IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සීගිරිගල පේන්න ගස් කැපුවාට ලක්ෂයක් දඩ

සීගිරිගල පෙනෙන සේ අභය භූමියේ වැව් රක්ෂිතයේ ගස් කොළන් ඩෝසර් කළ  ව්‍යාපාරිකයකුට හා සේවකයන් දෙදෙනකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යසිරි රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක  දඩ නියම කළේය.

ඒ ඒ චමින්ද රෝෂාන් අමරසිංහට හා වයි ඒ ප්‍රසන්න මංජුල වික්‍රමසිංහට රුපියල් පනස්දහස බැගින්ද  ජී බී සේනක කුමාරසිරිට රුපියල් පහළොස් දහස් තුන්සියක්ද දඩ නියම විය.

තම හෝටලයට සීගිරි ගල  පෙනෙන පරිදි  මොවුන් රක්ෂිතයේ ගස් කොළන් කපා ඇතැයි පොලීසිය අධීකරණයට දැන්වීය.



අදහස් (0)

සීගිරිගල පේන්න ගස් කැපුවාට ලක්ෂයක් දඩ

එස්.එල්.ජේ.ප්‍රනාන්දු Monday, 11 November 2013 10:44 AM

මේ වගේ පුද්ගලයින්ට දඩ නියම කරලා මදි . එම ප්‍රාථමික විශේෂ නැවත හැදෙන්නේ නැහැනේ. එම නිසා පැවති විශේෂ ප්‍රතිරෝපනයට බල කරමින් නීති පනවන්න ඕනේ. (ස)

:       0       0

අස්මිත් Monday, 11 November 2013 10:46 AM

අක්කරයක් කපල ලක්ෂයයි!! ඔය ගාන ගස් දෙකකින් හොයා ගනියි.මේ චුදිතයන්ට ඔය වගේ සුළු සුළු දඩුවම් දීම නිසා තමයි ලංකාවේ අපරාධ වැඩිවෙලා, වැහි වැහිලා තියෙන්නේ.මෙයාල වගේ අයට දැඩි දඩුවම් දීමෙන් පරිසරයත් ආරක්ෂා කරගත හැකියි. (ස)

:       0       0

සුමනා මනන්දුව Monday, 11 November 2013 10:55 AM

ව්‍යාපාරිකයෙකුට ඔය දඩුවම හරියට "කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගසා ගෙන ගියා වගේයි" (ස)

:       0       0

සරණ Monday, 11 November 2013 10:59 AM

ලංකාවේ අද කොයි තරම් පරිසර විනාශයක් සිද්ධ වෙනවද? ආණ්ඩුවේ මේ ගැන තියයෙ අවධානය සහ මහජනතාවගේ මේ ගැන තියෙන අවබෝධය ප්‍රමාණවත් මදි. කාන්තාර රටවල් සල්ලි වියදම් කරල ගස් කොළන් වවන කොට, සිංගප්පූරුව වගේ රටවල ඉඩ තියෙන හැම අඟලක්ම වවන අතරේ ස්වභාවයෙන්ම පුදුමාකාර ජෛව විව්ධත්වයක් තියෙන ලංකාවේ අපි ඒවා විනාස වෙන්න ඉඩ අරිනවා. තව කාලයක් යනකොට ලංකාව කාන්තාරයක් වේවි. (ස)

:       0       0

කුමාරසිරි Monday, 11 November 2013 11:26 AM

සිගිරි ගල බලන්න ගස් ටික කපුවා නම්, පිදුරුතලා ගල බලන්න මිනිත් මරයි. (ස)

:       0       0

ශාන්ත Monday, 11 November 2013 11:35 AM

කසුප් රජ්ජුරුවෝ හිටියා නම් මේකව එල්ලලා මරනවා ඒකාන්තයි.දඩුවම සැර මදි (නි)

:       0       0

තාරුක Monday, 11 November 2013 07:13 PM

ගස් ගෙනියන්න අවසර දුන්නේ කවුද? විකුණපු සල්ලි ආපහු ගන්න ඕනෑ උසාවියෙන් නේද? අපිටත් බැරිද ඔහොම ගිහින් ගස් කපාගෙන ලක්ෂයක් දඩ ගෙවලා හරි ලාබනේ. උතුර වේගෙන් දියුණු වෙයි, හොර නැතුව. ඒත් ආණ්ඩුව සැණකෙළි වල. හැමතැනම ඕනෑ විදියට වැඩ කෙරෙනවා. ආණ්ඩුකාරවරු මෙහෙට නැද්ද? ඇමතිතුමා කවුද? පොලිසියට පුළුවන් නේද උසාවියට ආපහු යන්න? කවුරුත් නැද්ද සාධාරණ දඬුවම් දෙන්න? මේක නරක ආදර්ශයක්. (නි)

:       0       0

සැමුවෙල් Tuesday, 12 November 2013 08:21 AM

කැපු අය හට ලක්ෂයක් දඩ ගසති. මෙහෙයවූ අය දශ ලක්ෂයක් උපයා ගනිති.මොකටද ඉතින් අපි කාටද බය අසති. (නි)

:       0       0

යසවතී Monday, 11 November 2013 12:44 PM

කපපු ගස් ටික විකුණලා, ඔය දඩය ගෙවලා, තවත් මුදල් ඉතුරු කරාලු. (ස)

:       0       0

උපාලි Monday, 11 November 2013 12:56 PM

මේ සිද්ධිය එසැනෙහි මුලින්ම පල වුන වෙලාවේ බොහොම දෙනෙක් අදහස් දාල තිබුන ඒ ව්‍යාපාරිකයාට ප්‍රසංශා කරලා ගමේ අයට වැවක් හදල දෙන්න යනවා කියලා. අද ඒ කවුරුත් නිශ්ශබ්දයි. මීයක් කඩන්නේ අත ලෙවකන්න ලු. මෙතැනදී නම් මීයක් කඩලා තියෙන්නේ ලෙවකන්න නෙමෙයි. මී වදයත් එක්කම ගිලින්නයි. හැබැයි සුමනා කියනවා වගේ දඬුවම නම් කැළණි පාලම යටින් යන පොල් ලෙල්ලක්ම තමයි. (ස)

:       0       0

චන්දි Tuesday, 12 November 2013 09:10 AM

ගොඩක් වටිනා අදහස් ටික, නමුත් මෙවැනි දේ ඉදිරියේදීත් සිදු වේවි. මොකද දඩුවම සුළු එකක් නේ (සුමන කියනවා වගේ පොල් ලෙල්ලක් ගියා වගේ තමයි) (ස)

:       0       0

රනා Monday, 11 November 2013 01:34 PM

මොලේ කල්පනා කරලා වැඩ කරනවා නම් මෙන්න වැඩ. මේ ගමන්ම ලක්ෂ 10ක් විතර දඩ ඇඩ්වාන්ස් කරලා ගෙව්වා නම්, ඉතුරු වෙලා තියන තව අක්කර 10ක් විතර කපා ගන්න තිබුනනේ. පොල් ලෙල්ල පාලමෙන් අහනවලු, ඔයාට රිදුනද කියලා. (ස)

:       0       0

රත්නසිරි Monday, 11 November 2013 01:41 PM

මේ අයට සොබා දහමින් හෝ නියම දඬුවමක් ලැබිය යුතුයි. සුලු දඬ මුදලකට පරිසර දූෂකයෝ නිවරදි කළ හැකිද ? . මේ රටේ නීති ගරුක අනාගත පරපුරක් සඳහා වරදට දඬුවම දැඩි කළ යුතුයි. (ස)

:       0       0

ආනන්ද Monday, 11 November 2013 02:38 PM

හොඳ වැඩේ. (ස)

:       0       0

චානක Monday, 11 November 2013 02:43 PM

දැන් මිනිහට සිගිරිය නෙවෙයි තරු පේනවා ඇති නේද ? (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 11 November 2013 03:53 PM

මෙම දඬුවම නම් ඉතාමත් සුළු දෙයක්. දඬුවම් කරන්නේ ආයිත් නොකරන්න පාඩමක් විදිහට. පරිසරයට වෙච්ච අලාබයට හරි යන්න ඔය වගේ දස ගුණයක් දඩ ගහන්න ඕන. (ස)

:       0       0

වර්ණ Monday, 11 November 2013 05:00 PM

වැඩේ හැටියට දඩය මදි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 4 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 269 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 314 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 263 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 446 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 427 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site