IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


සංචරණ නීති දැඩි කරයි

(සුජිත් හේවාජුලිගේ )

පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමා ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් මාලාවක් දුන් බවද යුද හමුදාපතිවරයා කියයි.

මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහනි කරයි.

විශේෂයෙන් මුව ආවරණ නොපළඳින පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුම් දෙගුණයකින් වැඩිකරන බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපරිම සහාය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

සංචරණ නීති දැඩි කරයි

සමන්ත Tuesday, 11 May 2021 12:53 PM

සංචරණ සීමා දාලා පරික්ෂණ කටයුතු කරන්නේ ප්‍රධාන මාර්ග වල විතරයි. නමුත් වාහනයක් නොව ලොරියක් වුවද ගමන් කල හැකි අතුරු මාර්ග රාශියක් තියෙනවා බස්නාහිර පලාත වටේට මෙම අතුරු මාර්ග හරහා ඉතා පහසුවෙන් වයඹට, සබරගමුවට, දකුණට යාහැකිය. එසේම එම පලාත් වලත් මෙවැනිම අතුරු මාර්ග හරහා වෙනත් පලාත් වලට යාහැකිය. ඒ අනුව බලන කල බස්නාහිර පලාතෙන් පිටවිය හැකි ස්ථාන 100කට අධිකව ඇත. නමුත් බස්නාහිර පලාතෙන් පිටවන ස්ථාන 12 හෝ 16 පමණක් වසා තැබීම මගින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මෙවර නාට්‍ය හොදට රගපානවා අවසානයේ ලංකාව කොරෝනා වලින් අංක එකට පත්වෙලා තමයි නතර. වෙන්නේ.

:       75       54

බාන්ඩරTuesday, 11 May 2021 01:36 PM

අපි හමොටම සමාජ වගකේමක් කියල දෙයක් තියනවා.අපි එක හරියට කරමු.එතකොට හම දෙයක්ම හරියට වෙයි.

:       1       49

rohanaTuesday, 11 May 2021 04:11 PM

හැමදේම පොලිසියෙන් ඇගිල්ලෙන් ඇනලා කියල දෙනකන් ඉන්ට ඕනෙද? රටේ මිනිසුන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිම දෙයක් කරගත නොහැකිද?

:       0       1

ranjith Tuesday, 11 May 2021 03:24 PM

ලෝකයේ කොරෝනා උවදුර හොදින් පාලනය කරගත් රටවල් ආදර්ශයට ගනිමු. නවසීලන්තය, තායිවානය, වියට්නාමය, අයිස්ලන්තය, සිංගප්පූරුව, මෙ රටවල ජනතාව මොනතරම් වාසනාවන්තයිද?

:       0       1

විපරමා Tuesday, 11 May 2021 05:15 PM

ජනතාව කොරෝනා නීති පිළිපැදීම, ඒ අනුව කටයුතු කිරීම වඩාත් වැදගත්. තමුන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි කියලා කියනවනේ...

:       0       0

Kumara Tuesday, 11 May 2021 06:49 PM

මේ සංචරණ සීමා තනිකරම බොරු... පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය අහනවිට මට නම් තේරුණේ වන්දනා, විනෝද හා නෑදෑ ගමන් යන අය හැර අන් කිසිම කෙනෙකුට මෙම සීමා අදාල නොවන බවකි...

:       0       0

Ruwan Wednesday, 12 May 2021 12:52 AM

තීන්දු තීරණ අවශ්‍ය වෙලාවට ගත යුතුයි. දේශපාලනය නැතුව ජනතාවගේ ආරක්ෂාව ගැන හිතල කටයුතු කරන්න කොන්ද පන තියෙන නායකත්වයක් පේන්න නෑ. හැමෝම තමන්ගේ පුටුව ගැන හිතන්නේ.. ඇස් ඇරෙන්න තව කීදෙනෙක් මැරෙන්න ඕනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 161 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 331 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1275 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 373 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 696 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 385 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1379 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site