IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සජිත් නියෝජ්‍ය නායක

පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී අද(23) සවස රැස්වු එකසත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රෙමදාස මහතා නියෝජ්‍ය නායක ලෙස ඒකමතිකව පත් කළේය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුලාසනයේ විය. ඒකමතිකව සිදු කළ සෙසු පත්වීම් මෙසේය.

උප නායක - පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

නියෝජ්‍ය මහා ලේකම් - පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්

ජ්‍යෙෂ්ඨ උප සභාපති  - පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

මැතිවරණ ලේකම්  - පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි  තලතා අතුකෝරාල

ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට විසි දෙනෙක්ද පත් කැර ගනු ලැබුහ.

ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරය සඳහා ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ නම යෝජනා විය.

ඔහුට එම තනතුර භාර දීම සඳහා එහි සභාපති  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ඉල්ලා අස් විය. යොවුන් පෙරමුණ වෙනුවෙන් විජයවර්ධන මහතා මහ මෙහෙයක් කළ බව පැවසු ප්‍රනාන්දු මහතා  ඌව ජනතාව වෙනුවෙන් තම සේවය ඉටු කිරීමට තම මුළු කාලයම යෙදවිය යුතු බව කියා  සිටියේය. එහෙයින් එම තනතුර භාර ගන්නවාද නැද්ද යන්න දැනුම් දීමට ඔහු කල් ඉල්ලා සිටියේය.

RDS_1686

RDS_1697 RDS_1747



අදහස් (0)

සජිත් නියෝජ්‍ය නායක

දම්මික Tuesday, 23 September 2014 02:18 PM

නියම වෙලාවට හරි දේ කළ රනිල් මහත්තයට ජයවේවා(දිල්)

:       0       0

ජයන්ත Wednesday, 24 September 2014 10:42 AM

බන්දුල මොනවද කියවන්නේ (දී)

:       0       0

වසන්ති Wednesday, 24 September 2014 06:23 AM

දුශකයින්ට (ඇමතිවරු ඇතුළුව) දඬුවම් දුන්නොත් ,17 වෙනි සංශෝදනය නැවත හරියාකාරව ක්‍රියාත්මක කොට ඩීසල් මිල 20කින් සහ පෙට්‍රරල් මිල සුළු ගණනකින් හෝ අඩු කලොත් මගේ චන්දය ජනාදිපති තුමාට දෙනවා, නැත්නම් විකල්පයක් හොයනවා. සජිත් ප්‍රේමදාස මහාතාට සුබ අනාගතයක් ,හරින් ටත් ජයෙන් ජය පතමි. (ස)

:       0       0

කරුණාජීව Wednesday, 24 September 2014 10:39 AM

බන්දුල මරු කියවනවා. (නදී)

:       0       0

රසික Tuesday, 23 September 2014 02:25 PM

ජය වේවා හරීන්. ඔබ නිසයි මේ එක්සත් ජාතික පක්ෂයේ නව පිබිදීමක් ඇතිවුණේ. ජය වේවා! කව්රු මොනවා කිවුවත් අපේ රට දැන් ගොඩගන්න පුළුවන් එකම පක්ෂය තමයි මේ. ඉදිරියටම යමු. (නි)

:       0       0

පාලින්ද Wednesday, 24 September 2014 10:39 AM

මම නම් කැමතියි නමුත් සමහරු කැමති නැහැ (දී)

:       0       0

පද්මිණි Thursday, 25 September 2014 04:44 AM

සජිත් , වැඩට දක්ෂ , අවංක පුද්ගලයෙක්. නමුත් කතා කිරීමේදී කෙටියෙන් අවසාන කරන්න. එකම දේ පුන පුනා කීමෙන් වලකින්න. ඔබට ජය! (දී)

:       0       0

හර්ෂ Wednesday, 24 September 2014 10:39 AM

සජිත් මහත්තයා දන ගන්න ලංකාවම වෙනස් කරන්න පුළුවන් ඔබට (දී)

:       0       0

පිටිගල Wednesday, 24 September 2014 06:09 PM

දැන් එතකොට එ.ජා.ප.යේ තිබුන අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි,දෙසිය තුනක් අතුරු ආන්තරාවල් ඔක්කොම නිවාරණයිද? දැන් එහෙනම් ආණ්ඩුව පෙරළලා ලංකාව උඩු යටිකුරු කරයිද? (නි)

:       0       0

ජොනතන් Wednesday, 24 September 2014 06:25 AM

අන්න පහර. දැන් තමයි යූ එන් පී ලොක්කන්ට මොලේ පැදිලා තියෙන්නේ. දැන් ඉතින් ජය නවත්තනවා බොරු. (ස)

:       0       0

ගුනවර්දන Wednesday, 24 September 2014 10:39 AM

මම නම් හිතන්නේ කාලෝචිත වෙනස් වීමක් කියලයි (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 September 2014 04:47 AM

ගුණවර්ධන- සජිත් මහත්තයා තව ටික දවසකින් වැඩ පෙන්නයි..... (දී)

:       0       0

කුමාර් Wednesday, 24 September 2014 06:31 AM

සජිත් ආවොත් එයාගේ මහ එක්කෙනාගේ කාලේ වගේ පාරවල්, හන්දි ගානේ කොල්ලෝ කෙල්ලෝ මරන්න පටන් ගනීද දන්නේනෑ! (ස)

:       0       0

නයනා Wednesday, 24 September 2014 10:42 AM

ඊළගට මොකද කරන්න හිතාගෙන ඉන්නේ (දී)

:       0       0

උදාර Wednesday, 24 September 2014 10:39 AM

සජිත් මහත්තයාට සුභපතනවා පක්ෂය ගොඩ ගන්න (දී)

:       0       0

වින්ද්‍යා Wednesday, 24 September 2014 10:39 AM

නවකයින්ට පළපුරුද්ද ඇති අයගෙන් උපදෙස් ලබා ගන්න (දී)

:       0       0

රූපසිංහ Wednesday, 24 September 2014 06:36 PM

ලොව ඇති උතුම් පුද්ගලයන්ටත් විරුද්ධවාදීන් සිටියා නම්, මෙම තීරුවේ අදහස් ප්‍රකාශ කරන බන්දුල පෙරේරාට ඇනුම් පද කියන අය නැතැයි කිවුවොත් තමා පුදුමය. මොහුට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා විනා ලිපියට අදාලව කරුණු හෝ අදහස් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැත. මගේ අදහස වන්නේ මෙයයි. ඔය කොයි කවුරු බලයට ආවත් පළමුව කරන්නේ තමන් හැදෙන එකයි. අලුතෙන් කෙනෙක් ආවොත් කරන්නේ ඊළඟ මැතිවරණයට හරිහම්බ කර ගැනීමය. (නි)

:       0       0

සුදත් ලාල් Tuesday, 23 September 2014 02:40 PM

සජිත් ප්‍රේමදාස මැතිඳුනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්!! (නි)

:       0       0

වරුණ Wednesday, 24 September 2014 10:42 AM

පක්ෂ පාට තනතුරු නොතකා වැඩකරන්න (දී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 24 September 2014 06:39 PM

නියෝජ්‍ය නායක හා උප නායක තුල වචනයේ පරිසමාප්ථ අර්ථය සමානයි. නමුත් ව්‍යවස්ථාව බලය පවරා ඇති ආකාරය අනුව වෙනස්. නියෝජ්‍ය මහලේකම් උපලේකම් මෙම නිල දෙකටම ඉහත න්‍යාය සමානයි (නි)

:       0       0

රත්නායක Wednesday, 24 September 2014 10:42 AM

පක්ෂයේ අනෙකුත් අයගේ අකමැත්ත නැහැ කියන්නේ ලොකු දෙයක් (දී)

:       0       0

රුචිර Tuesday, 23 September 2014 02:44 PM

නියෝජ්‍ය නායක හා උපනායක අතරේ වෙනස මොකක්ද ? (නදී)

:       0       0

ජීවන්ත Wednesday, 24 September 2014 10:42 AM

මොකද අපේ හරින් මහත්තයට මොකුත් නැත්තේ (දී)

:       0       0

තමරා Wednesday, 24 September 2014 06:42 AM

හරින මහතා කල කැපවිම නිසා මුළුඑක්සත් ජාතික පක්ෂයම වෙනස් වෙලා පක්ෂය ජයගත්තා (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 24 September 2014 10:42 AM

ජනතාව ඔයිට වැඩ දෙයක් බලා පොරොත්තු උනා (දී)

:       0       0

රත්නායක Wednesday, 24 September 2014 10:42 AM

බන්දුල මොකද වෙලා තියෙන්නේ (දී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 25 September 2014 05:07 AM

කුමාර,චන්ද්‍රිකා අගමැති වුනෙත් ජනාධිපති වුනෙත් අත්දැකීම් තිබිලද? මට කව්රු හරි ඇමති ජෙෂ්ට ඇමති අතර වෙනස කියලා දුන්නොත් මම කියලා දෙන්නම් නියෝජ්‍ය නායක උප නායක කියන එකේ තේරුම ... මම මේ ප්‍රශ්නය බන්දුලගෙනුත් ඇහුවා එත් උත්තරයක් නම් ලැබුනේ නෑ, (දී)

:       0       0

ජීව හර්ෂ Wednesday, 24 September 2014 10:39 AM

මේ පාරනම් මොකාක් හෝ වෙයි කියලා හිතෙනවා (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 September 2014 05:08 AM

බමුණු ඉන්නේ බංකරයක් ඇතුළෙද? අනේ අපොයි.. බංකර් ඇතුලේ දැන් හමුදාවවත් ඉන්නේ නැති කොට ඔබ තුමා මොකට ඕකක් හදා ගත්තද? ඕකෙන් එලියට බැහැල බලන්නකෝ රටේ මිනිස්සු කවුද බංකර් අස්සේ ඉන්නේ කියල..බමුනුනම් අර බුදුන් කාලේ හිටපු ජාතියේ එලොවටත් නැති මෙලොවටත් නැති බමුනෙක්ම තමයි.ඩුප්ලිකේට් බන්දුල පොඩි ඇත්තක් කියල තියෙනවා.. (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 23 September 2014 02:50 PM

උප නායකත් වෙනස් වුනා නම් තවත් හොඳයි වගේ. (නදී)

:       0       0

කරු Wednesday, 24 September 2014 10:42 AM

සන්තෝසයි (දී)

:       0       0

බිබිලේ Thursday, 25 September 2014 05:15 AM

අවරුදු ගානක් තිස්සේ සන්දානෙට ජන්දය දුන්නා විශේෂයෙන්ම යුද්දය අවසන් කිරීමට ප්‍රණාමය දැක්වීමක් වශයෙන්. එත් දැන් කිසිම වැඩක් කර ගන්න බැහැ පගාව දෙන්නේ නැතුව. ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ප්‍රශ්නවලට ඇමතිවරු හිරවෙන හැටි දැක්කහම තේරුම් ගන්න පුළුවන් අතයටින් සිදුවෙන මගඩි ගැන ඒවගේම බඩු මිල දරාගන්න බැරි විදිහට දිනෙන් දින ඉහල දමනවා. මැතිවරණ කාලෙට විතරක් පොඩ්ඩක් අඩු කරනවා. මේ පාර අකමැත්තෙන් උනත් එජාපයට ජන්දය දීමට සිද්දවෙනවා, මොකද වෙන විකල්පයක් නැති නිසා. (දී)

:       0       0

පියතිස්ස Wednesday, 24 September 2014 06:51 AM

මම නම් දේශපාලනයට ඒ හැටි කැමැත්තක් නැහැ (දී)

:       0       0

මංගල Wednesday, 24 September 2014 06:51 AM

දේශපාලනය කියන්නේ ගොහොරු වලක් (දී)

:       0       0

රන්ජිත් Wednesday, 24 September 2014 10:43 AM

බන්දුල ඔබ හරි. එජාපය මාස කීපයකින් 15% ක ප්‍රතිශතයක් වැඩි කර ගත්තා කියන තර්කය මත එජාපය ජනාදිපතිවරනේදී තව 15% ක් වැඩි කර ගනීවි යයි පැවසීම එතරම් ප්‍රායෝගික නැහැ. මෙය වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් (නදී)

:       0       0

නීරෝ Thursday, 25 September 2014 05:22 AM

ඔබට ජයෙන් ජයම වේවා ,,, රටට සෞභාග්‍ය ගෙන ඒමට සියලු ශක්තිය දිරිය ලැබේවා .. (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 September 2014 07:30 PM

මෙතැන් ඉන්න කට්ටියක් ක්‍රිකට් කප් එකේ වැඩි ගෞරවය ක්‍රිකට් කණ්ඩායමට දෙන්න හදනවා. එහි වැඩි ගෞරවය හිමි විය යුත්තේ චන්ද්‍රිකා මැතිනියට. ඒ වගේම යුද ජයග්‍රහණයේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ අපේ ජනාදිපතිතුමට. (නදී)

:       0       0

සිරිමල් Wednesday, 24 September 2014 07:38 PM

බන්දුල, මහා මංගල තියරිය, ඒ මොකක්ද ? දිගින් දිගටම ඔය විදිහට බුද්ධාගම වගේ උතුම් දහමක කොටස් ඔබගේ බයිලා ව්‍යාපාරයට බාවිතා කරන්න එපා. (නදී)

:       0       0

ඉමිතියාස් Tuesday, 23 September 2014 03:07 PM

හරින් නිසා අලුත් ගමනක් යන එක්සත් ජාතික පක්ෂයට ජය වේවා ! ජාතික යොවුන් පෙරමුණු සභාපති ලෙස තේරී පත්වූ හරින් මහතාට ගුරුතලාව ජනතාවගෙන් උණුසුම් සුබ පැතුම්. පක්ෂය එක් සේසත් කල ඔබට ඉදිරියේදී පක්ෂය ඉහලම තැනට ඒමට වරම් ලැබේවා ! (නදී)

:       0       0

රසික නලින්ද Tuesday, 23 September 2014 03:09 PM

ස්තුතියි සැම දෙනාටම. අනිවාර්යෙන්ම පක්ෂය ජයගන්නවා නියතයි. මා හිතාදර සජිත් මැතිඳුනි ඔබට ජය. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 September 2014 07:57 PM

අද මිනිස්සු පුදුම සැපක් විදින්නේ. සමහර අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නැතත් ඉස්පිරිතාලවල අනෙක් සියලු උපකරණ ,බෙහෙත් තියනවා. මේවයේ වියදම් පාලනය කරන්නේ වෙන වියදම් වැඩි නිසානේ. රටේ මිනිස්සු සේරම කන්නේ තරු පහේ හෝටල් වලින්. (නදී)

:       0       0

බුද්ධික Thursday, 25 September 2014 05:38 AM

කිසියම් ගායකයෙකුගේ ඇවෑමෙන් ඔහුගේ පුතාට හෝ දුවට ගායන හැකියාවක් ඇතත් නැතත් ඒවා ගායනා කරනවා.රසයක් ඇතත් නැතත් අපට ඒවා ඇසෙනවා......නමුත් කවදා හෝ විධායක බලය සහිත රටක පාලනය පිලිබඳ යතුර නම් පිරිනැමිය යුතු වන්නේ උගත් බුද්ධිමත් පරිපාලනය පිලිබඳ ප්‍රයෝගික අත්දැකීම් ඇති අයෙකුටය. (දී)

:       0       0

සඳුනි Tuesday, 23 September 2014 03:16 PM

සජිත් මැතිතුමා කලිනුත් නියෝජ්‍ය නායකයා වෙලා හිටියා නේද? (නදී)

:       0       0

සමිත් Wednesday, 24 September 2014 08:12 PM

ඔන්න දැන් නම් නියමයි. යු.එන.පි එක හරි පාරට වැටිලා. චන්දෙ දෙන එකත් නවත්තල තිබුනේ දෙන්න පක්ෂයක් නැතුව. අයෙට් චන්දෙ දෙන්න පටන් ගන්නවා යු.එන.පි එකටම. (දී)

:       0       0

රසික විතාන Tuesday, 23 September 2014 03:21 PM

දැන් ඔක්කොම හරි කියලනේ හිතන්නේ. එජාප රජයක් නැවත එනවා කියලනේ කියන්නේ. මේ යන සංවර්ධන ගමන හරි. සමහර) පුද්ගලයන් මේ වගේ සිහින දකිනවා. මොනවා කිවුවත් මේ රජය රටට ත්‍රස්තවාදයෙන් අපිට නිදහස ලබාදුන්නා. රටේ සංවර්ධනය අපිට පෙනෙනවා. තවත් එජාප රජයක් අපිට නම් දැනට හෝ මතුවට එපා. (නි)

:       0       0

කොඩිතුවක්කු Tuesday, 23 September 2014 03:21 PM

දැන් ඉතින් තියෙන්නේ බැහැලා වැඩ කරන්න. අපිත් දන්නවා ඌව දිනන්නේ යු.එන්.පී.ය කියලා. ජයවේවා! (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 24 September 2014 07:06 AM

කවුරු උපනායක උනත් , අපට අවශ්‍ය හොරකම වංචා නැති උගත් ලෝකය පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයයි (දී)

:       0       0

බුද්ධික Thursday, 25 September 2014 05:54 AM

සජිත් ප්‍රේමදාස මහතා හැදුනේ වැඩුනේ දේශපාලන පසුබිමක් මත. ඔහු ඉතා කුඩා කාලයේ සිටම සිරිකොත හරහා දේශපාලන කටයුතු වලට සම්බන්ද උනා. ඔහු දේශපාන හැලහැප්පීම්, තර්ක විතර්ක ඉතා ලගින් දුටුවා. ඔහු මුළු ජීවිත කාලයම ගෙවුයේ දේශපාලන වටපිටාවක් මත. වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වශයෙන් අත්දැකීම් ලබා ගත්තා. ඔහු පොඩි මට්ටමේ සිට ඉහලට යනතුරු සියලු ආකාරයේ තනතුරු දරමින් දේශපාලකයෙක් වශයෙන් ඔහුගේ පියාගේම වචනයෙන් කියනවානම් තෙම්පරාදු උනා. විදායක බලය වගේ දැවැන්ත බලයකට ලංකාවේ සිටින ඉහලම සුදුස්සන් දෙදෙනා සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා පමණයි (දී)

:       0       0

පුෂ්පේ Wednesday, 24 September 2014 08:21 PM

බන්දුලත් මේ පින්තුර දැකල හොදටම කලබල වෙලා වගේ. මැතිවරණ ප්‍රතිපල දැකල මානසිකවත් කඩාවැටිලා වගේ. බන්දුලගේ වචනවලින්නම් තේරෙන්නේ පරාජය අතලග වගේ. (දී)

:       0       0

කුමාර් Tuesday, 23 September 2014 03:29 PM

මේවා කී දවසකට සීමාවෙයිද කියලයි මට බය (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 23 September 2014 03:31 PM

නියෝජ්‍ය නායක සහ උප නායක දෙකේ වෙනසක් තිබේද? නැත්නම් ඒ ‍තනතුරු සමානද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 September 2014 06:07 AM

"හලෝ දැනුත් ඉන්නේ බංකර් ඇතුලේ එදා හිටියේ ප්‍රභාකරන්ට බයේ දැන් ඉන්නේ ආණ්ඩුවේ හෙන්චියන්ට බයේ. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ"-බමුණු...ලංකාවට යන්න කියල ගුවන් පත ගන්නකොට පපුව ගැහෙනවා.කොයි වෙලේ, කාගෙන්,කුමන ආකාරයට කන්න වේවිද කියල. (දී)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 September 2014 05:58 PM

අපිට සන්තෝසයි (දී)

:       0       0

යසිත් Tuesday, 23 September 2014 03:45 PM

දැන් තමා හරි පාරට අාවේ යු.එන්.පී එක. රටේ ආර්ථිකය මනාව කලමනකරණය කරන්න පුළුවන් යු.එන්.පී ආණ්ඩුවට විතරයි (නදී)

:       0       0

සනත් Tuesday, 23 September 2014 03:46 PM

නියම වෙලාවට හරි දේ කල හරින්ටත් සුභ පැතුම් සමග මල් මිටක් (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 25 September 2014 06:15 AM

බමුණු.මහා මැතිවරණයේදී "අලියා" ලකුණම ඕනේ කියපු අය අද වෙනකොට කොහෙද ඉන්නේ.අන්තිමට කර ගන්ත්තේ විපක්ෂයට ලැබෙන ඡන්ද අඩු කර ගත්තු/මංත්‍රී දුර අඩු කර ගත්තු එක පමණයි. (අ)

:       0       0

රකිත Thursday, 25 September 2014 06:15 AM

බුද්ධික ඔබ හරියට හරි. සජිත් කියන්නේ දේශපාලනික වශයෙන් නියමටම තෙම්පරාදු වෙලා ඉන්න දේශපාලකයෙක්. එහෙම අත්දැකීම් බහුල දේශපාලන වටපිටාවක් මත හැදුනු, දක්ෂ ,දුප්පතාගේ ජන හද හඳුනන නායකයෙක් අද රටට අවශ්‍යයි.(අ)

:       0       0

ජගත් Wednesday, 24 September 2014 10:57 AM

අපේ කඩේ යන මහත්තයට ලග ලග එන පරාජයේ සෙවනැලි දරාගන්න බැහැ වගේ. (නදී)

:       0       0

අමිල Thursday, 25 September 2014 06:18 AM

බන්දුල පෙරේරාගේ කැමතිම ගීතය "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.......... "(අ)

:       0       0

නිපුණ Wednesday, 24 September 2014 08:56 PM

අශාන්,බොරු නොකියා ඉන්න. ලංකාවේ විදුලියෙන් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ තාප බලාගාර වලින්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 September 2014 06:18 AM

ලංකාවේ මහා එකාගේ ඉදලම පොඩි එක දක්වා බලන්නේ අනිකාව සුරගෙන මරාගෙන කන්න.ප්‍රේමදාස ආවයි කියල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ.(අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 September 2014 07:21 AM

අපි මේ තීරුවේ අදහස් දාන්නේ ආණ්ඩු රැක ගන්නවත් පෙරලන්නවත් නෙමෙයි.මේ තීරුවට එහෙම දෙයක් කරන්න බැහැ කියල නොදන්නා මෝඩයෝ මේකට ලියනවා කියල හිතන්න බැහැ...එකිනෙකාගේ අදහස් වෙනස් ..මේක සංවාද මණ්ඩපයක්..අපි වාද විවාද කර ගන්නවා..එකිනෙකා විවේචනය කරනවා.එහෙම විවිධ මතවාදවල ගැටීමක් නැත්නම් පක්ෂග්‍රාහි වෙනවනම් ඒකාකාරී වෙනවනම් මේ තීරුව මෙහෙම ජනප්‍රිය වෙන්නේ නැහැ..අපි කවුරුවත් එකිනෙකා හදුනන්නේ නැහැ..මොන මත වාද දැරුවත් ඒක අදහස් වලට පමණයි.. වෙන කුනුකම් අපේ හිත්වල නැහැ...නමුත් එයිට වඩා වෙනස් අදහසක් තියෙන නපුන්සක පිරිසකුත් මේකේ ඉන්නවා..කාගේ හරි හඬක් දිරවන්නේ නැති කොට ඒ නමින් අදහස් දාන....ඩුප්ලිකේට් බන්දුල පෙරේරලා ඩුප්ලිකේට් ලංකා තිලක්ල දැක්කම හිතට ඇතිවෙන්නේ දුකක්.. මේ තීරුවක අදහස් ඉවසා ගන්න බැරි මිනිස්සු ප්‍රයෝගික ජීවිතයේදී කොහොම හැසිරෙනවා ඇත්ද කියලා.. අපේ ඊමේල් ලිපින වලින් ලංකාදීපේ දන්නවා සැබෑ එසැණ පුවත් පාඨකය කවුද කියල. (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 September 2014 06:17 AM

සජිත්ට පක්ෂයෙන් මොනවා හරි අසාධාරනයක් වුණ ගමන් හේමා ප්‍රේමදාස දුවන්නේ කොහෙටද කියල හොයල බලන්න.මගේ අදහස් සියල්ලේම පිළිතුරු එතන තියෙනවා.(අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 September 2014 06:20 AM

රටේ ජනාධිපතිකමට හෝ අගමැතිකමට සජිත් සහ රනිල් ඉතා සුදුසු බව පිළිගන්නවා. හැබැයි එකම සුදුස්සන් මේ දෙන්න විතරක් නෙමෙයි. (අ)

:       0       0

පද්මිණි Tuesday, 23 September 2014 04:15 PM

අගාධයෙන් ජනතාව ගොඩගන්න. භේදබින්න නොවී ඉලක්කය කරා යන්න. අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

පුෂ්පලතා Wednesday, 24 September 2014 11:08 AM

කුමරන මහත්තයා කවදාවත් ප්‍රේමදාස මහත්තයවත් ඔහුගේ පුතාවත් නොමිලේ මුදල් දෙන්න කටයුතු කලේ නැහැ. ප්‍රේමදාස මහත්තය ගම් උදාව හරහා අලුතෙන් නිවාස දුන්නේ නිවාස නැති අයට. නමුත් මේ නිවාස ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන්ම සිදු උනේ මේ පවුල් වල අයගේ ශ්‍රමයෙන්. ඔහු රුපියල් 25000 ක ආදාරයක් දුන්නේ ස්වයන් රැකියා සදහා. ඔහු නොමිලේ මුදල් දුන්නේ දෙමව්පියන් නැති දරුවන්ට., ආබාදිතයන්ට , සහ ඉතා වයසක මව්වරුන්ට ,පියවරුන්ට. ඔහු ග්‍රාමීය බැංකු හරහා නය ලබා දුන්නේ අලුතෙන් කර්මාන්ත ඇරබීමට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ගැනීමට. ඔහුට අවශ්‍ය උනේ කාන්තා පිරිමි බේදයකින් තොරව ,හැමෝටම රැකියාවක් ලබා දෙන්න. අදටත් රටේ දෙවන ඉහලුම ආදායම් ලබන ඇගලුම් කම්හල් නගා සිටවුවේ මෙතුමාගේ පියාණන්. (නදී)

:       0       0

susa Thursday, 25 September 2014 06:21 AM

යූ. එන්. පී. ජයවේවා! සජිත් දාමු ජනාධිපති වරණයටත්........(අ)

:       0       0

අනුර Tuesday, 23 September 2014 04:17 PM

හරීන්, ඔබ යන ගමනට ජය! (නි)

:       0       0

ධම්ම Wednesday, 24 September 2014 07:32 AM

දැනට මේ ප්‍රවෘත්තිය 6734 කියවලා තියනවා. 83 ක් අදහස් දාලා තියනවා. කී දෙනෙක් පක්ෂව දාලා තියෙනවාද බලන්න. මේ වගේමයි ඌවේ යුඑන්පියට ඡන්ද වැටුනේ කැමැත්ත නිසා නොවේ ආණ්ඩුවේ වැරදිවලට අකමැත්ත නිසා. (නදී)

:       0       0

කුමාරසිරි Thursday, 25 September 2014 06:22 AM

බන්දුල මහත්තයෝ ,කිසිම දේශපාලන දැනීමක් නැති, හිස් මිනිස්සු ලියන තේරුමක් නැති දේ වලට අදහස් දමන්න එපා .අපි දෙමු ඒ අයට කොරහේ කිඹුල්ලු දකින්න .(අ)

:       0       0

වසන්ත මිලානෝ Wednesday, 24 September 2014 10:39 PM

බන්දුල මහතාට මල් මිටක්.... මහින්ද මහත්තය දිනන්නේ සටනක් නැතිව (දී)

:       0       0

කොස්වත්ත Tuesday, 23 September 2014 04:22 PM

මගේ හදවතින්ම සුබ පතමි! (නි)

:       0       0

සෑම් Thursday, 25 September 2014 06:23 AM

බන්දුල මහත්තය අහල තිබුන නියෝජ්‍ය නායකයි උපනායකයි කියල දෙකක් තියෙන්නේ මොකද කියල මට කියන්න තියෙන්නේ එකත් සීනි ඇමති සහ පොල් ඇමති වගේ කියල. අනේ පවු ලංකාවේ අහිංසක ඡන්ද දායකයෝ(අ)

:       0       0

ග්‍රීන් බ්ලඩ් Wednesday, 24 September 2014 11:17 AM

වැඩි දෙනෙකුට අමතක දෙයක් තියනව. 2001 යු.එන්.පී ආණ්ඩුවක් බලයට එද්දිත් ඔහොම තනතුරු තිබ්බා. නියෝජ්‍ය නායක කරූ. උප නායක අතුකෝරළ. ඉතින් මේ යන විදිහ හොඳයි.(නදී)

:       0       0

තිළිණ Saturday, 27 September 2014 05:10 AM

ජයවේවා (දී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Thursday, 25 September 2014 06:33 AM

බන්දුල මහතාණෙනි ඔය අතීතය අමතක ටික දෙනෙක් කට කියෙව්වට ගණන් ගන්න එපා . ඔය ටික දෙනකුට අමතක උනාට යූ. එන්.පී.ආණ්ඩුව කාලේ අපේ රටේ ජනගහනයෙන් 99% දවසේ පැය 24 ම ගත කාලේ මරණ බයෙන් ගෙදරින් එලියට බැහැල ගිය කෙනා නැවත ගෙදර එන තුරු විස්වාසයක් තිබුනේ නැත. එවැනි අතුරුදහන් වූ දහස් ගණනකගෙන් තොර තුරක් අදටත් නැත. බියෙන් තැති ගත් කාල පරිච්චේදයක් . (අ)

:       0       0

නාලක Saturday, 27 September 2014 05:12 AM

සුභපැතුම් (දී)

:       0       0

බුද්ධික Thursday, 25 September 2014 06:35 AM

බුද්ධික යනුවෙන් ඇති දෙවන අදහස ඉහතින් අදහස් දැක්වූ මගේ නොවේ...ඉතාම කෙටියෙන් පැවසුවොත් රට පාලනය පිලිබඳ යතුර දීමට තෝරාගත යුතු වන්නේ 'රියලිටි ෂෝ'ක්‍රමයට නොවේ. (අ)

:       0       0

නිශාන්ත Tuesday, 23 September 2014 04:27 PM

සජිත් මහත්තයා දෙවැනි වතාවට නේද මේ තනතුරට පත්වුණේ? කොහොම වුණත් තනතුරු හදාදීලා තිබෙන විදිය බැලුවහම විපක්‍ෂයේ සිටියදී මෙහෙම නම් ආණ්ඩුවක් දිනලා ඇමතිකම් දෙන්න ගියොත් දැනට ඇති වාර්තා නම් අනිවාර්යයෙන්ම කැඩෙයි කියලා හිතෙනවා. බුලත් පුවක් ඇමතිලාත් බිහිවේවිද දන්නෙ නැහැ එහෙම වුණොත්? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 25 September 2014 12:21 AM

සජිත් මහත්තයට මාර ප්‍රසිදියක්නේ ලැබුනේ (දී)

:       0       0

බමුණු Thursday, 25 September 2014 12:23 AM

මෙයාව රාජ්‍ය නායකයෙක් හැටියට පිළිගන්න පුලුවන්ද? (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 23 September 2014 04:33 PM

තනතුරු ඉල්ලලා වෙන්දේසි දාන මිනිසුන්ට තනතුරු දෙන්න තරම් මෝඩ කමක් තවත් නැහැ. (නදී)

:       0       0

බමුණු Thursday, 25 September 2014 12:34 AM

"ආපු එක්සත් ජාතික පක්ෂ රජය අවුරුදු දෙකෙන් නොවැටුනානම් අද අපි ඔක්කොම 24 පැයම බංකර් ඇතුලේ ඉන්නේ" හලෝ දැනුත් ඉන්නේ බංකර් ඇතුලේ එදා හිටියේ පරබාකරන්ට බයේ දැන් ඉන්නේ ආණ්ඩුවේ හෙන්චියන්ට බයේ. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ. පගාව නොදී මොන වැඩේද හලෝ කරගන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙකුට රටේ නීතිය කෙරෙනවද. සෙරප්පු දා ගෙන ගිය හෙන්චියලනම් ඉන්ටෙර් කූලර් වල යනවා. (දී)

:       0       0

සමන් වසන්ත Thursday, 25 September 2014 06:43 AM

සජිත්ගේ පත්වීම ගැනනම් මට කියන්න දෙයක් නැහැ . ඒක හොඳද නරකද කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි. . තමුන්ගේ පක්ෂයට ආදරෙයි නම් රටේ ජනතාවට ආදරෙයි නම් කොන්දේසි විරහිතව ඒ දෙක වෙනුවෙන් වැඩ කරන්න ඕන. රණ්ඩු කිරීමෙන් තර්ජනය කිරීමෙන් තනතුරු ලබාගෙන පලක් තියෙනවද? ඒ වගේම යුද්දේ දිනපු නිසා ඡන්දය දෙන ජනතාවගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි: හිතන්න ඔබට දුවෙක් හෝ සහෝදරියක් ඉන්නවා. ඇය ගඟක ගිලෙන්න යනවා. ඔබට අැයව බේරගන්නත් බැහැ. එවිට මනුස්සයෙක් ඇවිත් ඇයව බේරාගන්නවා. පසුව එම මනුස්සයා ඇයව දුෂණය කිරීමට සැරසෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? අනේ කමක් නෑ දුව, එහෙම නැත්නම් සහෝදරිය මැරෙන්න යද්දී බේරාගත්තනේ කියල ඔබ බලන් ඉන්නවද? තවත් දෙයක් කියන්න ඕනේ. දේශපාලකයෝ කියන්නේ අපි වන්දනා මාන කරන්න ඕන කට්ටියක් වත් කළගුණ සලකන්න ඕන කට්ටියක්වත් නෙවෙයි. එක පාරක් කතිරේ ගහල අපි කරන උදව්ව හොදටම ඇති. ඔවුන්ගෙන් රටට ගන්න පුළුවන් වැඩේ ගන්න තරම් අපි බුද්ධිමත් වෙන්න ඕන.(අ)

:       0       0

දුරාචාර්ය ටිකිරි බණ්ඩා Tuesday, 23 September 2014 04:35 PM

ප්‍රේමදාසල කරපු දේවල් වලට තවමත් මිනිසුන් බයයි.අදටත් දුක් විදිනවා. (ස)

:       0       0

බමුණු Thursday, 25 September 2014 12:35 AM

"සජිත් මහත්තයාට නිරෝගී සුව ලැබෙන්න ඕනේ" එක හරි නමුත් මේ රටේ නායකයා වෙන්න ඕනේ නැහැ. (දී)

:       0       0

ඇල්විටිගල Thursday, 25 September 2014 06:44 AM

මරු සජිත් අනිත් අසනවලත් යන්න ඔයාට ජය නියතයි.(අ)

:       0       0

ගංගා Thursday, 25 September 2014 10:31 AM

සුභපැතුම් (දී)

:       0       0

බමුණු Thursday, 25 September 2014 12:40 AM

"අනේ මට කව්රු හරි කියන්නකෝ උපනායක කමේ සහ නියෝජ්‍ය නායක කියන දෙකේ වෙනස" මමත් හෙව්වේ ඕක උත්තරයක්. (දී)

:       0       0

අවිශ්ක Thursday, 25 September 2014 10:33 AM

ටිකෙන් ටික ඉදිරියට එනවා (දී)

:       0       0

රසික Thursday, 25 September 2014 12:43 AM

බන්දුල ඔය තරම් කඩේ යන්න එපා (දී)

:       0       0

අසංක Thursday, 25 September 2014 10:31 AM

ඔබ ආගමික වශයෙන් ලොකු සේවාවක් ලංකාවට කරනවා (දී)

:       0       0

මිනිපෙ Thursday, 25 September 2014 12:43 AM

සජිත් මහත්තයට තියන එකම සුදුකම,ඔහුගේ වාසගමයි. ඒ කියන්නේ ප්‍රේමදාස නමයි. (දී)

:       0       0

අසංක Thursday, 25 September 2014 10:31 AM

දැන් ඇති (දී)

:       0       0

මලින්ද Thursday, 25 September 2014 06:54 AM

කොහොම උනත් අපිට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්න විතරයි (දී)

:       0       0

චාමර අනුර සම්පත් කුමසරු Tuesday, 23 September 2014 04:53 PM

අන්න එකමුතු කම. පක්ෂ සාමුහිකත්වය. ජයග්‍රහණයේ නව මන්පෙත් ඉදිරියේ දී ජයෙන් ජය. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 September 2014 04:56 PM

අනේ තේරෙන්නේ නැති නිසා අහන්නේ ..නියෝජ්‍ය නායකයි උපනායකයි කියල දෙකක් තියෙන්නේ මොකද..දන්නා සිංහලෙන්නම් දෙකම එකයි කියල මට හිතෙන්නේ.එහෙම එක පිලකට උප නායකයෝ දෙන්නෙක් ඉන්න පුලුවන්ද? එක පළාත් සභාවකවත් දිනලා තියා අඩු ගානේ වෙන එකෙක් එක්ක එකතුවෙලාවත් බලයක් ගන්න හිතන්නවත් බැරුව ඉදිද්දී ආණ්ඩුව පෙරලුව කියල හිතන් ඉන්න මේ මන්ද බුද්ධික විපක්ෂයට බලමු ඉතින් මේ බේතෙන්වත් ප්‍රතිපලයක් ලැබේවිද කියල. (ස)

:       0       0

උපාලි Wednesday, 24 September 2014 08:02 AM

සජිත් මහතාට සුභ පැතුම්. ජය වේවා! (නදී)

:       0       0

චන්න Thursday, 25 September 2014 07:02 AM

ඔබ අත්දැකීම් සහිත පරිපුර්ණ නායකයෙක් (දී)

:       0       0

සත්‍යපාල Thursday, 25 September 2014 07:07 AM

සමන් වසන්ත ඔය ටික අපේ අයට තේරෙන්නේ නැති කරුමේ තමයි වෙලා තියෙන්නේ ! (දී)

:       0       0

ධම්ම Tuesday, 23 September 2014 05:11 PM

එහෙනම් නායකත්ව මණ්ඩලයත් පුස්සක් වුණාද? මේවාද නම් වලට පමණක් සීමා නොවේවා! (නි)

:       0       0

දර්ශන Wednesday, 24 September 2014 12:15 PM

ඔබට ජය වේවා ............. රටට සෙතක් වේවා ........ (දී)

:       0       0

සරත් Tuesday, 23 September 2014 05:24 PM

ජය නියතයි. එක එක්කෙනාගේ ගැටවලට අහුවෙන්න එපා. ජයවේවා!! (නි)

:       0       0

අමන් ජයතුංග Tuesday, 23 September 2014 05:38 PM

1948 නිදහස ලැබුණු දින සිට මේ දක්වා වසර 66 පුරා ලංකාවේ තිබුන දේශපාලන පක්ෂ අතුරින් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඇති දැවැන්ත පක්ෂයකි. එදා ඩී.එස් සේනානායක ගේ ඉඳන් මේ දක්වා බිහි වුනු ශ්‍රේෂ්ට නායකයින්ගේ ලේ,දහදිය,කඳුළු වලින් ගොඩනගපු පක්ෂයකි. ඒ කළ කැපකිරීම් වෙනුවෙන් කෙලෙහි ගුණ දන්නා මනුස්සයන් වශයෙන් මේ දක්වා එක්සත් ජාතික පක්ෂය වටා ලොකු ජනතාවක් ඒකරාශී වී සීටීම අපි ලබපු භාග්‍යයක් කොට සලකන්නෙමු. නමුත් පසුගිය වසර 20 ක පුරාවටම එක්සත් ජාතික පක්ෂයෙන් තම පාක්ෂිකයන් ගිහිලි ගියහ. පසුගිය දශකය තුල එක්සත් ජාතික පක්ෂ අභ්‍යයන්තරේ සිදු වූ සියලු දේ අපි ජාතියක් වශයෙන් බොහොම නිහතමානිව නිහඬව බලා සිටියෙමු. පක්ෂය ජය මාවතකට රැගෙන යාමට අවශ්‍යය. පක්ෂය ශක්තිමත් කොට හොඳ සංවිධානාත්මක හැකියාවකින් පක්ෂයත්, ජනතාවත් දිනවිය හැක්කේ කාටද කියා ඔප්පු කල, එවන් කෙනෙකුට අවස්තාව ලබාදීම පක්ෂයටත්, රට ටත් . ජාතියටත් කරන අමිල මෙහෙවරකි. (නදී)

:       0       0

චානක. Thursday, 25 September 2014 07:32 AM

බන්දුල ගාල කඩාගෙන දුවනවා...රට දියුණු කරන්න ඕනෙනම් ඔය රටේ තිබෙන වැඩවසම් ක්‍රමය අතුගා දමා සමාන අවස්ථා කියන ක්‍රමයට ජනතාව පොලබවලා බලන්න.අපිනම් මේ ක්‍රමය යටතේ රටක් භාදක ප්‍රශ්න නැතිව ඉතාමත් සාර්ථකව දුවන ආකාරය නෙත් දෙකින්ම දකිනවා. (දී)

:       0       0

දයාසිරි Wednesday, 24 September 2014 12:41 PM

මිනිස්සු ඔන්න ඕක තමයි කාලෙක ඉදලා කියුවේ (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 23 September 2014 06:45 PM

තනතුරු ඉල්ලගෙන හඩන අයට තනතුරු දුන්න කියල පක්ෂයක් දිනන්නේ නැහැ. (නදී)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​, Tuesday, 23 September 2014 06:53 PM

එජාපය පරක්කු වි හෝ මේ දේ තේරුම් ගෙන උපනායක තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිම ගැන ස්‍තුතිවන්ත වෙමු. රටේ ඉදිරි ගමනට ජය වේවා එජාපය දිනේවා (නදී)

:       0       0

පුබුදු Wednesday, 24 September 2014 12:50 PM

ජයෙන් ජය වේවා. පිට රටවල් වල ඉන්න අයගේ චන්දය ගන්නත් වැඩපිළිවෙලක් හදාගන්නත් බලන්න. යු එන් පී චන්ද ඔක්කොම ඉන්නේ පිටරටවල. (දී)

:       0       0

කපිල Thursday, 25 September 2014 03:09 AM

තනතුර ගැන නොහිතන්න තමන්ගෙන් වෙන්න ඕන දේ ගැන පමනක් හිතන්න (දී)

:       0       0

හසන්ති Thursday, 25 September 2014 03:12 AM

ඔබ තුමාට ඔබේ දක්ෂකම පෙන්නන්න හොඳ අවස්තආක් (දී)

:       0       0

අසේල Friday, 26 September 2014 04:17 PM

නව නායකත්වය කටයුතු කරන ආකාරය අපි බලමු (දී)

:       0       0

කොල එළිය Thursday, 25 September 2014 03:12 AM

මෙතන උප නායක, නියෝජ්‍ය නායක දෙකක් තිබීම ප්‍රශ්නයක් කර ගත්තු අයට අමතකද 2001 යූ එන් පී දිනුවෙ කොහොමද කියල? කරූයි අතුකෝරළයි නියෝජ්‍ය නායක සහ උප නායක වෙලා හිටිය කියල මතක නැත්තෙ ඔයාල එදා ඉදන් වමේ නිසා නේද? (දී)

:       0       0

අනිල් රෝහණ Tuesday, 23 September 2014 07:14 PM

සජිත් මහත්තයට නියෝජ්‍ය නායකකම දීලා රවීට උපනායකකම දෙද්දී මට හිතාගන්න අමාරු දෙයක් තියනවා. නියෝජ්‍ය සහ උප කියන තනතුරු දෙකේ වෙනස මොකක්ද? නායකයා නැතිවුණාම උපනයකයට නේද වගකීම පැවරෙන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 September 2014 07:16 PM

බස්නාහිර ඡන්දෙදි 26%ක් ගත් එජාපය මාස කීපයකින් පස්සේ ඌවෙදී ගත්තේ 41%ක් පමණයි. රජය ගිය පාර ඌවේදී තමයි ඉහළම ජයක් ලැබුවේ. බස්නාහිරට වඩා මාස කීපයකින් ඌවෙදී 15% ක් වැඩි වුණා කියලා ඒකෙන් කියන්න බැහැ ඊළඟ ජනාධිපතිවරණයේදී එජාපය 56% ක් ගනී කියලා. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Thursday, 25 September 2014 12:27 PM

සජිත් මහත්තයට තනතුර දීපු එක හොදයි.....එ්කෙන් එම පක්ෂයේ කුලල් කා ගැනීම් ,අඩුපාඩු හදාගෙන හොඳ විපක්ෂයක් හදාගන්න පුළුවන් ...ඊටත් ....පස්සේ පුළුවනි....කාගෙන්වත් කැපිලි නාවොත් .....හොඳ ගමනක් යන්න (අ)

:       0       0

තිලක් Tuesday, 23 September 2014 07:52 PM

අපිත් මේ රටේ දශක ගණනාවක් තිස්සේ මැතිවරණ දැකලා තියෙනවා. රටේ ජන රැල්ල යන්නේ කොයි පැත්තටද කියලා පෙරපාසල් යන ළමයෙකුට වුණත් හොඳට තේරෙනවා. අද රැල්ල එජාපය පැත්තට හැරෙන්න පටන් ගත්තත් මේගොල්ලෝ කියන 2/3 ක ජයක් ජනාධිපතිවරණයේදී ගන්න ලැබෙයිද සැකසහිතයි. චන්ද්‍රිකා මැතිනියත් මුලින් පොඩි ප්‍රතිශතයකින් මැතිවරණයක් දිනලා තමයි පස්සේ 60% පන්නලා ගියේ. එජාපය එන මැතිවරණය ජයගන්නේ 54% කට වඩා අඩු ප්‍රතිශතයකින්. (නි)

:       0       0

කුමාරණ Wednesday, 24 September 2014 08:39 AM

ගරු සජිත් මහතාණනි, ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. කරුණාකරලා අපේ මිනිසුන් තුල යැපීම් මනසක් ඇති නොවෙන විදියට ජනතාවට ආමන්ත්‍රණය කරන්න. නිකන් කන්න අර සවිය මේ සවිය දෙනවා කියා ඔවුන් තවත් කම්මැලි නොකරන්න. ජපානය, චීනය අාදිය උදාහරණ කොට ගෙන රටේ හැම පුරවැසියෙක්ම සවිබල ගන්වනවා මිස ඔවුන් උදාසිනයන් නොකළ යුතුය. ඔබේ උගත් නියෝජිතයන් ගම් නියම්ගම් වෙත යවා එම ගම්වල තිබෙන ,ශ්‍රම සම්පතේ විවිදත්වය, ගම්වල තිබෙන ස්වභාවික සම්පත්, භුවිෂමතාවන් හදුනාගෙන එක ගමකට එක ව්‍යාපෘතියක් මගින් සියලු ජනතාව කිසියම් ක්‍රියාවක නියලවන්න. තම රටවැසියන් නිකන් කකා ,කිසිවක් නොකර,කාලය කාදමන්නන් විය යුතු නැහැ නේද?හැකිනම් එක ගමකින් නව සොයා ගැනීමක් ලෙස මුළු රටම නව මාවතකට යොමුකරන්න. නැතිනම් ඔබේ පියා 2500ක් දුන්නා, ඔබ 10000 දෙනවා කියා පොරොන්දු නොදෙන්න. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 23 September 2014 07:59 PM

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් ප්‍රවේශම්වන්න (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 September 2014 01:00 PM

රජිත් මහත්තය දන්නවා බන්දුල පෙරේරා කවුද කියලා. බන්දුල පෙරේරා හීන දකින්නේ නැහැ. මහපොළොවේ පය ගහල සැබෑ ලෝකේ ජිවත් වෙන්නේ. ජනාධිපතිවරනේදී 56% ගන්න ඉතින් මේ එසැන පුවත් කට්ටියගේ ඡන්ද විතරක් ජනාධිපතිවරනේදී බැලුවොත් පුළුවන් වේවි. තමන් හීන දැක්කට කමක් නැහැ. ඒ හීන වලින් ලෝකෙට විහිලු සපයන්න එපා. (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 September 2014 08:13 PM

අන්න කිවුවා හරියටම. බන්දුල පෙරේරා මගේ ළඟපාතක හිටියා නම් මසුරන් හොයාගන්න අමාරු නිසා රත්තරන් ටිකක්වත් කටට දානවා. (නි)

:       0       0

කේ කේ කේ Thursday, 25 September 2014 03:33 AM

සුබ අනාගතයක් වේවා සජිත් (දී)

:       0       0

සුරංග මුදියන්සේ Tuesday, 23 September 2014 08:22 PM

අපිට නම් එක්තරා දෙදෙනෙකුගේ විකර්ෂණය හොඳට පැහැදිලිව පෙනෙනවා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 23 September 2014 08:30 PM

අද ජනතාවට, 1. විධායක ජනපති ක්‍රමය 2. අධික බඩු මිල 3. පවුල් ගසාකෑම 4. මහජන මුදල් ගසකෑම 5. නීතියේ අඩුපාඩු යන කරුනු නිසා පීඩනයක් තිබෙන බව රනිල් තේරුම් ගතයුතුයි (නි)

:       0       0

තාරක Thursday, 25 September 2014 03:42 AM

ඔබට පියාගේ ආශිර්වාදය තියෙනවා (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 September 2014 03:45 AM

හසන්ති -දක්ෂකම පෙන්නන්න හොඳ අවස්තාවක්. තීරණාත්මක අවසන් චන්ද රැස්වීම් කියක් මග හැරිය කෙනෙක්ද. (දී)

:       0       0

දිනේෂ් Tuesday, 23 September 2014 09:29 PM

කොයිතරම් ලොකු තැනකට ආවත් කමක් නැහැ මහත්තයෝ. අනිත් අය වගේ හොරකම් කරන්න නම් එපා.ජය වේවා! (නි)

:       0       0

පතිරණ Wednesday, 24 September 2014 08:47 AM

මෙතනදී බන්දුල පෙරේරා මහත්මයා පිළි අරන් තියෙනවා ලංකා තිලක් නමින් ලියන්නේ එයාමයි කියලා "කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතිලු" (නදී)

:       0       0

හේවගේ Thursday, 25 September 2014 03:44 AM

සජිත් මහත්තයාට පැහැදිලි අනාගතයක් තියෙනවා (දී)

:       0       0

පුෂ්පකුමාර Thursday, 25 September 2014 03:47 AM

කුමාරගේ කතාව මම පිලි ගන්නවා (දී)

:       0       0

සමන් Tuesday, 23 September 2014 10:31 PM

ආයෙමත් වැඩ වරද්දාගන්න නම් එපා (නි)

:       0       0

අත්තනායක Wednesday, 24 September 2014 01:20 PM

බන්දුල මහත්තයා මොකද කියන්නේ (දී)

:       0       0

කුමාර Thursday, 25 September 2014 03:45 AM

තවම ඇමති ධුරයක් දරල නැති කෙනෙක් රටේ නායකයෙක් කරන්න හදන මිනිස්සු. රටට දෙවියන්ගේම පිහිටයි. ජනප්‍රියත්වය තිබුනට රට පාලනය කරන්න බෑ. තාත්ත ජනපති කෙනෙක් උනත් ඒක එහෙමමයි. අත්දැකීම් තියෙන්න ඕන. (දී)

:       0       0

චාමික Wednesday, 24 September 2014 01:20 PM

බන්දුල වගේ අය එක්ක මොන සංවාදද? (දී)

:       0       0

රෝහිත Tuesday, 23 September 2014 11:08 PM

සජිත් කවදාහරි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි දිනුවා වගේ දිනන බව මට විශ්වාසයි (නි)

:       0       0

ගාල්ලේ සමන් පෙරේරා Tuesday, 23 September 2014 11:25 PM

රට දිනවන්න සජිත්ට පුලුවන්. රනිල් පක්ෂ නායකත්වයේ සිට සජිත් ජනපති අපේෂකයා වනු දැක්ම පාක්ෂික පැතුමයි. (නි)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 23 September 2014 11:34 PM

අතීතය අමතක කරන්න එපා. 77 බඩ ගැන හිතලා රට මහා විනාශයකට ගියා. සුලු ජාතීන්ට පහසුවෙන් විසඳා දෙන්න තිබුණ ගැටලු ජාතිවාදී අරගලයක් දක්වා අරගෙන ගියා. 88-89 කාලේදි දකුණේ තරුණයින් 90 000.ක් විතර රටට අහිමිවුණා. ඩඩ්ලි.මහත්තයලගේ.. ඩී.එස්.මහත්තයලගේ යු.එන්.පී.ය අද නැහැ. ප්‍රභාකරන් කිව්වට සිංහලයට හැමදෙයක්ම සතිදෙකෙන් අමතක වෙනවා කියලා අපි නම් එහෙම සිංහලයින් නෙමෙයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 24 September 2014 01:30 PM

රනිල් මහත්තයට පහුවෙලා හරි මොලේ පෑදුනා දැන් හරි. ජනතාව සමහරු ගැන අවමංගල කතා කියනවා. ඒ අයව අතේ දුරින් තියන්ඩ. ජනප්‍රිය පුද්ගලයින් ආසන සංවිදායකයිව් හැටියට පත් කරන්ඩ. ලංකාව දුෂනයෙන් පිරිහී ඇත. මෙයට පිලියමක් අවශ්‍යයි. සුළු ජාතින්ටත් තැනක් දී පක්ෂයට එකතු කර ගංඩ (නදී)

:       0       0

දයා Wednesday, 24 September 2014 12:07 AM

එතකොට කරු කෝ? නායකත්ව මණ්ඩලය කෝ? (නි)

:       0       0

නොයෙල් Wednesday, 24 September 2014 01:43 PM

බන්දුල පෙරේරාව මේ විදිහට හැමෝම විහිලුවකට ගන්න එපා. ඔහු හිතන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කෑමෙන් බීමෙන් සර්ව සම්පුර්නයි කියලා. කවදාවත් මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ කියලා. .ඒක ඔහුගේ මතය ඕනෙම කෙනෙකුට ඕන දෙයක් සිතීමේ අයිතිය තියෙනවා. ඔහුත් සමග සංවාදයට යන්නත් එපා. ඔහුගේ ලෝකේ ඔහුට ඉන්න දෙන්න.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 24 September 2014 12:52 AM

එකම පිලක උප නායකයින් දෙන්නෙක් නොවෙයි තුන්දෙනෙක් වුණත් ඉන්න පුළුවන් එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව. (නි)

:       0       0

සමන්ති Wednesday, 24 September 2014 01:59 PM

1956 යු එන් පි එක අටට බැස්සා. 1977 ශ්‍රී ලංකා අටට බැස්සා. එම නිසා ජය පරාජය වෙනස් විය හැක. (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 24 September 2014 01:34 AM

මේ කිසිවකුගෙන් මා හට නම් වැඩක් නැත (නි)

:       0       0

කරුණා ජීව Wednesday, 24 September 2014 09:18 AM

බන්දුල පෙරේරා එයාගෙම කටේ රත්තරන් දාගන්නවා. අනේද කියන්නේ. (නදී)

:       0       0

බුද්ධික Wednesday, 24 September 2014 02:20 AM

පරක්කු වෙලා උනත් ගත්ත තීරණය ගොඩක් වටිනවා. ඔහු ගිය කාලය පුරාවට අපිට තිබුනේ කලකිරීමක්. පරාජිත මනසක්. අද ඉඳල නව ජීවයක් තියනවා. මේ රට ගොඩගන්නට සජිත්ට ශක්තිය සහ ජවය තියනවා. අපි ඔහු සමඟයි. ජය වේවා. (නදී)

:       0       0

රකිත Thursday, 25 September 2014 03:54 AM

නියෝජ්‍ය නායක, උප නායක කියන දෙකේ වෙනස තීරණය වෙන්නේ එම තනතුරුවලට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පැවරෙන වගකීම් සහ රාජකාරි අනුවයි. මෙතන, තනතුරු නාමය නෙමෙයි වඩා වැදගත්. සාමුහිකව එම තනතුරුලාභීන්ට පක්ෂයේ දියුණුව තකා කටයුතු කල හැකිද යන්නයි. බණ්ඩාරනායක මැතිනියටයි, කුමාරතුංග මැතිනියටයි තිබුණු සුදුසුකම් වලට වඩා සුදුසුකම් සජිත් මහතාට ඇත. කොටින්ම කියතොත් ලොව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ආර්ථික සහ දේශපාලන විද්‍යාව පිළිබඳව ලබා ගත් අධ්‍යාපන සුදුසුකමක් ඇත. විශේෂ වරප්‍රසාද සහිතව හොරෙන් ලබා ගත් පෙරකදෝරු සහතිකනම් නැත. (දී)

:       0       0

ශාන්ත Wednesday, 24 September 2014 09:23 AM

කොයි කාගේ ආණ්ඩුවත් අපට එකයි. ඒ උනාට සජිත් මහත්තයට සුබ පතනවා, (ස)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 September 2014 02:42 AM

බුද්ධික, හීනයක්වත් දැකලා බය වුනාද? (නදී)

:       0       0

එඩී Wednesday, 24 September 2014 02:24 PM

අනේ මට කව්රු හරි කියන්නකෝ උපනායක කමේ සහ නියෝජ්‍ය නායක කියන දෙකේ වෙනස (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 September 2014 02:43 AM

ගාල්ලේ සමන් පෙරේරා. ඔහේට වෙන පැතුමක් නැද්ද? (නදී)

:       0       0

නයනජිත් Wednesday, 24 September 2014 02:48 AM

දොස්තර මාරු කරන්නේ නැතුව වාට්ටුව මාරු කරලා... ලෙඩ්ඩු ටික එහෙමමයි. හරීන් නම් මොළය පාවිච්චි කළා. පක්ෂයට වැඩක් කරන්න තනතුරු නොවෙයි ප්‍රධාන වෙන්නේ. (නි)

:       0       0

ජෝන් Wednesday, 24 September 2014 02:34 PM

කොහොම හරි කමක් නැහැ දැන් ඉතින් ජනතාව ගැන හිතලා වැඩ කරනවා නම් හොඳයි. "අප කන හැටි ලිපා දනී කීවලු" (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 24 September 2014 03:07 AM

රටේ පෑගෙන, පෑගුන ජනතාවගේත් මධ්‍යම පන්තියෙත් එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතායි. එතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ජය නියතයි. (නි)

:       0       0

ජයසිංහ Wednesday, 24 September 2014 03:06 AM

තිලක් ඩුබායි තිලක් බන්දුල පෙරේරා ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එකම කෙනක් (දී)

:       0       0

චාමික Wednesday, 24 September 2014 03:17 AM

ඔක්කොම හොඳට තේරෙන බන්දුලට මේක විතරක් තේරෙන්නේ නැහැ එහෙනම් ? දවසකටවත් පාසලට ගියාද? (නි)

:       0       0

අනෝමා Wednesday, 24 September 2014 02:42 PM

මට කියා ගන්න බැරි සතුටක් පුතේ (දී)

:       0       0

බුද්ධික Wednesday, 24 September 2014 03:41 AM

අද රටේ බරපතල ආර්ථික අමාරුකම් මැද මිනිස්සු ඉන්නේ. මිනිස්සු කළකිරීමට පහුගිය කාලේ ඡන්ද නොදී හිටියා.හිතලා බලන්න පහුගිය ඡන්ද වලදී ඡන්දය නොදී හිටි ප්‍රමාණය සියයට 40ට වැඩියි. එලෙස නිදාගත් විපක්ෂයට සජිත් ආ එක යෝධ ජවයක්, පිබිදීමක්. (නි)

:       0       0

හේමන්ත Wednesday, 24 September 2014 03:43 AM

සජිත් ප්‍රේමදාස මහතාටත්, රවී කරුණානායක මහතාටත් , රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, අකිල විරාජ් මහතාටත්, තලතා මහත්මියටත් රට දිනවන්නට ශක්තිය ලැබේවා ! (නි)

:       0       0

නිමල් Wednesday, 24 September 2014 09:50 AM

ඔබතුමාට සුභපතනවා (දී)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 24 September 2014 03:43 AM

රනිල් මැතිතුමා යථාර්ථය තේරුම් ගැනීමම අපිට ඇති. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. ඔවුන්ගෙන් ප්‍රයෝජන ගතයුතුයි. අදහස් දාන සමහරු කතා කරන්නේ එයාලා එජාපෙ ගැන දන්නේ නැතුව වගෙයි (නි)

:       0       0

විල්සන් Thursday, 25 September 2014 02:41 PM

සජිත් මහත්තයා රටට අවශ්‍යයි (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 24 September 2014 03:59 AM

ආණ්ඩුව උෟව දිනුවේ ප්‍රධාන දෙමල පක්ෂ 3ක් එක්ක. එහෙම නැති උනානම් ආණ්ඩුව පරදින්නේ ඡන්ද 75,000 කට වැඩියෙන්. (ස)

:       0       0

මංගලිකා Wednesday, 24 September 2014 04:07 AM

අපිට මේ දේශපාලනය එපා වෙලා තියෙන්නේ (දී)

:       0       0

නිල්මිණි Wednesday, 24 September 2014 04:07 AM

ඔබතුමාට සුභපැතුම් (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 25 September 2014 03:52 AM

කවුරු බලයට ආවත්, රටේ තිබෙන ජාතික ප්‍රශ්නයට එක්සත් ජාතික පක්ෂයේ පිළිතුර කුමක්ද?13 වන ව්‍යවස්ථාව සම්පුර්ණ ක්‍රියාත්මක කරනවද?උතුරට ඉඩම් හා පොලිස් බලතල දෙනවද?හමුදා කදවුරු ඉවත් කරනවද?එසේ නොවේ යයි රටට සහතිකයක් දිය හැකිද ??? (දී)

:       0       0

අමිල Wednesday, 24 September 2014 04:10 AM

කාලෙකට කලින් කරන්න තිබ්බ දෙයක් (දී)

:       0       0

දයාන් Wednesday, 24 September 2014 03:13 PM

බුදු දහම ට අනුව නම් හැම දෙයක්ම අනිත්‍යයි. එහෙව් එකේ සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කෙනෙක්වත් එහෙම හිටපු කෙනෙක්වත් නෑ. බන්දුල මත්තයාගේ හතර බීරි කතා ගැන මම කාලෙක ඉඳන් හොඳ අවදානයකින් ඉන්නේ. (දී)

:       0       0

kelum Wednesday, 24 September 2014 04:10 AM

thawa

:       0       0

රත්නායක Friday, 26 September 2014 03:54 AM

එජාපයට සුභපතනවා (දී)

:       0       0

අසංග Wednesday, 24 September 2014 04:19 AM

එක්කෙනෙක් ඇතුලට එනකොට තවත් කෙනෙක් එලියට යනවා. (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 24 September 2014 04:17 AM

හදවතින්ම සුබ පතනවා සජිත් මහතාට (දී)

:       0       0

බමුණු Friday, 26 September 2014 11:37 AM

"ඔබ ආගමික වශයෙන් ලොකු සේවාවක් ලංකාවට කරනවා" අර 50000 දෙන එකද? "අපි අනාගතයට අවස්තාවක් දීලා බලා ඉදිමු"අයිත් බින්දුවට වැටෙන්නද? අඩු ගානෙ ඇමතිකමක් හෝ කරලා තිබෙනවද එයාම ඒගැන හිතන්න ඕනේ නියෝජ්‍ය නායක වෙන්න කලින්. (දී)

:       0       0

සනත් අපුර Wednesday, 24 September 2014 03:25 PM

බල සම්පන්න විපක්ෂයකට අඩිතාලම (දී)

:       0       0

බමුණු Friday, 26 September 2014 11:39 AM

නියෝජ්‍ය නායකයි උපනායකයි කියල දෙකක් තියෙන්නේ මොකද.. (දී)

:       0       0

අශාන් Wednesday, 24 September 2014 04:22 AM

රසික විතාන, ඔතන තමයි අපට වැරදුනේ.සංවර්දනය කියන්නේ පාරවල් හදන එක නෙවෙයි ජනතාවගේ ජීවන තත්වය ඉහල යන එකයි.මානව හිමිකම් කඩවීම්,බඩු මිල, හොර මැරකම්,දුෂණ බැලුවම රටේ කිසිම සංවර්ධයක් නැහැ.අමතක කරන්ඩ එපා ඔයත් තාම විදුලිය ගන්නේ එජාපය කල මහවැලියෙන් කියල. (දී)

:       0       0

ආශා Wednesday, 24 September 2014 04:23 AM

ඔයදේ කලින් නොකළ නිසා තමයි අපිට වැරදුනේ (දී)

:       0       0

නජිත් Wednesday, 24 September 2014 04:23 AM

දැන් බලමු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

ඉශාන් Wednesday, 24 September 2014 04:25 AM

සුභපතනවා ඔබතුමාට (දී)

:       0       0

බමුණු ආරච්චි Saturday, 27 September 2014 12:01 AM

"බමුණු යන නමින් අදහස් දැමූ කෙනා නම් සජිත්ගේ පත්වීමෙන් හොඳටම බයවූ කෙනෙක් වගේ." හරියට හරි. දේශපාලනය කරන්න කටට වැඩිය දැනුම තිබෙන්න ඕනෑ. (නි)

:       0       0

මහේෂ් Thursday, 25 September 2014 03:55 AM

ජය වේවා එක්සත් ජාතික පක්ෂයට.(දී)

:       0       0

සත්‍යපාල Wednesday, 24 September 2014 04:26 AM

සජිත් මහත්තයා මිට කලිනුත් නියෝජය නායකයා වෙලා හිටියා. ඒ දවස්වලත් පක්ෂය ජයග්‍රහනය කලේ නැහැ. ඒ නිසා තනතුරුවලට පුද්ගලයන් පත්වීමට වඩා වැදගත්වෙන්නේ අවංකකම හා කැපවීමයි ,මේ දෙක නැතිව කොයිතරම් තනතුරු පිරෙව්වත් වැඩක් නැහැ. (ස)

:       0       0

සිල්වා Wednesday, 24 September 2014 03:46 PM

සජිත් මහත්තයාට නිරෝගී සුව ලැබෙන්න ඕනේ (දී)

:       0       0

දිනුෂ් Wednesday, 24 September 2014 04:38 AM

රනිල් හා සජිත් දෙන්නම එකතු වීම හින්ද ප්‍රබල විපක්ෂයක් හදා ගන්න පුළුවන් දැන්. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට රිසි සේ රට පාලනය කරන්ඩ අමාරු වෙනවා. රට හරි පාරට ගන්න මුලිකත්වය ගත්තු ඔක්කොටම පින්.. ආණ්ඩුව මෙහෙම රට පාලනය කරන්න ප්‍රධාන හේතුව විපක්ෂය තමයි. තව දෙයක්, විපක්ෂය කලයුත්තේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන එක.. ආණ්ඩුව කලයුත්තේ රට හරි මග ගෙනියන එක.. හැබයි ආණ්ඩුව විපක්ෂයේ අඩුපාඩු හොයන එක තමයි දැන් වෙන්නේ. රට යන්නේ කොහෙටද කියල දෙය්යෝ තමයි දන්නේ.... (ස)

:       0       0

නාලි Wednesday, 24 September 2014 04:41 AM

ඔය පක්ෂය ඇතුලේ ඉන්නෙත් මෝඩයෝ පිරිසක් නොවෙයිනේ. එක්සත් කම තේරුම් ගන්නට. පක්ෂය විනාස කරන්නට පිටින් ඉදගෙන සල්ලි විසිකරපු අය දැන් ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ. ඔය ව්‍යාපාරික ප්‍රජාව දැන් අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉන්නවා . ඒකට එකම විසදුම එක්සත් ජාතික පක්ෂයයි. අනිකුත් සියලු පක්ෂ දියවෙලා ඔය බලවේගයට හසු වෙනවා. එන් ජී ඕ ටිකත් එකතු වෙනවා . මේ තත්වය තුල රටේ අපි කිසිවෙක් නොසිතන දේශපාලන වාතාවරණයක් බිහි වෙනවා. කිසිම පක්ෂයක් එපා කියා චන්දය නොදුන් සංඛ්‍යාව ගැන හිතා බලන්න. නරක වූ ඡන්ද ඇත්තටම වැරදීම්ද කියා සොයා බලන්න. මේ වාතාවරණය නිසයි ඉක්මනින් ජනාධිපති මැතිවරණයක් එන්නේ. නමුත් කාට කාටත් ලේසි වෙන්නේ නැහැ. අවාසනාවන්ත ලෙස රටේ දුෂණ භීෂණ වලට අපි වගේ අහිංසක ජනතාවත් මාධ්‍යවේදීන් වත් ගොදුරු වෙනවා ඡන්දෙන් පස්සෙත් ඇලහැර ඔහොම නම් .........? (ස)

:       0       0

ගිහාන් Wednesday, 24 September 2014 04:43 AM

සන්තෝස ජනක පුවතක් (දී)

:       0       0

සෑම් Wednesday, 24 September 2014 04:04 PM

මේකත් අර නායකත්ව මණ්ඩලේ වගේ උප්පර වැට්ටියක් තමයි. බලමුකෝ තව ටික කාලෙකින් සජිත්ට වෙන්නේ මොකද්ද කියලා (නදී)

:       0       0

පෙරේරා Thursday, 25 September 2014 04:07 PM

අපි අනාගතයට අවස්තාවක් දීලා බලා ඉදිමු (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 24 September 2014 04:15 PM

සජිත්ට ඕනේ කරන්නේ ජනදිපතිව තවත් අවරුදු ගානක් යන තුරු ඔය පුටුවෙම තියන්න. ඔහු ඒ රාජකාරිය නම් හරියටම කරනවා. බලන්න බොරුද කියලා. ටිකිරි බණ්ඩා කියපු දෙයක් වැරදිලත් නැහැ. වරදින්න කියලත් නැහැ. (නදී)

:       0       0

සුගත් Wednesday, 24 September 2014 04:46 AM

ඒ ගත්තු තීරණය නිවරයි (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 September 2014 04:28 PM

දයාන් මහත්තයෝ..මම කියන්නේ නැහැ මේ ආණ්ඩුව සදාකාලිකයි කියල ..මේක පෙරලෙන දවසක් ඒවි..නමුත් ඒ හෙට නෙමෙයි..සදාකාලිකව බලේ ඉන්න බැහැ වගේම කෘතීමව මවන ජනමතයකින් බලහත්කාරෙන් බලය ලබා ගන්නත් බැහැ..කට්ටිය මේ තීරුවේ මහා මංගල තියරිය දානවා.ඒ තියරි දැන් වලංගු නැහැ..2002 මැතිවරනෙන් ආපු එක්සත් ජාතික පක්ෂ රජය අවුරුදු දෙකෙන් නොවැටුනානම් අද අපි ඔක්කොම 24 පැයම බංකර් ඇතුලේ ඉන්නේ .එහෙනම් අද තියෙන්නේ රටවල් දෙකක් .අද බඩ ගැන විතරක් හිතන කල ගුණ නොදත් බඩජාරින්ට මරණය දෝතට අරන් ගෙදරින් එලියට බැහැපු එහෙම යුග තිබුනද කියලවත් අමතකයි...කාලගුණ දත් ජනතාව තාමත් මේ රටේ බහුතරය ලෙස ඉන්නවා මහත්තයෝ..ඒක මේ මැතිවරනෙන් පෙන්නුවා වගේම ඉදිරි මැතිවරණ වලදීත් පැහැදිලිව ඒ ජනතාව ඔබතුමන්ලට පෙන්නාවි.. (දී)

:       0       0

සම්පත් Tuesday, 23 September 2014 01:00 PM

එතකොට නායකත්ව මන්ඩලේ නිකම්ම ලොප් වෙලා ගියාද ? (නදී)

:       0       0

රත්න Wednesday, 24 September 2014 04:52 AM

ලෙඩේට බෙහෙත් නොදී දොස්තරලා වෙනස් කරලා හරියන්නේ නේ නේද (දී)

:       0       0

ගුණවතී Wednesday, 24 September 2014 04:48 PM

ඔබතුමාට ලංකාවාසීන්ගේ උපහාරය (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 24 September 2014 10:13 AM

නියමයි නිවැරදි තීරණයක් (දී)

:       0       0

රමේෂ් Tuesday, 23 September 2014 01:16 PM

ඔයින් ගියා ඇති අතක් පයක් නොකැඩි. දෙයියනේ කියල දැන්වත් ඔය කුලල් කා ගන්න එක නවත්වල මේ රට ගැන හිතල වැඩ කරමුද ? ජය වේවා හරින්. මේකත් ඔයාගේ කැප කිරීම් වල ප්‍රතිපලයක්. (නදී)

:       0       0

නිහාල් Wednesday, 24 September 2014 05:06 PM

යු එන් පි ය බලයට ආවත් කරන්න දෙයක් ඉතුරුවෙලා නැ .මේ රජය රට සංවර්දනය කරලා ඉවරයි (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 24 September 2014 04:59 AM

නියමයි රටේ මිනිසුන් බලාපොරොත්තු උනේ මේ දේම තමයි (දී)

:       0       0

තුවාන් ඔෂේන් Tuesday, 23 September 2014 01:28 PM

එක්සත් ජාතික පක්ෂයට ජයපැන් බොන්න පුලුවන් ඉදිරියෙදි (නදී)

:       0       0

ඉරේෂා Wednesday, 24 September 2014 05:17 PM

බන්දුල මහතාගේ කතාව නම් හරියට හරි (දී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 September 2014 01:33 PM

සජිතුත් තාත්ත වගේම මොන ප්‍රශ්ණ ආවත් පක්ෂය දාලා ගියේ නැහැ. මට නම් මේ පත්වීමේ අරුමයක් නැහැ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 25 September 2014 03:57 AM

ආණ්ඩු පක්ෂේ ඌව රැක ගත්තේ බදුල්ලෙන් අසන 03 ක අඩු කරලා , මොනරාගලට ආසන 3 ක වැඩි කරපු නිසයි. ආණ්ඩුව දැනගෙන හිටිය බදුල්ලෙන් ගොඩ වෙන්න බැරි බව, බදුල්ලේ චන්ද සංඛ්‍යාව අනුව ආසන තිබුන ප්‍රමාණය තියෙන්න ඇරිය නම් එම ආසන තුනෙන් 2 ක බලය විපක්ෂෙට යනවා. එහෙම උනානම් ප්‍රසාද ආසන හම්බවෙන්නේ විපක්ෂෙට. ස්ථිර වශයෙන්ම ආණ්ඩුව පරදිනවා. ඒගොල්ලන් දන්නා සෙල්ලම් ඔක්කොම දාලයි මෙහෙමවත් බේරා ගත්තේ. ඌවෙ ප්‍රතිපලය විතරක් නොවෙයි , රටේ ජනතාවගේජන මතය ගැන විමසා බලන විට ඔය මොන කතා කිව්වත් ලබන සැරේ මහා මැතිවරනෙන් ආණ්ඩුව ගෙදර යන එක නම් ස්ථිරයි. (දී)

:       0       0

අරුණ Tuesday, 23 September 2014 01:37 PM

තිස්ස අත්තනායකට මොකද වෙන්නේ ? (නදී)

:       0       0

චින්තක Friday, 26 September 2014 05:25 AM

සන්දානය තුල ප්‍රබලයින් ගොඩක් කලකිරීමෙන් ඉන්නේ පවුල් වාදය නිසා. මේ පිරිසත් එකතු කරගෙන නැවුම් වුත් සමගියෙන් එකමුතුවුත් එජාපයට අති විශිෂට ජයක් ලැබෙනවා නියතයි. (නදී)

:       0       0

නාමල් Tuesday, 23 September 2014 01:36 PM

විපක්ෂයේ ගැටළු විසඳෙමින් පැවතීම හොඳ දෙයක්. ඉතින් සියල්ලටම කලින් මේ ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය. එසේ නොවේ නම් එහි බලතල අඩු කළ යුතුය. වත්මන් ජනාධිපතිතුමා අතින් එය ඉටුවුනොත් එතුමා වඩාත් ජනප්‍රිය වනු ඇත. (නදී)

:       0       0

සිල්වා Tuesday, 23 September 2014 01:39 PM

සමගිය බලය වේ. පටන්ගන්න රට හදන්න මෙතන ඉදන් ජනතාවට අලුත් බලපොරොත්තුවක් දෙන්න හොර මැර තක්කඩි දේශපාලනේ ගෙදර යවන්න. (නදී)

:       0       0

ගමගේ Tuesday, 23 September 2014 01:38 PM

හරින් ඔබ හරියටම හරි. ඔබ තමා ඇත්තටම ජයග්‍රාහකයා. ඔබ පක්ෂය තුලත් දිනුම් ඡන්දෙදිත් ඔබ දිනුම්. මැරකම් නොවෙන්න ඌවත් දිනුම්. දැන් සමගිය ඔහොමම ආරක්ෂා කර ගත්තොත් ගොඩ ගොඩ තමා. රෙජීමය යවා ගන්න අමරුවෙන එකක් නැහැ. (නදී)

:       0       0

සුජීව Friday, 26 September 2014 05:27 AM

අවුරුදු 17 ක් රට පාලනය කලහැටි අපි හොඳට දන්නවා. (ස)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 24 September 2014 05:32 AM

බන්දුල, ජේෂ්ට ඇමති /ඇමති එක පැහැදිලි මදි. පැහැදිලි කරලා දෙන්නකෝ. (ස)

:       0       0

ලයනල් Wednesday, 24 September 2014 05:47 PM

සජිත් මහත්තයා තමයි මිනිස්සු බලාපොරොත්තු උනේ (දී)

:       0       0

ගුණවර්ධන Thursday, 25 September 2014 04:14 AM

සජිත් මහත්තයා තව ටික දවසකින් වැඩ පෙන්නයි (දී)

:       0       0

පුන්සිරි Friday, 26 September 2014 12:59 PM

බමුණු යන නමින් අදහස් දැමූ කෙනා නම් සජිත්ගේ පත්වීමෙන් හොඳටම බයවූ කෙනෙක් වගේ. (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Wednesday, 24 September 2014 05:55 PM

"එක මුතුකම ගජමුතු වලටත් වඩා වටිනවා " යන්න පැරණි කියමනක් තියෙනවා.විශේෂ ලක්ෂණය වන්නේ සජිත් ප්‍රේමදාස මහතා නිතරගයෙන්ම පත්කිරීමයි.යටගියාව අමතක කර පක්ෂය අලුත් වැඩියාවක් කර පක්ෂයහැර ගිය අයවලුත් නැවත ගෙන්වා ගැනීමේ ශක්තියක්ද සජිත් මහතාට ඇති බවයි." ගම හදා රට හදමු " පියාණන්ගේ අභිමතාර්තය කරා එතුමා කරගෙන යන ව්‍යාපාරවලට අපගේ සුභ පැතුම් ! (දී)

:       0       0

මුදිත Wednesday, 24 September 2014 05:55 PM

තාත්ත වගේ ජෙෂ්ට නායකයෙක් වෙන්න පුතේ (දී)

:       0       0

කුමාර Wednesday, 24 September 2014 10:35 AM

මොකද්ද මේ දෙයින් බලා පොරොත්තු වෙන්නේ (දී)

:       0       0

මිලින්ද Wednesday, 24 September 2014 06:02 PM

එක්සත් ජාතික පක්ෂය දැන් නියම පාරේ ඉන්නේ (දී)

:       0       0

නුවන් දර්ශන Wednesday, 24 September 2014 06:07 AM

මම ඉන්නේ බුලත්සිංහල.අපිත් පාරම්පරික යූඑන්පී උනාට පහුගිය මැතිවරණ කීපයේම ජන්දය දුන්නේ වෙන පක්ෂයකට .දැන්නම් අනිවාර්යයෙන්ම ඊලග ජන්දයේදී ඡන්දය දෙනවා යුඑන්පී.මොකද දැන් අපි දන්නවා දිනන පුළුවන් කියාලා(දිල්)

:       0       0

විහඟ Wednesday, 24 September 2014 10:39 AM

කොයි තරම් හොදද ඉතින් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 623 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 659 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2426 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 479 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 197 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site