IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්

(සුජිත් හේවාජුලිගේ)

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස  මහතා  අගමැති කරවා අනුර කුමාර දිසානායක  ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු  අජිත් මාන්නප්පෙරුම මහතා  පැවසීය.

අනුර කුමාර දිසානායක  හොරුන් වංචනිකයන්  ඇල්ලීමට කටයුතු කරන්නේ නම් සහ එ් අය  විදේශයන්හි සඟවා ඇති මුදල් ගෙන එන්නේ නම්  ඊට අත් දෙක ඔසවා කොන්දේසි විරහිතව සහාය දීමට සූදානම් බවද  හෙතෙම සඳහන් කළේය.ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අනුර කුමාර දිසානායක රටේ බහුතරයක් නැති ජනපති බවත් බහුතරයක් ලබා ඇති විපක්ෂය එකතු වී ආණ්ඩුව ඉදිරියේදී  පිහිටුවන බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අවස්ථාවේදී සියලුම දෙනා එකතු වීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය. මේ අතර වංචා දූෂණවලට පැටලුණු අයට සමගි ජන බලවේග ලැයිස්තුවට
ඇතුළත්  නොකිරීමට පක්ෂය තීරණය කර ඇති බවත් එය  හොඳ ප්‍රවණතාවක් බවත් මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (32)

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්

ccc Monday, 07 October 2024 12:07 PM

තවමත් ගෙවල් හීන දකිනවා නේ ග්‍රාම සේවක කෙනෙකුටවත් සුදුසු නැති කෙනෙක් කොහොමද අගමැති වෙන්නේ

:       11       56

Sugath Dissanayaka Monday, 07 October 2024 12:14 PM

මාර හීන තමයි දකින්නේ

:       12       107

මැක්ස් Monday, 07 October 2024 12:15 PM

සජිත් වැනි බල ලොබියෙක් එපා. අපට අනුර ප්‍රමුඛ ජවිපෙ ආණ්ඩුව විතරක් රට කළාම ඇති. සක්ක මුක්කු කාරයෝ ගා ගත්තොත් ජවිපෙටත් කියන්න පුළුවන් වැඩ කරන්න දුන්නේ නැත්තේ සක්කයෝ කියලා. ඒ නිසා ජවිපෙ තනියෙන් රට කරපුවාවේ. කෙසේ වුවත්, තුනෙන් දෙක නම් නුදුන්නාට කමක් නෑ.

:       8       94

රම්බොඩ Monday, 07 October 2024 12:30 PM

ඒවා තීරණය කරන්නේ සාමාන්‍ය ජනතාව. මෙයාලා නෙවෙයි. වර්ථමාන ජනාධිපතිතුමාට වැඩ ටික කරගෙන යන්න නම් හොඳ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මම මාලිමාවට කඩේ යන්නේ නෑ. නමුත් මගේ රටට ආදරෙයි...!

:       8       93

Sudesh Monday, 07 October 2024 12:31 PM

ඊට වඩා හොඳයිනේ... හරිනිම අගමැති කරලා ජනාධිපති එක්ක වැඩ කරන එක, මාර හීන දකින්නේ

:       7       91

WCA Monday, 07 October 2024 12:32 PM

සංස්කෘතික අරමුදට විද්ද බුවාත් එක්කද සහයෝගයෙන් වැඩකරන්න ඕනෑ....

:       8       76

kamal Monday, 07 October 2024 12:34 PM

හා සීයේ තව කතාවක් කියන්නකෝ...

:       5       66

සෙනෙවිරත්න Monday, 07 October 2024 12:56 PM

මේවගේ ගොන් කතා කියන්නෙ සජිත්ගෙන් ලකුණු දාගන්න මිසක් වෙන මොනවාටද? කැපිලා ඉන්න කෙනා මොනවා හරි කියවනවා. මෙයා මේ බබා වුණාට එන් පී පී ය සමච්චලයට ලක්කළ කෙනෙක්. මෙයාලාත් එක්ක මොන කතාද? ඊට කලින් සිලින්ඩර කාරයොත් එක්ක එකතු වෙන්නකෝ...!

:       8       18

Kgrn.රාජපක්ෂ. Monday, 07 October 2024 01:01 PM

අපි අහල තියෙනවා කතාවක්.. කටුව පෙගෙනා කල් වතුරේ හිටපු ඉබ්බෙක් ගැන...පවු අප්පා

:       1       1

සුරෙන් Monday, 07 October 2024 01:17 PM

මෙයා ගියා මාස කිපයෙ රනිල් ගාවට පනින්න බලන් හිටපු කෙනානෙ ! SJB මෙයාට ඡන්ද නොමිනෙසන් දෙන්න කලින් නැවත සිතා බලන්න

:       1       2

Roshan Monday, 07 October 2024 01:17 PM

මෙයා දවල් හීන දකිනවා..... 2019දීත් ඔහොම තමයි ගෝඨාභයට පැරදුණාට පස්සේ ගෝඨාභය ජනාධිපති සජිත් අගමැති කිය කිය ගියා.... දැන් ඒ තැටියම අලුත් කරලා.... සජීගෙ ඉඳලාම මුන් සේරම ගෙදර අරින්න ඕනෑ...

:       6       29

Atula Herath Monday, 07 October 2024 01:58 PM

ඇයි මේ කලබලේ, ඡන්දෙ ඉවර වුණාම ඕවා කතා කරමු.

:       4       15

Keerthi Monday, 07 October 2024 02:00 PM

කට්ටිය මාර දුකෙන් ඉන්නේ පව් අනේ කොහොම හරි එල්ලිලා කන්ඩ බලන්නෙ මුන්වෙන වැඩක් බලාගන්න

:       5       15

de silva Monday, 07 October 2024 02:03 PM

සජිත්ට අගමැති වෙන්න තිබෙන ඉඩ කඩ ඉතා අඩුයි ,වැරදිලාවත් නොවැම්බර් 14 වෙනිදට කලින් ටිරාන් අලස්ට ඇතුළු හිටපු ආණ්ඩුවේ දුෂිත ඇමැතිලා 2-3 චෝදනා ගොනු කරලා අධිකරණය ඉදිරියට ගෙන අවොත් ඡන්ද ලක්ෂ 5 පමණ අලුතෙන් මලිමවට එකතුවෙන නිසා සජිත්ගේ තිබෙන සුළු ඉඩ කඩත් වැසි යන බව පවසන්න ඕනේ .

:       6       22

RMKKC Rathnayake Monday, 07 October 2024 02:18 PM

අලුත් කැබිනට් සාමාජිකයෙක් එනකන් සූදානමින් ඉන්න...!

:       1       12

ජනරළ Monday, 07 October 2024 02:55 PM

අනේ ඇත්තට මේ මිනිස්සුන්ට නම් තියෙන්නේ මහා පුදුම තණ්හාවක්. මෙච්චර කල් තනිවම රට කාලා කාල තවත් ඇතිවෙලා නැහැ. කොහොම හරි කට්ටිය එකතුවෙලා හරි බලයට ඇවිත් ජනපති AKD ට අන්චිය අදින්න මයි උඩ පිනුම් යට පිනුම් බල්ටි ජිල්මාට් දාන්නේ.

:       2       15

චින්තක Monday, 07 October 2024 03:00 PM

මේ ඡන්දෙන් පැරැදිලා ගෙදර උන්නු කෙනා නේද? රන්ජන්ට පින්සිද්දවෙන්න මන්ත්‍රී පට්ටමක් ලැබුණා., අගමැති කෙසේවෙතත් ඔයා මේ පාරත් ගෙදර තමයි,... අපිත් ගම්පහ...

:       2       19

Nilamuni Sanjeewa De Silva Monday, 07 October 2024 03:18 PM

අපි ඔරිජිනල්... UNP සහ SLAP කාරයෝ...

:       2       1

සමිපත් Monday, 07 October 2024 03:18 PM

බුරුවන් එක්ක වැඩකරන්න ජනාධිපති කැමැති වෙන් නැහැ...

:       5       8

Pankumburage Monday, 07 October 2024 03:39 PM

ඔයගොල්ලන්ගේ සහයෝගය ඕනෑ නැහැ. අපි කරගන්නන්. මලපෙරේතයින්...

:       4       9

සුරෛන් Monday, 07 October 2024 03:57 PM

මෙයාද මෙයා මාස ගානක් තිස්සේ unp එකට රනිල්ට ඔත්තු දිදී රනිල් ළඟට පනින්න බලන් හිටපු කෙනෙක්නේ දැන් කොහොමද?

:       3       13

Rashmi Monday, 07 October 2024 03:58 PM

සජිත් කියන්නේ කිසිම දැක්මක්, හැකියාවක් නැති ඉතා මෝඩ... එහෙත් උද්දච්චකම ඉහ වහා ගිය මනුස්සයෙක්. ඔහුව දේශපාලනයට තියා සිල්ලර කඩයක මුදලාලි තනතුරකටවත් සුදුසු නැත...!

:       3       10

සුරෛන්Monday, 07 October 2024 05:26 PM

සජිත් විපක්ශයේ සිට පාසල්වලට, රෝහල් වලට නැති බැරි අයට කළ සේවය ගැනවත් දැනුමක් නැතිව ඔහුට අපහාස කිරිම ඔයාගේ ඒකායන අරමුණ බව පැහැදිලියි... අපහාස කිරිම ඔබගේ පහත් ගතියකි.

:       2       3

duplicate Ralahami Monday, 07 October 2024 05:58 PM

ඔබවැනි අය දන්නේ නින්දා අපහාස කිරීම විතරක්ද? ලැජ්ජා වෙන්න...!

:       1       1

Gunendra Monday, 07 October 2024 04:06 PM

සිත නිවාගන්න කියන කතා, ඉස්සෙල්ලා සජිත්ගෙන් ටිකට් එක ඉල්ලා ගන්න...

:       2       10

ජයනාත් Monday, 07 October 2024 04:41 PM

එතකොට ක්‍රියාත්මක කරන්න වෙන්නේ ජාජබ ප්‍රතිපත්තියද.. සජබ ප්‍රතිපත්තියද..? මේවා මේ බලලෝබයට කියන කතා...!

:       2       7

ගමේ එකාලා Monday, 07 October 2024 04:50 PM

සජිත් වගේ බොරු කයිවාරු ගහන, කෙනෙකුට වඩා උගත්, බුද්ධිමත් දැන් ඉන්න අගමැතිතුමිය අපිට ව්ටිනවා...

:       5       14

Madhushan Monday, 07 October 2024 09:19 PM

සීනි බනිසුයි, කරවල හොදියි ගැලපෙන්නේ නෑ බන්...!

:       0       0

Hera Monday, 07 October 2024 09:32 PM

ඔක්කෝටම කලින් සජිත්ට කියන්න අර බලෙන් අල්ලාගෙන කුලී නොගෙවා අවුරුදු 4ක් තිස්සේ නෝනා මහත්තයගේ ජාල් සැලූනය එතැනින් අස් කරගන්න කියලා. අමු හොරු...!

:       0       0

තර්ස්ත මාර්ෂල් Monday, 07 October 2024 10:26 PM

අනේ පින් සිද්දවෙයි , ආයේ පාර්ලිමේන්තුව ගඳ ගස්සන්න එපා. ජනතාවට ඕනේ පිරිසිදු චරිත ටිකක්. මාර කෙනෙක්වනෙ යෝජනා කරන්නේ සහයෝගයට...

:       0       0

prasannna Tuesday, 08 October 2024 10:19 AM

එවැනි උවමනාවක් ජනතාවට නොමැත

:       0       2

thushara cristyn Tuesday, 08 October 2024 11:40 PM

හවුලේ කැඳවත් බොන්න එපා. ඕනෙම නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 352 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 470 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 458 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1508 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1967 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2478 3

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site