IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


සීගිරියේ ඉඩම් විකුණූ ඔප්පු අවලංගු කිරීමට උපදෙස්

(මහේෂ් කිර්තිරත්න)

දඹුල්ල, සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙසත්, මේ වන විට ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ මහතා අද (05) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ සහ පාර්ලිමෙන්තු මන්ත්‍රි ‍නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී මෙම උපදෙස් ආණ්ඩුකාරවරයා විසින් දෙනු ලැබිය.

"වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ මෙය ඉතා බරපතල ක්‍රියාවක්. මේ පිළිබදව ප්‍රාදේශීය ලේකම් ඇතුලු සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි. අඩු ආදායම් ලාභි ජනතාවට ලබා දිමට ඇති ඉඩම් සහ ඔවුන්ගේ ඉඩම් මෙලෙස අයථා අන්දමින් කටයුතු කිරිම බරපතල තත්වයක්. වහාම මේ පිළිබදව සොයා බලා අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කිරිමටත් කටයුතු කළ යුතුයි. මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතුයි." යැයි ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය.


මෙහිදි අදහස් දැක්වු මාතලේ මහ දිසාපති  කරුණාසිරි පෙරේරා මහතා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවත් අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බවත්ය.

මෙහිදී අදහස් දැක්නු ආණ්ඩුකාරවරයා කියා සිටියේ අදාල ග්‍රාම නිලධාරිවරයාගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරිමටද අදාළ ක්‍රිකට් ක්‍රිඩකවරයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

 

"මුලික වශයෙන් අද වන විට වනජිවි දෙපාර්තමෙන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ වගකිම් ඉෂ්ට වෙනවද කියලා අපට විශාල ගැටලුවක් තියනවා. පොඩි මිනිහට නඩු දානාවා. නමුත් මහා පරිමාණයෙන් සිගිරිය දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් බැහැර කිිරිම් සිදු වෙනවා. මේ පිළිබදව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ අවධානය යොමුවෙලා තියනවා. පිටස්තර පුද්ගලයින්ට ඉඩම් ලබා නොදෙන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට පසුගියදා උපදෙස් දුන්නා. මහා පරිමාණයෙන් මේ සිදුවන ඉඩම් මංකොල්ලය වහා නවතා දැමිය යුතුයි. වනය රැක ගැනිම වගේම ඉඩම් ආරක්ෂා කිරිම අපේ වගකිමක්." යැයි එහිදී අදහස් දැක්වු දඹූල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේය.  



අදහස් (19)

සීගිරියේ ඉඩම් විකුණූ ඔප්පු අවලංගු කිරීමට උපදෙස්

de silva Friday, 05 March 2021 02:03 PM

කවුද මේ කියන ක්‍රිකට් ක්‍රීඩකයා? මොහුගේ නම අනිවාර්යයෙන් ප්‍රසිද්ධ කරන්න. එවිට ඉදිරියට අනෙක් පුද්ගලයන් මෙවැනි වැරැදි කරන එකක් නැහැ.

:       1       69

RaveendraFriday, 05 March 2021 02:48 PM

ඇත්තෙන්ම ඔබගේ පැනය ඉතාමත්ම සාධාරණයි. පොදුවේ ගත්කල සියලුම අය සැකකරුවෙකුගේ නම පමණක් නොව වරදකරුවෙකුගේ නමවත් සඳහන් කිරීමට ඇත්තේ පුදුම බයකි. එසේ සඳහන් කරන්නේ නම් මොනයම් හෝ වැරදි සුළුවෙන් හෝ අඩුකරගත හැක යන්න අපගේ අදහසයි. මක්නිසාදයත් කිසිවෙකු බලු වැඩක් කරේනම් ඔහු හෝ ඇය හොඳාකාරව දන්නවා සියලුම විස්තර ඡායාරූප සමග පලවෙන බව.. එයම ඇති මෙවන් වැරදි අඩුවීමට... එසේ නොවේද?

:       0       63

sachithFriday, 05 March 2021 03:08 PM

නම කියන්න බැරි තත්වයක් තියෙන කෙනෙක්. අඩුමගානේ නුවර ප්‍රසිද්ධ පාසලකට ඇතුල් කරපු දේ කිව්වාමත් ඒ ක්‍රීඩකයා කවුද කියලා තේරෙන්න ඕනෑ.

:       2       32

BamunuarachchiSunday, 07 March 2021 04:07 AM

මේ ක්‍රීඩකයා ඉඩම් මිලදී ගත්තා නම් එයාගේ නම අපට අවශ්‍ය වන්නේ නැහැ. විකුණන ඉඩමක් මිලට ගැනීමේ අයිතිය කාටත් තිබෙනවා. අපි ඉඩම සමහර මිනිසුන්ට විකුණන්නේ නැහැ. එ්ක වෙනම කතාවක්. ඉඩම රජයේ ඉඩමක්ද? පුද්ගලික එකක්ද? කියා පළමුව නිරාකරණය කරගත යුතුව ඇත. ඉඩමේ නිරවුල් භාවය සොයා බැලීම ඉඩම මිල ගන්නාගේ වගකීමයි..

:       0       0

සනත් ඉතාලිය Friday, 05 March 2021 03:20 PM

බණ්ඩාගේ, හීන් බණ්ඩාගේ නම් ලියවුණාට ලොකු ලොක්කන්ගේ නම් ලියනකොට මේ අයගේ අත් වෙව්ලනවා. බලන් ඉන්න නම ලියනකල්...

:       1       79

Kothalawala Hathraliyadda Friday, 05 March 2021 04:50 PM

නම නම් ලියන්න පුළුවන් මහත්තයෝ. ඒ අයගේ හත්මුතු පරම්පරාවෙන් ආයේ ඡන්දේ ලැබෙන්නේ නැහැනේ. එහෙම වුණොත් ආයේ ඔතන ඉඳගන්න ලැබේවිද? අපිව ඔතනට දාපු අය අපිව ඉල්ලන්නේ.

:       0       14

Rasika Friday, 05 March 2021 05:00 PM

පව්... ග්‍රාමසේවක. පහත් තැනින් යයි ගලා ජලේ...!!!

:       0       20

Perera Friday, 05 March 2021 07:32 PM

ඕවා වෙන්නේ ඉහළම පෙළේ දේශපාලන බලවතුන්ගේ අනුදැනුම ඇතිව නිසා.. මේවා නිකන් බොරු ඇස්බැන්දුම් නාටක විතරයි.

:       0       0

amila Saturday, 06 March 2021 03:30 AM

සින්නක්කර ඉඩමක් නම් තමුන්ගේ ඉඩම ඒක ඕනෑම කෙනෙකුට... විකුණන්න බලයක් තියෙනවා. ඒක ගන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙවෙයි, කුඩු කාරයෙකුට වුණත් අයිතියක් තියෙනවා..

:       5       14

Sam Saturday, 06 March 2021 04:09 AM

ඉඩම හිමිකරු විකුණන්න කැමති නම් මේකේ තියෙන වරද මොකක්ද? මම දන්නා විදිහට යාපනයෙන් ඇරෙන්න ඕනෑ තැනකින් ඉඩම් මිලට ගන්න පුරවැසියෙකුට බාධාවක් නැහැ...

:       9       12

NuwanSaturday, 06 March 2021 06:40 AM

පුළුවන් නම් මඩකලපුවෙන් ඉඩමක් අරන් පෙන්නන්න.. මම සල්ලි දෙන්නම්..

:       6       14

Rata Perata Saturday, 06 March 2021 07:33 AM

මේ කරන දෙයක් නන්දසේනට හොරෙන් කරන්න. නැතිනම් අර සිංහරාජේ පාර කපන්න උපදෙස් දුන්නා වගේ, ගිහින් සීගිරි ගලත් විකුණන හැටි කියලා දෙයි.

:       32       21

BamunuarachchiSunday, 07 March 2021 04:14 AM

සිංහරාජේ පාර කපන එක නන්දසේනගේ ගෙදරට යන පාරක් නොවෙයි. රටේ ජනතාවගේ ගමන් බිමන් වලට කපන පාරක්. හැබැයි පුතානෝ හරි.. මිස්ටර් ක්ලීන් තමයි හම්බන්තොට රටට හොරෙන් වික්කේ. ජෙප්පෝ දන්නෙත් නැහැලු විකුණන කම්. ඒ නිසා හොරට විකිණීමේ උපදෙස් පුතාණෝ හරි, මිස්ටර් ක්ලීන්ගෙන් හරි ගන්න. නමින් ක්ලීන් වුණාට වැඩ අතින් හොරගුහාවක්නේ...

:       1       0

විපරමා Saturday, 06 March 2021 09:00 AM

මේ කියන ක්‍රිකට් ක්‍රීඩකයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුට සම්බන්ධකම් ඇති කෙනෙක් වෙන්න ඕනෑ. නම නොකීවාට දන්නෝ දනිති...

:       0       14

මෝ Saturday, 06 March 2021 10:55 AM

නන්දසේන ආවා විතරයි නීතිය නැතිව ගියා. රටේම වනාන්තර ඉවරයි. කම්බි වැටවල් ගහලාම අල්ලා ගන්නවා. ඒත් එයාට වගේ වගක් නෑ.

:       43       28

69lakshaya Saturday, 06 March 2021 06:32 PM

ඕවා සුළු ප්‍රශ්නනේ.. එක පිළිසඳරක් තිබ්බාම ප්‍රශ්නේ ඉවරයි.

:       0       0

Sidath Sunday, 07 March 2021 02:50 AM

ඔය කියන්නේ අර කකුළුවන් විකුණන මහා ක්‍රීඩකයා ගැනද?

:       1       0

Gihan Sunday, 07 March 2021 08:44 AM

ඔය ලලිත් ගමගේ කියන මහත්තයා ආණ්ඩුකාර නිල නිවස පුතාගේ යාළුවන් සහ පවුල්වල අයට විනෝද වෙන්න ලබාදෙන ඒවටත් පරික්ෂා කරන්න ඕනෑ. මොකද ඔය කට්ටියට විනෝද වෙන්න දෙන්නේ මිනිස්සුන්ගේ බදු මුදල්... ඊට අමතරව දේශපාලන බලයෙන් තානාපති සේවයට ගිහිල්ලා කරපු මගෝඩිත් හොයන්න ඕනෑ. ජීවිත කාලෙම කළේ අනිත් මිනිස්සුන්ගෙන් ජීවත් වෙච්ච එක...

:       0       0

sampath Sunday, 07 March 2021 05:32 PM

ඔප්පුවක් ලියලානම් ඒක අවලංගු කරන්න දිසා අධිකරණයට නඩු පවරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘
2025 අප්‍රේල් මස 27 65 0

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම


විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 322 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 650 0

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි
2025 අප්‍රේල් මස 27 922 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 220 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 1045 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 908 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 397 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 555 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site