IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි


 
(කාංචන කුමාර ආරියදාස)
 
 
සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ  ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (31)  දින මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
 
මෙසේ මියගොස් ඇත්තේ  සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක නම් 58 හැවිරිදි තිදරු පියෙකි .

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය සංචාරක පොලිසියේ  සේවා පිළිබඳව සොයා බැලීමට පැමිණ තිබිණි, ඒ අනුව සංචාරක පොලිස් ස්ථානය පිළිබඳව සොයා බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සීගිරිය ඇතුලත සිංහපාදය ආසන්නයට ගමන් කොට ඇත්තේ එහි නිරීක්ෂණ කටයුතු සඳහා ය.
 
සීගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සීගිරිය සිංහ පාදය දෙසට ගමන් කරමින් සිටියදී සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතා පිටුපසින් ගමන් කරමින් සිටිය දී සිංහ පාදය අසළ දී එකවරම ඔහු අසනීප තත්ත්වයකට පත්ව ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

එහි පැමිණි අනෙකුත් පොලිස් නිලධාරීන් වහාම හදිසි ගිලන් රථ සේවාව ගෙන් වත් පහලට ඔසවාගෙන විත් උපාලි කරුණාතිලක මහතා සීගිරිය රෝහලට ඇතුළත් කොට තිබිණි.  එසේ ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මිය ගිය පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය 01 දින දඹුල්ල මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.

අනුරුද්ධ බණ්ඩාරනායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය හ අවට ප්‍රදේශවල තත්ත්වය සොයා බලා සංචාරකයන්ගේ පැමිණීම දුරස්ථභාවය පවත්වාගෙන යෑම ආදී කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමට තමන් සීගිරිය සංචාරක පොලිසියට පැමිණි බවය.


එම අවස්ථාවේ සිදු වූ මෙම සෝචනීය සිදුවීම පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවද සඳහන් කළේය.



අදහස් (4)

සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය යයි

Karunarathna- Gampola. Sunday, 01 November 2020 04:34 AM

මැතිතුමනි, ඔබගේ භවගමනත් කෙටිවී, සුගතියට පත්ව, භවගමන නිමාකර නිවන් සුවයට පත්වෙවා... !!!

:       0       20

Lelwala Sunday, 01 November 2020 04:44 AM

පොලිස් නිලධාරින් දැනගත යුතුයි සී.පී.ආර්. පරීක්ෂණ ගැන. ප්‍රථමාධාර දිය හැකි ආකාරය පිළිබදව දැනගත යුතුයි.

:       3       14

jayanthaSunday, 01 November 2020 06:14 AM

සීපීආර් ගැන එදා හොරණ කර්මාන්ත ශාලාවෙ වීසා වලට වැටුණු අයව ඛෙරගන්න උත්සාහ කළ අයවත් දැනගෙන හිටියේ නැහැ. 2002 වසරෙදී ගෑස්පහ හන්දියේ ගොඩනැගිල්ල ගිනිගත්ත වෙලේදී දොස්තර අනිල් ජාසිංහ මෙ ගැන කිව්වා.... එදා ගොඩක් අය මැරිලා තිබුණේ විෂ වායුව ආග්‍රාණය වීමෙන් . සීපිආර් කළා නම් සේරමලා අදත් ඉන්නවා.

:       0       0

Demuni Uduwara Sunday, 01 November 2020 03:14 PM

නිවන් සුව ලැබේවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 45 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 261 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 103 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1051 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1224 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 625 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site