IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සීගිරිය කුරුටු ගෑ කෙල්ලට ජනපති සමාව

පෙබරවාරි 14 වැනිදාට යෙදුණු පෙම්වතුන්ගේ දිනය දා සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ මඩකලපුවේ සින්නතම්බි උදේනි (27) ජනපති සමාව ලැබ අද (30) අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබීය.

කොණ්ඩ කටුවකින් සීගිරි කැටපත් පවුරේ ‘තෑන්ක් උදයා‘ ලෙස කුරුටු ගෑ එම තරුණියට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා දෙවසරක සිර දඩුවම් නියම කළේය.

ජනපති සමාව යටතේ ඇය නිදහස් කරන්නැයි ඇගේ මව ද ඉල්ලීමක් කර තිබිණි.

IMG_6291 IMG_6299 IMG_6300 IMG_6310



අදහස් (35)

සීගිරිය කුරුටු ගෑ කෙල්ලට ජනපති සමාව

සුමුදු හේවා Thursday, 30 April 2015 04:06 PM

මැයට සමාව දීම හෝ නොදීමෙහි හරි වැරැද්ද කුමක් වුවත් නීතිය නොදැනීම වරදක් සඳහා දඬුවම් නොලැබීමට නිදහසට කරුණක් නොවේ. දෙමළ වීම ද වරදකට දඬුවම් නොලබා නිදහස් වීමට හේතුවක් වියයුතු ද නොවේ. (බ)

:       0       0

පහන් Thursday, 30 April 2015 08:41 AM

දැන් ඉතින් උදය හොයාගෙන ගිහින් හිරගෙදර කොහොමද කියල කතා කරගන්න!! (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 30 April 2015 08:50 AM

මේ මෙනවිය කුරුටුගෑවේ එහි වටිනාකම නොදන්නා නිසා, ඉතින් අපිත් යාපනය පැත්තේ ගිහින් මේවගේ වැඩක් කළොත් අපිටත් නිදහස ලැබෙයිද? මොකෝ අපිත් එහෙ තියන දේවල් දන්නේ නෑනේ.(බ)

:       0       0

ජීවා Thursday, 30 April 2015 08:52 AM

නංගී ගිහින් කියලා ගමේ අයත් බය නැතුව ඇවිල්ල ආයේ පවුරේ කුරුටුගායිද දන්නෑ (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 30 April 2015 08:55 AM

ඉස්සර සීගිරියේ තිබුනේ "කුරුටු ගී". මේ කාලයේ එහෙ තියෙන්නේ "කොණ්ඩ කටු ගී". මේවාට කළ යුත්තේ ජනාධිපති සමාව දීම නොවේ. මෙවැනි ස්ථාන ආරක්ෂා කරගැනීමට පියවර ගැනීමයි. (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 04:43 PM

සත්‍යපාල, ඔයා ජාතිවාදයෙන් සහ වර්ගවාදයෙන් පෙළෙන නායකයෝ කියන්නේ මොන වගේ නායකයන්ටද? (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 04:47 PM

මේක ඉතින් අපි වගේ අවශේෂ ජාති ගෝත්‍රයක කෙනෙකුට සම්බන්ධ නඩු තීන්දුවක් නොවෙන නිසා මෙයාට විශේෂයක් කරන්න හිතන්න ඇති. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 04:53 PM

ඒකනේ ලාල් ප්‍රනාන්දු, නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙද්දී රටක ජාතික උරුමයක් කෙළෙසීම සුවිශේෂ ජනවර්ගයක කෙනෙක් කළවිට විශේෂයෙන් සොයා බලා ජනාධිපති සමාව දීම වරදක්ය කියලා හිතන මෙහෙම අරුම පුදුම රටක් ලොවෙත් නැතුව ඇති. (නි)

:       0       0

රිතික් Thursday, 30 April 2015 05:01 PM

සමහර කට්ටිය මෙතන අදහස් දාන්නේ හරියට කලින් ආණ්ඩුව තිබුණු කාලේ දෙමළ වූ පළියටම කාටහරි දඬුවම් කළා වගේනේ. (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 05:14 PM

ප්‍රංශයේ නන්දලාල්ගේ කතාව ඇත්ත. වරදක් කළොත් දඬුවම් ලැබිය යුතු යැයිද නීතිය ඉදිරියේ සැවොම සමාන යැයිද සැළකෙන රටේ දැන හෝ නොදැන මැය කර ඇත්තේ යළි නිවැරදි නොකළ හැකි වරදකි. හානි වී ඇත්තේ අපේ ජාතික උරුමයකි. අඩුම තරමින් මෙවැන්නක් යළි සිදුනොවනු පිණිස ගතයුතු පියවර කරේදැයි සළකා බලනු වෙනුවට මෙතනට ජාතිවාදයක් ඇද ගැනීමත් ගිය ආණ්ඩුවට වගපල කීමට මෙය අවස්ථාවක් කරගැනීමත් කෙතරම් ඥානාන්විතවේදැයි අප සැම මඳක් සිතුවොත් නරකද? (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 30 April 2015 10:59 AM

සංස්කෘතික වටිනාකමක් ඇති මේ ලෝක උරුමය (සිගිරිය)ආරක්ෂා කර ගැනුම ජනතාවගේ අවබෝධයට ලක්විය යුතුය. (නි)

:       0       0

රේණුකා Thursday, 30 April 2015 11:01 AM

මේ එක්තරා අත්හදා බැලීමක් පමණක් වේද? (නි)

:       0       0

කල්යාණි Thursday, 30 April 2015 04:00 AM

තව වසර දාහකින් පමණ තෑන්ක් උදය සීගිරි කුරුටු ගී වලට එකතු කරයිද ? (බ)

:       0       0

බුද්ධි Thursday, 30 April 2015 04:42 AM

අද කාලේ දේශපාලකයොයි ඔවුන්ගේ හෙන්චයියොයි කරන වැඩ සහ ඔවුන් නිදැල්ලේ සිටිනවා දැක්කහම, මේ අහිංසක ළමයට පළවැනි දවසේමයි සමාව දෙන්න තිබ්බේ (බ)

:       0       0

ප්‍රසාද් Thursday, 30 April 2015 04:41 AM

යහ පාලනේ .....!!!! (බ)

:       0       0

සත්‍යපාල Thursday, 30 April 2015 05:00 AM

ඔබ දමිල තරුණියක්,ඔබේ දෙමාපියන් ඥාතීන් සහ හිතමිතුරන් පසුගිය ජනාධිපතිවරණයේදී සමහර විටදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්න ඇති. එහි ප්‍රතිපලයක් වශයෙන් අද මෙලෙස නිදහස ලැබීමට ඔබ වාසනාවන්ත වෙන්න ඇති,නැත්නම් ජාතිවාදයෙන්හා වර්ගවාදෙන් පෙළුණු නායකයන් යටතේ ඔබ වැනි අයට සමාවක් ලැබීම සිහිනයක් පමණක් වන්නට ඉඩ ඇත. (බ)

:       0       0

සුමුදු හේවා Friday, 01 May 2015 04:37 PM

මේ තරුණිය නොදැන කළ වරදක් ගැන කවුරුත් කතා කරනු පෙනුණත් ඇය නොදැන කුමක්දැයි පැහැදිලි නැත. ඇය නොදැන සිටියේ නීතියද නැතහොත් සීගිරි කැටපත් පවුරේ වැදගත්කම ද? කවරක් වුවත් ඇයට සීගිරිය ගැනත් කැටපත් පවුර ගැනත් ගෞරවයක් නොතිබුණු බව නම් පැහැදිලිය. මෙරට දෙමළ දරු දැරියන්ට තම රටේ ඉතිහාසයටත් ජාතික උරුමයන්ටත් ගරු කිරීමට උගන්වා නොතිබීමේ වරදට දඬුවම් ලද යුත්තෝ කවරහුද? ඔවුන්ට ඒ උගැන්වීමේ වගකීම භාර ගත යුත්තෝ කවරහුද? අප කතා කළ යුත්තේ ඒ ගැනය. (බ)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 05:25 AM

නීතිය අන්ධ නමුත් හදවතක් තිබිය යුතුද (බ)

:       0       0

වසන්ත Thursday, 30 April 2015 12:23 PM

නීතියට ගරුනොකරීම නිසා සමස්ත ශ්‍රී ලංකාවේම සදාචාරය පිරිහිලා. එම අහිංසක දමිළ තරුණියට නිදහස දුන්නාට විරුද්ධ නොවෙමි. (නි)

:       0       0

වන්නිආරච්චි Thursday, 30 April 2015 05:40 AM

මෛත්‍රී පොරොන්දුවුණා අධිකරණ නියෝගවලට ඇඟිලි නොගැසීමට. ඔහු මහින්දව එවැනි චෝදනාවලට චූදිතයකු කළා (බ)

:       0       0

විපුල Thursday, 30 April 2015 06:04 AM

නිතියට වඩා දැනුවත් කිරිම් වැදගත් අපේ පුරාණ උරුමය රැක ගැනිම වැදගත් අනාගත පරපුර උදෙසා (ම)

:       0       0

නිහාල් සමරවික්‍රම Thursday, 30 April 2015 06:23 AM

සත්‍යපාල ඔබගේ අදහස් වලින් පෙනෙනුයේ ඔබ නියෝජනය කරන කොට්ඨාශයේ දේශපාලන මුග්ධ බවයි. කුමන දේශපාලනයක් කළත් මානව හිතවාදී වන්න. (බ)

:       0       0

තුවාන් Thursday, 30 April 2015 06:39 AM

ඔය කියන පරිදි පළමුවෙනි දවසෙම නිදහස් කලොත්,, ආයමත් මේ වැරදි කරාවි, (හේ)

:       0       0

රෝහිත් Friday, 01 May 2015 04:49 AM

මෙයා විතරක් නෙවෙයි ගිය ආණ්ඩුව කාලෙත් දුටු තැන අල්ලන්න ඕන ජාතියේ ලොකු ලෙඩ කොටියෙකුට ආණ්ඩුව මහා කරුණාවෙන් කොළඹ ඇවිත් නැවතිලා බෙහෙත් ගන්න අවසර දුන්නා මතක නැද්ද? සුප්‍රබුද්ධ වෙන්න හිතාගෙන මෙහෙම අමන වැඩ දෙගොල්ලොම කරද්දී අපි තමයි හැම පැත්තෙන්ම තැළෙන අසරණයෝ. (බ)

:       0       0

ලාල් ප්‍රනාන්‍දු Thursday, 30 April 2015 07:09 AM

අපේ රටේ පුදුම නිතී (බ)

:       0       0

කමල් Thursday, 30 April 2015 07:18 AM

ලංකාවේ තියෙන්නේ ඡාතීන් අතර ප්‍රශ්ණයක් නොව ගසා කන්නා සහ බලවතා නීතිය හා සදාචාරයට ගරු නොකරමින් අනෙකුන් මර්දනය කිරීමයි.(ම)

:       0       0

බටු ගෙදර Thursday, 30 April 2015 07:33 AM

ජාතිවාදියෝ වෙඩි තියාවිද මන්ද? (අ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 30 April 2015 07:39 AM

ස්තූතියි උදය (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 30 April 2015 03:33 PM

ඇයට ලැබුණු මෙම වාසනාවන්ත නිදහසෙන් ඇය සමාජයට පරිසරයට සේවයක් කිරීමට ඉටාගත යුතුයි ..රටේ ශ්‍රී විභූතිය ආරක්ෂා කර ගැන්මට තම ශක්ති ප්‍රමාණයෙන් කුඩා දරුවන් ව හෝ පෙළඹවිය යුතුයි ..(බ)

:       0       0

නිලන්ජලා Thursday, 30 April 2015 08:02 AM

මේ වගේ අහිංසකයෝ තවත් ඇතුලේ ගොඩක් ඇති . මහා හොරු ,දූෂිතයෝ ,වංචාකාරයෝ නිදැල්ලේ එළියේ රජ සැප විදිනවා ! නීතිය කියන එක තවම හැමෝටම පොදු වෙලා නැහැ .(හේ)

:       0       0

විජයබාහු Thursday, 30 April 2015 08:06 AM

දැන් කට්ටිය එයිද දන්නේ නෑ, දන්නේ නැතුව කළේ... පලවෙනි වතාව කියාගෙන...(හේ)

:       0       0

සොපී Thursday, 30 April 2015 08:08 AM

මටත් හිතෙනවා දන්න සිංහලෙන් පෙම්වතාගේ නම ලියල සිරගත වෙන්න... .ඒත් මට කවදාවත් සමාවක් නැති බවත් දන්නවා .(හේ)

:       0       0

අනුර Thursday, 30 April 2015 08:12 AM

නමුත් මෙතන වෙලා තියෙන්නේ මනුස්සකමේ අගය ලොවට පෙන්වීමක්. කෙසේ නමුත් ඇය මාස 3 විතර සිරදඩුවම් වින්දා.කළ වරදේ බරපතලකම තේරුම් ගැනීමට හොඳ කාලයක්. (නි)

:       0       0

සුජි Thursday, 30 April 2015 08:15 AM

නිදහස් කළේ අපරාධකාරයෙක් නෙමෙයි. ඔය වගේ කතා කියන්න එපා වන්නි (නි)

:       0       0

රසික Thursday, 30 April 2015 08:30 AM

සීගිරිය යනු කුමක්ද කියා බොහෝ දෙනෙකුට අමතක් වී ඇති බව නම් හොඳින් පෙනෙනවා. සීගිරිය නැරඹීමට යනවා නම් එහි යන්නේ මොකටද කියා පොඩි හෝ අදහසක් තිබිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1103 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2127 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1020 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2467 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1721 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site