IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සීගිරි අප්සරාවියන් ගැන ගයන සුප්පාදේවිය

2016-12-13-ent-36

මම රාජ්‍ය සංගීත උලෙළේ නැගී එන ගායිකාවට නිර්දේශ වුණා පසුව අප්සරාවියේ ගීතය සුගත් සෝමවීරයන් මට ලබාදුන්නෙ. ඒ පද පෙළ දැක්කම ලොකු ආසාවක් ආවා සීගිරි අප්සරාවියන්ගේ පාපොච්චරාණය ගැන අපි නොහිතපු පැත්තක් ගැන කතා කරන නිසා මම මේ ගීතය තෝරගෙන සංගීත අධ්‍යක්ෂකවරයෙක් සොයද්දි නව පරපුරේ දක්ෂම සංගීත අධ්‍යක්ෂකවරයෙක් තමයි දර්ශන වික්‍රමතුංග. ඒත් මම විදේශගතව ඉන්න නිසා එම ගීතය ගායනා කරන්න ලැබුණෙ දෙසැම්බර් මාසෙ මුල් සතියේදීයි. එලෙස එළිදක්වපු ගීතයත් එක්ක අන්තර්ජාලයේ අපි බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් අන්තර්ජාලයෙන් ලැබුණා. එය අනපේක්ෂිත ප්‍රතිචාරයක්. අදටත් අපේ රටේ අදවෙද්දි හොඳ ගීත ඇහෙන්නැති තත්ත්වයක් නෙ උදාවෙලා තිබෙන්නෙ. ඒ කියන්නෙ හොඳ ගීත බිහි නොවෙනවා නෙවෙයි. හොඳ ගීත රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය නොවීමයි. මේ ගීතයට ලැබුණු ප්‍රතිචාරය හිතාගන්න බැරි තරම්.

2016-12-13-ent-35එයින් මටත් සුගත්ටත් දර්ශනටත් සතුටක් දැනුණා අපේ පරපුරේ යහපත් දෙයක වටිනාකම දන්න හොඳ රසිකයෝ පිරිසක් ඉන්නවා නේද කියල දැනෙන්න. මම මීට කලින් නිර්මාණ පහක් පමණ ගායනා කර තිබෙනවා. මම වේදිකා නාට්‍ය ශිල්පිනියක් විදියටයි කලා ක්ෂේත්‍රයට එන්නෙ. කුඩා කල සිට මම සංගීතය හැදෑරූ අයෙක් පාසල් අවධියේ ම මම විශාරද උපාධි සමත් වුණා. සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ගායනා තරගවලින් ලැබුවා. මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් එක්ක මම අනපේක්ෂිත ලෙස වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවියගේ චරිතය රංගනයට 2000 වසරෙදි දායක වෙනවා. ඒ සමගම මගේ අධ්‍යාපන කටයුතු සහ නාට්‍ය එක්ක ගායිකාවක වීමේ හීනය දුරස් වුණා.

විශ්ව විද්‍යාල ජීවිතයේ අවසානයත් එක්ක මගෙ විවාහයත් සමග රටින් යන්න සිදුවෙනවා. මගේ ගායන පැත්තට යන්න තිබුණු මාර්ගය ආපසු හැරෙනවා. මම මුලින්ම එංගලන්තයේ ජීවත් වුණේ. පසුගිය වසරේදී ගීත කිහිපයක් පටිගත කළා. මගේ ගායන හැකියාව දැකලා නයනසේන වන්නිනායක වැනි අයගෙන් ලද සහයෝගයත් එක්ක තමයි පසුගිය වසරේ නාලක අංජන කුමාර ගීතවත් කරපු ඔහු විසින් රචිත තුන්මංසලක් කියන ගීතයට සම්බන්ධ වෙන්නෙ. ඒ සමහම දුමාල් වර්ණකුලසූරිය සංගීතවත් කරපු ගීතයක් ගායනා කරනවා ප්‍රියංගි ගුණවර්ධනයන් විසින් රචිත. එමෙන්ම දයාන් විතාරණයන් සමග යුග ගීතයකටත් සම්බන්ධ වෙනවා. එය සංගීතවත් කළේ අරුණ ගුණවර්ධනයන් විසිනුයි. ඔය ගීත තුනත් එක්ක තමයි මම යළි කලා ක්ෂේත්‍රයට එන්නෙ.

එමෙන්ම මගේ ගීයක් රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම ගායනයට නිර්දේශ වීමත් තමා මගේ හැරවුම් ලක්ෂය වුණේ. මේ ආපු ගමන් මගේ විශාලම ප්‍රතිචාර ලද ගීතය තමයි අප්සරාවියේ ගීතය. එහි හැම පැත්තෙන්ම ලොකු විශේෂයක් තිබෙනවා යැයි මට දැනෙනවා. මට හිතෙනවා එහි කුමක් හෝ ගැලපීමක් නිසා රසික හදවත් තුළට ගෙන ගියා කියා.

ඉදිරියේදී නිර්මාණ කිහිපයක් එළිදක්වන්න සූදානම් වෙනවා වගේම කවුරුන් හෝ අනුග්‍රාහක භවතෙකු සිටිනවා නම් මගේ ප්‍රසංගයක් මෙන්ම සංයුක්ත තැටියක් එළිදක්වන්නත් මම සූදානම් ඒ සඳහා ෆේස්බුක්හි නිලක්ෂි රණසිංහයන් යනුවෙන් මා සම්බන්ධ කරගත හැකියි.

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-12-13-ent-38
2016-12-13-ent-37



අදහස් (0)

සීගිරි අප්සරාවියන් ගැන ගයන සුප්පාදේවිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 348 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 530 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 268 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 860 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site