IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ යතුරු පැදි ධාවන තරග ඉරිදා

ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය මේ මස 4 වැනිදා පෙරවරු 9.00 ට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ. සීගිරිය ධාවන පථය බොරළු, තාර සහ බාධක සහිතව සකසා තිබීම නිසා එහිදී ධාවකයන්ට වේගය පමණකින් නොව සිය හැකියාව, අත්දැකීම් සහ ශිල්පීය දක්‍ෂතාවයන්ගෙන් තරගවැදීමට සිදුවේ. මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ 11 වැනි ‘සියැට්/ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ පළමු තරගාවලිය මෙය වේ. එහිදී ශ්‍රී ලංකාවේ පළමුවරට කණ්ඩායම් තරගාවලියක් ද පැවැත්වේ. ඉසව් 21 කින් සමන්විත තරගාවලියට දිවයිනේ නමගිය සහ ඉන්දීය ධාවකයන් ඇතුළු ධාවකයෝ 120 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. පසුගිය වසරේ ‘ස්ලාඩාර්’ වාර්ෂික සම්මාන උළෙලේදී යතුරුපැදි රේසිං ඉසව්වේ ශූරයා වු ඉන්දීය ධාවක කේ. පී. අරවින්ද් ආබාධයකට ලක්වීම නිසා තරගාවලියට සහභාගිනොවේ. කෙසේ වෙතත් ඉන්දීය ධාවක සී. එස්. සන්තොෂ් සහ ශ්‍රී ලංකාවේ අංක එකේ මෝටර් ක්‍රොස් ශූරයා වන ගයාන් සඳරුවන් රේසිං ඉසව්වන්ගේ ශූරතාව වෙනුවෙන් තියුණු සටනක් පවතිනු ඇත. පසිඳු පීරිස්, සජාඞ් සුහයිර්, අරවින්ද පේ‍්‍රමදාස, දිනේෂ් දෙහෙරගොඩ, ජනක ඩයස්, රිස්වි ෆාරොක්, ඇතුළු ධාවකයෝ රැුසක් මෝටර්රථ ඉසව්වන්ගේ වේගවත්ම ඉසව්ව වන සිලින්ඩර ධාරිතාව 3500 දක්වා වන සුපිරි මෝටර් රථ ඉසව්වට සහභාගිවෙති. ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ සුබසාධන අරමුදලට ආධාර පිණිස තරගාවලිය සංවිධානය කෙරේ. ලංකා බැංකුව ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන මෙම තරගාවලියට මහජන බැංකුව, සියැට් ඇතුළු සමාගම් රැසක් සම අනුග‍්‍රහය දක්වයි.



අදහස් (0)

සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ යතුරු පැදි ධාවන තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 51 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 267 2

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 281 2

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 409 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 25 421 1

ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 762 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 370 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site