(කාංචන කුමාර ආරියදාස)
සීගිරි පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළිපෙහෙළි කර විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මීට දින දෙක තුනකට පෙර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය ප්‍රදේශයේ වන අලින් ගහනව පවතින අක්කර 60කට අධික ප්‍රමාණයක් කැලෑව කපා අඹ, පොල් ආදී පැළ වගා කරන බව දක්නට ලැබිණි. එම ඉඩම් කොල්ලය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා විසින් තහනම් කරනු ලැබීය.
දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ අවුඩංගාව කොට්ඨාසයට අයත් සීගිරිය අභය භූමියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශාල වනයක් මෙයාකාරයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් ප්‍රාදේශීය දේශපාලනය කරන පිරිසක් එක්ව පුද්ගලයන් කුලියට යොදවා මහ ගස් කපා බිම දමා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති.
මේ පිළිබඳව බලධාරීන්ට කොතෙක් කීවද කිසිදු අවධානයක් නොමැති බවත් මේවා දැනුම් දෙන ප්‍රදේශවාසීන්ට සිදුවන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් මැර කණ්ඩායම්වලින් දැඩි ලෙස තර්ජනය කිරීම් සහ පහරකෑම්වලට ලක්වීම බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම රජයකින් ලැබෙන සියලු වරප්‍රසාද අහිමි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙම පුද්ගලයන්ට දැඩි බියකින් පසුවන බවත් එමෙන්ම ව්‍යාපාරිකයන් විසින් විවිධ කණ්ඩායම් යොදවා මෙම සිද්ධීන් අනාවරණය කරන ජනතාවට සහ ඊට විරුද්ධ වන ජනතාවට තර්ජනය කරමින් පහර දෙන බවද ජනතාව කියති.
සීගිරිය ප්‍රදේශයේ කීපදෙනෙකු ඉතා රහසිගතව තම මුහුණු ආවරණය කරගනිමින් සීගිරිය අවුඩංගාව ප්‍රදේශයට පැමිණ දිනපතා කපා බිම හෙළන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉනාමළුව වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරින් ද මේ සඳහා සහයෝගය ලබා දෙන බවක් ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම සීගිරිය සහ පිදුරංගල පව්ව ඉතා අලංකාරව දර්ශනය වන සෑම කැලෑ ප්‍රදේශයක් ම මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් කපා විනාශ කොට වැටවල් ගසා අත්පත් කරගෙන සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා පිටස්තර පුද්ගලයන්ට අති විශාල මිල ගණන් යටතේ අලෙවි කරන බව ද ඔවුහු පෙන්වා දෙති. අභයභූමියට රජයේ ඉඩම් වලට ඔප්පු හා බලපත්‍ර හදන බව ද ඔවුහු කියාසිටිති. වන අලින් මෙන්ම වන සතුන් ගහනව සිටින සීගිරිය අවුඩංගාව ප්‍රදේශීය මහා රක්ෂිත කපා දමා ඇති ඇත්තේ කොහොඹ, කටකෑල, කොලොන්, බුරුත, මිල්ල, දමුනු, දබ,වෙලන් ආදී විශාල ගස්ය.
මේ මහා අපරාධය සිදුවන දෙස සීගිරි පව්වත් පිදුරංගල පව්වත් ඇස් දෙකෙන් බලා ඉන්නා සේ මෙම ඉඩමට දර්ශනය වීම ද විශේෂත්වයකි.
මෙම මහා පරිමාණ පරිසර විනාසය ඉඩම් මංකොල්ල කෑම පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමාට මෙතෙක් ග්‍රාම නිලධාරිවරයා හෝ මේ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බවය. ප්‍රදේශයට ගොස් පෞද්ගලිකවම සොයා බලා මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම මෙම පරිසර පද්ධතිය වනය ආරක්ෂා කිරීම සඳහා බලය ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දඹුල්ල ඉනාමළුව බීට්ටු කාර්යාලයේ ප්‍රධානියා වෙත ය. එහි බීට්ටු අඩවි වන නිලධාරි විජේවර්ධන මහතා හමුවීම සඳහා කාර්යාලය පරිශ්‍රයට ගියද එහි ආරක්ෂක නිලධාරින් කියා සිටියේ බීට්ටු වන නිලධාරී මහතා නොමැති බවය. ඔහු වෙනත් ප්‍රදේශයකට රාජකාරියකට බැහැරව ගොස් ඇති බව ය.
(වන විනාශයේ තවත් ඡායාරූප පහතින්)
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීගිරිය - පිදුරංගල පේනමානයේ අවුඩංගාවේත් පරිසරය වනසති
Perera Tuesday, 16 February 2021 03:55 AM
මේ යන විදිහට සීගිරිය ගලත් බෝර ගහලා කලුගල්වලට විකුණාවි. එහෙමත් නැතිනම් සීගිරිය උඩ ලොකු හෝටලයක් හදාවි.
Lala Tuesday, 16 February 2021 04:54 AM
ගෝඨාට ජයවේවා...!!!
Ruhunu Tuesday, 16 February 2021 05:57 AM
රාජපක්ෂලා රජකරන අවසාන වාරයයි මේ...
සෙනෙවිරත්න Tuesday, 16 February 2021 05:58 AM
මේක තමයි අප 69 ලක්ෂයක් ප්‍රාර්ථනා කළ වෙනස...
duminda Tuesday, 16 February 2021 06:01 AM
මේ ආණ්ඩුව බලයට ගන්න වලිකාපු අය ඔක්කොම කැලෑ පාලුවොද කොහෙද...
Buwa Tuesday, 16 February 2021 06:32 AM
රාජපක්ෂලාගේ සෞභාග්‍යයේ දැක්මට කැලෑව බාධකයක් වගේ... ඔහොම යමු.
pradeep Tuesday, 16 February 2021 06:36 AM
‘සර්‘ ව්‍යාපාරිකයන්ට ලබාදුන් ආත්ම විශ්වාසය...
Rata Perata Tuesday, 16 February 2021 07:20 AM
නන්දසේන තව මාස 06ක් බලයේ හිටියොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැනේ..
thusharaTuesday, 16 February 2021 09:08 AM
ඒත් සර් ඡන්දෙට කලින් හැම මීටිමක්ම පටන් ගත්තේ පැලයක් සිටුවලා...
Raveendra Tuesday, 16 February 2021 08:02 AM
ගම සමග පිළිසඳරක් තියන්න කැලෑවල් සුද්ද කරන්න ඕනේ. වෙන මොනවා නැති වුණත් ගමට ක්‍රීඩා පිට්ටනියක් ඉල්ලුවොත් නම් සර් පහුවදාම ඩෝසර් එවලා හමුදාව දම්මලා පිට්ටනියක් හදලා දෙනවා. ඔය ටික කරගන්නනේ හිට්ලර් කෙනෙක් ඕනේ කියලා නහයෙන් අඬඅඬා උන්නේ... වැඩි දෙනෙක් මේ යන විදියට අටපිරිකර කඩ මුදලාලිලා කෝටිපතියන් වෙන එක නම් ෂුවර්.. සර්ලා කැලෑකපන විදියට ගස්වලට සිවුරු පොරවන්න මොන තරම් සිවුරු ඕන වෙයිද තව ඉස්සරහට..
fairoos Tuesday, 16 February 2021 08:03 AM
මේ ආණ්ඩුව ආපු දා ඉඳන්ම අහන්න ලැබෙන සාමාන්‍ය ප්‍රවෘත්තියක්.. මිනිස්සු විරුද්ධව අදහස් ප්‍රකාශ කළාට වැඩක් නැහැ.
මෝ Tuesday, 16 February 2021 08:05 AM
පොහොට්ටුවෙ හෙන්චයියලා රට වනසනවා. රාජපක්ෂලාගේ අවසාන පාලන සමයයි.
ඉන්දික Tuesday, 16 February 2021 05:08 PM
මෑණියො කියලවත්ද දන්නෑ. කෑලෑ අක්කර පන් හයදාහක් එලි කරලා ගස් කපලා මිත්‍ර සමාගම්වලට හිතුමනාපෙට දෙයක් කර ගන්න ඉඩ දෙන්න කියලා..