IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


’’සංචරණ අඩුවීම සතුටුදායකයි’’

(සුජිත් හේවාජුලිගේ)

රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  පැවැසීය.

සංචරණ අඩු කිරීමට රජය ගෙන ඇති පියවර ගැනද සතුටු විය හැකි බව හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් පාලනය සඳහා මේ තත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බව පැවසූ මහාචාර්යවරයා මෙයට සමගාමීව කොවිඩ් එන්නත්කරණයද වේගවත් කළ යුතු බව පැවසුවේය.

එංගලන්තයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් එරට කොවිඩ් මරණ අඩුවී ඇත්තේ එන්නත්කරණය සියයට 70ක පමණ සීමාවකට ළඟා වී ඇති නිසා බවත් ශ්‍රී ලංකාවද වේගවත් එන්නත්කරණයකට යෑමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි වනු ඇති බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීවේය.

රජය එන්නත්කරණයට දක්වන උනන්දුව ගැන සතුටු විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පාසල් විවෘත කිරීමට පෙර වයස 12 ට වැඩි සියලුම සිසු දරු දැරියන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතු බවත් එසේ නොමැතිව පාසල් විවෘත කිරීම භයානක බවත් ඔහු ප්‍රකාශ කළේය.

දරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදී සති දෙකක් ගතවූ පසු පාසල් විවෘත කළ හැකි බවද මහාචාර්යවරයා පැවැසීය.

ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

 



අදහස් (3)

’’සංචරණ අඩුවීම සතුටුදායකයි’’

මහසෙන් Wednesday, 18 August 2021 04:26 PM

ඇට නැති දිව කොයි පැත්තටත් හැරවෙනවා නේද මහත්තයෝ? ඔක්කොම ටික හොඳට කෙරෙනවා නම් වාර්තා වන රෝගී දත්ත සහ මරණ අහසට පොළව වගේ වෙනස් වෙන්නේ ඇයි ද දන්නෑ. ඒ ගැනත් කියන්න. ඊළඟ පාර කෝවිඩ් බලකායේ පුටුවක් දෙනවා කිව්වද?

:       13       35

bandara Wednesday, 18 August 2021 05:05 PM

මහාචාර්යතුමා සුදුවෑන් එකක් තමන්ගේ පැත්තට එනවා දැක්කාවත්ද?

:       4       51

Sri Lanka Thursday, 19 August 2021 02:45 AM

සංචාර කරන්නේ කොහොමද ජනතාවට පාන් කියාගන්න බැරිවයි ඉන්නේ ,කෝ මුදල් සංචරණ කරන්න ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 0 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 436 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 341 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1180 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1108 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 482 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site