ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමෙයේ ශාසනික ලේකම් බියගම සුසිල හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) පෙත්සමක් ගොනු කළහ.
මෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියි.
2015 දරන තේරවාදී භික්ෂු කතිකාවත (ලියාපදිංචි) නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කර තිබෙන අතර මෙම පනත් කෙටුම්පතෙහි 2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15 සහ 16 යන වගන්තීන් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 4(ඇ) ,9,10,11,12(1), 12(2), 14(1) ඇ සහ 14(1) 6 වගන්තීන් වලට පටහැනි බව ඒ හිමියෝ කියා සිටිති.
මෙම පනත් කෙටුම්පත බලපැවැත්වෙන්නේ ථෙරවාද බුදු දහමට පටහැනිව බවත්, එබැවින් ථෙරාවාදී භික්ෂූන්ට නිදහස අහිම වන අතර මහායාන භික්ෂූන්, ක‍්‍රිස්තියානි සහ කතෝලික පූජකවරුන්ට එය බල නොපාන බවත් පෙත්සම කියයි.
මෙම කථිකාවත තුළීන් නිදහස් සිතුවිලි වලට අනුව නිදහසේ තමන් කැමති ආගමක් ඇදහීමේ මූලික අයිතීන් අහිමි කිරීමක් බවද එහි දැක්වේ.
එබැවින් මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නියෝග කරන ලෙසද ඒ හිමියෝ කියා සිටිති.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සඟ කතිකාවත මහ උසාවියට
තරංග Tuesday, 19 January 2016 04:39 AM
මම නම් මේ වෙලාවේ ගන්නේ ස්වාමින් වහන්සේලාගේ පැත්ත (නි)
සමන් Tuesday, 19 January 2016 04:39 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
සේනක Monday, 18 January 2016 06:09 PM
බෞද්ධ දර්ශනය බුද්ධිමත්ව සහ විචාරශීලීව අනුගමනය කරන පහන් සිතුවිලි ඇත්තාවූ සාධු ජනයාට ථෙරවාදී කතිකාවත වේවා මහායාන කතිකාවත වේවා මේ කිසිවක් අදාළ නොවේ. ගල් බොරළු නැති කටු කොහොල් නැති මාවත දිගේ ගැල ඉදිරියටම ඇදෙයි. (නි)
ගන්කන්ද Monday, 18 January 2016 10:10 PM
භික්ෂුන් අරභයා ගෙනඒමට නියමිත නව පනත් කෙටුම්පතට අදාළ නඩු විභාග කිරීමේ විනිසුරුවරුන් ලෙස ගිහි පුද්ගලයින් පත්නොකළ යුතුය. මෙම නඩු විභාග කිරීමට බෞද්ධ දර්ශනය, පාලි, විනය පිටකය සම්බන්ධව මනා අවබෝධයක් ඇති උගත් සංඝයා වහන්සේ පමණක් පත්කළ යුතුය. එහි අභියාචනා පවා ගිහියන්ගේ අධිකරණවල නොව සංඝ උත්තරීතර විනිශ්චය මහා සභාවක සිදුකළ යුතුය. (නි)
දේවක Monday, 18 January 2016 10:37 PM
භික්ෂුන් අරභයා ගෙනඒමට නියමිත නව පනත් කෙටුම්පතට අදාළ මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ දී බෞද්ධ දර්ශනය, පාලි, විනය පිටකය සම්බන්ධව මනා අවභෝධයක් ඇති උගත් නීතීඥවරුන් සම්බන්ධ වෙනවාද? ලංකාවේ ඉන්න නීතීඥවරු අභිධර්මය, විනය පිටකය, පාලි බස ගැන දන්නේ මොනවද? මෙහෙම බුදුදහම ගැන තීන්දු ගැනීමට ඉඩ දී බලා සිටිමුද? (නි)
අතුල Tuesday, 19 January 2016 05:22 AM
මේ ආණ්ඩුව මොන දේ කළත් එයට විරුද්ධවෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ (නි)
රොකී Monday, 18 January 2016 01:36 PM
දුසිල් මහනුන්, සාසන දූෂකයන්, පන්සල් පාලුවන් භික්ශූත්වයෙන් නෙරපා දැමීම සිල්වත් යහපත් ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේත්, සැබෑ බෞද්ධයන්ගේ මෙන්ම පොදු සමාජයේත් යහපතට හේතු වන බවත්, එයට නිසි කල පැමිණ ඇති බවත් විචාරශීලී ජනතාවට වැටහේවා! (බ)
දුමින්ද Monday, 18 January 2016 01:57 PM
දියවන්නාවේ අයට මග ඵල ලැබිලද සංඝ විනය නීති හදන්නට (බ)
බන්නැහැක Monday, 18 January 2016 02:08 PM
දුසිල් මහණුන්, සාසන දූෂකයන්, පන්සල් පාලුවන්, පිවිතුරු නම ගසාගෙන සිටින අපවිත්‍ර ශ්‍රමණ වේශධාරීන් භික්ෂූත්වයෙන් නෙරපා දැමීම සිල්වත් යහපත් ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේත්, සැබෑ බෞද්ධයන්ගේ මෙන්ම පොදු සමාජයේත් යහපතට හේතු වන බවත්, එයට නිසි කල පැමිණ ඇති බවත් විචාරශීලී ජනතාවට වැටහේවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කළහොත් කහවස්ත්‍රධාරී තලිබාන් වරුන්ගෙන් ගෞතම බුදුන්ගේ ශාසනය බේරා ගැනීම සඳහා එය ජනමත විචාරණයේදී දිනවීමට විචාරශීලී ජනතාවට සිත් පහල වේවා. (බ)