IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.

ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.

ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.

අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.

1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත. 1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.

ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.

සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැඉිනට් මණ්ඩලය පත් කෙරේ.

(බීබීසී)



අදහස් (3)

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි

වික්‍රම විදුර Tuesday, 15 April 2025 06:02 PM

අන්න අපේ ලොක්කන්ට පොඩි කේවල් පාරක් දාලා අරජුන් මහේන්ද්‍රන්ව ඉල්ලා ගන්න ලොකුම චාන්ස් ඒකක්... වැඩ්ඩෝ නම් චාන්ස් එක ගනියි..

:       0       2

ආච්චිගේ හාල් Tuesday, 15 April 2025 07:55 PM

සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්න අපිට බලය දෙන්න සිංගප්පූරු බයි පෙරමුණ...

:       0       8

Dil Perera Tuesday, 15 April 2025 09:24 PM

NPP එකට මෙන්න හොඳ අවස්ථාවක්. සිංගප්පූරුවට ගිහින් දුර්වලම දේශපාලන කණ්ඩායමට බොරු කියලා මැතිවරණ දිනන හැටි කියලා දෙන්න. ඔවුන් ඔබට ඇහුම්කන් දුන්නොත්, ඔබේ උපදේශක සේවා හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ අවශ්‍යතාවයන් සඳහා වසර 25 ක් සඳහා වටිනා විදේශ විනිමය උපයා ගැනීමට ඔබට හැකිවේවි... ලැබෙන ආදායම ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට භාවිතා කරන්න. එය ජයග්‍රාහී තත්වයක්. ඔවුන් ජයග්‍රාහකයින් - ඔබ ජයග්‍රාහකයින්.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 214 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 168 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 335 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 139 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site