IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සාගල නැගිට යයි

උතුරේ යතුරු පැදිවලින් සැරි සරන කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  අද පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරද්දී  නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා ඊට පිළිතුරු නොදී නැගිට ගියේය.

යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් දෙදෙනකු මිය යෑමේ සිදුවීම ගැන පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීය.

යාපනයේ අපරාධ කරන යතුරුපැදි කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා සිද්ධි වූ දා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත්, සිසුන්ගේ යතුරු පැදි දෙක මාර්ග බාධකයේ නොනවත්වා ගමන් කර ඉදිරියේ තිබූ ජංගම රථයේ සිටි පිරිස දෙසට පැමිණ ඇති බවත්, ඒ නිසා වෙඩි තබා ඇති බවත්, ඒ මොහොතේ නිලධාරීන්ගේ තත්ත්වයද තේරුම් ගත යුතු බවත් සාගල රත්නායක ඇමැතිවරයා කීවේය. පොලිසිය බේරීමට අහසට වෙඩි තැබූ බව කියන බව ද ඇමැති පැවසීය.

මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්, මෙය කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු කීවේය.

මෙම සිදුවීම අළලාගෙන ප්‍රශ්න ඇති කිරීමට හැකි නිසා ප්‍රශ්න අවම වන ආකාරයෙන් කටයුතු කළ යුතු යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ප්‍රශ්නය - මෙම සිදුවීමට තොරතුරු වසන් කිරීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඊට පහළ නිලධාරීන් පිරිසක්. පොලිසිය මුලින් ප්‍රකාශ කළේ මාරක රිය අනතුරක් කියලයි. මාරක රිය අනතුරකදී සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකත් ගොස් පරීක්ෂා කළ බැලිය යුතුයි. එවිට මෙය අපරාධයක් බව ඔවුන්ට පැහැදි වෙනවා. නමුත් ඇයි සිද්ධිය වසන් කිරීමට උසස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගත්තේ?

පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

ප්‍රශ්නය - පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ තිබෙනවා පිටුපස සිටි සිසුවා මිය ගියේ හිසට බරපතල හානි සිදුවෙලා කියා. නමුත් ඔහුගේ පැළඳ සිටි හෙල්මටයට හානියක් වෙලා නෑ. එය විසි වෙලත් නෑ. ගලවා තිබූ ආකාරයට ඒ ළඟම තිබෙනවා. කොහෙමද එහෙම වෙන්නේ?

පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මට පිළිතුරු දිය හැක්කේ සමහර දේවලට පමණයි.

ප්‍රශ්නය - මේ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ පපුවට සහ උකුලට වෙඩි වැදී තිබෙනවා . ඔබ කියනවා අහසට වෙඩි තැබූ බව. අහසට වෙඩි තිබ්බා නම් කොහොමද පපුවට වෙඩි වදින්නේ?

පිළිතුර - පටිපස්සෙනුයි වෙඩි තබා තිබෙන්නේ. පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. කිසිවක් වහන්න අපට අවශ්‍ය නෑ.

ප්‍රශ්නය - ඔබ කියනවා මෝටර් බයිසකල් ගැන්සියක් උතුරේ ක්‍රියාත්මක වන බව. හැබැයි ජනතාව කියන්නේ ඒ මෝටර් සයිකල් ගැන්සිය හමුදා බුද්ධි අංශයේ බවයි. මේ චෝදනාව ගැන මොකද කියන්නේ?

එම ප්‍රශ්න අසද්දී ඇමැතිවරයා ඊට පිළිතුරක් නොදී නැගී සිටියේය.

ප්‍රශ්න - ඔබතුමා නිශ්ෂබ්දව සිටීමෙන් අපි ඊට පිළිතුර ඔව් කියා ද ගන්න ඕනා? එහෙම නැතිනම් නෑ කියාද?

ඇමැතිවරයා නැගිට යමින් ගමන් කීවේ ඊට පිළිතුරක් දිය නොහැකි බවයි.

මේ සිදුවීමේ සැක මුසු තැන් ගැන ඇසීමට තවත් ප්‍රශ්න ගණනාවක් ඇති බව මාධ්‍යවේදීන් කීවත් ඒවාට අසන්නට අවස්ථාව නොලැබිණි. ඇමැතිවරයා පිටවී ගියේය.

(වීඩියෝ ශිහාර් අනීස්)

වීඩියෝ - ගයාන් අමරසේකර



අදහස් (0)

සාගල නැගිට යයි

පිටිගල මිලානෝ Wednesday, 26 October 2016 11:39 PM

කොහොම නමුත් සාගල ඇමතිතුමා හොඳ ආදර්ශයක් දුන්නා (නි)

:       0       0

රාධා Wednesday, 26 October 2016 11:58 PM

හැබැයි සමහර කට්ටිය හිතාගෙන ඉන්නේ ඔවුන් සියල්ලදත් කියලා (නි)

:       0       0

ජයාත් Thursday, 27 October 2016 01:05 AM

අර යාපනේ විශ්ව විද්‍යාලේ ළමයින්ගේ ඔලු පලනකොට ඇයි දන්නේ නැහැ ප්‍රශ්න නොකළේ? ඔහොම යමු මල්ලිලා තව ටික කාලයක්. ඊටපස්සේ බලමු නේද? (නි)

:       0       0

අබේරත්න Wednesday, 26 October 2016 09:46 AM

ත්‍රස්තවාදයක් නැති වුණත් ත්‍රස්තවාදීන් ලෙස නීතියට පිටුපා හැසිරෙනකොට ඔය වැනි දේවල් සිදුවීම් සම්බන්ධව අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීමටවත් සුදුසු නැහැ. (බ)

:       0       0

සරත් Wednesday, 26 October 2016 10:09 AM

නිකන් කොටවලා ප්‍රශ්නයක් ඇතිකරන්න එපා සමහරු මෝඩ ප්‍රශ්න අහනවා (බ)

:       0       0

අරවින්ද Wednesday, 26 October 2016 10:24 AM

මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසීමේදී වගකීමකින් යුතුවයි ප්‍රශ්න ඇසිය යුත්තේ. එසේ නොමැතිව නිකම් වැඩක් නැති ප්‍රශ්න ඇසීම මෝඩ කමකි. (බ)

:       0       0

සංජීව Wednesday, 26 October 2016 11:34 AM

ලිච්ඡවී රජදරුවෝ දුවනවා. (බ)

:       0       0

සෙන්දෙ Thursday, 27 October 2016 04:30 AM

දැන් මාධ්‍ය වලට පුදුම පණක් ඇවිල්ල තියෙන්නේ... කලිනුත් ඔහොම වුණා නම්... සුදු..... තමයි (ම)

:       0       0

සමන් Wednesday, 26 October 2016 12:19 PM

බයිසිකලේක ගෙදර යන මනුස්සයෙක් හප්පලා මරපු ඇමති පුතා ගැන කවුරුවත් අහන්නේ නැත්තේ ඇයි. (බ)

:       0       0

අප්පුහාමි Wednesday, 26 October 2016 12:25 PM

අර සුදු කොඩි කතාවක් නිර්මාණය වුනෙත් මේ වගේ අනවශ්‍ය ආකාරයේ ප්‍රශ්ණ කිරීම් හරහායි (බ)

:       0       0

සංජීව Wednesday, 26 October 2016 01:00 PM

පරීක්ෂණයක් පවත්වන දෙයක් ගැන කොහොමද කලින් උත්තර දෙන්නේ . ලංකාවේ සමහර පැතිවල හෙල්මෙට් තියෙන්නේ අතේ ගෙන යන්න කියල පෙන්වන ඕන තරම් ෆොටෝ මුහුණු පොතේ පලවෙන්නේ (උතුරු නැගෙනහිර ) තමන් නිවරදි නම් ඇයි වාහනේ නතර කරන්න බැරි වුණේ.(අ)

:       0       0

වසිහේ Wednesday, 26 October 2016 01:38 PM

මාධ්‍ය කස්ටිය දැන් චන්ඩි වගේ (අ)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Wednesday, 26 October 2016 03:38 PM

මෝඩ ප්‍රශ්න නිසා අනවශ්‍ය ප්‍රශ්නවලට ඉඩ පාදා දෙනවා .අර සුදු කොඩි කතාව ඇදිච්ච නිසා කියන්නේ . එකට සියයට සියයක් වග කියන්න ඕන පුද්ගලයා තමා එදා හිටපු මාධ්‍ය ඇමති අනුර ප්‍රිය දර්ශන යාපා. එදා දේශපාලන වාසි ගන්න කොරපු කතාව මහා විනාසයක් රටට ගෙන දුන්නා. (අ)

:       0       0

ජයරත්න Wednesday, 26 October 2016 04:26 PM

මාධ්‍යවලට හොඳ ප්‍රශ්න ඇවිළෙන තරමට මිසක් නිවෙන තරමට නෙමෙයි. සමහරවිට රටේ අංක එකේ ප්‍රශ්නය එය වියහැකියි. (නි)

:       0       0

ජනහිත Wednesday, 26 October 2016 05:13 PM

සමහර සිද්ධීන් වලදී සිද්ධිය මුලටම යා යුතුයි. මේ සිද්ධියට මුලාරම්භය පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කිරීමයි. එ්ත් වෙඩි තැබීම නොකළයුතුව තිබුනා වගේම, පොලිසිය නිහඬව සිට ඒ අයට ඔය දේ වුණා නම් තත්වය කුමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 94 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 276 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 391 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 771 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 527 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site