IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සචින්/ මුරලි ‘සුව පුරුදු‘ ඉනිමක් අරඹති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන්   සචින් තෙන්ඩුල්කාර් සහ මුත්තයියා මුරලිදරන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද ඇරැඹූහ.

තෙන්ඩුල්කාර්  සඳහන් කර සිටියේ කොළඹ හැමදාමත් තම මතකයේ රැඳෙන ස්ථානයක් බවයි. 

එසේම පාචනය වැළඳීමෙන් දිනකට දරුවන් 1600 මියයන බව දැන ගැනීමෙන් තමා අතිශය කම්පාවට පත්වූ බවත් එබැවින් හොඳ සෞඛ්‍ය පුරුදු කුඩා ළමුන්ට හුරු කරවීමේ අවශ්‍යතාවය තදින්ම පවතින්නේ යැයි ද තෙන්ඩුල්කාර් මහතා කීය.හොඳ සෞඛ්‍ය පුරුදු ළමයින්ට ඉගැන්වීමේදී පවුලක මවට වැඩි කාර්ය භාර්යයක් පැවරෙන බව ද හෙතෙම  කීය.

මුත්තයි මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ක්‍රිකට් තරුවක් බවට පත්වූයේ මහජනතාව නිසා හෙයින් ඔවුන් වෙනුවෙන් පෙරළා යමක් කළ යුතු බවයි. විශේෂයෙන්ම මෙරට සිටින දුගී ජනතාව වෙනුවෙන් කළ හැකි හොඳම පියවර හොඳ සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම බවද ඔහු කීය.

DSC_0627 DSC_0663 DSC_0673



අදහස් (0)

සචින්/ මුරලි ‘සුව පුරුදු‘ ඉනිමක් අරඹති

රොෂාන් Monday, 12 October 2015 05:56 PM

හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)

:       0       0

දුමින්ද Monday, 12 October 2015 09:09 PM

වැඩේ නම් හොඳයි. හැබැයි ඉතින් තෙන්ඩුල්කාර්ට නම් මේක පටන්ගන්න තිබුණේ බොම්බායෙන්ම තමයි (නි)

:       0       0

නයන Tuesday, 13 October 2015 12:22 AM

කොළඹ තරුපහේ හෝටලයක සිට අඩු වරප්‍රසාදලාභී ජනතාවට හොඳ පුරුදු උගන්වන්න නම් ටිකක් අමාරුයි (නි)

:       0       0

කිත්සිරි Tuesday, 13 October 2015 01:09 AM

මමත් හිතන්නේ නයන කියන දේ ප්‍රායෝගිකයි (නි)

:       0       0

ජයාත් Tuesday, 13 October 2015 01:11 AM

එහෙමම කියන්න එපා නයන. මේකේ පොඩි හරි හොඳ දෙයක් තියනවානේ. (නි)

:       0       0

සුබා Tuesday, 13 October 2015 01:45 AM

ලංකාවේ ඔය කියන විදිහට දවසකට ළමයි 1600 ක් පාචනයෙන් නම් මියයනවා කියන එක නම් මට පිළිගන්න අමාරුයි. ඔය දත්ත අවුරුදු බර ගානකට පෙර නම් ඇත්ත වෙන්න පුලුවන් ඇති. අනික අපේ රටේ ඉන්න දෙමව්පියෝ දැන් හුඟක් දැනුවත් (නි)

:       0       0

මාධව පෙරේරා Tuesday, 13 October 2015 01:56 AM

යුනිසෙෆ් වැඩසටහන් ගැන අපිට හොඳ අවබෝදයක් ඇත. එම නිසා නිසැකවම මෙවැනි වැඩසටහන් සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. (නි)

:       0       0

උපාලි Tuesday, 13 October 2015 07:35 AM

කොළඹ තරුපහේ හෝටලයක සිට කතාකරන්න කලින් මුරලි වැනි ගම දන්නා වූ සහෘදයින්ට අපි කියන්නේ අපේ ආදරණිය සචින් සමග රට තොට ගම්මාන කරා ඇවිද බලන්න. ඔබලාගේ දක්ෂකම් වලින් උපයාගත් දැනුම සම්පුර්ණයෙන් සහ මුදල් වලින් කොටසක් හෝ වැය කර පිනක් කර ගන්න. ඔබලාට බුදු සරණයි.! (ර)

:       0       0

රූපා Tuesday, 13 October 2015 07:44 AM

ඔබදෙපලට බොහොම ස්තුතියි. අපේ රටේ සෞඛ්‍ය බලන්න කොළඹ ඇවිත් මේ ගැන කතා කරන්න හිතපු සචින්, මම නම් කියන්නේ ඔබගේ රටේ නම් මේ ලෙඩ රෝග ගැන හොයන්න ඔබට විශාල ඉන්දියාවේ ගම්මාන කරා යන්න ඔබගේ ජිවිතේ පුරාමත් බැරි වේවි. මම නම් ඇසින් දැකපු සත්‍ය ඉන්දියාවේ ගම්බද සෞඛ්‍ය තමයි මුලින්ම සචින් දුටුව යුතුව තිබුනේ. එය ඉතාම අයහපත් මට්ටමක තියෙන්නේ. අපේ රට නම් තවමත් 90% ක් හොඳයි. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 03:13 AM

දවසකට 1600 ක්? මොන ඛේදවාචකයක්ද මේ? (නි)

:       0       0

නුවන් Tuesday, 13 October 2015 03:16 AM

ඉන්දියාවෙන් ඕක පටන්ගත්තොත් නරකද ?(ම)

:       0       0

රොෂාන් Tuesday, 13 October 2015 04:10 AM

පුදුමය කියන්නේ වැසිකිළි කැසිකිළිවත් නැති ඉන්දියාවෙන් ඕක පටන්ගත්තේ නැති එක (නි)

:       0       0

චන්දික Tuesday, 13 October 2015 04:19 AM

හොද සුසංයෝගයක් (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 13 October 2015 04:56 AM

දවසට 1600 නම් අවුරුද්දට 584,000ක්? (නි)

:       0       0

නුවන්සර Tuesday, 13 October 2015 05:19 AM

මෙම ගණන ලොව තෝරාගත් රටවල් ගණනින් බෙදා හදාගත් පොදු අගයකි.ඒ අනුව ඉන්දියාවේ දිනකට පාචනයෙන් මියයන්නේද 1600ක් වැනි සංඛ්‍යාවකි. (නි)

:       0       0

අමිල Tuesday, 13 October 2015 05:26 AM

මම හිතන්නේ දවසකට 1600 ක් කියන්නේ මුළු ලෝකෙන්ම වෙන්න ඕනි. (ස)

:       0       0

ගාමිණි Monday, 12 October 2015 03:46 PM

කරුණාකර ලයිෆ් බෝයි විකුනන්න එවිට සුවපුරුදු රැකෙයි (අ)

:       0       0

යෙනුර Tuesday, 13 October 2015 05:52 AM

හොඳ වැඩක්. සාර්ථක වේවා! (නි)

:       0       0

සරත් Tuesday, 13 October 2015 05:54 AM

ඔව්, ඉන්දියාවෙන් පටන්ගෙන ආවානම් හොඳයි. ඔය ගැටලුව දරුණු ලෙස තියෙන්නේ ඉන්දියාවේ නිසා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 777 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2074 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 416 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 184 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1534 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 32 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site