IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සංචාරක ආකර්ශනය දිනන්න මිලියන 200ක්

ලබන වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වසරේදී දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 18ක් වනු ඇති බවත් එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක (රුපියල් බිලියන 336) විදේශ විනිමයක් අපේක්ෂා කරන බවත් එම කාර්යාංශය පවසයි. 

2015 වසරේ පළමු මාස 5 තුළ සංචාරකයන් 7, 14,584ක් ශ්‍රී ලංකාවට පැමිණි අතර එය පෙර වසරේ සංචාරක ආගමනයට වඩා 16.5% වර්ධනයකි.

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ඉදිරි මාස 4 ඇතුළත සී.එන්.එන්, බී.බී.සී, සී.එන්.බී.සී. ඇතුළු විදේශීය මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමටද අපේක්ෂිත බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ ප්‍රවර්ධන කටයුතු  සඳහා රුපියල් මිලියන 200ක් වැය කෙරෙනු ඇතැයිද සඳහන්ය.



අදහස් (0)

සංචාරක ආකර්ශනය දිනන්න මිලියන 200ක්

ද සිල්වා බර්ලින් Wednesday, 24 June 2015 08:28 AM

අපට අවශ්‍ය ඉන්දියාවෙන්, චීනයෙන්, පකිස්ථානයෙන් එන ඇල්වතුර බොමින් පාන් කන,රෙදි සහ කුඩු වෙලදාම් කරන සංචාරකයන් නොව ලෝකයේ දියුණු රටවලින් එන අතදිග හැර මුදල් වියදම් කරන සංචාරකයන්ය. ඔවුන්ව ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ ආණ්ඩුව මොනවද ක්‍රියාත්මක කල විශේෂ වැඩ පිළිවෙලවල් කියා මට දැනගන්න පුලුවන්ද? (නදී)

:       0       0

ද සිල්වා Wednesday, 24 June 2015 08:48 AM

ආයෝජන මණ්ඩල හරහා මහා පරිමාණ බහුජාතික හෝටල් හිමියන්ට රජය මගින් විශාල සහන සැලසේ , නමුත් ඔවුන් උපයන මුදලින් වැඩි කොටසක් ආපසු විදේශයට. දැන් අපේ ශ්‍රී ලංකික සුළු පරිමාණ සංචාරයක් ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමය , නමුත් එහෙම දෙයක් සිදුවන් බව පෙනෙන්නට නැත .ඔය විදේශ මාධ්‍ය මගින් ප්‍රවර්ධනය කරන අතරම , දේශීය සුළු පරිමාණ ව්‍යාපාරිකයන් අඩු පොලියට ණය , සහන මිලකට ලිකර් බලපත්‍ර , සංචාරකයන් ප්‍රවාහනයට බදු සහන මත වාහන වැනි දෙයක් දුන්නොත් මොකද? (ම)

:       0       0

ශාන්ත ගමගේ Wednesday, 24 June 2015 08:56 AM

කොළඹ හා ප්‍රධාන නගර ලස්සනට තියාගන්න ඔතරම් මුදල් වියදම් වෙන්නේ නැහැ.(ම)

:       0       0

සජී Wednesday, 24 June 2015 09:39 AM

කලින් රජය මෙවැනි ප්‍රචාරණ වැඩ සටහන් කරනකොට මටමතකයි ඒ කාලයේ විපක්ෂයේ හිටපු උදවිය ඒවා විවීචනය කරපු අන්දම. ඒ උනාට මෙයාලට දැන් තේරිලා එදා කරපු දේවල් හරි කියලා. (ර)

:       0       0

හර්ෂලාල් Wednesday, 24 June 2015 12:11 PM

මුස්සමිල් උන්නැහේ ඔය ලස්සනට තියන්න හදන්නේ.(හේ)

:       0       0

අනුර Wednesday, 24 June 2015 12:23 PM

මේ වසරේ මුල් මාස කිහිපය වනවිට විදේශ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 7 ඉක්ම වුයේ පසුගිය වසර කිහිපය තුළ සංචාරකයින්ට අවශ්‍ය ලොකු හා මධ්‍යම පරිමානයේ හෝටල් ඉක්මනින් ඉදිකිරීමත්, තිබුණු හෝටල් නවීකරණය හා පුළුල් කිරීමත් නිසාය. එමෙන්ම රටපුරා සංචාරයට අවශ්‍ය යටිතල පහසුකම් විධිමත් කිරීම සිදුවිය. සංචාරකයන්ට අවශ්‍ය කාමර පහසුකම් පුළුල් කිරීමකින් තොරව මෙම ඉලක්ක සපුරාලිය නොහැක. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නව රැකියා හා අමතර ආදායම් ලැබුනේ ඒ නිසා බව අමතක කළයුතු නැහැ. (හේ)

:       0       0

නාමල් Wednesday, 24 June 2015 01:01 PM

මගේ අදහස නම් මේ සඳහා ශ්‍රී ලංකා එම්බසි ටිකත් කැපවෙලා වැඩකරන්න ඕනෑ. මම දුටුව විදිහට අපේ එම්බසි වලින් කරන්නේ දාන, වෙසක්, නත්තල්, දීපාවලි වගේ දේවල් විතරයි. ඊටපස්සේ ලංකාවේ මිනිසුන්ගෙන්ම සල්ලි එකතු කරලා සමරු පොත් ගහනවා. ඔයාලා අපේ එම්බසි වෙබ් වලට ගිහින් බලන්න. සිංගප්පුරුවේ ඉන්න නිසා මම දන්නවා. මෙහෙත් එහෙමයි. ඕවා කරන්න ඕනෑ ඒ රටවල ඉන්න ශ්‍රී ලංකා සංවිධාන. මේ ගැන සංවාදයක් ඇති කරන්න. (නි)

:       0       0

සාලිත ප්‍රසාද් Thursday, 25 June 2015 04:02 PM

අර මල් පැල ටික එහෙම ගලවල විසික් කරේ ඒවට සල්ලි යනව කියල නෙ. (අ)

:       0       0

චමින්ද Wednesday, 24 June 2015 04:04 PM

මේ සල්ලි වියදම් වෙනහැටි කවුද බලන්නේ? . (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 24 June 2015 08:08 AM

සංචාරක ආකර්ෂණය ලබාගන්න අපි තවමත් පසුපසින් ඉන්නේ අනෙක් රටවල් එක්ක සසදද්දී.විශේෂයෙන් ඉන්දියාව වගේ රටක් ලෝකේ හැම තැනකම එයාලගේ දේශීයත්වය ලොවට කියාපාන්න තරම් පෙරමුණ අරන් තියෙනවා විවිධ මාධ්‍ය තුලින්.ඒ වගේ අපේ රටත් ලෝකයා සමඟ කටයුතු කලොත් මිට වඩා ආකර්ෂණයක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ.(ම)

:       0       0

චන්ද්‍රා Wednesday, 24 June 2015 10:40 PM

මොනදේ කළත් වැඩක් නැහැ, සංචාරකයන්ට අවශ්‍ය ආරක්ෂාව දෙන්න බැරිනම්.මුල්තැන දෙන්න ඕනෑ ඒකට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2351 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1741 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2579 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2729 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1248 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35987 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site