IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සිංගරාසා තීන්දුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප‍්‍රකාශිත සිංගරාසා නඩු තීන්දුව පාර්ලිමේන්තුව මඟින් අවලංගු කළහොත් ඉන් ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වන බව සඳහන් කරමින්  එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපති කටයුතු නොකිරීමෙන් තමන්ගේත් රටෙහි ජනතාවගේත් මූලික අයිතිවසිකම් කඩවන බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ දර්ශන් වේර¥වගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පසුගිය ජූලි 09 වැනිදා පුවත්පත් වල සහ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් සිංගරාසා නඩු තීන්දුව වලංගු කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට පෙත්සම්කරුට දැන ගන්නට ලැබී ඇත.

යම්හෙයකින් මෙවැනි නියෝගයක් පාර්ලිමේන්තුව මඟින් සිදු කළ හොත් ඉන් ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වනු ඇතැයිද පෙත්සම්කරු කියා සිටී.එමඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තිය උල්ලංඝනය වීමක් සිදුවේ.

මෙම තත්ත්වය වැළැක්වීමට ජනාධිපතිට ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ඇත. මෙම තත්ත්වය වැළැක්වීමට ජනාධිපති මෙතෙක් කටයුතු කර නොමැත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද , තමන්ගේ්ත් රටෙහි ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

සිංගරාසා නඩු තීන්දුව යනු 2005 වසරේදී එවකට අගවිනිසුරුව සිටි සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල වින්සුරු මඩුල්ලක් විස්න් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දුන්නා යැයි කියන කතෝලික පියතුමකු වන සිංගරාසා අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ නඩු විභාගයේ දී තීන්දු වූයේ ජාත්‍යන්තර ප්‍රඥප්ති වල එකඟතාවයට අනූව ලංකාවේ නීති රීති සම්පාදනය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවටම වෙන් වූ අධිකරණ ක්‍රියාදාමයක් හෝ නීතිමය රාමුවත් තියෙන බැවින් අන්තර්ජාතිකි නීති රීති රෙගුලාසි වලට යටත්ව ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් නිදහස් කිරීම අවශ්‍ය නොවන බවයි.



අදහස් (0)

සිංගරාසා තීන්දුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වසන්ජය Thursday, 14 July 2016 08:09 AM

ඇතැම් අරාබි රටවල ක්‍රියාත්මක වන්නේත් තම රටවලට ආවේනික වූ නීති පද්ධතියක් (ම)

:       0       0

පීරිස් Thursday, 14 July 2016 09:01 AM

අපි අපේ රටට ගැළපෙන අපිට උචිත ආණ්ඩු ක්‍රමයක් එක්ක ගියාම හරි. එක එක රටවල තියෙන දේවල් වල එල්ලෙන්නේ නැතුව (නි)

:       0       0

ඉන්දික Thursday, 14 July 2016 09:32 AM

හරි නේද දැන්.(හේ)

:       0       0

සුසිල් Thursday, 14 July 2016 02:45 PM

ජාත්‍යන්තර ප්‍රඥප්ති වල එකඟතාවයට අනුව ලංකාවේ නීතිරීති සම්පාදනය කළනොහැකි නම් ඒවා අත්සන් නොකර සිටිය යුතුයි. (නි)

:       0       0

ශිරාල් එල්.තිලක Thursday, 14 July 2016 06:38 AM

ජනතා ඡන්දයෙන් පත්නොවූ අපේ රටේ සමහරු ඕනෑවට වඩා උඩ පැනීමෙන් හොඳ පාඩමක් ළඟදීම ඉගෙනගන්නවා නියතයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 761 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1630 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2338 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5998 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4106 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38985 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site