IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සීගිරිය රැළි ධාවන පථයේදී දිනේෂ්ට තියුණු අභියෝගයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 5 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලිය හෙට (12 වැනිදා) උදෑසන 9.00 සිට පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ.

දිවයිනේ පවතින අනිකුත් ධාවන පථ වලට සාපේක්ෂව වෙනස්ම ස්වරූපයක් ගන්නා සීගිරිය ධාවන පථය කොටස් දෙකකින් සමන්විතය. එහි එක් කොටසක් බොරළු සහිත මාර්ගයක් වන අතර අනික් කොටස තාර යොදා නිමකර තිබේ. මේ හේතුවෙන් ධාවකයන්ට තාර යොදා නිමකර ඇති කොටසේදී තම උපරිම වේගයෙන් ගමන් කිරීමටත්, බොරළු සහිත කොටසේදී සමබරතාවය රැකගනිමින් ගමන් කිරීමටත් සිදුවේ.

තරග ඉසව් 24 කින් සමන්විත වන මෙවර තරගාවලියට ධාවකයන් සහ රියදුරන් 200 පමණ සහභාගී වීමට නියමිතය.

පසුගිය වසරේ හොඳම රියදුරා බවට පත්වූ දිනේෂ් දෙහෙරගොඩට මෙවර තම ශූරතාවය රැකගැනීම සඳහා අරවින්ද පේ‍්‍රමදාස, අශාන් සිල්වා, පසිඳු පීරිස්, ජනක ඩයස් සහ රියාස් ෆාරුක් වැනි ප‍්‍රබල තරගකරුවන්ගෙන් එල්ල වන අභියෝගය අති විශාලය. කලක් ධාවන පථයෙන් ඉවත්ව සිටි පළපුරුදු ධාවකයකු වන දිනේෂ් ජයවර්ධනගේ නැවත පැමිණිමද ඉහත ධාවකයන්ට තරමක හිසරදයක් වනු ඇත.

පසුගිය වසරේ යතුරු පැදි අංශයේ හොඳම ධාවකයා වූ යුවාම් රජිත් සිල්වාට මෙවර අභියෝග කිරීමට පසුගිය වසරේ ජාතික ශූරයා වූ ගයාන් සඳරුවන්, ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දසනායක වැනි ප‍්‍රභල කී‍්‍රඩකයෝ සූදානම්ව සිටිති.

මහජන බැංකුව තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරන අතර ලංකා බැංකුව සහ සියැට් ආයතනයද ඉදිරිපෙළ අනුග‍්‍රාහකයෝ ලෙස ඉදිරිපත්වී සිටිති. සිංගර්, එයාර්ටෙල්, හීරෝ අබාන්ස්, බ‍්‍රැන්ඞ්ටෙල් යන ආයතන තරගාවලියේ සම අනුග‍්‍රහකයන් වන අතර කාර්ගීල්ස් සහ කික් කෝලා මෙහි සැපයුම් කරුවන් ලෙස කටයුතු කරති.

(*)



අදහස් (0)

සීගිරිය රැළි ධාවන පථයේදී දිනේෂ්ට තියුණු අභියෝගයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 84 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 0 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 517 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 256 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 362 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1128 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site