IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සඟරුවනේ කූඩාරම ගලවාගෙන යයි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජනරැළියට පෙර ඔහුට සෙත් පැතීමට වැඩමවන 500ක් වූ මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිකළ ආවරණය අද (29) සවස හදිසියේම ගලවා ඉවත් කැරිණි. ඉරිදා (30) පැවැත්වෙන ජනරැළිය ආරම්භකිරීමට පෙර පොළොන්නරුව ගල්විහාරය ඉදිරිපිට දී සෙත් පැතීමේ පිරිත් දේශනයක් ඇතුළු ආගමික වතාවත් පැවැත්වීමට මේ ආවරණය ඉදිකළැයි දැනගන්නට ඇත. පොළොන්නරුව ගල් විහාරයේ හිමිනමක් කියා සිටියේ ආවරණය ලබාදුන් ආයතනයේ දැනුම් දීමකට අනුව එය යළි ගලවා ඇති බවයි. ආවරණය නොමැතිව වුව ද උත්සවය පැවැත්වීමට සියලු විදි විධාන යොදා ඇතැයි දැනගන්නට ඇත.

1(1360)

 



අදහස් (0)

සඟරුවනේ කූඩාරම ගලවාගෙන යයි

රොෂාන් Sunday, 30 November 2014 03:51 AM

මහින්ද මහත්තයට ලයිට් කණුවක් ගහක් ගලක් ගානෙ පෝස්ටට් කටවුට් ගහන්න සල්ලි තියෙද්දි මෛත්‍රී මහත්තයට සල්ලි නෑ කියලද ලලිත් පෙරේරා මහත්මයා කියන්නෙ. හැබැයි රජයේ පාර්ශවයෙන් නම් අපිට අහන්න ලැබෙන්නෙ එන්ජීඕ වලිනුයි බටහිර කුමන්ත්‍රන කාරයොන්ගෙනුයි රටේ එක මිනිහෙක්ට රුපියල් ලක්ෂ ගනන් ගෙවන්න පුළුවන් වෙන තරමටම සල්ලි හම්බවෙලයි කියල. ඒත් මේව ඇහෙද්දි දැන් අපිට හිතන්න වෙන්නෙ ඔය දීල තියනවයි කියන්නෙ මොන පැත්තටද කියන එකයි. (ස)

:       0       0

සාගි Sunday, 30 November 2014 03:52 AM

මෙතන ප්‍රතිචාර දක්වන අය තේරුම් ගන්න ඕන මෙතන 50/50 දෙපැත්තටම වෙන්න පුළුවන්. ආණ්ඩුවට දොස් නගන්න මේ ගොල්ලන්ගෙම වැඩක් වෙන්නත් පුළුවන්,එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කළා වෙන්නත් පුළුවන්.හරියට දන්නේ නැතුව යමක් නොකියනව නම් එක තමා හොඳම දේ. (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 30 November 2014 03:52 AM

මේක සත්තකින්ම "මානුෂීය මෙහෙයුමක්".ඒ, ඔබ, අපි,රට,රටේ ඉදිරි පරම්පරාව .... එ්කාධිපති වියරුවෙන් මුදවා ගැනීමේ මෙහෙයුමක් .ඒ වෙනුවෙන් අපි දිවි හිමියෙන් කැපවෙමු.(ම)

:       0       0

තිලක්- ඩුබායි Sunday, 30 November 2014 03:55 AM

නගරයේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම බැනර් ප්‍රදර්ශනය කරලා.ඒවත් ප්‍රකෝටි ගානක් අපේ මුදල් තමයි .(ම)

:       0       0

ශාන් Sunday, 30 November 2014 08:42 AM

සාධාරණ සමාජයක් සඳහා ජනවාරි 8 වෙනිදා වෙනසක් කරමු, (ස)

:       0       0

නිරේෂ් Sunday, 30 November 2014 04:13 AM

මේක මේ ගමන නතර කරන්න වැඩ කරන උන්ගේ කුපාඩි වැඩක් මිසක්. මේවා තේරුම් ගන්න බැනේ මේ රටේ ඉන්නේ සමහර මිනිස්සුන්න්ට.(ම)

:       0       0

ශිරස් Sunday, 30 November 2014 04:14 AM

ලලිත් පෙරේරා මහින්ද ගාව ඔයාගෙත් ෆය්ල් එකක් තියනවා වගේ, ඒකයි ඔච්චර දෙන්නේ.....(ම)

:       0       0

ශාන- සෞදි Sunday, 30 November 2014 04:15 AM

ඇත්තටම ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද ? මෙවන් මිනිසුන් රටේ නායකයන් බවට පත් කිරීම රටට කරන නිගාවක් මෛත්‍රීපාල මහතා‍ණෙනි, ඔබට සියලු යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (ම)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 30 November 2014 04:18 AM

මෙච්චර බලවත් විපක්ෂයක් ඉන්න රටේ ඔය ටෙන්ට් එක ගැලෙව්වට ටෙන්ට් 100ක් ගහ ගන්න බැරිද. කාටද මේ විහිලු සපයන්නේ..එතකොට මේ රටේ විපක්ෂය රැස්වීම් තියලම නැද්ද ..වේදිකා හදල නැද්ද? හට් ගහල නැද්ද මිට කලින්. මෛත්‍රී මහත්තයට පොළොන්නරුවෙන් හට් එකක් හොයා ගන්න බැරිද? පොළොන්නරුවේ ඔච්චර කාලයක් පොල් ගෑවද? ඔය මන්ත්රිලා බිලි බාන්න තානාපති කාර්යාලවලින් මැඩම් හරහා පොම්ප කරන සල්ලි වලින් හට් පිට රටවල් වලට විකුනන්න ෆැක්ටරියක් දාන්න බැරියැයි. (ස)

:       0       0

දිනසිරි Sunday, 30 November 2014 04:21 AM

මහින්ද හෝ මෛත්‍රී කවුරු ජනපති උනත් මුස්ලිම් අය ඇමති කම් ගන්නවා. එදාට අපේ සිංහලයන්ට තේරෙයි පාට පක්ෂ වලට බෙදිලා රට ජාතිය, ආගම වෙනුවෙන් කටයුතු නොකරපු එකේ වැරැද්ද. (ස)

:       0       0

සමන් Sunday, 30 November 2014 04:25 AM

ආණ්ඩුවේ පිස්සු වැඩ නිසා මෙයා නිකන්ම දිනනවා. (ස)

:       0       0

ජනක Sunday, 30 November 2014 04:27 AM

ජනතාවනි අවදිවවු. බොරු දේශප්‍රේමී බොල් පිළිම වල වැඩවලට ඔබතුම සැලෙන්න එපා. අවරුදු 47 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වූ ඔබට මෙවැනි බොල් මිනිසුන්ට වඩා හොඳ හිතක් තියෙන බව අපි සැවොම දනී. අපි ජනවාරි 8 වෙනිදට ජනතවගේ බලේ පෙන්වමු. (ස)

:       0       0

නුවන් දිවාකර Sunday, 30 November 2014 08:59 AM

මරා ගත්තා ඇති. මෛත්‍රී කරමු. (ස)

:       0       0

ජයලත් Sunday, 30 November 2014 04:29 AM

මහින්ද ජනාධිපතිතුමාගේ ආරම්භය රටට හොඳ, හිතකර ලක්ෂණ වලින් යුක්ත වූ වක් වුවද අසීමිත බලය අභිමුව ඔහු සම්පූර්ණයෙන්ම වෙනත් පුද්ගලයෙක් බවට පරිවර්තනය වී ඇත. ඔහු දැනුවත්ව මේ රටේ දුෂණය,නාස්තිය, අයුක්තිය, අසීමිත ඥාති සංග්‍රහය, ඉහවහා ගොස් ඇත. මෙයට සාක්ෂි ඔනෑ තරම් ඇත. ඔහුගේ ඇමතිවරයෙක් පවසන පරිදි ඔවුන් ඇතිතරම් අනුභව කර තිබෙනවාලු. ජනාධිපතිවරණය දිනවා අතුරුපස සදහා අවස්ථාව ලබා දෙනලෙස ඉල්ලා සිටිනවාලු. මේ අනුව පෙනෙන්නේ පවතින ආණ්ඩුවේ පාලකයන් හොඳින් හෝ නරකින් මැතිවරණ ජය ගැනීමට කටයුතු කරන බව නොවේද? මහින්ද දැන ගෙනම රට විනාස වන තැනට වැඩ සිද්ද වෙන බවකි පෙනෙන්නේ. එනිසා ඔහුට නැවත ජනධිපතිධූරය දැරීමට යුක්ති සහගත තත්වයක් නැත. යුද්දය ජයගත්තාට ඔහුට රට යුක්තිගරුක කිරීමට හැකියාවක් හෝ රට ආර්ථික වසයෙන් සක්තිමත් කිරීමට වැඩ පිළිවෙලක් නැත. නැකත් බලා තමන්ගේ අවශ්‍යතා අනුව අකාලයේ ජනදිපතිවරනයක් කැඳෙව්වේ රටට ආදරයකට නොවන බවත් එය හුදෙක් තමන්ගේ අසීමිත බලය තවත් කාලයකට තහවරු කර ගැනීමට ගන්න කපටි දුෂ්ට වැයමක් බවත් පොදු ජනතාවට වැටහෙනවා නම් එයම රටේ යහපතට අවශ්‍ය තීරණය ගැනීමට හේතුවනවා ඇත. (ස)

:       0       0

රුචිර Sunday, 30 November 2014 04:30 AM

මේවා අනුකම්පා ඡන්ද බලාගෙන තමා කරන දේවල් (ම)

:       0       0

නිමල් Sunday, 30 November 2014 04:40 AM

තවම තේරුනේ නැද්ද රටට වෙලා තිබෙන වින්නැහිය? (නි)

:       0       0

පාලිත Sunday, 30 November 2014 04:42 AM

මේ වගේ වැඩ කරලා මුළු රටේම මිනිස්සු බයකරන්නද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ ? (නි)

:       0       0

රත්නායක Sunday, 30 November 2014 04:42 AM

කතාකළොත් නම් ප්‍රජාතන්ත්‍රවාදය වැක්කෙරෙනවා. එහෙත් යටින් දෙන ගේම්? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 30 November 2014 04:45 AM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෝකෙටම දැනගන්න කටයුතු කරන්න. (නි)

:       0       0

අජන්ත Sunday, 30 November 2014 04:46 AM

බයවෙලා තියෙන තරම හොඳටම තේරෙනවා (නි)

:       0       0

ගුණපාල Sunday, 30 November 2014 04:48 AM

වැඩේ වැරදියි තමා. ඒත් එකපාරටම මහින්දට ඇඟිල්ල දික්කරන එක හරිද? (නි)

:       0       0

චමින්ද Sunday, 30 November 2014 04:51 AM

ඉදිරියට ජයවේවා!

:       0       0

සුජීව Sunday, 30 November 2014 04:52 AM

මේවා කළා නම් වැරදි වැඩ (නි)

:       0       0

අප්පුහාමි Sunday, 30 November 2014 04:56 AM

මේක තමා සැබෑ දේශපාලනය . (නි)

:       0       0

සේනක Sunday, 30 November 2014 04:57 AM

තේරුමක් නැතුව වෛරය වපුරනවා (නි)

:       0       0

තිලෝක Sunday, 30 November 2014 05:00 AM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 30 November 2014 05:02 AM

අනේද කියන්නේ! (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 30 November 2014 05:05 AM

බන්දුල පෙරේරා,මොකද දැන්වත් විලිලැජ්ජාව කියන එක දැනුනද? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 30 November 2014 05:06 AM

මේවාට ප්‍රතිචාර ලියන්න වචන නැහැ. (නි)

:       0       0

ශාන්ත සමරසිංහ Sunday, 30 November 2014 05:07 AM

මේවා තමන්ගේම වැඩ වෙන්නත් බැරිද? (නි)

:       0       0

දිනේෂ් Sunday, 30 November 2014 05:09 AM

ඔන්න බලන්න මේපාර මැතිවරණය ඉවරවෙනකොට අහිංසක ජිවිත කියක් විනශවෙයිද කියලා. (හේ)

:       0       0

සමිරු Sunday, 30 November 2014 05:18 AM

පරාජයේ සෙවනැලි හමුවේ මෙවැනි ක්‍රියාවලට යොමු වීම ස්වභාවිකයි.(හේ)

:       0       0

අශෝක Sunday, 30 November 2014 05:18 AM

මේ වගේ පිරිසක් නිසා රට විනාශය කරා යන එක විතරයි.(හේ)

:       0       0

මංජුල Sunday, 30 November 2014 10:04 AM

පුලතිසි පුතාට ජයවේවා ! (ස)

:       0       0

ඉශාන් සෙනතුන්ග Saturday, 29 November 2014 05:02 PM

ලැජ්ජයි. දුකයි..බිහිසුණුයි.. මෙකද රටේ ප්‍රජාත්‍රන්තවාදය (ස)

:       0       0

දර්ශන Saturday, 29 November 2014 05:16 PM

ගේම පටන් අරන් (ස)

:       0       0

ධර්ම Saturday, 29 November 2014 05:19 PM

මහා ලොකු ආශ්චර්වයය (ස)

:       0       0

සමන් වසන්ත Sunday, 30 November 2014 05:29 AM

බන්දුල මහත්තයෝ, මේ රටේ ඕනෑතරම් විපක්ෂ රැස්වීම තියලා තියනවා. හැබැයි මේ වගේ බොළද වැඩ කරන එක අනුමත කරන්න පුලුවන්ද? (නි)

:       0       0

සිල්වා Saturday, 29 November 2014 05:20 PM

මේක තමයි ලංකාවේ ප්‍රජත්ර්න්ත්ර්වාදය මේකට කියන්නේ එකදිපති වියරුව තණ්හාව ජායති සෝකෝ තණ්හාව ජායති බයන් ! (ස)

:       0       0

බන්දුල Saturday, 29 November 2014 05:22 PM

පොළොන්නරුවේ ජනතාව ඔහු සමග සිටිනවා මොකද ජෙලේස්ද ?? (ස)

:       0       0

කෝසල Saturday, 29 November 2014 05:37 PM

අනේ මෙහෙමත් කෝන්තර ඕකෙන් ම පේනවා නේ යහපාලනයක් නැහැ කියලා කුඩ්ඩන්ගෙන් පිරි සමාජයක් තමා ඉතිරි වන්නේ (ම)

:       0       0

රන්ජිත් වෙල්ගම Saturday, 29 November 2014 05:43 PM

රාජපක්ෂ මහත්තය මුලින්ම වැඩ පටන් අරන් වගේ. (ස)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Saturday, 29 November 2014 05:45 PM

මෙහෙමත් බියගුළු ක්‍රියා. ඇත්තටම විළිලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද ? (ස)

:       0       0

කනිෂ්ක Sunday, 30 November 2014 05:42 AM

මෙහෙමයි බන්දුල, බලවත් වුණේ ජනතා ප්‍රසාදයෙන් මිසක් සල්ලි වලින් නෙමෙයි. (නි)

:       0       0

ජනක Sunday, 30 November 2014 05:45 AM

බන්දුල, ඊළඟ ටෙන්ට් එක ඔයාගේ ගෙදර ඉස්සරහා තමයි ගහන්නේ. (නි)

:       0       0

සුමනේ Saturday, 29 November 2014 05:47 PM

ලොක්ක බයවෙලා තියෙන්නේ හොදටම මෛත්‍රීට අපි ඔබ වෙනුවෙන් පෙනිසිටිමි ජයවේවා.!(ස)

:       0       0

අසිත් Saturday, 29 November 2014 05:50 PM

අපි පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ (ස)

:       0       0

සත්‍යයා Sunday, 30 November 2014 05:59 AM

අවංක, සත්‍ය ගරුක හා නීති ගරුකව වැඩ කරන තාක් පීඩාවට පත්ව සහනයක් සොයන හැම පුර වැසියෙක්ම ඔබට සාධාරණත්වයක් ඉටු කරනවා. වෛරී දේශපාලනය අවසන් කිරීමේ එයිතිහාසික කාර්ය භාරය ඔබට පැවරීමට ජනතාව පුල පුලා සිටිනවා. ඉවසීමෙන් සැනසීම පමණක් නොවේ ජයග්‍රහණයත් ලැබේ.(හේ)

:       0       0

ලලිත් පෙරේරා Saturday, 29 November 2014 05:55 PM

මේක වෙන එක අහන්න දෙයක්ද? ටෙන්ට් සල්ලි දීලා ගහලා තිබ්බනම් ඕක වෙන්නේ නැහැ . සල්ලි වෙලාවට දීපු නැති නිසා මේක ගලවාගෙන ගිහින් තියෙන්නේ. මෛත්‍රී මහත්තය ජනාධිපති වෙන්න ඉල්ලුවට අද කවුරුවත් එතුමා වෙනුවෙන් මුදල් වියදම් කරන්න ලේස්ති නැහැ. මොකද ටම හැමෝම ඉන්නේ වැට උඩ. අර එනවා කියපු සෙට් එක ආවේත් නැහැ. එහෙම අවා නම් තත්වේ වෙනස් වෙනවා. අන්තිමට ෆොන්සේකා මහත්තයට කල වගේ රනිල් මහත්තයත් ගිහින් ජනාධිපති තුමටම කතිරේ ගහවි. මෛත්‍රී මහත්තය කියපු විදිහට එලි වෙන ජාමේ පටන්ගන්නේ ජනාධිපතිවරණය ඉවර උනමද මන්ද? මෛත්‍රී මහත්තය වෙනුවෙන් කමෙන්ට් දාන අයට තියෙන්නේ එතුමා වෙනුවෙන් අරමුදලක් පටන් ගන්න එක. අඩු ගානේ ඇප මුදලට වත් ගන්න. (ස)

:       0       0

කේ. පෙරේරා Saturday, 29 November 2014 06:00 PM

මේ මහින්ද ජනපතිගේ පරාජය පටන්ගැනීම. (ස)

:       0       0

නිමල් රණසිංහ පැරිස් Saturday, 29 November 2014 06:00 PM

මේකද ලංකාවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය? මෛත්‍රී ට දේශපාලනය කරන්න බැරිද...සිංහලයෙකුට ලංකාවේ දේසපාලන කරන්න තහනම් නම් වෙනත් ජාතීන්ට කවර කතාද ?(ස)

:       0       0

කිත්සිරි Saturday, 29 November 2014 06:04 PM

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවේවා!! රජරට ජනතාව ඔබ සමගයි !! (ස)

:       0       0

බමුණු Sunday, 30 November 2014 11:34 AM

හාමුදුරුවරු 500 ම එකතුවෙලා වස්කවි කියමුද? (ස)

:       0       0

චානක. Sunday, 30 November 2014 06:29 AM

ඔය ඔක්කොගෙම ෆයිල් ළඟ තිබුණට පළිගන්න යන්න එපා (නි)

:       0       0

මහීපාල Saturday, 29 November 2014 06:23 PM

මේවා නම් තුට්ටු දෙකේ වැඩ. (ස)

:       0       0

සරත් පියසේන Sunday, 30 November 2014 06:29 AM

ටෙන්ට් මුදලාලි යන්තම් ණයෙන් නිදහස් වුණා. (නි)

:       0       0

නුවන් Saturday, 29 November 2014 06:26 PM

මෙහෙම වැඩ කරලා ඡන්දේ දිනන්න පුළුවන්ද ? චී. චී කැතයි වැඩේ. (ස)

:       0       0

ලියොන්.ගුනවර්දන Saturday, 29 November 2014 06:28 PM

මෙම අර්බුදකාරී අවස්ත්ත්වේ මහජනයා කුපිත්කරවන අයුරු මෙවැනි අනිසි ක්‍රියාවලින් වැළකී සිටියයුතු අතර සඟ රුවනද මෙවැනි යුගයක කටයුතු කරන ආකාරය ගැන හුදු ජනයාට ධර්මනුකුලව අනුසාසනා කිරීම උචිතවේ (ස)

:       0       0

මෙරංචි Saturday, 29 November 2014 06:30 PM

මේක තමයි කියන්නේ තුප්පහි දේශපාලනේ කියා. තව අවුරුදු හයක් දුන්නොත් කොහොම හිටීවිද ? (ස)

:       0       0

දයා අලහකෝන් Saturday, 29 November 2014 06:32 PM

බයටයි ඉවත් කළේ. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 30 November 2014 11:59 AM

ලංකාදීපයට මොකද වුනේ? (ස)

:       0       0

සිරිමල් Saturday, 29 November 2014 06:34 PM

නොසැලෙන්න යන්න පෙරටම (ස)

:       0       0

එස් කේ ලියනගේ Saturday, 29 November 2014 06:38 PM

මේ වගේ වැඩ වලින් වෙන්නේ මහින්ද මහත්තයට හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් නැති වෙන එක.(ස)

:       0       0

ජයවීර බණ්ඩා Sunday, 30 November 2014 06:34 AM

මේවා අනුකම්පාවත් අවධානයත් ලබාගන්න කරන වැඩ කියලයි මමත් කියන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 30 November 2014 06:38 AM

අනේ යන්න සත්‍ය මහත්තයෝ යන්න.ලංකාවේ කවදද වෛරි දේශපාලනය නැතිවුණේ? . (නි)

:       0       0

නන්දෙ Saturday, 29 November 2014 06:47 PM

එතුමාට ජනතා ආශීර්වාදය තියෙනවා. ජයවේවා (ස)

:       0       0

චන්දික Saturday, 29 November 2014 06:49 PM

සියලු හිමිවරු දේශපාලන කටයුතු වලින් ඉවත් වීම යහපත්ය (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 29 November 2014 07:00 PM

මෛත්‍රී අනාගත ජනාධිපති තුමනි, මේ ක්‍රියා නිසා ඔබට තව තවත් චන්දෙ වැඩිවෙනවා. (ස)

:       0       0

දිල්ශාන් Sunday, 30 November 2014 06:41 AM

චාරයක් නැති කම තමයි මේ දේවල් වලින් පේන්නේ. (ච)

:       0       0

සිරිසේන Saturday, 29 November 2014 07:33 PM

හැබෑ නේන්නම්. මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහල වෙලාලු.(ම)

:       0       0

රත්න Saturday, 29 November 2014 07:41 PM

මේවාට තමා දන්දෙන්න ඕන දුප්පත් මිනිස්සුන්ට හාමුදුරුවන් දේශපාලනේ නිසා දානේ ගන්න වෙලාවක් නෑ. (ම)

:       0       0

දාස Saturday, 29 November 2014 07:43 PM

විනාස කාලේ විපරිත බුද්ධි කිව්වලු. කුඩාරම නැතත් මහා සංඝ රත්නයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා! (ම)

:       0       0

කාන්ති Sunday, 30 November 2014 06:50 AM

මේවා දකින කොට හිතා ගන්න පුළුවන් සමහරුන්ගේ හැටි.(හේ)

:       0       0

චින්තක Saturday, 29 November 2014 08:02 PM

වැඩ බැරි ටාසන්ලාගේ වැඩ (ම)

:       0       0

ගිහාන් Saturday, 29 November 2014 08:16 PM

කුඩාරම නෙමෙයි එතුමාගේ ගේ ගලවා ගෙන ගියත් අසාධාරණයට විරුද්ධව සටන ගෙනියනවා. (ම)

:       0       0

සිරිසේන Saturday, 29 November 2014 08:26 PM

ඉවක් බවක් නැතුව ගහන්න ගියහම මිනිස්සුන්ට එපා වෙන්නේ ගහන මිනිහද ගුටිකන මිනිහද?(ම)

:       0       0

සේන Saturday, 29 November 2014 09:37 PM

කවුරු කලත් ඕවා ජරා සවුුත්තු වැඩ. නැතැයි කියන වෙෙරී දේශපාලනය (ස)

:       0       0

බණ්ඩාර Saturday, 29 November 2014 09:56 PM

හොඳ වැඩක් . ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම් වැදගත් (ස)

:       0       0

බිමල් Sunday, 30 November 2014 06:58 AM

මෙහෙම වැඩ කරන්නේ කොහොම උදවියද කියලා අපි දන්නවා (නි)

:       0       0

මහේෂ් Sunday, 30 November 2014 06:58 AM

හිතාගෙන ඇත්තේ යන යන තැන ලෙඩ ඇද්දාම බයේ අකුලා ගනීවි කියලා. (නි)

:       0       0

විමල් අමරසිංහ Saturday, 29 November 2014 10:24 PM

ඔය දේශපාලන කපටිකම් එයාලම ගහලා එයාලම ගලවනවා. එතකොට අනුකම්පා ඡන්ද ලැබෙන්න පුළුවන්නේ. (ස)

:       0       0

ගැමුණු Saturday, 29 November 2014 10:48 PM

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවේවා!! රජරට ජනතාව ඔබ සමගයි !! (ස)

:       0       0

කමල් Saturday, 29 November 2014 10:54 PM

මොන විදියට බාධා ආවත් මෙතුමා ඉදිරියට යාවි. ෆයිල් එක පෙන්නලා හරි යන්නේ නැති නම් යන එන තැන කඩා කප්පල් කරලා හරි වැඩේට බහීවි. මේවා නවත්තන්න බැහැ. (ස)

:       0       0

යසිරු Saturday, 29 November 2014 10:58 PM

රට බේරා ගත්තා ඒ නිසා ඕන දෙයක් පුළුවන් කියමින් තමන් යන මාර්ගයේ නිවැරදි බව කවදා හෝ තමන්ගේ දයිවය විසින්ම තීරණය කරාවි. (ස)

:       0       0

ගුණේ Saturday, 29 November 2014 11:03 PM

අන්න එක පවිත්‍ර කමට ප්‍රසිද්ධ නෝනා කෙනෙක් කියල තියනවා සහන දීල කාන්තාවන් සියලු ගින්දරින් බේරා ගත්තේ අසවලා කියල. එයා ඉතින් එළවලු මාළු ගණන් අහන්න කඩේකටවත් යනවයි. ඔක්කොම වියදම් රජයෙන් නඩත්තු කරන කොට කොහොමද දන්නේ රටේ කාන්තාවන් තුන් වේලට මොනවද තම්බන්නේ කියල. (ස)

:       0       0

රුවන් Saturday, 29 November 2014 11:49 PM

මෛත්‍රීපාල මහතා‍ණෙනි, ඔබට සියලු යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ඔබගේ ජය ඔවුන් පිළිගෙන අවසානය. මෙවැනි ක්‍රියා කරන අයට නැවත බලය දෙනවාද යන්න ජනතාව තීරණය කරාවි. (නි)

:       0       0

නොයෙල් Saturday, 29 November 2014 11:50 PM

ලලිත් පෙරේරා , මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

කසුන් Saturday, 29 November 2014 11:53 PM

ලලිත් පෙරේරා ලෙස පෙනීසිටින්නේ බන්දුල පෙරේරා වගෙයි. (නි)

:       0       0

මාටින් Sunday, 30 November 2014 12:05 AM

ලලිත් පෙරේරා හරි (නි)

:       0       0

ලසන්ත Sunday, 30 November 2014 12:17 AM

මට නම් හිතාගන්න බැහැ කිසිම දෙයක් (නි)

:       0       0

අර්ජුන රණවන Sunday, 30 November 2014 12:33 AM

ලලිත් පෙරේරා වැනි අය සිටිනතාක් රටට සෙතක් නම් නොවේ (නි)

:       0       0

චාමර Sunday, 30 November 2014 12:37 AM

මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.මෛත්‍රී මහතාණෙනි,මේවාට සැළෙන්න එපා. ලලිත් පෙරේරා මහතා කී පරිදි අපි කවුරුත් අරමුදලක් පටන්ගෙන ඉදිරිය ශක්තිමත් කළයුතුය. (නි)

:       0       0

රණේපුර Sunday, 30 November 2014 12:47 AM

ඔවුන්ටත් මෛත්‍රී කළයුතුමය. සිනාමුසුව ඉදිරියට යා යුතුය. බාධා මඟින් මිනිසෙකු දිරිමත් කෙරේ / දිරිමත් වේ. (නි)

:       0       0

මයුර Sunday, 30 November 2014 12:51 AM

පුතේ,නුඹට ජය නියතයි. මේ දේවල් දෙවියන්ම බලාගනිත්වා! (නි)

:       0       0

සුගතානන්ද Sunday, 30 November 2014 12:55 AM

මේවා බයට කරන දේවල් කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 30 November 2014 12:56 AM

ඔහොම යමු. එවිට ඡන්ද ප්‍රමාණය ඉක්මනටම අඩුකරගත හැක (නි)

:       0       0

සමන්ති Sunday, 30 November 2014 01:59 PM

ගලවන්න ඇත්තේ මේදවස්වල ඇතිවෙන සුළඟට ටෙන්ට් රෙදි ගැලවෙයි කියන බයට වෙන්නැති. (අ)

:       0       0

කිංස්ලි Sunday, 30 November 2014 01:21 AM

අනේ ලලිත් පෙරේරා! (නි)

:       0       0

ගමගේ Sunday, 30 November 2014 01:26 AM

මේ වැඩ වලින් අපි යන ගමන නවත්වන්න බැහැ (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Sunday, 30 November 2014 01:33 AM

වෛරයට එරෙහිව මෛත්‍රිය පතුරවමු (නි)

:       0       0

නලීන් Sunday, 30 November 2014 01:34 AM

මේ වැඩ නම් අනුමත කරන්න අමාරුයි (නි)

:       0       0

අශාන් Sunday, 30 November 2014 01:40 AM

ලලිත්, මේ වගේ අසාධාරන බියගුළු වැඩ වලට හුරේ දාන ඔයාලා වගේ අය ඉන්නතුරු රටට ගොඩඒමක් නැහැ.මේ වගේ වැඩ කොතරම් බොළඳද? (නි)

:       0       0

තබීතා Sunday, 30 November 2014 01:43 AM

ප්‍රජාතන්ත්‍රවාදය නැතිකමේ හොඳම උදාහරණය... (නි)

:       0       0

සඳුන් Sunday, 30 November 2014 01:46 AM

අපේ මවුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාව ඉහළින්ම පවතින මේ සිදුවීමෙන් මැනවින් ඔප්පු කර ඇත. අහෝ රටට ගිය කලක්! (නි)

:       0       0

නිරුප පෙරේරා Sunday, 30 November 2014 07:48 AM

තව ඉස්සරහට අලුත් ඩ්‍රාමා පෙන්නයි (නි)

:       0       0

කුසල් Sunday, 30 November 2014 01:53 AM

අපේ මනාපය මහින්ද මහත්තයාට තමා. දන්න යකා හොඳයි, නොදන්න යකාට වැඩිය. ජය වේවා මහින්ද....!! (ස)

:       0       0

කටුගස්තොට Sunday, 30 November 2014 02:03 AM

ඉවත් කරගෙන තිබ්බේ හිමිවරුන් 500 දෙනෙකුට සෙවන දෙන ආවරණය. මෙම පාප කර්මයම ඇති. (ස)

:       0       0

ඉශාන් Sunday, 30 November 2014 02:04 AM

මෙහෙම වැඩ කරණ කොටත් ආශීර්වාද කරනවනම් ලංකාවේ අයගේ මනස ගැන හිතාගත හැකියි. බලන්න එතුමා මේ ක්‍රියාව හෙලා දකින්නේ නැද්ද කියල. (ස)

:       0       0

දසුනි Sunday, 30 November 2014 07:52 AM

අපේ හාමුදුරුවනේ, කියලා කතාව පටන් ගත්තාට මේ තමයි කරන වැඩ. (නි)

:       0       0

සංජීව Sunday, 30 November 2014 02:07 AM

ආණ්ඩුව පරාජය දැනටම බාරගෙන !(ස)

:       0       0

නිශාන්ත Sunday, 30 November 2014 02:10 AM

අපේ අයට නොතේරුනාට මේක තනිකරම අැමරිකාවෙ සැලැස්මක්, ඇමෙරිකාවේ ක්‍රමය තමයි එකම රටේ හෝ එකම පක්ෂයේ අය කොටවල තමන්ගේ උවමනාව පිරිමහන එක, බලන්න ඉරාකයට සිරියාවට උන දෙය, සදාම් හුසේන්ට එරෙහිව යොදාගත්තේ ඉරාක ජතිකයෙක්ම නේද. අමෙරිකාවත් ඉන්දියාවත් කැමති නෑ ලංකාව චීනය එක්ක මිතුරු වෙනවට, ඕක අපේ අයට තේරෙනකොට පරක්කු වැඩියි. (ස)

:       0       0

නිමලලිත Sunday, 30 November 2014 02:11 AM

ටෙන්ට් එකට සල්ලි දීල නැති හින්දනේ ගලවල තියෙන්නේ, එකට මහින්ද ජනපති තුමා පලි නැහැ. (ස)

:       0       0

නිමලලිත Sunday, 30 November 2014 02:11 AM

අද තියෙන ප්‍රජාතන්ත්‍රරවාදයේ අනුහස විය නොහැකිද.? (ස)

:       0       0

සුමිත් Sunday, 30 November 2014 07:56 AM

මේවා නිවට වැඩ. මෛත්‍රිට ජය වේවා! රටට නීතිය හා යහපාලනය ඇති කරන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නිමන්ත Sunday, 30 November 2014 02:19 AM

මෙතෙක් සත්‍ය අවබෝධ නොවූ පිරිසගේ ඔල මොළ පෑදේවා! (නි)

:       0       0

කමල් Sunday, 30 November 2014 08:02 AM

අනේ ජනපති නොදුටු මොක්පුර. (ස)

:       0       0

හසන්ත Sunday, 30 November 2014 02:23 AM

මේක ඉතින් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි. අනෙක් පාර්ශවයට බාධා කරදර සිදු කර නිහඬ කර තමන් ඉස්මතු වීම . (හේ)

:       0       0

නාමල් Sunday, 30 November 2014 02:36 AM

මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

ජයන්ත Sunday, 30 November 2014 02:39 AM

මේවා තුට්ටු දෙකේ වැඩක්.(හේ)

:       0       0

සුරේන්ද්‍ර Sunday, 30 November 2014 02:42 AM

කවුද මේ වැඩ කරන්නේ.(හේ)

:       0       0

සාරා Sunday, 30 November 2014 03:03 AM

මොනවා කළත් අපි ඔබ තමා දිනවන්නේ (නි)

:       0       0

අසංක Sunday, 30 November 2014 03:08 AM

ඔය සියල්ලටම මහජනතාව නියම වෙලාවට නියම විදිහට ප්‍රතිචාර දක්වාවි (නි)

:       0       0

බන්දුවීර Sunday, 30 November 2014 08:16 AM

එහෙම නේද? අපේ හාමුදුරුවනේ කියන්න වෙනත් නායකයෙකුට තහනම් කරලද දන්නේ නෑ. එහෙම තහනමක් දාලනම් ඔතනට හාමුදුරුවන් වහන්සේලා ට වැඩ ඉන්න පුලුවන්කමක් නෑ , මේක ගැන ලලිත් පෙරේරා හොයල බලන්න (ස) 9

:       0       0

සේනාධීර Sunday, 30 November 2014 03:17 AM

මේවගේ දේවල් තමන් විසින්ම කරගෙන අනුන්ට බිලක් දන්නා කරන වැඩ වෙන්න පලුවන් අපි නොදන්නා දෙසපලුවෝ (ස)

:       0       0

කාවින්ද Sunday, 30 November 2014 08:24 AM

රටේ සිදුවන දේවල් ගැන දන්නා අපිව මේ වගේ දේවල් කරලා රවට්ටන්න බැහැ. ඉකමනට ගලවන්න පුළුවන් වහලයක් අටවලා ඉක්මනට ගලවාගෙන ගියේ ආණ්ඩුවෙන් නොවෙයි වගේ. අනුකම්පාව ලබාගන්න මෛත්‍රී චින්තනයෙන් කරපු වැඩක් මේක. (ස)

:       0       0

ලියනගේ Sunday, 30 November 2014 03:37 AM

අද බලන්න අපේ සමහර මහජනතාවට නිවැරදි දේ තේරුම් ගන්න බැරිවෙලා තියනවා.අද රටට ඕනෑ මහින්ද එන එකද ,මෛත්‍රී එන එකද කියන එක නෙමෙයි. රටට ඕනෑ නියම ප්‍රජාතන්ත්‍රවාදය. (නි)

:       0       0

නිශාධි Sunday, 30 November 2014 03:38 AM

මමත් මේවා අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

මහේන් Sunday, 30 November 2014 03:39 AM

මේ වගේ දේවල් ඉතාම පහත් මට්ටමේ වැඩ. එක් පාර්ශවයක රැස්වීම් වලට විතරද දැන් පුජ්‍ය පක්ෂය සහභාගි වෙන්න ඕනෑ? (නි)

:       0       0

නලීන් Sunday, 30 November 2014 03:41 AM

මම ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට. හැබැයි කවුරු කළත් මේ කරන දේවල් වැරදියි. (නි)

:       0       0

කිත්සිරි Sunday, 30 November 2014 03:41 AM

මේවා කැත වැඩ (නි)

:       0       0

කුලසූරිය Sunday, 30 November 2014 03:41 AM

ලලිත්, ඔයා කොහේද ඉන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 30 November 2014 03:43 AM

මෙච්චර බලවත් විපක්ෂයක් ඉන්න රටේ ඔය ටෙන්ට් එක ගැලෙව්වට ටෙන්ට් 100ක් ගහගන්න බැරිද? කාටද මේ විහිලු සපයන්නේ.එතකොට මේ රටේ විපක්ෂය රැස්වීම් තියලම නැද්ද? වේදිකා හදලම නැද්ද? හට් ගහලම නැද්ද? (නි)

:       0       0

මෙල්වින් Sunday, 30 November 2014 03:44 AM

ටෙන්ට් එක ගහපු කෙනා බයවුණාවද්ද? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 30 November 2014 03:45 AM

මේ වගේ වැඩ නම් බොහොම නරකයි (නි)

:       0       0

කවිඳු Sunday, 30 November 2014 03:46 AM

මේවා වෙනස් කරන්න බැහැ. (නි)

:       0       0

පිටිගල Sunday, 30 November 2014 03:48 AM

මේ වගේ ක්‍රියා අනුමත කරන්නේ බුද්ධියෙන් අඩු යයි. ඕවට අපි නම් කියන්නේ ලැජ්ජා නැති වැඩ කියලා. (නි)

:       0       0

ආසිරි Sunday, 30 November 2014 03:49 AM

මේවා අපේ මිනිසුන්ට නොපෙනෙන එක තමයි වරද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 4 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1322 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 806 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1341 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 950 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site