IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සංගීතය මං ව්‍යාපාරයක් කරගන්නෙ නැහැ

2016-11-07-ent-100

වෘත්තීමය වශයෙන් වෙනත් රැකියාවක් කරන අතර, විනෝදාංශයක් ලෙස ගීත පදරචනය කරනු ලබයි. ඩිලාන් ගෞතමදාස මේ වනවිට බොහෝ දෙනා හඳුනන ගීත රචකයෙකු වී හමාරය. මේ ඔහු සමග සාරවිට එකතු මොහොතකි.

 

ඔබගේ නම සඳහන් කළොත්?

2016-11-07-ent-101ඩිලාන් ගෞතමදාස ෆීල්ඩ් එකේ ගෞතම් කියලා.

 

ෆීල්ඩ් එකේ මොනවද කරන්නේ?

ගීත පදරචනය කරන එකයි. සංගීතය ගැන දැනුමක් නැහැ. ඉදිරියට මියුසික් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

 

ඒ කියන්නේ ජොබ් එකත් මේකද?

නැහැ. මේක මගේ විනෝදාංශය විදිහටයි කරන්නේ. මට ඕනේ, තියෙන සංගීත කලාව වෙනස් විදිහකට දකින්න. මගේ ජොබ් එක මේක නෙවෙයි. මේක මගේ විනෝදාංශය විතරයි. සංගීතය මං ව්‍යාපාරයක් කරගන්නෙ නැහැ. සංගීතය හැමදාම පවතින දෙයක් කරන්න ඕනේ. ඒකයි මගේ උත්සාහය. ආසාවෙන් ලියන හැකියාව නිසා මෙතෙක් හරි දුර ආවා.

 

මෙතෙක් කරලා තියෙන ගීත ගැන කිව්වොත්?

මගේ මුල්ම ගීතය තමයි, ඒ කිව්වේ මං මුලින්ම පදරචනය මුල්ම ගීතය තමයි ‘හිමිවෙන්නෙ නැති තරම් ඔයා’ ගීතය. මේක ගායනා කරන්නේ සහරා ෆ්ලෑෂ් බෑන්ඩ් එකේ ෆැන්ට අයියා. මේක මියුසික් කළේ චමත් සංගීත්. මේ තමා මුල්ම එක. පසුව මේ සිංදුව එළිදක්වන්න ගොඩක් කල් ගියා. මොකද මට මේ ෆීල්ඩ් එකේ ගොඩක් අය උදවු කළා. නමුත් මුල් කාලෙදී මාව දන්නේ නැති නිසා පොඩ්ඩක් අසීරු වුණා. මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණ නිසා හිතට තව ලොකු හයියක් ආවා. හිතුවෙ නැහැ ඩිලාන් ගෞතමදාස මෙච්චර වැඩක් කරන්න පුළුවන් කියලා. පසුව මගේ දෙවැනි ගීතය ආවා. ඒක ආදර ගීතයක් ‘චාටු දාපූ ආදරී’ මේක ගායනා කරන්නේ සනිදප සංගීත කණ්ඩායමේ AJ. පසුගියදා මගේ තෙවැනි ගීතය එළිදැක්වුණා. ‘හුරු පුරුදු කල්පනා’ කියලා ගීතයයි. ඉදිරියට තව ගීත රැසක් එළිදක්වන්න තියෙනවා. ඒ අතර ලබන අවුරුද්දෙ ජනවාරිවල ප්‍රසිද්ධ ගායකයෙක්ගේ ගීතයක් එළිදැක්වෙන්න තියෙනවා.

 

කොහොමද ඒ ගීතවලට තියෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර ඔක්කොම හොඳයි. පොඩි කාලයක් ඇතුළත මේ වගේ දුරක් ආපු එක ගැන මට ගොඩක් සතුටුයි. මේ ඔක්කෝම මේ සිංදු අහන යාළුවෝ ඇතුළු මුලු ඔක්කෝම නිසා. එයාලා නැත්නම් අපි අද මේ තැන නැහැ.

 

ඉදිරි බලාපොරොත්තු?

ඉදිරියට මගේම ගීතයක් මං විසින්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මගේ ඉගෙනීමේ කටයුතුත් තියෙනවා. විනෝදාංශයක් විදිහට මං දිගටම මේ කාර්යය සිදුකරනවා. පදරචනය කියන්නෙ මගේ ජීවිතේ. ඒක අත අරින්නේ නැහැ. දිගටම කරනවා ඒත් රැකියාවක් විදිහට නෙමෙයි.

 

උදවු කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

අනිවාර්යෙන්ම ඔව්. මට මුලින්ම මේ සඳහා අත දුන්නෙ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නට ගොඩක් පින්. මොකද මගේ හැකියාව හඳුනගන්න උදවු කළා. ඒ වගේම මං මතක් කරන්න ගොඩක් අය ඉන්නවා. කෙටියෙන් කිව්වොත්, සියලුම මාධ්‍ය ආයතනවල මගේ යාළුවන් ඇතුළු මට උදවු කරපු සියලු දෙනාවම මං මතක් කරනවා. ගොඩක් අය අත දුන්නා එළියට එන්න.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 



අදහස් (0)

සංගීතය මං ව්‍යාපාරයක් කරගන්නෙ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 34 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 215 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 520 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 372 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 320 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1402 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site