ජාත්‍යන්තර විකාශන ආයතන තුනකට රුපියල් මිලියන 500ක් පමණ ගෙවීමට තිබෙන හෙයින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන ව්‍යාපාර අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව එම ආයතනයේ සේවා පවත්වා ගැනීමේ දී ඇති ගැටළු නිසා අමතර ණය රුපියල් මිලියන 600ක් පමණ ගෙවීමට ඇති බවත් ඩේලි එෆ්.ටී. පුවත් පත වාර්තා කරයි.
2014 සිට 2015 මාර්තු දක්වා වූ කාලය තුළ අල්ජසීරා, ස්කයි නිවුස් හා බ්ලූම්බර්ග් යන මාධ්‍යවල කළ ප්‍රචාරණ කටයුතු සඳහා එම හිඟ බිල්පත් ගෙවීමට ඇතැයි සංචාරක සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජානක සුගතදාස මහතා පවසයි.
“අල්ජසීරා, ස්කයි නිවුස් හා බ්ලූම්බර්ග් යන මාධ්‍ය ආයතනවලට අපිට ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 500ක් විතරයි. අනුමැතිය සඳහා මෙම විස්තර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. මෙම හිඟ මුදල් ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදල්වලින් ගෙවීමට නියමිතයි“ ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ජානක සුගතදාස මහතාට අනුව පසුගිය රජය මෙම ගිවිසුම් අත්සන් කර ඇත. මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතියේ සම්පුර්ණ වියදම රුපියල් මිලියන 700ක් පමණ වන අතර ඉන් රුපියල් මිලියන 200ක් පමණ පසුගිය රජයේ හිටපු නිලධාරීන් විසින් ගෙවා දමනු ලැබ ඇත.
ඊට අමතරව ප්‍රවර්ධන වැඩසටහන් හා අනුග්‍රාහක වැඩසටහන් සඳහා භාවිත කළ ශ්‍රී ලංකා ප්‍රවර්ධන අධිකාරියේ නොගෙවු ණය මිලියන 600ක් පමණ ඇති බවද සුගතදාස මහතා කීවේය.
“මෙම ව්‍යාපෘතිවල අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා.මෙහි ස්වභාවය පැහැදිලි නැහැ. නීත්‍යානුකූලභාවයේ ගැටළු තියෙනවා. ඔවුන් නීත්‍යානූකූලව ගිවිසුම් අත්සන් කර ඇත්දැයි ප්‍රශ්නයක්. ඒ වගේම නිසි අනුමැතියක් ලැබුණාදැයි ගැටළුවක් පවතිනවා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇත්ද යන්න ප්‍රශ්න තියෙනවා. මේවා ගොඩක් මෙරට සමාගම්. නමුත් විදේශ සමාගම් කිහිපයක් ද තියෙනවා.“ඔහු කීවේය.
මෙම විකාශන ආයතන ඉදිරි ප්‍රවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමට එකඟ වූ බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තහවුරු කළේය.
“මෙතන තියෙන ප්‍රශ්නය පසුගිය රජය විශාල ප්‍රවර්ධන ව්‍යාපාර සඳහා ණය ලබාගෙන ඒවා නොගෙවා තිබීමයි. දැන් අපිට අපේ ප්‍රචාරණ කටයුතු මෙම ආයතන මගින් කරගැනීමට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා“
“මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ලේකම්වරයා කැබිනට් පත්‍රයක් සකස් කළා. කෙසේනමුත් එම ආයතන දැන් කැමති වෙලා තියෙනවා අපේ ප්‍රචාරණ කටයුතු ඉදිරියටත් කරන්න. තව මාසෙකින් අපිට අපේ ප්‍රචාරණ කටයුතු යථා තත්ත්වයට ගන්න පුළුවන් වෙයි“ ඒ මහතා කීවේය.
අමාත්‍යවරයා පැවසුවේ පසුගිය රජය විසින් කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරය නිසා සංචාරකයින් මෙරටට පැමිණීම මත යහපත් බලපෑමක් ඇති වූ බවයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සංචාරක මණ්ඩලයේ ණය රුපියල් බිලියනය ඉක්මවයි
buddika Friday, 21 April 2017 05:31 PM
සංචාරක මණ්ඩලයත් ණයයිද අප්පා, මොන පාලකයෝද ඉන්නේ මේ රටේ
nira Saturday, 22 April 2017 12:04 AM
එතකොට ඇමතිතුමා කියන්නේ පසුගිය ආණ්ඩුව වැරදියි කියලද? .. කරන්න බැරි නම් වෙන කෙනෙකුට දෙන්න කියවන්නේ නැතුව...
ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 22 April 2017 12:53 AM
රුපියල් මිලියන ගණනක් ගෙවලා ගත්ත ප්‍රවර්ධන ව්‍යාපෘතියෙන් කවුද දන්නේ නෑ වර්ධනය වූනේ...?
Pushpa Saturday, 22 April 2017 05:14 AM
හොරකම් වෙලා නම් දඬුවම් දිය යුතුමයි. නමුත් මේ කරලා තියෙන්නේ නරක වැඩක් නොවේ. හොඳ මාර්කටින් නැතුව පුටු රත් කර කර සිට නම් සංචාරක ව්‍යාපාර වැඩි දිවුණු කල නොහැක.
menna Saturday, 22 April 2017 07:10 AM
ක්‍රිකට් වගේ සංචාරක කර්මාන්තයත් සූදුවක් වෙලා වගේ. බය වෙන්න එපා... වැඩිකල් යන්න කලින් විකුණන් කන්න තරම් සංචාරක කර්මාන්තයක් ඉතිරිවෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය වැඩි දියුණුවෙන්නේ පුරාවිද්‍යාවයි, මිනිසුන්ගේ ආකල්පයි මත. හැමෝම හදන්නේ සල්ලි ටිකක් හොයාගෙන තමන්ගේ දරුවන්ව පිටරට ගෙනිහිල්ල උගන්නවන්න හරි... පොඩි කලේ ඉඳන්ම අන්තර්ජාතික පාසලකට යවන්න හරි... දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවල දේවල් මිසක ලංකාවට අවශ්‍ය දේවල් නෙවේ. දරුවා ඉගෙන ගන්නේ තවත් කෙනෙක්ගෙන් අඩුවට අරගෙන ගාණක් තියාගෙන අනෙක් එකට විකුණන එක. කිසිම නිර්මාණයක් නැහැ. පිටරට හොඳයි කියල කියන දේ ලංකාවට හරියනවද? නැද්ද? කියල හොයල බලන්නේ නැතිව ගෙන්නන්න වලේ ගෙන්නලා මුළු රටම විනාශ කරනවා. කුණු ටිකවත් කළමනාකරණය කර ගන්න දන්නේ නැති රටක් කොහෙද? සංචාරක ව්‍යාපාරයක් හරියට කරන්නේ. කරන්න දන්නේ සූදුවක් තමා.