IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සැඟවු හාල් එළියට දමනු

රාජ්‍ය බැංකුවලින් ණයට මුදල් ලබාගෙන මිලට ගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් පොළොන්නරුවේ ඇතැම් ව්‍යාපාරිකයින්  සඟවාගෙන සිටින බව වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  නිකවැරටියේදී පැවසීය.

‘මෙවර ජනපතිවරණයේදී සහල් හිගයක් ඇති කිරීමට පොළොන්නරුවේ ඇතැම් ව්‍යාපාරිකයින් උත්සාහ කරන බව පේනවා .පිටරටින් ගෙන්වන සහල් කිලෝව රුපියල් හැට ගණනේ අලෙවි කිරීමට සතොස පියවර ගන්නේ ඒ නිසා.සඟවාගෙන සිටින සහල් එළියට නොදැම්මොත් දිවයිනේ සියලු ව්‍යාපාරිකයන්ගේ සහල් තොග පරීක්ෂා කරනවා.  ‘

 

 



අදහස් (0)

සැඟවු හාල් එළියට දමනු

පතිරණ Thursday, 27 November 2014 10:02 AM

එතකොට මේ හාල් මිල අඩු කරේ පොළොන්නරුවේ හාල් මෝල් හිමියන්ගේ බඩට ගහන්නද ගොවියන්ගේ බඩට ගහන්නද? (නදී)

:       0       0

නිශාන්ත Thursday, 27 November 2014 10:04 AM

‍හාල් මාෆියා වැලි මාෆියා වලට ඉඩ දෙන්න එපා. මේවයින් තැලෙන්නෙ අහිංසක මිනිස්සු. වෙනදා විපක්‍ෂය මේ කාරණය ගැන කථා කලා. දැන් දේශපාලන වාසියට එයාලා නිෂ්ශබ්දයි. මෙයාලා දැන් වත් ඔය හාල් මාෆියාව නැති නරන්න බලන්න ඕනා. (නදී)

:       0       0

ගයාන් Thursday, 27 November 2014 10:05 AM

මා ගාව හාල් කෑලි තොගයක් නම් තියනවා, (හේ)

:       0       0

දසුනි Thursday, 27 November 2014 10:05 AM

ඔතන ඉදගෙන බෙරිහන් දෙන්නේ නැතුව, ගිහින් හොයන්න තියෙන්නේ.නැත්නම් වෙන දේ දන්නවනේ.(හේ)

:       0       0

ආනන්ද ජයරත්න Friday, 28 November 2014 03:40 AM

හාල් වලට බාර් සමාන කරන අයත් කමෙන්ට්ස් දානවා (නදී)

:       0       0

සරත් Thursday, 27 November 2014 10:11 AM

බයවෙන්ට දෙයක් නැහැ මොනවා නැති උනත් එතනෝල් හිඟයක් නම් ඇති වෙන්නේ නැහැ. එනිසා බත් පැකට් එක නැතත් අරක්කු ටික සුවර් එකටම ලැබෙනවා ඡන්ද කාලේදී. (නදී)

:       0       0

මානවි Thursday, 27 November 2014 10:12 AM

සහල් මිල පාලනය කරන්න ගත්ත එක නම් හොඳයි. නමුත් ඒක කරන්න ගත්ත කාලේ තමයි අවුල්. මොකද සහල් මිල වැඩි උනේ දැනට හුගක් කලකට පෙරයි. ඒ දවස්වල මොකද දන්නේ නැහැ මේ මිල පාලනය කරන්න බැරි උනේ. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේන් මේවට තමයි. (නදී)

:       0       0

සරත් Thursday, 27 November 2014 01:50 PM

එක පාරක් කුඩ සෙල්ලමකට ගිහින් නාගත්තා වගේ තව පාරක් ඇදගෙන නාගන්න හදනවද? (නදී)

:       0       0

සෑම් Thursday, 27 November 2014 10:14 AM

අපිත් බලාගන ඉන්නේ පරීක්ෂා කරන්න (නදී)

:       0       0

තිළිණ Friday, 28 November 2014 03:49 AM

" ඉර පායා ඉර පායා අළුත් දවසකට නව මං පෙතකට" දොරගුළු විවෘත වේවා! (නදී)

:       0       0

දර්ශණ Thursday, 27 November 2014 10:14 AM

ජනතාව එකග වෙනවා මෝලේ හාල් වගේ බාර් වල හංගපුවත් බලන්න ඕනා (නදී)

:       0       0

අදිරි Thursday, 27 November 2014 10:15 AM

ඒකම නෙමේ බෙනට්, වී මෝල් ආධිපත්‍ය තියෙන්නේ මෛත්‍රීගේ පවුලේ කට්ටියට කියල අදහස් තීරුවේ තිබුනා. පොඩි වී මෝල් වැහුනා එනිසා. ඒක මොන තරම් අපරාධයක්ද? ඒවාට මෙච්චර කල් ඉඩදීලා, ඔය දැන් ඇහැරිලා ඉන්නේ පළිගන්නයි. මිනිසුන්ට ආදරේට නෙමේ? (නදී)

:       0       0

අරුණ Friday, 28 November 2014 03:52 AM

ඇයි දැන් සහල් මිල පාලනය කරන්න හිතුවේ? මෙච්චර කල් නිදාගෙනද හිටියේ ? (නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 November 2014 10:15 AM

අද රටේ මැති ඇමති වරුන්ගේ ප්‍රධාන රාජකාරිය මහජන සේවය නෙවෙයි කුලියට කැහීමයි. අහෝ! රටකට ගිය කලක්. (නදී)

:       0       0

ධම්මික Thursday, 27 November 2014 10:15 AM

අනේ යන්න අනේ යන්න (නදී)

:       0       0

නිංජා Thursday, 27 November 2014 10:16 AM

සේරම කට්ටිය චීනෙට පටවන්න වෙන්නේ ඡන්දෙන් පස්සේ (නදී)

:       0       0

නිපුන Thursday, 27 November 2014 10:17 AM

හාල් සඟවනවා කියන්නේ අමුලික බොරුවක්. මේක මඬ ගැසීමක්.(නදී)

:       0       0

අජිත් Thursday, 27 November 2014 10:19 AM

ලූනු ගොවිය ලූනු ටික විකුනගන්න බැරිව පාරේ නිදාගන්නවා , මෙයාලා ඒ ගැන කතාවත් කරන්නේ නැහැ , දැන් මේ සෑම කෙනාම කතා කරන්නෙම පොලොන්නරුව ගැනමයි ? දුප්පත් මනුස්සයාට හෙන ගැහැව්වත් මෙයාලට කමක් නැහැ . මෙයාලට ඕනෙ මොන උප්පරවැට්ටියක් හෝ දලා මේ ඡන්දේ දිනන්නයි . (හේ)

:       0       0

සම්පත් Thursday, 27 November 2014 10:20 AM

වැඩි ගානට හාල් පිටරටින් ගෙනත් ඡන්දෙ නිසා පාඩුවට හාල් දෙනවා, ඒ පාඩුව මොනවහරි බද්දක් ගහල ඒ පාඩුව අපෙන්ම ගන්නවා , මේවා ලංකාවේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි, යන්න අපායවල් වෙනම හදන්න ඕනේ මේවා කරවන අයට.(හේ)

:       0       0

රුක්ෂාන් Thursday, 27 November 2014 10:20 AM

දැන්ද හාල් මතක් වෙලා තියෙන්නේ ? පැනපු දවසේ ඉඳල අද දක්වාම හාල් ගැන වගක් වත් නැතිව ඉඳල දැන් මතක් වෙලා.(හේ)

:       0       0

නිමල් Friday, 28 November 2014 04:10 AM

ලක් සහල්, ලක් බියර් වෙන්නේ කොහොමද? එතනෝල් ගෙනත් හංගන්නේ කව්ද? (නදී)

:       0       0

ලාංකිකා Thursday, 27 November 2014 10:22 AM

දැන්ද පොළොන්නරුවේ හාල් මතක් වුනේ? ෆයිල් එක බලාගෙන. (නදී)

:       0       0

ජෙහාන් Thursday, 27 November 2014 10:22 AM

අනේ ඔබතුමාට දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද (නදී)

:       0       0

සිරිසේනගේ Thursday, 27 November 2014 10:22 AM

මුදුන්කොටුව, හාල් හංගල තියෙන්නේ එයාගේ ගෙදර ගොහින් බලන්න (නදී)

:       0       0

ලක්ෂමන් Thursday, 27 November 2014 10:23 AM

නිපුන ගේ හාල් වලත් ගල් තියෙනවා (නදී)

:       0       0

සරසි Thursday, 27 November 2014 10:24 AM

හාල් මාෆියාවට කලින් ඔබතුමා බාර් මාෆියාව ගැන සොයා බැලුවොත් හොඳ නැද්ද ? (නදී)

:       0       0

පුෂ්පකුමාර Thursday, 27 November 2014 02:20 PM

අවන්කවම කියනවා නම්, ඔය හාල් වලට වඩා බාස්මති හාල් හොඳයි. හංගාගෙන ගබඩා කරගෙන නැහැ හොඳට විකිනෙනවා. එත් ටිකක් ගණන්. (ර)

:       0       0

බටංගල Thursday, 27 November 2014 10:25 AM

දැන් හෙට වෙනකොට සතොසේ හෝ ගාලා පෝලිම් තියේවි. ෆෛල් එලියට දාන එක වගේම ගේමක් ද ? (නදී)

:       0       0

පී.එම්. Thursday, 27 November 2014 10:26 AM

දැන් ද ඔයාලට ඕක තේරුනේ. මීට ඉස්සරත් ඕක වුනා. එතකොට ඔහෙලට කොන්ද පන තිබුනේ නැහැ. මොකද ඔක්කොම එක පැත්තෙනේ. දැන් තමා වී හංගන එක ගැටලුව. ඔය එක්කම බියර් වලට වී ගන්න එකත් හොයලා බැලුවා නම් තමා හොඳ. ඒකට කොන්ද පන නැහැ මොකද මිනිහා ඔහෙලගෙ පැත්තෙනේ. අනික තමුන්ගේ බාර් වලට බඩු දෙන්නෙත් මිනිහනේ. මිනිහගෙන් පංගුව යන්නෙත් කාටද දන්නවනේ. (නදී)

:       0       0

ජෙනි Thursday, 27 November 2014 10:26 AM

මෙන්න තියනවා ඇමතිතුමෝ අපේ දුම් මැස්ස උඩ මුට්ටියක. ඔබතුමා ඔච්චරටම කියන එකේ අපි ඒක හෙට කුරුණෑගලට එවන්නම්. (නදී)

:       0       0

නුවන් Thursday, 27 November 2014 10:27 AM

මේක අර මනුස්සයගෙන් පලිගන්න ගහපු ගැටයක් වගෙයි පෙනෙන්නේ (නදී)

:       0       0

ගිහාන් Thursday, 27 November 2014 10:29 AM

හාල් නෙමෙයි බාර් පරික්ෂා කරන්න . මත‍ට තිත කියලා නේද වැඩ පටන් ගත්තේ. (හේ)

:       0       0

සුදත් ඇන්තනි ලේක්කෝ Thursday, 27 November 2014 10:31 AM

දෙයියන්ගේ හාල් කැවිලා වගේ. ලොක්ක පැරදුනොත් ඉතින් මේ අය කොහේ කියලා යන්නද? (නදී)

:       0       0

ජිලෝ Thursday, 27 November 2014 10:31 AM

ව්‍යාපාරිකයන්ගේ විතරක් නෙවෙයි ගායිකාවන් ඇතුළු සැම පුරවැසියෙකුගේම ගෙවල් පරික්ෂා කලා නම් හරි හංගපු හාල් මුට්ට තියනවද කියලා. (නදී0

:       0       0

සිරී Thursday, 27 November 2014 10:32 AM

මෙච්චර දවසක් සහල් තිබුනේ මිදුලේ වනල වෙන්න ඇති නේද? (නදී)

:       0       0

පී කරුණාසේන මිලානෝ Thursday, 27 November 2014 10:33 AM

මහින්ද චින්තනයේ 'මතට තිත' වගන්තිය මෙයා තිතටම ඉටු කරමින් රජයට සහයෝගය දෙනවා. (නදී)

:       0       0

රංජිත් Thursday, 27 November 2014 10:35 AM

අනේ වෙච්ච දෙයක්.(හේ)

:       0       0

ජයරත්න Thursday, 27 November 2014 10:35 AM

අනිත් කාට වුනත් මෙයාටනම් යන්න වෙන්නේ කුරු ගනින තැනට තම පැරදුනොතින්. ඒකයි මෙච්චර බයවෙලා තියෙන්නේ. (හේ)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 November 2014 10:36 AM

ඇයි මේ වන විට හාල් හංගලාද?(හේ)

:       0       0

ක්‍රිශාන්ත Thursday, 27 November 2014 10:35 AM

හොද වැඩක්.(හේ)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 27 November 2014 10:36 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

බණ්ඩා Thursday, 27 November 2014 10:38 AM

තමුන්ගේ කටේ සද්දෙට වැඩත් තිබුනා නම් කොච්චර හොඳද (නදී)

:       0       0

බණ්ඩා Thursday, 27 November 2014 10:40 AM

ටිකක් සද්දේ දාන්න තමුන්ගේ ෆයිල් එක ටිකක් බරට උඩින්ම තියෙනවා (නදී)

:       0       0

සිල්වා Thursday, 27 November 2014 03:32 PM

වාසි පැත්තට හෙත්තු වෙනවා නේද? ජනවාරි 9 වෙනිදට පටි තද කරගෙන ඉන්න ෆයිල් ඔක්කොම් දැන් ලෑස්තියි (නදී)

:       0       0

සුරංග Thursday, 27 November 2014 10:40 AM

ඔය දේ මේ දැන්ම මතක් වුනේ ඇයි.(හේ)

:       0       0

ශාන් සෞදි Thursday, 27 November 2014 10:43 AM

සියලු එතනෝල් එලියට ගනු වෙළෙද ඇමැති යුද්ධ ප්‍රකාශ කරයි (නදී)

:       0       0

ප්‍රදීප් Thursday, 27 November 2014 03:42 PM

අනේ ඔයාගේ ෆයිල් එක ජනාදිපති පෙරලුවොත් ඔයා ඉවරයි. (නදී)

:       0       0

ලක්මාල් Friday, 28 November 2014 06:46 AM

මෙයාල මෙච්චර කල් සද්ද වහන් ඉදල ඡන්දෙ ළඟ එද්දී කකෑ ගහනවා.(ර)

:       0       0

රුවන්තිකා Thursday, 27 November 2014 10:47 AM

දැන් තමයි ඉතින් ඒවා හොයන්නේ. (නි)

:       0       0

කමල් Thursday, 27 November 2014 10:55 AM

ඔක්කොම හාල් ටික මුදුන්කොටුවේ හංගලා මේන් දැන් අපේ ගෙවල් වල හාල් තියනවද බලන්න යනවා. (ම)

:       0       0

රත්න Thursday, 27 November 2014 10:59 AM

සැඟවුණු එතනොල් එලියට දමනු (ම)

:       0       0

සුනෙත් Thursday, 27 November 2014 11:12 AM

චම්පික..බාර් එකෙන් බොන්නේ බේබද්දෝ..හාල් හැම කෙනාම කනවා. (ස)

:       0       0

සහන් Thursday, 27 November 2014 11:14 AM

සහල් වගේම රත්තරනුත් එළිහට ගන්නයි කල්පනාව. දැනුයි මේගොල්ලන්ට ඒව මතක් වෙලා තියෙන්නේ, (ස)

:       0       0

හංසී Thursday, 27 November 2014 04:38 PM

සමිතා අක්කේ, ඔයාලගේ මෝලෙත් හාල් හන්ගපුවා එහෙම තියනවාද නෑනේද? (ස)

:       0       0

දාස් Thursday, 27 November 2014 04:46 PM

මෙයත් හොඳ මෝලක අයිති කාරයෙක් තමයි. (ස)

:       0       0

හෆීල් Thursday, 27 November 2014 11:16 AM

මෙයාගේ අමාත්‍යාංශයෙන් රටට මොනවා හරි හොඳ වැඩ කරල තියනවද? බාල සිමෙන්ති, බාල පොල් ඕව නම් ගෙනැල්ල තියනවා. (ස)

:       0       0

චානක. Thursday, 27 November 2014 05:54 PM

කඩේ යන පුද්ගලයෝ හොඳට ඇස් දෙක ඇරලා බලන්න ..මේගොල්ලන්ට ජනතාව දීල තිබෙන ප්‍රතිචාරයේ තරම ....මේ සියලු දෙනාටම මාගේ ආචාරය... (ස)

:       0       0

මහේෂ් Thursday, 27 November 2014 11:35 AM

බයවෙන්න එපා. ලොක්කා පැරදුන ගමන් වීසිකරපු ෆයිල් ටික අපි නැවත එළියට ගන්නවා. (ස)

:       0       0

සරත් ප්‍රියන්ත Thursday, 27 November 2014 11:36 AM

හාල් මිල ඉහල යන විට හාල් ඉංදියවෙන් හෝ ගෙන්වා මිල පහත දැමිය යුතුයි.එතකොට ඔය හන්ගපු වී ඔක්කොම එලියට එනවා (ම)

:       0       0

දිනේෂ් Thursday, 27 November 2014 11:39 AM

ඉන්දියන් සුදු සහල් ආනයන කරන්නේ කව්ද හා (ම)

:       0       0

රාහ්මන් Thursday, 27 November 2014 06:18 PM

ඔන්න තව ෆයිල් මහත්තයෙක්. (ස)

:       0       0

අජන්ත Saturday, 29 November 2014 06:49 PM

"ඔය හැම කාගැහිල්ලක්ම බත්හැලිය ඉදෙනකම් "කියල කියමනක් තියෙනවනේ, ..අන්තිමට මහින්ද, මහිත්‍රි, හොදවෙයි ... දෙන්නම කරලා තියෙන්නේ එකම දේනේ. පරම්පරාව ගොඩදාගත් එකනේ... (ස)

:       0       0

පුන්සිරි වීරරත්න Thursday, 27 November 2014 07:19 PM

මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ සහෝදරයාගේ හාල් වෙළඳාම ගැන ඔය විදියට පහර ගහන්න එපා. ඇමතිතුමෝ ඔබත් බුර බුර ඉදලා නේද අද ඇමති වුණේ. මුල අමතක කරන්න එපා. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 27 November 2014 07:48 PM

දාස් 2014-11-27 16:46:16 මෙයත් හොඳ මෝලක අයිති කාරයෙක් තමයි. ඔව් (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 27 November 2014 07:48 PM

රටක වෙළද ඇමති.මොකක්ද පාස් කරලා තිබෙන විභාගය ? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 27 November 2014 07:50 PM

මට ලංකාවට තොග පිටින් එතනෝල් ගෙන්වන මුදලාලිව මතක් වුනා .බය වෙන්න එපා 8 වෙනිදට පස්සේ බලා ගන්න මොකක්ද වෙන්නේ කියල.(ස)

:       0       0

නොයෙල් Thursday, 27 November 2014 12:07 PM

අයියා වෙනුවෙන් මල්ලි සටනට බැස්ස කියලා පුවතක් අද පත්තරේක තිබුණා. ආන්න එතන සහ ඒ අවට බලන්න. ලංකාවටම අවුරුද්දකට ඇතිවෙන්න එහෙ හාල් ඇති. (නදී)

:       0       0

බේබි Thursday, 27 November 2014 08:05 PM

පාස් කරලා තිබෙන විභාගය ? ප්‍රන්සයේ සෝබෝන් වළලු. (නදී)

:       0       0

බේබි Thursday, 27 November 2014 08:08 PM

මා හරි උගතා මා හරි වියතා - සිතනා මිනිසා තිරිසනෙකි. (නදී)

:       0       0

බන්දුල රත්නායක Thursday, 27 November 2014 08:40 PM

හාල් හිඟයකුත් නැතිව මොකද මේ හදිසියේම කුලප්පුව හැදිලා වගේ. අපි දන්නවා හේතුව නම්. ඉතින් දැන් රුපියල් හැටට දෙන්න පුලුවන්නම් මෙච්චරකල් නොදී හිටියේ මොකද. 8 වෙනිදායින් පස්සේ ඔයාලගේ බලපුළුවන්කාරකම් සේරම ඉවරයි. (නදී)

:       0       0

අසිත Thursday, 27 November 2014 12:27 PM

හාල් එලියට දැම්මොත් සතොසේ ගණන් බහිනවා. ගෙනාපු ගානටත් වැඩිය අඩුවට දීල පාඩු වෙනවා නේද එතකොට? ගෙදර එකවුන්ට් එකෙන් ගෙන්නපුවද මෙහෙම අය ද මේ රට කරවන්නේ. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 November 2014 10:36 PM

බුද්ධිමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි මේ ඔබලාගේ කෙනෙක්ද? මොහු ගෙන යන්නේ ඔබලාගේ මතයද? මොහු බණ්ඩාරනායකවරුන් මනා සංයමයකින් ගොඩනැඟූ ප්‍රතිපත්තිද මේ ඉදිරියට ගෙන යන්නේ? හොඳින් කල්පනා කර බලන්න මෙයාගේ 'මෝල්' වල නිෂ්පාදනය කර ලාංකිකයාට බෙදා හරින්නේ මොනවද කියලා? (නදී)

:       0       0

කමල් Thursday, 27 November 2014 12:28 PM

කවදා ඉදලාද වැඩ කරන්න පටන් ගත්තේ? (නදී)

:       0       0

අමර Thursday, 27 November 2014 12:29 PM

කුරුණෑගල බෝගහ ඉස්සරහ බාර් එකක් දාලා තියෙන්නේ කව්ද. (නදී)

:       0       0

වරුණ Thursday, 27 November 2014 12:31 PM

අරලිය උන්නැහේට ගේමක් දෙන්න වගේ හදන්නේ. එකපාරට ජහමනයා ගැන අනුකම්පාවක් ඇවිල්ලා. පහුගිය ටිකේ එතනෝල් හදන්න හාල් ටික විකුනනකම් බලාගෙන හිටිය මේගොල්ලන් වගේ කට්ටිය හින්දා තමයි මහින්ද මහත්තය කිසි කරදරයක් නැතිව දිනාගන්න තිබ්බ ජනාධිපතිවරණෙ මෙච්චර අමාරු උනේ (නදී)

:       0       0

උමේෂ් Thursday, 27 November 2014 12:32 PM

හාල් නෙවෙයි ලැම්බෝගිනි ටික ඔන්න හංගලාලු. (නදී)

:       0       0

තරුක Thursday, 27 November 2014 12:33 PM

හාල්,හොර හරක් ජාවාරම , වැලි , නිදන් ඔක්කොම හාරපු මගේ 3 ගිය නිසා දැන් අපිට හාල් ටික අඩුවට ගන්න පුළුවන්. නැති දුලි වෙන්න ඕන මහවැලි ගගට කරන හානියට (නදී)

:       0       0

අමන්දා Thursday, 27 November 2014 11:11 PM

එ් මුදලාලිට සහල් මුදලාලිලා මතක් වෙලා තියෙන්නේ (නදී)

:       0       0

ජිලෝ Thursday, 27 November 2014 11:17 PM

අටුවේ තිබුන වී ටික නැති වූ සේමා. (නදී)

:       0       0

සමන්ත Thursday, 27 November 2014 11:31 PM

පිස්සුද මන්දා. මෛත්‍රී මහත්තයා පොලොන්නරුවෙනේ. එ්කයි මොනවා කරන්නද? මෙච්චර කල් රටේ අය කෑවේ පොළොන්නරුවේ හාල්ද? (නදී)

:       0       0

සමන්ති Thursday, 27 November 2014 11:47 PM

සිරිසේනගේ මහත්තයෝ ඒක තියෙන්නේ ඇහැලියගොඩ පැත්තේ. ඒ පැත්ත ලොකු හාල් මෝලුත් නැහැ. හාල් හංගලත් නැහැ. (නදී)

:       0       0

සමන්ති Friday, 28 November 2014 12:00 AM

අනෝතත්ත විල නෙළුම නෙළාලා , පීරා වරලස මල් ගවසාලා , නාග ලොවින් නාලිය ගමනින්, වාණිජ මැති එනවා සබයට හාල් සොයාලා // (නදී)

:       0       0

සමන්ත Friday, 28 November 2014 12:04 AM

ඇත්තට වෙන කෙනෙක් නම් විලි ලැජ්ජාවක් කියල දෙයක් තියනවා නම් මේ මහජන අදහස් ටික දැකල හරි හැදේවි. (නදී)

:       0       0

චම්පිකා Friday, 28 November 2014 01:05 AM

මිනිස්සු තව හාල් ගරන්න පටන් ගත්තේ නැහැ. එතකන් බෙරිහන් දෙනවා. (නදී)

:       0       0

සුරංග Friday, 28 November 2014 01:09 AM

ඊට වඩා හොඳ නැද්ද සැඟවුන සංගීත තැටිය එලියට දැම්ම නම් (නදී)

:       0       0

බුවනෙක Friday, 28 November 2014 01:12 AM

මොකද මේ හිටි ගමන් රාජකාරි මතක් වෙලා. මෙච්චර කල් කලා කටයුතු කරගෙන යුග ගීයක් ගයාගෙන හිටිය වගේ ඉන්නකෝ. (නදී)

:       0       0

ලසන්ත Friday, 28 November 2014 01:17 AM

දැන් ඉස්සෙල්ලාම ඔබතුමා මොන කඩේ හාල්ද කන්නේ කියන්නකෝ. (නදී)

:       0       0

චමි Friday, 28 November 2014 01:22 AM

රටක වෙළඳ කටයුතු භාර දෙන්න ඕන අඩු වශයෙන් වාණිජ හෝ ආර්ථික විද්‍යා ඩිප්ලෝමාවක් වත් හදාරපු , යම් කිසි වෘත්තීය දැනුමක් ඇති කෙනෙකුට. එහෙන් මෙහෙන් පනින කට්ටිය තියාගන්න ඔක්කොම ප්‍රධාන තනතුරු දෙනවා. ඊට පස්සේ පක්ෂෙට දර දිය ඇදපු මිනිස්සු යන්න ගියාම හාල් හොයපල්ලා කියනවා. (නදී)

:       0       0

බණ්ඩා Thursday, 27 November 2014 01:03 PM

හා බලාගෙන ඉන්න ඔයාගේ ගෙදර හංගගෙන ඉන්න දේපල ජනවාරි 9 අපි එලියට අදින්නම් (නදී)

:       0       0

රොෂාන් Friday, 28 November 2014 01:31 AM

කෙහෙල්මල් හාලක් නෙවෙයි ඇමතිතුමෝ අන්න අර ලුණු වල ප්‍රශ්නය ගිහින් බලන්න. රටේ වෙළඳ කටයුතු විහිළුවක් වෙලා. හිතන්නේ අපි තුන් වේලටම හාල් විතරක් ගිලින්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ඒ එක්කම ලුණු පරිප්පු අල එලවලුත් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ගත් කනවා තුමෝ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 28 November 2014 01:38 AM

මයිත්‍රිපාල මහත්මය ඔය පැත්තේ හිටියනම් මේ හංගපු හාල් එලියට ගන්න කතාව බොරු. මොකද හාල් හංගන්නේ අද ඊයේ ඉදල නොවෙයිනේ? ඔය වැඩෙන් වෙන්නේ ගොවියාගෙන් රුපියල් 40.00 ට ගන්නවා කියපු වී මිල බහින එකයි, අපේ සල්ලි රට රට වලට යවන එකයි මැති ඇමතිවරුන් එ්කෙන් කොමිස් ගහන එකයි විතරයි. දැක්කනේ ඌවෙ ඡන්ද කාලේ වැලිමඩ අර්තාපල් වැඩි මිලට අරන් වෙච්ච දේ? අන්තිමට අල කුණු උනා. සමුර්දි ලාභීන්ට කිලෝ 2 ගානේ නොමිලෙත් දුන්නා. (නදී)

:       0       0

චම්පික Thursday, 27 November 2014 09:23 AM

ඔය සහල් හොයන්න කලින් ඔයාගේ බාර් ගැන බලා ගන්න (නදී)

:       0       0

ඩඩ්ලි Thursday, 27 November 2014 09:27 AM

අපි දන්නවා කාටද මේ කියන්නේ කියලා. (නදී)

:       0       0

මාටින් Thursday, 27 November 2014 09:46 AM

බැංකුවලින් ණයට මුදල් ලබාගෙන මිලට ගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් ? ඉතින් එළියට දාලා පාඩු උනොත් වෙළද ඇමතිතුමා අලාභයයි බැංකු ණයයි ගෙවනවද? (බ)

:       0       0

නසා Thursday, 27 November 2014 09:47 AM

මුල් පියවර. (ර)

:       0       0

කුෂාන් Friday, 28 November 2014 02:10 AM

අමුතුවෙන් සොයන්න දෙයක් නැහැ ඔක්කොම ඇත්තේ ඔබතුමා පසුගිය කාලේ අල හාල් තුනපහ අරන් විසිටින් ගිය තැන් වල. (නදී)

:       0       0

රමේෂ් Thursday, 27 November 2014 09:48 AM

නියමයි ඇමති තුමනි. (ර)

:       0       0

නාලක Thursday, 27 November 2014 09:48 AM

හාල් මාෆියාව කාගේද කියලා අපි දන්නවා (නි)

:       0       0

ධම්ම Thursday, 27 November 2014 09:49 AM

අපිත් මේ කතා කර කර හිටියේ ඔය ගැනම තමා. සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරිකයින් වහාම අත්අඩංගුවට ගන්න. (නි)

:       0       0

සමන් Thursday, 27 November 2014 09:49 AM

හොඳයි බලමුකෝ... (නි)

:       0       0

සමන්ති Thursday, 27 November 2014 01:28 PM

ලංකාවේ ලොකුම හාල්මෝල තියෙන්නේ ආණ්ඩු පක්සේ කෙනෙක් ගාවනේ. වැඩිමිලට වී ගන්නේ අර බියර් පාට දාන එක්කෙනත් ඉන්නේ ආණ්ඩු පැත්තේ නේද ? බියර් නිසා එතනෝල් වලට පාඩුද? (නදී)

:       0       0

අමිල Thursday, 27 November 2014 09:50 AM

දැන් වීරයා වගේ කෑගහනවා.... (නි)

:       0       0

විභූති Thursday, 27 November 2014 09:50 AM

දැන්ද ඕක දන්නේ? (නි)

:       0       0

යොමාල් Friday, 28 November 2014 02:57 AM

මොනවාහරි වෙලා සහල් මිල අඩුවෙනවා නම් එච්චරයි (නි)

:       0       0

බෙනට් Thursday, 27 November 2014 09:56 AM

දැන් දැන් මෙයාල ඉන්නේ බයවෙලා .. නිකන් හරි පැරදුනොත් කොහේ කියලා යන්නද නේ .(හේ)

:       0       0

චතුර Thursday, 27 November 2014 09:59 AM

හොද වැඩක්. එ්ත් මාතලේ ඇමතිතුමා බියර් හදන්න වී ගන්න එක අවුලක් නැද්ද ? (නදී)

:       0       0

ගම්ලත් Friday, 28 November 2014 03:20 AM

ඇමතිතුමා සිරිසේනට ගහනකොට සිරිපාලටත් වදිනවා. සමහර කතා වලට ඔබතුමාට රිදුනට, ඔබ තුමා දැන් සිරිසේනට ගහන්න ගිහින් සිරිපාලවත් අනිත් පැත්තට පන්නන්න හදන්නේ. අන්තිමට කෙලවෙන්නේ අපේ ජනාධිපති තුමාටයි. අඟේ ඉඳන් කන කන්න එපා. ඔබතුමා වගේ මිනිසුන් නිසා තමා ජනාධිපතිතුමාට අද ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙන්නේ. කවුද ඇමති කෙනෙක් ඒ කාලේ විපක්ෂේ ඉන්නකොට ජනාධිපති තුමාව මරන්න ආව මරාගන මැරෙන කොටියෙකුට නවාතැන් දුන්නලුනේ. ඒ වගේ මිනිස්සු ගැන ජනාධිපතිතුමාට අමතක වුනාට අපි දන්නවා. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 27 November 2014 10:00 AM

බැරල් වල දාලා වරායෙන් පන්නපු හාල්ද? දැන් දැන් දෙයියන්ගේ හාල් කැවෙනවා වගේ පෙනෙන්නේ.(හේ)

:       0       0

කැළුම් Thursday, 27 November 2014 10:02 AM

මොකද මේ හදිස්සිය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 28 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1340 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 821 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1365 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 969 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site