IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සජිත්/නවීන් එළවළු කොටුවට බස්සවති

නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක , නියෝජ්‍ය ඉන්දික බණ්ඩාරනායක රැගත් හෙලිකොප්ටර යානයක් දැඩි මීදුම නිසා අද (25) නුවරඑළිය නගර  සභා ක්‍රීඩාපිටියට ගොඩ බෑමට නොහැකි විය.. ඔවුන් ගමන් කළේ දයා ගමගේ මහතාගේ පෞද්ගගික හෙලිකොප්ටරයෙනි.

ගුවන් නියමුවා හෙලිකොප්ටරය සීතාඑළිය කටුමානේ උදය කුමාර් ගොවියාගේ ඉඩමකට ගොඩ බැස්සවීය. එතැන් සිට  ඇමැතිවරු පොලිස් රියෙන් නුවරඑළි නගර ශාලාවේ උත්සවයට  ගියහ.

IMG_6401[1] IMG_6403[1] IMG_6407[1]

IMG_6410[1]

ජායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි

nuwaraeliya_825 nuwaraeliya_8252 nuwaraeliya_8253 nuwaraeliya_8254 nuwaraeliya_8255

ඡායාරූප - රංජිත් රාජපක්ෂ

 



අදහස් (0)

සජිත්/නවීන් එළවළු කොටුවට බස්සවති

ගයාන් Thursday, 25 August 2016 12:33 PM

එතුමා හෙලිකොප්ටර් ගන්න සල්ලි උපයාගත් ආකාරය සොයා බැලිය යුතුයි (නි)

:       0       0

සිරි Thursday, 25 August 2016 08:32 PM

පුද්ගලික යානයකින් යන්න ඇත්තේ වැඩි හොඳට වෙන්න ඇති. හැබැයි ඉතින් වැඩි හොඳත් නරකට කියනවනේ (නි)

:       0       0

රජින්ද Thursday, 25 August 2016 12:43 PM

මේ කිසිවෙක් ගණන් නොගෙන තමන්ගේ පාඩුවේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ඒ ගොවි මහතුන් දෙපලට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 25 August 2016 08:37 PM

අපි යන එන යතුරු පැදියටත් අවුරුද්දකට සැරයක් බදු ගහන රටේ හෙලිකොප්ටර් වලට බදු ගහන්නේ නැද්ද? ගහන්න තියෙන්නේ අවුරුද්දකට කෝටියක විතර බද්දක්. අගමැති රට කරන්න සල්ලි නැහැ කියලා කිව්ව නිසයි කිව්වේ (නි)

:       0       0

රාජ් Thursday, 25 August 2016 12:45 PM

මහින්දට හෙලිකොප්ටර් තියනවා කිව්වා, ලැම්බෝගිනි තිස්යනවා කිව්වා. දැන් තියන කට්ටිය පේනවනේ. මේවා කාගේ සල්ලිද? (නි)

:       0       0

නිහාල් Thursday, 25 August 2016 08:44 PM

මෙහෙම වුණු නිසා දැන් අපි දන්නවා ‘අපි හෙලිකොප්ටර් වලින් යන්නේ නැහැ‘ කිවුවට මෙයාලගේ ගමනුත් ඉස්සර අයගේ වගේමයි කියලා. (නි)

:       0       0

හේමන්ත Thursday, 25 August 2016 08:48 PM

හොඳ සරුසාර වගාබිමක්නේ. දැන් මේකට සිද්ධවුණ අලාභය? (නි)

:       0       0

දේශප්‍රිය Thursday, 25 August 2016 12:54 PM

මීදුම වැඩි නිසාද අව්කණ්ණාඩි දාගෙන යන්නේ (නි)

:       0       0

ජනහිත Thursday, 25 August 2016 09:27 PM

යන ගමන් අලුත්ම එළවලු ටිකකුත් අරන් යන්න. මේ වැඩේ නිසා තමයි දැනගත්තේ හෙලිකොප්ටර් තියන ඇමතිලත් ඉන්න බව. (නි)

:       0       0

සිරිපාල Saturday, 27 August 2016 12:40 AM

අපි තවම රාජපක්ෂලාගේ ලැම්බෝගිනි, අශ්වයෝ, හෙලිකොප්ටර් පෙන්වනතුරු බලාඉන්නවා (නි)

:       0       0

සන්ධ්‍යා Thursday, 25 August 2016 12:57 PM

නියමුවාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ලියනගේ Monday, 29 August 2016 05:44 PM

එ් මිනිස්සු ආසාවට එහෙම ගියා. අපිත් උත්සාහ කරලා ඡන්දය ඉල්ලලා ඔතනට එන්න බලමු. ඊර්ෂ්‍යා කරන්න එපා (නි)

:       0       0

කුෂාන් Thursday, 25 August 2016 12:53 PM

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි (නි)

:       0       0

ධම්ම Thursday, 25 August 2016 12:57 PM

තෙරුවන් සරණයි! නියමුවාගේ දක්ෂතාවය අගය කරමි (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 25 August 2016 01:13 PM

මේක පුද්ගලික ගුවන් සමාගමක් වෙන්න ඇති. හෙලිකොප්ටර් පැදවූ අය හොඳ පළපුරුදු දක්ෂයෙක් වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

කුසුමා Thursday, 25 August 2016 01:27 PM

දැන් ඒ අහිංසක ගොවියට වූ අලාභයට මොකද කරන්නේ? (නි)

:       0       0

බුද්ධික Thursday, 25 August 2016 01:31 PM

සෙනරත්, නාරද, ඔබලාගේ අදහස් සමඟ මම 100%ක් එකඟයි. සමහරු කිවුවේ රට තුළ ගමන් සඳහා හෙලිකොප්ටර් ගන්නේ නැහැ කියලා (නි)

:       0       0

දේව Thursday, 25 August 2016 01:36 PM

නියමුවන් එම කාර්යයට දක්ෂයි, දේශපාලකයොත් හැමදාම ජනතාව ඇන්දවීමට දක්ෂයි, ජන්ද දායකයෝ හැමදාම අදක්ෂයි, ඒවගේම පරාදයි. (නි)

:       0       0

විපුල Saturday, 27 August 2016 02:30 AM

මහින්ද මහත්තයා හොරා කෑවා කියපු තරමට එතුමාට පෞද්ගලික ගුවන් යානා පවා තියෙන්න පුළුවන්. අද යහපාලන ඇමතිවරුන්ට හෙලිකොප්ටර් තියෙන බව දැනගත්තහම අපිට අලුතෙන් පනවපු බදු ගැන මතක් වුණා. (නි)

:       0       0

විපුල Saturday, 27 August 2016 02:40 AM

අපේ මෝටර් සයිකලයට දුමට 415 හා බලපත්‍රයට 750 ක් ගෙවනවා. මේ හෙලිකොප්ටරයට එහෙම කීයක් වාර්ෂිකව ගෙවන්න ඕනෑ ඇද්ද? (නි)

:       0       0

සමරදිවාකර Saturday, 27 August 2016 11:10 PM

ත්‍රීවිල් වලට බදු වැඩිකරලා හෙලිකොප්ටර් වලට අඩුකළේ ඇයි කියලා හිතුනා. ඒ දවස් වල හෙලිකොප්ටර් ගමන් වල ආදායම ගියේ ගුවන් හමුදාවට. දැන් අපේ බදුමුදල් අපමණ අගයකින් කොම්පැණි වලට. (නි)

:       0       0

තිලක් Saturday, 27 August 2016 03:19 AM

විපුල, ඔය අපි දැක්කේ එක හෙලිකොප්ටර් එකක් පමණයි.කරුණාකරලා ගයාන් දීලා තිබෙන වෙබ් අඩවියට යන්න. හෙලිකොප්ටර් කීයක් තිබෙනවද කියලා බලන්න. එ්ත් මහජන මුදලින් රුපියල් කෝටි 8 අධිසුඛෝපභෝගි කාර් දෙකක් ඉල්ලුම් කළා නේද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 25 August 2016 01:49 PM

වගා පඩුව ගෙව්වද දන්නේ නෑ.(හේ)

:       0       0

අබය Thursday, 25 August 2016 11:14 PM

ලැම්බෝගිනි,ෆෙරාරි වගේ වාහනවල හෝ හෙලිකොප්ටර් වල නොගියොත් අපේ මහජනතාව ගණන් ගන්නේ නැහැ. ඒකයි ඇත්ත. පරණ කසිකබල් වාහනයකින් ගියොත් මිනිස්සු ඡන්දෙවත් දෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන් සුජීව Thursday, 25 August 2016 02:28 PM

මොනවත්ම කියන්න එපා යහපාලනේනේ (බ)

:       0       0

පණ්ඩුල Thursday, 25 August 2016 02:27 PM

තාපසයෝ වගේ ඉදගෙන කරන වැඩ . හරිම සරලයි අපේ හාමුදුරුවනේ (බ)

:       0       0

සාමා Friday, 26 August 2016 08:54 AM

ගයාන් කියපු ලින්ක් එකට මමත් ගියා. නාමල්ලාගේ ලම්බෝගිනි මොනවාද, මේවනෙ බඩු. (බ)

:       0       0

දයා Thursday, 25 August 2016 02:28 PM

මේක පුද්ගලික ගුවන් යානාවක්. හරියට කියවන්න. (බ)

:       0       0

බණ්ඩාර Thursday, 25 August 2016 02:36 PM

හෙලිකොප්ටර් ලැම්බෝගිනි වලට වඩා ලාබද අම්මිලා ඇත්තෝ ? (බ)

:       0       0

ජනක Thursday, 25 August 2016 02:34 PM

කාර් නැති වුනාට දැන් අපිට හෙලිකොප්ටර් තියනවනේ අපේ හාමුදුරුවනේ . ඒ හින්ද අපි යහපාලනේ කාටවත් කඩන්න බැහැ. (බ)

:       0       0

හර්ෂ Thursday, 25 August 2016 02:36 PM

යහපාලනෙට ඡන්දෙ දීපු අය හෙළුවෙන් පාරේ ගියානම් මීට වඩා හොදයි (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Thursday, 25 August 2016 02:47 PM

ඉස්සර ජනාධිපති තුමාල විතරයි හෙලිකොප්ටර් වලින් ගියේ දැන්, මේ අැමැතිගොල්ලන්ටත් ගුවනින් යන්න අවස්ථාව ලැබිල තියෙන්නේ යහපාලනය නිසා තමයි.මුදල් ගෙවල් උඩින් යන්න කිසිම් ගැටළුවක් නැහැ (බ)

:       0       0

රංගන Thursday, 25 August 2016 02:54 PM

ඇමති කෙනෙක්ගේ පුද්ගලික යානයක්නේ. මෙතුමාට මෙච්චර සල්ලි කොහෙන්ද? මේක ඩොලර් මිලියන 100 කට වඩා වැඩියි (නි)

:       0       0

සුමිත් Thursday, 25 August 2016 02:58 PM

දැන් මේ අයත් යන්නේ උඩින්. පේනවා නේද අපේ අැමතිතුමාලගේ සරලභාවය? (නි)

:       0       0

රංගන Thursday, 25 August 2016 03:00 PM

අපේ යහපාලනෙන් අපි අැමතිලට හෙලිකොප්ටර් දුන්නා,කෝටි ගණන් වල කාර් දුන්නා. ජනතාවට වැට් බදු දුන්නා, රට කෑවා, රට හදන අය හිරේ දැම්මා, ඉතින් තව මොනවද? ඉස්සරහ අපි තව තව දේවල් දෙනවා. බලාගෙන ඉන්න (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 25 August 2016 02:59 PM

මේ යන්නේ මුදල් ගෙවලද? කාගේ මුදල්ද? එළියට එන්නේ බලය නැතිවුණ දාටනේ. එතකොට කියන්නේ මෙන්න අපෙන් පළිගන්නෝ කියලනේ. ඔහොම යමු (නි)

:       0       0

සුනිල් Friday, 26 August 2016 12:46 AM

හෙලිකොප්ටරය දයා ගමගේ මහත්තයගේ වුණාට කොහොමද අනෙක් අයගේ ලොකු ලොකු කතා? (නි)

:       0       0

ගයාන් Friday, 26 August 2016 01:39 AM

මේකත් බලලාම අදහස් දක්වනවා නම් හොඳයි. http://www.dayaaviation.com/ ගොඩක් දෙනෙක් කරුණු හරිහැටි නොදැනයි අදහස් දක්වන්නේ (නි)

:       0       0

අමරකෝන් Thursday, 25 August 2016 08:55 AM

ඔහොම හරි එළවලු කොටුවකට යන එක ලොකු දෙයක් (ම)

:       0       0

සුසිල් Friday, 26 August 2016 02:29 AM

මේක පසුගිය රජයේ අයට හොඳ පුවතක්. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 26 August 2016 10:43 AM

හොඳ දේ කළා නම් රැකේවි. වැරදි කළොත් බලාගෙනයි. සොබාදහම අවදියෙන්. කාට කාටත් හිතන්න වේවි (නි)

:       0       0

තිස්ස Friday, 26 August 2016 02:58 AM

ඉස්සර අය ආණ්ඩුවේ හෙලිකොප්ටර් වලින් ආණ්ඩුවේ ගමන් යන්නේ. මෙයාලා යන්නේ තමන්ගේ හෙලිකොප්ටර් වලින්නේ (නි)

:       0       0

ප්‍රදීප් Monday, 29 August 2016 11:24 AM

මේ වගා බිමට සිදු වූ හානිය ගෙවන්නේ නැද්ද?(හේ)

:       0       0

යෙහාන් Thursday, 25 August 2016 09:39 AM

එයාලත් එහෙනම් දැන් යන්නේ උඩින්

:       0       0

එරන්ද Friday, 26 August 2016 03:12 AM

මට පෙනෙන්නේ මෙතන ඉන්න සමහරුන්ට ලියා තියෙන එක තේරුම්ගන්න බැහැ වගේ.මේක දයා ගමගේ මහතාගේ පෞද්ගලික යානයක්. මේවා ඔයාලගේ සල්ලි නෙමෙයි (නි)

:       0       0

රුවන් Thursday, 25 August 2016 09:46 AM

මේකත් අර කලින් කටිටිය ගෙනාවා කියපු හයෙන් එකක්ද? (නි)

:       0       0

ධම්ම Thursday, 25 August 2016 09:49 AM

බස් එකේ ගියා නම් මේ මොන කරදරයක්වත් නැහැනේ. (නි)

:       0       0

රාමන් Thursday, 25 August 2016 09:51 AM

අනේ අපේ සල්ලි... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 26 August 2016 03:15 AM

ගයාන්, අපිව දැනුවත් කළාට ස්තුතියි. දැන්නේ දන්නේ ලංකාවත් හරියට මෙක්ෂිකො වගේ කියලා. (නි)

:       0       0

පින්කි Thursday, 25 August 2016 09:53 AM

යහපාලනයේ නියම ස්වරූපය දැන් දැන් එළිවෙනවා (නි)

:       0       0

නිශාන්ත Thursday, 25 August 2016 10:00 AM

මදැයි ඔයින් ගියා! (නි)

:       0       0

ශෂික Thursday, 25 August 2016 03:12 PM

අපෝ වෙච්ච දෙයක්.(හේ)

:       0       0

දිල්ශාන් Thursday, 25 August 2016 10:04 AM

ඒ මනුස්සයාගේ එළවලු වගාවට වුන අලාභය ?(හේ)

:       0       0

විජේපාල Thursday, 25 August 2016 03:12 PM

යකඩෝ දයා ගමගේ මහත්තයට පෞද්ගලික හෙලිකොප්ටර් තියෙනවද. එතකොට අපේ යහපාලන ඇමතිවරු මේවයේ යන්නෙත් පෞද්ගලික මුදල් වලින් වෙන්න ඇතිනේ. (හේ)

:       0       0

සමරසේකර Thursday, 25 August 2016 03:12 PM

පුද්ගලික යානාවේ නිකම් එක්ක යන නෑ. ඒකට වියදම ආණ්ඩුවෙන් දරන්න ඕන. (හේ)

:       0       0

සෙනරත් Thursday, 25 August 2016 10:17 AM

මොකද මේ මහලොකුවට රජයේ මුදල් නාස්තිය ගැන කතාකරපු එදා මන්ත්‍රීවරු අද හෙලිකොප්ටර් වලින් ගමන් යන්නේ ? ජනතාව කබලෙන් ලිපට වැටිලා, (හේ)

:       0       0

සම්පත් පතිරණ Thursday, 25 August 2016 10:25 AM

ඇති යන්තම් ඌරු කොටුවට බහින් නැතිව එළවලු කොටුවකට බැස්සා....(හේ)

:       0       0

ටිකිරි Thursday, 25 August 2016 03:44 PM

මෙයාලටනේ හෙලිකොප්ටර් තිබිලා තියෙන්නේ . අපිටනේ වැරදුනේ .(හේ)

:       0       0

තිලක් Thursday, 25 August 2016 03:48 PM

ඉතින් අපි දුප්පත් රටක්ලු.(හේ)

:       0       0

කසුන් Thursday, 25 August 2016 03:42 PM

මේක පුද්ගලික හයර් එකක් වෙන්න බෑ. (හේ)

:       0       0

නාරද Thursday, 25 August 2016 10:40 AM

දැන් මේ අයත් යන්නේ උඩින් (හේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 25 August 2016 03:46 PM

හර්ෂ දැන්නම්ය හපාලනයට ඡන්දෙ දුන්නු බත් කන උදවියට හිතිලා තිබෙනවා. (බ)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 25 August 2016 03:54 PM

ලම්බෝගිනි,ෆෙරාරි ,ෆොර්චේ කාර් ගැන කියල බලයට පත් වුන/අපි පත් කර ගත්තු නායකයෝ දෙන්න මොනවද දන්නේ නැහැ දැන් කියන්නේ. ලැජ්ජයි (බ)

:       0       0

පෙරේරා Thursday, 25 August 2016 03:56 PM

වගාව විනාශ කළ මොවුන්ට ඒවාට දඬුවම් දෙන්නේ කවුද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 25 August 2016 04:05 PM

සත්‍ය හෙළිකළ ලංකාදීපයට අපගේ ප්‍රණාමය. (නි)

:       0       0

මලින්ද Friday, 26 August 2016 04:30 AM

මේවා දයා ඇමති නොමිලේ සපයන ප්‍රවාහන පහසුකම් (ම)

:       0       0

ලක්ෂාන් ප්‍රනාන්දු Friday, 26 August 2016 04:32 AM

පුද්ගලික යානයක් කියලා පැහැදිලිව කියලා තියෙද්දිත් සමහර කට්ටිය බුරන්නේ එයාලගේ මිම්මෙන්ම මෙයාලවත් මනින හින්දා වෙන්නැති......පව් ඉතිං (ම)

:       0       0

දිමුත් Thursday, 25 August 2016 11:06 AM

මේවට කවුරුත් කෑගහන්න එපා මේවා යන්නේ මුහුදු වතුරෙන් (හේ)

:       0       0

ධරිත ප්‍රමෝද් Thursday, 25 August 2016 11:07 AM

පේනවා නේද අපේ අැමතිතුමාලගේ සරල භාවය (හේ)

:       0       0

කුමාර Thursday, 25 August 2016 04:40 PM

බලන්නකෝ යහපාලනේ ගැන කතාකරපු මිනිස්සු උඩින් යන්නේ. දැන් හොයන්න ඕනෑ ඕවා අාවේ කොහොමද කියලා මේ අවුරුදු 1.5ට (නි)

:       0       0

නිමල් Thursday, 25 August 2016 05:01 PM

මේක කියවන අයට තේරෙන්නේ නැද්ද? මේ ගියේ රජයේ එකකින් නොවෙයි, දයා ගමගේ මහතාගේ හෙලිකොප්ටරයෙන් (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 25 August 2016 05:09 PM

පිලිපීනයේ අලුතින් පත් කරගත් ජනාධිපතිතුමා අනවශ්‍ය වියදම් කපාහරින්න කියලා එතුමාගේ ගමන් බිමන් යන්න තිබුන හෙලිකොප්ටර් එකත් විකුණලා ජනතා සතුකළා. අපේ රටේ ඇමැතිලටත් හෙලිකොප්ටර් තියෙනවා. එ්ත් රට කරන්න සල්ලි නැහැ කියලා බදු පිට බදු ගහලා අසරණ ජනතාවට දැඩි දඬුවම් දෙනවා (නි)

:       0       0

සුරංග Thursday, 25 August 2016 05:19 PM

මේක තවත් දේශපාලන ජවනිකාවක්ද? (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 25 August 2016 05:41 PM

මහින්දගේ රජයෙනුත් පාරවල් හැදුනා, දැනුත් හැදෙනවා. මේ හෙලිකොප්ටරය ඔහුගේ පුද්ගලික එකක් වුණාට තවත් කතා තිබෙන්න පුලුවන්. මේවා ලැම්බොගිනි ෆෙරාරි වලට වඩා ගණන් (නි)

:       0       0

හේවා Thursday, 25 August 2016 05:48 PM

මේ සිද්ධිය නොවන්න මේ ඇමතිගොල්ලෝ කියන්නේ අපි හෙලිකොප්ටර් වලින් ගමන් යන්නේ නැහැ කියලා (නි)

:       0       0

රුචිර Thursday, 25 August 2016 05:47 PM

කරදරයක් නොවුණ එක මොනතරම් වාසනාවක්ද? (නි)

:       0       0

රවී Friday, 26 August 2016 05:32 AM

මහින්ද මහත්තයාගේ පුතාට නෙමේනේ පෞද්ගලික හෙලිකොප්ටර තියෙන්නේ දයා ගමගේටනේ. කොහෙන්ද සල්ලී? (බ)

:       0       0

ගිහාන් Thursday, 25 August 2016 06:08 PM

මමත් වත්මන් යහපාලනය තිත්ත වෙච්ච කෙනෙක්. හැබැයි දයා ගමගේ කියන්නේ ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක්. එතුමාට ඇමතිකම් ඕනෑ නැහැ ගුවන් යානයක් ගන්න. මේක එතුමාගේ ගුවන් සමාගමේ හෙලිකොප්ටරයක්. (නි)

:       0       0

ශමිලා ද මෙල් Saturday, 27 August 2016 10:26 AM

මෙහෙමත් හරක්. දයා ගමගේට හෙලිකොප්ටර්ස් තිබ්බේ කොච්චර කලෙක ඉඳලද? එතුමා ඇඟලුම් කර්මාන්තයෙන් දිගුගමනක් ගිය කෙනෙක්. එතුමා හෙලිකොප්ටර් කියක් ගත්තත් අපිට මොකද? ඊර්ශ්‍යා කරන්න එපා ! (බ)

:       0       0

රත්නායක Friday, 26 August 2016 05:30 AM

හෙලිකොප්ටරය පෞද්ගලික වුණත් රජයේ වුණත් ගමන් ගාස්තුව ගෙවන්නෙ රජය.ඒ කියන්නේ රටේ සල්ලි.ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි.(ම)

:       0       0

ගමගේ Friday, 26 August 2016 04:35 PM

ඔවුන් ගමන්කළේ දයා ගමගේ මහතාගේ ‘පෞද්ගලික‘ හෙලිකොප්ටරයකින්ලුනේ (නි)

:       0       0

ලලිත් Thursday, 25 August 2016 11:36 AM

දක්ෂ නියමුවෙක් ගොඩ බැස්වීම කර ඇත්තේ.(හේ)

:       0       0

ප්‍රසන්න Thursday, 25 August 2016 06:41 PM

ඇමතිවරුනේ. අපි ඕවට ගෙවමු. ඊළඟ පාරත් කතිරය ගහමු. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 26 August 2016 06:51 AM

ගිහාන්.ඔහු ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක් බව ඇත්ත. ඇමතිවරු 36 දෙනෙක් රුපියල් කෝටි 6-8 වටිනා අධි සුඛෝපභෝගී කාර් ඉල්ලුවා ඔබට මතක ඇති. ඒ 36 දෙනා අතර මෙතුමාත් එතුමාගේ භාර්යාවත් ඉන්නවා.මේ තරම් ගුවන් සමාගම් තිබිලත් ඒ කියන්නේ රුපියල් කෝටි 16 ක් මහජන මුදල් වියදම් කරන්න ඕනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 3 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1494 0

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 642 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1496 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1246 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 612 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site