IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සුගතදාස පිටියේ අලුතින් ඇතිරූ ධාවන පථයේ ප‍්‍රමිතිය සොයන්න කමිටුවක්

සුගතදාස කී‍්‍රඩාංගණයේ අළුතින් ඉදිවූ කෘති‍්‍රම ධාවන පථයේ ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ. ඉදිරි සති තුනක කාලයක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වාර්තාවක් බාර දෙන ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා කමිටුවට දැනුම් දී තිබේ.
කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතා පත් කර තිබේ. ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරු ඩර්වින් පෙරේරා, මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපතිනි සුසන්තිකා ජයසිංහ හා කී‍්‍රඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
සුගතදාස කී‍්‍රඩාංගණයේ අළුතින් ඇතිරූ කෘති‍්‍රම ධාවන පථයේ ධාවන කඩතොළු වීම් කීපයක් පිළිබඳව මේ වන විට වාර්තාවී තිබෙන බැවින් කී‍්‍රඩා අමාත්‍යාංශය එහි වත්මන් තත්ත්වය පිළිබඳව මෙසේ පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අතර එම ඉදි කිරීම් බාරව කටයුතු කළ දේශීය නියෝජිත ආයතනයට එහි ඉතිරි ගෙවීම් ලබා දීම සුගතදාස කී‍්‍රඩා සංකීර්ණ අධිකාරිය විසින් අත්හිටුවා ඇතැයි ද වාර්තා වේ.
නව ධාවන පථයේ ඉදි කිරීම් සඳහා ඉදිරිපත්වූ අඩුම ලංසුව වන රුපියල් මිලියන 113ක වියදමින් එය අළුතින් ඇතිරූ අතරම ඒ වෙනුවෙන් තවත් රුපියල් මිලියන 30ක ගෙවීම් දේශීය නියෝජිත ආයතනයට ලබා දිය යුතුව ඇත.  
අළුතින් ඇතිරූ සුගතදාස කෘති‍්‍රම ධාවන පථයේ මුල් වරට පසුගිය ජුනි 9 සිට 12 වැනිදා දක්වා 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය පැවැත්වුණි.
 ඉන් මාස කීපයකට පසු සුගතදාස කී‍්‍රඩාංගණය අළුත්වැඩියා  කටයුතු සඳහා නැවත වසා දැමූ අතර කී‍්‍රඩා අමාත්‍යාංශය පැවසුවේ එසේ වසා දැමුවේ ධාවන පථයේ අළුත්වැඩියාවකට නොව පිටියේ අළුත්වැඩියා කටයුතු සඳහා බවය.
කෙසේ වුවත් පිටියේ ඉසව් පැවැත්වෙන ස්ථානය ඇතුළු ධාවන පථයේ ස්ථාන කීපයක කඩතොළු වීම් සිදුව තිබූ බව පසුගිය කාලයේ දී වාර්තා විය. ඒවා  අළුත්වැඩියා කිරීමට දේශීය නියෝජිත ආයතනය පියවර ගත් අතර ධාවන පථයේ එම නැවත අළුත්වැඩියා කළ ස්ථානවල වර්ණයේ වෙනසක් සිදුවී තිබෙන බවත් වාර්තා විය.
කෘති‍්‍රම ධාවන පථය විවෘත කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවක දී සුගතදාස කී‍්‍රඩා සංකීර්ණයේ අධිකාරියේ සභාපති බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරසේකර මහතා පැවසුවේ අවම වියදමෙන් ප‍්‍රමිතියක් ඉහළම ධාවන පථයක් සකස් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය ගත් පියවර අති සාර්ථකව අවසන් කළ බවය.



අදහස් (0)

සුගතදාස පිටියේ අලුතින් ඇතිරූ ධාවන පථයේ ප‍්‍රමිතිය සොයන්න කමිටුවක්

රුචිරා Tuesday, 08 January 2013 10:19 AM

මේ ඉන්නේ අර මලයාසියාවෙදි අතුරුදහන් වුණ සුසන්තිකා....... මොකෝ ඒකට වුණේ ???????? (ස)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 10:10 AM

දැන්ද ප්‍රමිතිය හොයන්නේ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 158 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 195 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 312 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 119 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1129 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2540 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site