථානයේ ඉන්නවා (ස)