IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘සජිතුයි අමරවීරයි දැන් හරි යාලුයි‘

රජය පිළිගත් ඩෙන්ඩර් පටිපාටිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය ක්‍රියාත්මක කරන ලද සියලු මාර්ග හා සෙසු සංවර්ධන  සෙසු සංවර්ධන ව්‍යපෘති ඉදිරියට ක්‍රියාත්මක කරන බවට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය සජිත් පේමදාස සහ අමාත්‍ය මහින්ද  අමරවීර යන මහත්වරු අද 06 එකඟත්වය පළ කළහ.

නව රජයේ පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හම්බන්තොට  පරිපාලන සංකීර්ණයේ දී සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

අපි රජයට එක් වූයේ සංවර්ධන ව්‍යපෘති නතර කිරීමට නොව ඉදිරියට ගෙන යෑමට බව ද  හම්බන්ටතාට වරාය මත්තල ගුවන් තොටුපළ වසා නොදමන බවද සම සභාපතිවරු මෙහි දී ප්‍රකාශ කළහ.

මාර්ග සංවර්ධනයේ දී  උරහිස කාපට් නොකර එයට බොරළු දමා මාර්ග සංවර්ධනය කර මුදල් ඉතිරී කර එම මුදල් නාස්ති හා  දූෂණය වී ඇති බව පෙන්වීම  සාධාරණ නොවන බවද  මාර්ග සංව්ර්ධනයේ දී උරහිස කාපට් කිරීම අනීවර්යෙන් සිදුවිය යුතු බව  පාර්ලිමේන්තු  මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහි දී කීය.

හම්බන්තොට ඉඩම්  කිසිවකුට කොල්ල කෑමට ඉඩ නොතබන බව ද ඉඩම් නොමැති අනු පවුල් සඳහා සාධාරණ  ක්‍රමයක් යටතේ ඉඩම් ලබා දීම සිදුකරන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (0)

‘සජිතුයි අමරවීරයි දැන් හරි යාලුයි‘

ඇසළ Monday, 06 April 2015 03:15 PM

ගිය රජයෙන් කරපු සංවර්ධන වැඩ ලංකාවේ මෙතෙක් පැවති කිසිම රජයකින් කරලත් නැහැ ඉදිරියේදී කෙරෙන්නේත් නැහැ. ගසා කෑම සිද්ද වෙන්න ඇති නමුත් මොන රජයෙන් කලත් ගසා කෑම නවත්වන්න වන්න බැහැ. ඒක දෙසපාලුවන්ගේ තියන අතීතයේ සිට පැවත එන ප්‍රතිපත්තිය. (ර)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 03:33 PM

මෙන්න නියම ලිච්චවී ක්‍රමය (බ)

:       0       0

අනුර Tuesday, 07 April 2015 02:54 AM

අන්න හරි එකතු උනොත් කීයක් හරි බෙදාගෙන .......කන්න පුළුවන්. (ස)

:       0       0

අබේරත්න - ටෝකියෝ Monday, 06 April 2015 04:45 PM

බලය රැකගන්න. (ර)

:       0       0

ද සිල්වා Monday, 06 April 2015 06:19 PM

කරුණාකර පාරවල් අලුතින් හදන්න පළමුව හැදූ පාරවල් වල දෙපැත්තේ කාණු බඳින්න. නැත්නම් ඒවා නැවත කාර්පට් කිරීමට සහ කොන්ක්‍රීට් කිරීමට සිදුවේවි. (නි)

:       0       0

කිරි ගමරාල Tuesday, 07 April 2015 05:21 AM

අනේ අනුර කොලුවෝ, ඔය වගේ විහිළු පොදු වැඩවලදී හොද නැහැ නේද?.(ම)

:       0       0

නවාංජන Monday, 06 April 2015 08:06 PM

එකමුතුව වැඩකරන්න පුලුවන් නම් බොහොම හොඳයි (නි)

:       0       0

නදීකා Tuesday, 07 April 2015 12:52 AM

ජයවේවා! ඔහොම යමුකෝ (නි)

:       0       0

දොන් Tuesday, 07 April 2015 01:20 AM

කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙනවලු. හැබැයි මෙතන තත්ත්වය නම් තවම හරියට හිතාගන්න අමාරුයි (නි)

:       0       0

සුනිල් Monday, 06 April 2015 02:19 PM

හොද ආදර්ශමත් ආරම්භයක්, පක්ෂ වලට නොබෙදී සමගිව පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් දුෂණයෙන් තොරව යහපත් සිතින් පටු වාසි නොතකා සේවය කිරීමට සුබපතමි. ජය වේවා (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 07 April 2015 08:52 AM

එකමුතුවෙන් වැඩක් කරනවානම් රට දියුණුයි මෙලහටත්.කොහෙද එකාට එකා කුලල් කාගන්නවා මිසක් වැඩක් කරන්නේ නැහැනේ.ගිරිය පුප්පගෙන ගිරවු වගේ කියවන්නෙම නැතුව ඒවා ආදර්ශවත්ව රටවැසියා හමුවේ තබනවානම් තමයි හැමෝම කැමති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 15 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 23 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 306 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 606 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 442 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 334 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site