භික්ෂු පනත සම්බන්ධ ප්‍රශ්නයේදී සියලු සංඝයා කැඳවා සමගි වන්නැයි කීමට මහනාහිමිවරුන්ට හැකි බවත් රජයට අවශ්‍ය නම් සංඝාධිකරණයක් පිහිටුවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (20) කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැති ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කළ නව ව්‍යවස්ථාව පිළිබඳ භික්ෂු කතිකාවතේදී පැවසූහ.
භික්ෂූන් වහන්සේලා දැන්වීම් දමා වෙළඳ ප්‍රචාර කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නවත්වන්න මහනායක හිමිවරුන්ට නීතියක් දාලා කරන්න පුළුවන් බවත් සංඝ සමාජයේ තිබෙන ප්‍රශ්න සංඝයාගේම නීතිවලින් විසඳාගත හකි බවත් ඒ හිමියෝ කීහ.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සංඝයා සමගි කරන්න සංඝයාටම පුළුවන්‘
ප්‍රසන්න Thursday, 21 January 2016 01:00 AM
ඕක ඉතින් ආණ්ඩුවට කියන්න එපායැ. මාධ්‍ය සාකච්ඡා තියලා හරියනවද? (නි)
අරවින්ද Thursday, 21 January 2016 01:04 AM
අපි නම් දැන් කතා අහන්නේ නැහැ (නි)
ආර්. වික්‍රම Thursday, 21 January 2016 01:58 AM
කියලා මොකටද ප්‍රසන්න, ප්‍රශ්න විසඳන්න මෙයාලව පත්කළාම, මෙයාලා අපිටම ඒවා ආපසු කියනවා! (නි)
නිමල් ලලිත Thursday, 21 January 2016 02:30 AM
සංඝාධිකරණයක් අවශ්‍ය නම් එය කළයුත්තේ මහා නායක ස්වාමින් වහන්සේලාගේ නායකත්වයෙන්, උපදේශකත්වයෙන් (නි)
ජයන්ත Thursday, 21 January 2016 02:31 AM
දැන් නම් එකක් පැහැදිලියි. අපේ රට අපේ ආගම සහ අපේකම ඉවරයි (නි)
සත්‍යපාල Thursday, 21 January 2016 03:40 AM
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට (නි)
රංග Thursday, 21 January 2016 03:56 AM
කොහෙද බොලන් මෙච්චරකල් ගිහිල්ල හිටියේ දැන්නේ රට ජාතිය මතක් වෙලා තියෙන්නේ (අ)
දහම් Wednesday, 20 January 2016 03:21 PM
මීටියාගොඩ හිමි නමක් පහු කාලේ සද්දේ දැම්මේ. දැන් මොකද සද්දෙයක් නැත්තේ? (බ)
ජයවීර Thursday, 21 January 2016 04:27 AM
ඔබලා ඔය සිව්රු දාගෙන ඉන්න සමහර අසීලාචාර චීවරදාරීන්ට දඩුවම් නොකර බලාසිටිය . එකයි ආණ්ඩුව හොඳ වැඩක් කරන්න යනවා ඔබලා සියලුදෙනාම කඩාකප්පල් නොකර සහයෝගය දෙන්න (අ)
ගණසිරි Wednesday, 20 January 2016 03:39 PM
සත්වයෙක් පුද්ගලයෙක් නොවන බව දන්නවානම් මෙවැනි ගැටුම් හටගන්නේ කෙසේද? තච පංචකය නම්වූ පළමු කමටහන අමතකද , බුදුන් නම් දැන් නැත ,සිත වනය තවමත් තිබේ .(අ)
සුසන්ත Wednesday, 20 January 2016 03:38 PM
ඉතින් හාමුදුරැවනේ, එහෙනම් මොන ඉලව්වකටද පනතක් ගේන්නේ? තමුන්ගේම ආණ්ඩුවෙන්නේ ඕක ගේන්නේ. මේ කියන කතාවලින්ම පේනවා පනතේ අරමුණ ඉස්සරහට රජය කරන්න බලාපොරොත්තු වෙන වැඩවලට විරුද්ධ වෙන හාමුදුරුවන් වහන්සේලා දඩයම් කිරීම මේ පනතේ එකම අරමුණ බව.(අ)
විකුම් Thursday, 21 January 2016 04:53 AM
කතාව ඇත්ත (නි)
ජයරත්න Thursday, 21 January 2016 05:09 AM
ඇයි මේ එලියට ඇවිත් මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙ. ඔබ වහන්සේගේ අදහස් වලට දැන් ඔය ඊනියා යහපාලන ආණ්ඩුව තුල තැනක් නැත්ද? (බ)
සරත් Wednesday, 20 January 2016 04:36 PM
සංඝයා වහන්සේලා බුදු බණට අනුව ක්‍රියා කරලා, රටෙත් ජාතියේත් උන්නතියට වැඩ කරලා දුරාචාරයෙන් ඈත්ව ඉන්නවා නම් හොඳයි. එතකොට ආණ්ඩු වලට හදන්න දෙයක් ඉතිරිවෙන්නේ නැහැ. සංඝයා වහන්සේලා තුළින්ම නීති සකසාගත්තොත් වඩාත් උචිතයි (නි)
නුවන් Thursday, 21 January 2016 05:59 AM
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
යසවතී Thursday, 21 January 2016 06:08 AM
අනේ මන්දා?(හේ)
අනිල් Wednesday, 20 January 2016 06:57 PM
හරිමඟ ගෙනියනවා කියලා දහඅතේ මිනිසුන්ට පොරොන්දු වෙලා ගෙනා ආණ්ඩුවනේ මේ (නි)
සුසන්ත Wednesday, 20 January 2016 06:59 PM
මේ පනත් ගෙනෙන්නේ ඇයි කියලා අපිට තේරෙනවා (නි)
ඇන්ටන් Wednesday, 20 January 2016 08:09 PM
මේගොල්ලන්ව සමගි කරන්න කලින් පන්සලේ කුලබේදය අවසන් කරගන්න ඕනෑ. මින් එහාට ඒ ගැන කියනවා කියන්නේ උඩබලා කෙළ ගසා ගැනීමක්. කුලවත් බලවත් පන්සල් සහ දානයවත් නැති පන්සල් අපේ රටේ තියාගෙන කවරනම් සමගියක්ද??? (නි)
මොරවක Wednesday, 20 January 2016 09:24 PM
නමුත් වෙන්නෙ නැත්තේත් ඒකනේ හාමුදුරුවනේ. අනික නිකායම කීයක්ද? සිවුරුවල පාටත් දේදුනු වර්ණ වෙලා. සමහරු බීලා වාහන පදවලා උසාවිවල සමාව ගත්තා නේද? මොකක්හරි කරලා සංඝාධිකරණයක් නම් ශාසනයේ දියුණුවට අවශ්‍යයි (නි)
යසපාල Wednesday, 20 January 2016 11:06 PM
ඒ කතාව නම් අපිත් පිළිගන්නවා (නි)