IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සීගිරි පර්වත වගේ ඒවාත් පෙරළපු මම බලපෑම්වලට යටත් වෙන්නේ නෑ

පෙරළන්න බැරි යැයි කියපු සීගිරි පර්වත වගේ ඒවත් මම පසුගිය කාලයේදී පෙරළුවා. මම ක‍්‍රීඩා ඇමැති ධුරයේ ඉන්නකන් කාටවත් යටවෙන්නෙ නෑ. ජනාධිපතිතුමා මට ක‍්‍රීඩා ඇමැතිධුරය පැවරුවේ හරි දේ කරන්නයි. ඒක මම මොන බලපෑම් ආවත් ඉදිරියට කරනවා යයි ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාපන්දු නිවසේ ඊයේ (23) පැවැති නියෝජිත හමුවේදී පැවසීය.

ඒ සඳහා පාපන්දු ලීග නියෝජිතයන් ඇතුළු පාපන්දු සම්මේලනයේ නිලධාරිහු සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෑතදී සිදුවූ පරිපාලන වෙනස්කම් වලින් පසු ක‍්‍රීඩා ඇමැතිවරයා පාපන්දු මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාව එය වේ.

පාපන්දු නියෝජිතයන් අමතමින් ක‍්‍රීඩා ඇමැතිවරයා එහිදී පැවසුවේ රජයක් හැටියට පසුගිය කාලයේදී පාපන්දු පරිපාලනයට අතපෙවීමට සිදුවූ බවයි. පසුගිය පාපන්දු පරිපාලනයේ වැරදි සම්බන්ධයෙන් විටින් විට අනතුරු ඇඟවීම් ගණනාවක් කළත් ඒවාට ඇහුම්කන් නොදී සිිටින තත්ත්වයක් තුළ පාපන්දු පරිපාලනය වෙනස් කරන්න තමාට සිදුවූ බවත් ඇමැතිවරයා පැවසීය.

සභාව අමතමින් ක‍්‍රීඩා ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

”පාපන්දු සම්මේලනයේ දැන් ඉන්න අයගේ සුදුසුකම් ගැන කතා කළොත් ඔක්කොම පේල්. හරියට කිව්වොත් නිලධාරින් සියයට 60කගෙ විතර නිලතල දරන්න ක‍්‍රීඩා පනතට අනුව සුදුසුකම් නෑ. නමුත් පරිපාලනය හොඳට කරගෙන යනකන් ඒ ගැන අමාත්‍යංශය කතා කරන්නෙ නෑ. ඡන්දෙන් පත් වෙන නිලධාරින් පැත්තක දාල පහුගිය කාලයේ පාපන්දු පරිපාලනය කළේ පරිපාලන කමිටුව කියන එකක්. නිලවරණයක් තියල කළේ ඒ අයගේ හිතවත් අය නිලතලවලට දාගෙන එදාට පැමිණි ලීග් නියෝජිතයන්ට කෝට් එක බැගින් දීලා හොඳට කන්න බොන්න දීලා අරින එකයි.

ඒක අපි නතර කළේ මේ පරිපාලන කමිටුව අයින් කරලා ඡන්දෙන් පත්වෙච්ච නිලධාරින්ට පාපන්දු පරිපාලනය පවරා දීලයි.
දැන් ලීග් එකකට හම්බ වෙන්නෙ අවුරුද්දට 25,000යි. නමුත් පාපන්දු සම්මේලනයේ ඉඳගෙන පිටරටින් ඩොලර් දෙලක්ෂ පනස් දහසක පඩිගන්න අයත් පාපන්දු සම්මේලනයේ හිටියා.

පසුගිය කාලයේදී පාපන්දු සම්මේලනයේ සභාපතිටත් මූලස්ථානයේ වාඩිවෙන්න පුටුවක් තිබ්බෙ නෑ. ඒ ඔක්කොටම උඩින් හිටියේ විධායක කියලා හඳුන්වපු නිලධාරියෙක්. මම කියන්නේ මේ රටේ එක පාපන්දු ලීගයක අඩුව ක‍්‍රීඩා සමාජ 25ක්වත් ක‍්‍රියාත්මක වෙන්න  ඕනෑ. එහෙම වුණොත් දැන් අපි දෙන්න සූදානම් කරලා තිබෙන රුපියල් දෙලක්ෂයක් වන ගෙවීම ලක්ෂ පහක් කරන්න සූදානම්. අඩුම ක‍්‍රීඩා සමාජ 15ක් කළොත් ඒත් අපි ලීගයකට දෙන මුදල වැඩි කරනවා.

පාපන්දු සම්මේලනයේ පසුගිය කාලයේ වුණු ගනුදෙනු කීපයක් ගැන දැන් පරීක්ෂණයක් කෙරෙනවා. ඒක අවසන් වන තුරු ඒ ගැන අපි කතා කරන්නෙ නෑ. ජාතික පාපන්දු කණ්ඩායමට පසුගිය කාලයේ සමහර ක‍්‍රීඩකයන් ඇතුළත් කළේ සමහරුන්ගේ හිතවත්කම්වලට. දැන් බ‍්‍රසීල පුහුණුකරුවන් ඇවිත් ඉන්නවා. ඒ දේවල් ඉදිරියේදි සිද්ධවෙන්න ඉඩ තියෙන්නෙ නෑ.

ඉදිරියේදී ජාතික පාපන්දු සංචිතයේ ක‍්‍රීඩකයකුට රුපියල් 20,000ක් දක්වා දීමනා වැඩි කරන්නත් අප බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ක‍්‍රීඩකයන් අවුරුද්දට දවස් 365හේම පාපන්දු ක‍්‍රීඩාව කරන්න  ඕනෙ කියලා අපි කියනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ 1998න් පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයකු ලෝක පාපන්දු සමුළුවේ සභාපති ජෝශප් බ්ලැටර් මහතා හමුවූ පළමු අවස්ථාව ලෙස තමාට ඔහු මුණගැසී සාකච්ඡ කිරීමේ අවස්ථාව ලැබුණු බවයි.

”දැන් අපට ගැටළුවක් නෑ. සල්ලි  ඕන තරම් තිබෙනවා. පාපන්දු ක‍්‍රීඩාව දියුණුකරන්න ඒ ගැන කවුරුත් බයවෙන්න එපා. පාපන්දු විධායක සභාවෙ මගෙ කකුලෙන් අදින අයත් ඉන්නවා. හැබැයි මම ඒවාට බය නෑ. මම තාම ඒ අයගෙ කකුලෙන් අදින්න ගත්තෙ නෑ.

මට මේ අවුරුදු දෙක කරගෙන යන්න සහයෝගය දෙන්න. හොඳ නම් තවත් අවුරුදු දෙකක් දෙන්න. අවශ්‍ය නම් ක‍්‍රීඩා ඇමැතිවරයාට ඒක අවුරුදු හයක් දක්වා කරන්නත් පුළුවන්. පහුගිය කාලෙදි පාපන්දු නිවසෙ සභාපතිටත් පුටුවක් තිබ්බෙ නෑ. දැන් සභාපතිට විතරක් නෙමේ ප‍්‍රධාන ලේකම්වරයාටත් පාපන්දු නිවසේ කාමරයක් තිබෙනවා යයිද රුද්‍රිගු මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

(ඡයාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)

පාපන්දු නිවසේදී ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාපන්දු නියෝජිතයන් ඇමතූ අයුරු... ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු, පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර යන මහත්වරු ද මෙහි වෙති. රත්නපුර පාපන්දු ලීගයේ සභාපති, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

 

 

 

 

 

 

 

 

 


 

පාපන්දු ලීගයකට පාපන්දු තොගයක් ක‍්‍රීඩා ඇමැතිවරයා අතින් ප‍්‍රදානය කළ අයුරු.             



අදහස් (0)

සීගිරි පර්වත වගේ ඒවාත් පෙරළපු මම බලපෑම්වලට යටත් වෙන්නේ නෑ

තබුක් සිල්වා Sunday, 26 May 2013 01:05 AM

බලය තිබුනාට මොලේ නැහැ. මේගොල්ලන් හිතාගෙන ඉන්නේ ලොකු විරෝයෝ කියලා. අලි කිපෙනව ව්ගේ නොවෙයි ජනතාව කිපෙනකොට ඔය කතා දාලා දුවන්වෙයි එදාට.(නදී)

:       0       0

ජෙෆ් Saturday, 25 May 2013 07:31 PM

ඔබතුමාගේ කතාව වගේම ක්‍රියාවත් බලමු බලමු ! නමුත් ගෙවන මුදල නම් අද කාලයට දොයිතුවයි. (නදී)

:       0       0

සහන් Saturday, 25 May 2013 03:09 AM

මනිලාල් ලොකුම පර්වතය.(නදී)

:       0       0

ප්‍රභා Saturday, 25 May 2013 03:53 AM

ඒත් අපි නම් සීගිරියක් තියා පෙරලුන අග්ගලයක්වත් දැක්කේ නැහැනේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සාගර Sunday, 26 May 2013 02:32 PM

සිගිරි ගලෙන් පෙරලුනා නම් කෙහෙද

:       0       0

පාලිත Saturday, 25 May 2013 09:57 PM

සිගිරිය පෙරලුවා කිවුවම අත්අංගුවට ගත යුතුයි. පුරා විද්‍යා ස්තානයක් පෙරලුවා කියලා තම කටින්ම කිවුවේ (නි)

:       0       0

නිමල් පුනාන්දු Friday, 24 May 2013 07:35 PM

දෝලාවෙන් ගමන පයින්.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 24 May 2013 08:07 PM

ඇමති පෙරලපු පර්වතයන් කොහාටද වැටුනේ. මට බයත් හිතෙනවා සීගිරියත් මේයා පෙරලයිද කියලා.(නදී)

:       0       0

මර්සි ලංකා Saturday, 25 May 2013 10:53 PM

ඇත්තටම මේ ඇමති තුමා පර්වත පෙරලන කෙනෙක්ද ? ඔලිම්පික් යවන්න ඕනේ අපේ ඇමති තුමාව පර්වත පෙරලන තරඟයකට.(නදී)

:       0       0

දයා අලහාකෝන් Saturday, 25 May 2013 04:38 PM

අර දුටුගැමුණු කතාවේ අනික.(නදී)

:       0       0

අමිළ Saturday, 25 May 2013 09:18 AM

ඔය සීගිරිය කුඩු කර විකුනන ලලනාවෝ අරන් යන්න හදන්නේ.(නදී)

:       0       0

මාධව Friday, 24 May 2013 08:36 PM

ඔය කිවුවේ ඇත්ත නිමල්.මේවා අහන අපට පිස්සූ. (නි)

:       0       0

නදී Friday, 24 May 2013 08:38 PM

පාපන්දුවට මොකද වෙන්නේ (ස)

:       0       0

ගරාදි Friday, 24 May 2013 09:56 PM

අනේද කියන්නේ කිවුවලු (නි)

:       0       0

සාදි Friday, 24 May 2013 10:28 PM

අද දවසේ කුලී වැඩටත් දවසට රුපි.1000ක් ගෙවන එකේ මාසෙට 20000/ සුළු ගණනක්නේ..? (නි)

:       0       0

ගාමිණී Sunday, 26 May 2013 12:37 PM

ඔහොම කියන හුගක් අය‍ගේ නෝනලා එයාලවත් පෙරලාගෙනම යන්නම ගිහින් (නි)

:       0       0

ආනන්ද ආර් Saturday, 25 May 2013 06:55 PM

මට කුමාරතුංග මුනිදාසයන්ගේ "හීන්සැරය" මතක් වෙනවා.(නදී)

:       0       0

මනෝදරා Friday, 24 May 2013 10:57 PM

ඇත්තටම රටක සංවර්ධනය මනින ඒකකයක් වශයෙන් ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියට පමණක් දෙවෙනි වන ,අවුරුදු 4 වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිදසුන්ය. ශ්‍රී ලංකා පාපන්දු තරගාවලිය ගැන මීට වැඩ සැළකිල්ලක් දැක්වීමට ඔබතුමන්ලාට යුතුකමක් මෙන්ම වගකීමක් ද ඇත.සතියේ දින පහෙන් එක් දිනක් ලාකංදිප පුවත්පතේ අතිරේකයක් වශෙයෙන් ශ්‍රී ලංකා පාපන්දු තරගාවලිය වාර්තා කරන ලෙස සහ ඊට සැප්තැම්බර් මස පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඉලක්ක කරනමෙන් ඉතා යටහත් පත්ව ඉල්ලා සිටිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 890 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 417 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 899 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3271 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 594 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site