(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(31)වන දා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කළහ.
ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධව ද මෙහිදී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කළේය.
නව සංචාරක කලාප ඇති කිරිමේදී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් හා කාර්යක්ෂම අන්දමින් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ (SLRM), ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී චොල්පොන් මැම්බෙටෝවා (Cholpon Mambetova), ජල හා නාගරික සංවර්ධන අධ්‍යක්ෂ( SG-WUD), ශ්‍රීනිවාස් සම්පත් ( Srinivas Sampath), ජ්‍යෙෂ්ඨ නාගරික සංවර්ධන විශේෂඥ /මෙහෙයුම් නායක එල්මා මොර්ෂෙඩා (Elma Morsheda), ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී ( SG-WUD) පංචාලි ඇල්ලෙපොල, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පී. ඒ. ඩී දමයන්ති යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සංචාරක කර්මාන්තයට ආසියා සංවර්ධන බැංකුවෙන් සහය
sanath Friday, 31 January 2025 02:17 PM
මොන බැංකුවෙන් සහාය දුන්නත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය කරන්න අපහසුවෙලා තිබෙන්නේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයා කරන සෑම දෙයටම අකුල් හෙලන්න බලන් ඉන්න දූෂිත රජයේ නිලධාරීන් නිසා. අපට එක එක බලපත්‍ර ගැනීමට විශාල කාලයක් රජයේ කාර්යාලවල රස්තියාදු වෙන්න සිදුවෙලා... ´එහෙම වුණාම ව්‍යාපාර කරන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ... කලාපේ වෙනත් රටවල මෙහෙම කරදර නැහැ. එම නිසා ඔවුන්ට මනස නිදහසේ තබාගෙන ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්..